Wednesday , September 23 2020
Breaking News

Bill & Ted’s Excellent Adventure (1989) Sinhala Subtitles | බිල් සහ ටෙඩ්ගේ කාල චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.5/10. From 11 votes.
Please wait...

සුබ දවසක් හැමෝටම..අද මං උපසිරැසි අරගෙන එන්නේ නුදුරේදීම එන්න තියෙන Bill & ted face the music චිත්‍රපටයේ පලවෙනි කොටස වෙන Bill & Ted’s Excellent Adventure චිත්‍රපටයටයි.තිරගත වෙලා අවුරුදු 30කට වැඩි කාලයක් ගත වුනත් Adventure, Comedy, Music කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය තාමත් IMDb 6.9ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මේක අධ්‍යක්ෂණය කරන්නේ Stephen Herek විසින්.මෙහි රංගනයෙන් ප්‍රසිද්ධ නළු Keanu Reeves සහ Alex Winter, George Carlin වගේ නළු නිළියන් දායක වෙනවා..චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම්.

බිල් සහ ටෙඩ් කියන්නෙ හොඳම යාළුවෝ වගේම උපන්ගෙයි මෝඩයො දෙන්නෙක්..මෙයාලගෙ එකම බලාපොරොත්තුව සංගීත කණ්ඩායමක් පටන් ගන්න එකයි..දවසක් මේ ඩබලට ඉතිහාසය විෂයට වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙනවා.මොකද කරන්නෙ කියලා දහඅතේ කල්පනා කරනකොට අහසින් දුරකථන කුටියක් පාත් වෙනවා.මේ කුටියෙ ඉඳලා රූෆස් කියලා අනාගතයෙන් එන කෙනෙක් මේ අයගෙ වාර්තාව හදන්න උදව් කරන්න ඉදිරිපත් වෙනවා..‍රූෆස් කියන්නෙ බිල් සහ ටෙඩ්ගේ සංගීතය නිසා අනාගතයේදී බිහිවෙන සමාජ පද්ධතියක පුද්ගලයෙක්..මේ අයගේ සංගීතය ලෝක සාමය තහවුරු කරන නිසා මේ අය අනිවාර්යයෙන්ම ඉතිහාස වාර්තාව සමත් වෙලා වෙන් නොවී ඉන්න ඕන.ඉතින් රූෆස් මෙයාලට දුරකථන කුටිය පාවිච්චි කරලා අතීතයට ගිහින් ඉතිහාස වාර්තාවට වැදගත් පුද්ගලයින්ව හොයාගන්න උදව් කරනවා..මේකෙදි මෙයාලා එක එක ප්‍රශ්ණ වලට පැටලෙනවා..මීට වඩා කියන්න යන්නෙ නෑ.අවසානයේදි මොකක්ද වෙන්නෙ කියලා බලලම දැනගන්නකෝ..

මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න සිසිල අයියට ස්තූති කරමින් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා..හැමෝටම ජය..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

11 comments

  1. Thanks for sub!

  2. t-anks for the sub

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. උපසිරැසියට බොහොම ස්තූති සහෝ !!!

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය!!

  6. thanks..

  7. oke 2tai,3taith sub ekak denna kollo

  8. බොහොම ස්තූතියි

  9. බොහොම ස්තුතියි බ්‍රෝ 🙂 මේකෙ දෙවනි එකටත් සබ් දෙන්න 🙂 🙂

  10. පරණ එකටත් සබ දුන්න කියන්නෙ අලුත් එකත් ඉක්මනටම ලැබෙයි නේහ්..?!
    ජය වේවා,
    ආතල් ලෝකයක් මේ ෆිලුම නම් ❤️

  11. එල…එල… සැබෑ වෙනසක්. හොඳ පරණ ෆිල්ම් එකකටත් උපසිරැසි දීලානේ. අළුත්, පරණ කියලා භේදයක් නැතිව ඔන්න ඔහොම තමයි උපසිරැසි දෙන්න ඕනේ. අනිවාර්යෙන් බාමි. සහෝගේ උපසිරැසියට ස්තූතියි! ඉදිරියටත් අළුත් ඒවාට වගේම අපි කවදවත් නොදැකපු මේ වගේ පැරණි ලස්සන චිත්‍රපටි වලටත් උපසිරැසි ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා!

error: Alert: Content is protected !!