You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 20 2020
Breaking News
Home / All / Beyond Skyline (2017) Sinhala Subtitles | ක්ෂිතිජයට එහා! [සිංහල උපසිරසි සමඟ]

Beyond Skyline (2017) Sinhala Subtitles | ක්ෂිතිජයට එහා! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 41 votes.
Please wait...

සුබ දවසක් ඔබ සැමට.හදිස්සියේම පිටසක්වල ප්‍රහාරයක් පෘථිවියට එල්ල වුනොත් මොකද? ඔයාලා ගන්න පියවර මොකක්ද? ඒකත් මහ රෑ. අන්න ඒක තමා මේ සිනාමා සලරුවෙ ආරම්භය. මාර්ක්, චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. එයා පොලිස්කාරයෙක්. එයාගෙ බිරිඳ මියගොස්. එයා එයාගෙ පුතා හිරෙන් බේරගෙන ඇවිල්ලා වාහනේට නගිද්දි වාහනේ ස්ටාට් වෙන්නෙ නෑ. ඊටපස්සෙ දුම්රියෙන් සිය ගමන යනකොට හදිසියේම විදුලිය විසන්ධි වී දුම්රිය නතරවෙනවා. පසුව දුම්රිය සේවිකාව හදිසි ඇමතුම් ඒකකය හා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. මේසෙ ආරම්භ වී ඉදිරියට ගලාගෙන යනවා. මේ කතාව ගෙතෙන්නෙ ඇත්තටම කිව්වොත් කුඩා දැරියක් හා පිටසක්වල ජීවීන් සම්බන්ධවයි. ඉතින් මේ පිටසක්වල ජීවින් කිසියම් එලියක් විහිදුවනවා. ඒ එළිය මගින් මිනිස්සුන්ව ඇදලා ගන්නවා. මෙසේ මේ මාර්ක්ගෙ පුතාවත් මේකට ඇදලා ගන්නවා. මාර්ක් පුතාව බේරගැනීම පිණිස එයත් එළිය දිගේ යනවා. ගියාට පස්සෙ මේ මිනිස්සුන්ගෙ මොලය ගලවලා ගන්නවා. මේ අතරතුරේ මාරක්ට ගර්භණී කාන්තාවක් මුණගැහෙනවා. එයාගෙ දරුවා තමා ප්‍රධානම චරිතය. ඉතින් මේ දරුව දවස් තුනක් වැනි කුඩා කාලයදී අවුරුදු තුනක වැනි පූර්ණ වර්ධනයකට ලක්වුන දැරියක් බවට පත්වෙනවා. මේ දරුවා මෙසේ දවස් තුනක් ඇතුලත වර්ධනය වෙන්නෙ කොහොමද? අවසානයේ මේ පිටසක්වල ජීවීන් පෘථිවියෙන් යනවද? යනවානම් කවුද ඒකට හේතුවෙන්නෙ? කියන ප්‍රශ්න නැගෙනවානම් ඒවට උත්තර ගන්නනම් මේ සලරුව නරඹන්නම වෙනවා.

ඉතින් ඕක තමා චිත්‍රපටියේ සාරාංශය. Beyond Skyline 2017 චිත්‍රපටියේ විස්තර ටිකක් කියන්නම්. මේ නිර්මාණය එලි දැක්වුනේ 2017 දෙසැම්බර් 15 දිනයි එක්සත් ජනපදයේදිය. පැයයි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටය‍ට IMDB මනාප 1457කින් 5.7ක අගයක් ලැබිලා තියනවා. Action, Adventure, Horror යන කාණ්ඩවලට අයත්වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20ක වියදමක් දරා නිෂ්පාදන කළ මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් 376, 207ක බොක්ස් ඔෆිස් ආදායම ලබලා තියනවා. Liam O’Donnellගෙ අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණය Mothership Pictures ආයතනයේ නිෂ්පාදනයකට ලක්වෙලා Vertical Entertainment ආයතනය මගින් බෙදාහැරීම සිදුකර තිබෙනවා. Frank Grillo, Iko Uwais, Bojana Novakovic යන නළු නිලියන්ගෙ දායකත්වයද මේ සිනමා නිර්මාණයට ලැබිලා තියනවා. මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹලා චිත්‍රපටය ඔයාලට හිතට අල්ලනවානම් අරගන්න කියලා කියනවා.

අවසානයේම මම මේකට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මට මේක කරන්න කියලා දුන්න අපේ ඇඩ්මින් මඩුල්ලෙ සිසිල ප්‍රසාද් අයියාටත්, මට හැමවෙලේම උදව් කරන M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේ‍රා, රවිඳු රුක්ෂාන් කියන අයියලාටත්, නන් අයුරින් උදව්කළ සියලු දෙනාටමත්, හැමදාම සබ් ගන්න කමෙන්ට් දාන සියලු දෙනාටත්.

තව දෙයක් තියනවා. බයිස්කෝප් රසික ඔබ සැමට දැන් අපේ අඩවියේ නම සහිත ටී ෂර්ට්, ෆෝන්වල බැක්කවර්, නවතම චිත්‍රපටි රූපවාහිනි කතාමාලා උසස් තත්වයේ වීඩියෝ හා උපසිරසි සමගින් ලබාගැනීමේ අවස්ථාවත් තියනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ baiscopeshop.com වෙබ් අඩවියට පිවිසීමයි.

උපසිරැසිය අරගෙන, ලිපිය කියවලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ගමන් නවතින්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු!

!!!!! ජය වේවා !!!!!

෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL සහ HDRip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

32 comments

  1. Farmchemie_Roshan

    Sub ekata thanks saho….

  2. Thankx bro

  3. Thanks apita movie denawata

  4. Thanks saho!!!

  5. Thanks !!!!!!!!!!!!!!

  6. Thank u bro

  7. බොහොම ස්තූතියි සහෝ……

  8. බොහොම ස්තුතිය

  9. RuwanLakshan93

    thanks sub ekata….

  10. madusha mihiranga

    Thanks machan

  11. Brrip ekata dennako plzz

  12. BluRay එක ඇවිලලා.

  13. Thanks For the Sub. Great Job

  14. thax for the sub

  15. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තුතියි …………….

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. lahiru sandaruwan

    thank you so much bro

  18. Thanks මචන්………

  19. Thanks sub ekata. 2 weni eka enakan hitiye.

  20. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  21. මම ඉන්නේ UAE වල. මට කිසිම බයිස්කෝප් එකෙන් දාන සබ් ඩවුන්ලෝඩ් කරන්න බැ. File not found කියලා එනවා. ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තියෙනවද

  22. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  23. උපසිරැසියට ගොඩක් ස්තුතියි දෙනකන් බලාහිටියේ ,මාවත් මතක් කරාට ස්තුතියි

error: Alert: Content is protected !!