Wednesday , September 30 2020
Breaking News

Big Momma’s House (2000) with Sinhala Subtitles | ලොකු අම්මාගේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 20 votes.
Please wait...

මේ චිත්‍රපටය Action/ Comedy/ Crime ගණයට අයත් වෙන්නේ. IMDB rate එක 5.1ක් ලැබුණාට මඟහැර ගන්න නම් එපා. මේක ඒ තරමටම හොඳයි. මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක් තමයි මේ. ඔයාලා Big Momma`s house 3 බලලා ඇතිනේ. මේ ඒකෙ පළවැනි එක. 2000 ආවා වුණාට ගොඩක් ලස්සන චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් අපරාධකාරයෙක් අල්ල ගන්න ඔහුගේ බිරිඳ ගැන ඔත්තු බලන්න යන FBI නියෝජිතයෙක් වටා තමයි මේ කතාව ‍ගෙතිලා තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිතය Martin Lawrence නිරූපණය කරනවා. Bad Boys එකේ හිටපු කෙනා. තව Nia Long, Paul Giamatti, Terrence Howard රංගනයෙන් දායක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raja Gosnell. මේක පොඩ්ඩක්වත් බෝරිං ෆිල්ම් එකක් නෙවෙයි.

මේක මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් බාගෙන යන එකේ යුතුකමක් ‍විදිහටයි, තව මේ දේවල් වල අමාරුව තේරෙන්නත් එක්කයි සබ් එකක් කරන්න බාර ගත්තෙ. මට ඕක කරගෙන යන්න අමාරුව දන්න හින්දාමයි පරණ චිත්‍රපටයක් ඉල්ල ගත්තෙ. ඒත් පස්සෙ ඒකට ඉල්ලුම ආවා Big momma`s 3 ආපු හින්දා. මම මේකට වැඩිය දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මට මේක කරන්න ගොඩක් වෙලා ගියා. අමාරු හරියක් ඇවිත් හිර වුණාම එපා වෙනවා. ඒකයි කල් ගියෙ. උපසිරැසියක් කරන්න භාරගෙන මං තරම් කල් අරගත්ත කෙනෙක් නම් තව නැතුව ඇති. ඒකට මං කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා.

මුලින්ම මං ස්තූතිවන්ත වෙන්න ඕනා ෂාන් විමුක්ති සහෝදරයා‍ටයි, අසංක ප්‍රදීප් සහෝදරයාටයි මාව විශ්වාස කරලා මට මේක කරලා දෙන්න කල් දුන්නාට. තව මං ස්තූතිවන්ත වෙන්න ඕනා Sinhala Dictionary app එක හදපු සචිත් දසනායක අයියට. අපිටත් මේ උපසිරැසි කරන්න අවස්ථාව දෙන baiscopelk කණ්ඩායමටත් ස්තූතියි, උපසිරැසි කරද්දි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා. තව ස්තූතිවන්ත වෙන්න ඕනා ගුරුවරුන්ට, මගේ දෙමව්පියන්ට, හොයලා බලලා මේක කරන්න උනන්දු කරපු අයට.

චිත්‍රපටය බලලාම අදහසක් දක්වන්න එනවා නම් කැමතියි. තියෙන අඩුපාඩු එහෙම තියෙනවා නම් කියන්න. මම චිත්‍රපටයට අසාධාරණයක් නම් කරලා නැතුව ඇති.

Big Momma's House (2000) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Big.Momma’s.House.2000.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසිත චාමික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

47 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා මල්ලි
    පුලුවන් විදියට දිගටම සබ් දෙමු
    ජය වේවා !!!

  2. මහේෂ්

    බොහොම ස්තූතියි සහෝ. Big Momma’s House 2 එකටත් සබ් දෙන්නකෝ..

  3. උපසිරැසියට බොහොම ස්තුතියි.

  4. tnx bro sub ekata digatama karagenayanna jaya wewa palaweni sub eka unata hodata karala tiyenawa bro jaya jaya puluwannam meke part 2. Big Momma’s House (2006) ekatah sub karanna good luck

    • දසිත චාමික

      බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසිය බලලාම අදහස් දක්වන්න ආවට. ජ‍ය වේවා!

  5. elama saho thanks

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Film eka balanna hithune ube oya description eka nisai bro.Thumbs up for those attitudes
    Sub ekath patta ah

  8. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ඉස්සරහටත් බයිස්කෝප් එකත් එක්කම ඉමු.
    ජයෙන් ජයම වේවා!!!!!

  9. Elahma ayye…keep up the good work..!!!

  10. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  11. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ. ඉදිරියටත් කරගෙන යමු. ජය වේවා!!!!!

  12. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  13. Sub ekta thnkz. Meka mn kalin bala thiynwa. Laxna movie ekk. Mn aith blnwa

  14. Athi yannam dalaa.. mm oka hoya hoyahitiye bn.. okee anik ekatath ikmanata dapan machooww… thankq !!

  15. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  16. Balannama one kiyana hindama story eka set wage sab ekata godak stuthi saho

  17. බොහොම ස්තූතියි දසිත සහෝ උපසිරැසියට…
    බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා දිගු ගමණක් යමු නේහ් 😛
    දිගටම සබ් දෙමු ආ….
    ඔබට ජය!

  18. asama movie ekak thank you

  19. °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    එල කොල්ලෙක්නෙ. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට. උඹලා තමයි ඕනි මචං මේකට. අත අරින්න එපා. දිගටම කරාන්. අපි ඉන්නවා සබ බාලා කමෙන්ට් කරන්න. එලම.
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

  20. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ.
    දිගටම සබ් දෙන්න.ජය වේවා!

  21. පට්ටම film එක බන්….සබ් එකත් සුපිරි….දිගටම වැඩේ කරගෙන යමු බ්න්…ජයෙන් ජය….

  22. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  23. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 – 2017 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    • දසිත චාමික

      බොහොම ස්තූතියි. කරන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා ඉක්මනින්.

  24. එල එල දිගටම කරගෙන යමු ඔහොම. අමාරු බව දන්නවා බං..සබ් එක නතර කරන්න එපා අපට දිගටම සබ් දෙන්න

error: Alert: Content is protected !!