අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Boyka: Undisputed IV (2016) with Sinhala Subtitles | ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 115 votes.
Please wait...

හරි එහෙනම් ඊයේ මං ඔයාලට Sleepless (2017) දෙන ගමන් පොරොන්දු උනා වගේ අද ඔන්න ගොඩක් අයගේ ඉල්ලීම ඉෂ්ට කරන්නUndisputed කතා මාලාවේ සිව්වැන්න වන Boyka: Undisputed (2016) චිත්‍රපටයේ උපසිරැසිය අරං එනවා මගේ දහනව වන උපසිරැසිය විදිහට. මේ කතාව ගැන අහලා නැති action ෆිල්ම් බලන අය එහෙම ඉන්නවද? නෑ නේද? ඉන්නවා නම් ඔක්කොටම කලින් සරමක් ඇඳන් ඔලුවෙන් හිට ගන්න. ලොල්. පොඩි ජෝක් එකක් දැම්මේ හරිද? හම්මේ.. මේකේ උපසිරැසිය කරන්න වෙලාවක් හොයා ගන්නත් වෙලාවක් නැති උනා. අන්තිමේදී ඊයේ රෑ නින්ද කැප කරලා සෑහෙන්න කොටා ගත්තා. ඉතුරු වෙලා තිබ්බ දෙබස් 120 ඔන්න අද උදේ වැඩට එන ගමන් බස් එකේ කෙටුවා. දැන් මේ ලිපිය ලියන්නේ කැන්ටිමේ ඉඳලා.

පළවෙනි කොටස් 3 බලලා නැති ඈයෝ ඉන්නවා නම් ඩොන්ගලේ බිල ගෙවල ඒ 3 බලල ඉන්නකෝ. මේ කතාව ගැන කියන්න කලින් මේක මට දුන්න විමා සහෝට එකෙන්ම ස්තූති කරන්න ඕන. මේක මං බුවාගෙන් ඉල්ලා ගත්තේ සෑහෙන කාලයකට කලින්. ඔන්න එහෙනම් කතාව කෙටියෙන්. අපේ බොයිකා අයියා ගැන (Scott Adkins) ඔයාල දන්නවනේ. මිනිහ පහුගිය කතාවේ නම් තමන් එක්ක ගහගත්ත හිර කාරයන්ට සැලකුවේ අම්මාට තාත්තට සලකනවා වගේ හරිම ආදරෙන් මුරුංගා කඩනවා වගේ අත පය කඩලා. හික්ස්. මේ කතාවේ නම් කොල්ලා පොඩ්ඩක් විතර මානුෂීය වෙලා තියනවා. තමන්ගේ ආගමට ටිකක් වැඩිපුර කිට්ටු වෙලා.

මොනා උනත් මිනිහ අතින් සටනකදී වික්ටර් (Emilien De Falco) කියලා පොරක් යටියන්තොට යනවා. හැබැයි බොයිකා මේ දේ කරන්නේ හිතා මතා නම් නෙමෙයි. වැරදිලා. ඒත් ඉතිං මලාට පස්සේ කවර කතාද? එහෙම කවර කතා කියලා බෑ. බොයිකට ඕන තමන් කරපු වරදට වික්ටර්ගෙ නෝනාගෙන්, ඒ කියන්නේ එල්මා ගෙන් (Teodora Duhovnikova) සමාව ගන්න. ඉතිං මේ දේ කරන්න බොයිකා තමන්ගේ අනිත් සටන් පැත්තකට දාල හොර පාස්පෝට් එකකුත් හදන රුසියාවට ඒ කියන්නේ තමන් උපන් රටට යනවා. ඒ වෙනකොට වික්ටර්ගෙ නෝනට සූරබ් (Alon Abutbul) කියන ජරා ක්ලබ් කාරයෙක් ලයින් දාල ඉවරයි. මිනිහට ඕන වික්ටර් වගේම එල්මා එයාගෙන් ගත්ත ණය පියවන්න එල්මාව තමන් ගාවට ගන්න. ඉතිං මේ අසාධාරණයට එරෙහි වෙන බොයිකාට සිද්ධ වෙනවා සටන් කිහිපයක් ඔට්ටු අල්ලලා එක දිගට දිනන්න, එල්මා වෙනුවෙන්. අන්තිම සටන නම් බලන්නම වටිනවා.

කතාව ගලාගෙන යන්නේ ඔන්න ඔහොම තමා. Action චිත්‍රපටයක් නිසා මේක කම්මැලි නැතිව බලන්න පුළුවන්, අනික බොයිකා කියන්නේ ඇත්තටම සටන් කලාව ඉගෙන ගත්ත සටන් ගුරුවරයෙක්නේ. මිනිහගෙන් කෑවොත් නම් මොන ලේප ගෑවත් මාසයක් විතර ඇඳේ ඉන්න පුළුවන්. එහෙනම් කට්ටිය කතාව බලන්න. මේ කතාවේ IMDb අගය 8.1ක් වෙනවා. සෙල්ලං නෑ නේද? කතාව අධ්‍යක්ෂණය කලේ Todor Chapkanov කියලා කෙනෙක්. මං එහෙනම් දැන් කැන්ටිමෙන් මගේ සීට් එකට යන්න ඕන වැඩ තියනවා. ඔයාල හැමෝටම ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙන්න කියලා බොක්කෙන් වගේම උණ්ඩුක පුච්ඡන්ම ප්‍රාර්ථනා කරනවා.

 

Shut In (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEb / HD  පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

79 thoughts on “Boyka: Undisputed IV (2016) with Sinhala Subtitles | ඇතැම් විට ජයග්‍රහණය ද වේදනාකාරීය. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Blu-ray Update karanna Bari nam, computer eka lamayekta dipan

    Reply
  • Machanla meke Blu-ray awith awurudu 4k wenawa, ai thaama Update kale naththe, moko kammali wage da

    Reply
  • thada thada patta>>>>>>>>>>>>>ela aaaaaaaa

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි…………..

    Reply
  • bro meke bluray eka denawda mokada nathnam hdrip bala aparadene ekai

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි.සබ් එක Blue ray අප්ඩේට් කරන්න පුලුවන්ද?

    Reply
  • thanks bro…puluwannam meeke bluray rip walatath updates daanna..

    Reply
  • ස්තුතියි සහෝ.ජය වේවා..

    Reply
  • blu ray walatath update bro

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි

    Reply
  • menna macho film
    thank u ela elaaaaaaaaaaa

    Reply
  • Ela thanx for the sub

    Reply
  • Thanks bokka jaya wewaaa

    Reply
  • Sub ekta Thanks saho

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ

    Reply
  • plz help mee i cant find link

    Reply
    • ඔයා කැමති නම් මට FB මැසේජ් එකක් දාන්න. මම ලින්ක් එක දෙන්නම්. නැත්නම් එක්ස්ට්‍රා ටොරන්ට්ස් (extratorrents) සයිට් එකෙන් ගන්න පුළුවන්.

      Reply
  • Fatta film eka… E wagema sub ekatath thnx… Commando 2 film ekath dennako sub ekka…
    Obata jaya!!!

    Reply
  • ස්තුතියි.. ජයවේවා..

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි ලොක්කා! 😀 😛
    පට්ට විදිහට busy time එකක් තමා මේ ගෙවන්නේ. ඔන්න ගොඩ කාලෙකට පස්සේ අද තමා site එකට ආවේ.
    ඉතිං එහෙනම් දැන් වැඩිය මොකුත් කියන්නේ නෑ.

    බයිස්කෝප්වාසී සියලු දෙනාට ලැබුවා වූ අලුත් අවුරුද්ද ජය සතුටින් පිරි සුභ සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    වෙනදා වගේම කියනවා හැමෝටම,
    ජය! 🙂

    Reply
    • ඒත් මං බැලුව මොකෝ සද්ද නැත්තේ කියලා. මාත් හරිම අමාරුවෙන් තමා මේක කරන්න වෙලාව හොයා ගත්තේ. ඉතිං පුංචි පුංචි අඩුපාඩු ඇති. බ්ලූ රේ ආවම ආපහු එකෙන්ම අප්ඩේට් කරන්න ඕන.

      Reply
  • බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Any body can share a torrent link

    Reply
  • supirima kathavak patta sub ekata thanx

    Reply
  • Machan, thankx sub ekata. eth mage lap eke sub eka wada karanne na machan. sinhala front eka neme enne. nikan symbal wage ekak. eth wena film wala sub wada. godak asawen balan hitapu film ekak machan. balanna bari unama dukai. kauru hari mata help ekak diyanko mekata moko karanne kiyala. loku udawwak.

    Reply
    • ආපහු ගන්න. මම ෆෝමැට් එක හදලා අලුතින් දැම්මා. සමාවෙන්න. ජය.!!!

      Reply
      • adeee. godak thankx kollo. ikmnata fixed karala dunnata. jayen jayama wewa. baiscope ekatath ubatath subama suba aluth awruddak wewa. JAYA…

        Reply
      • බොහොම ස්තුතියි මචෝ…මටත් ඔය ලෙඩේම ඇවිත් තිබුනෙ..දැන් වැඩේ හරි…බඩු වැඩ…

        Reply
  • ela saho
    සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව….
    ජයවේවා..

    Reply
  • Thanks for Sinhala subtitle.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sub wada karanne na, denawanam hariyata denna barinam nikan inna

    Reply
  • Niyami sahodaraya.supiri film ekak.den bana gaman inne.balala kiyannamko visthare.thanks sub ekata.ela

    Reply
  • සුපිරි සහෝ සුබ එකට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanxx. Happy new year bro

    Reply
  • Ela bro .Happy New Year

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තුතියි චාමිකර අයියා උපසිරසියට..
    ජය වේවා..!

    Reply
  • 1,2,3 baiscope ake dila thiyenawada

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොයිකා ඉන්න ෆිලුමක් කියන්නේ ඉතින් අහන්න දෙයක් නෑ . පට්ට ෂොට් බන් තියෙන්නේ . එක ෂොට් එක දහපාරක් විතර බලනවා . ජයවේවා චාමි කොල්ලෝ

    Reply
  • උපසිරසට බොහොම ස්තුතියි චාමි
    අදනම් හෙන කට්ටක් කාල වගේ 😀

    Reply
    • කෑවා කියන්නේ නෑවා.. ලොල්

      Reply
  • niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    CHAMIKARA saho obatath,….Labannawu nawa wasara
    kiriyen peniyen piri,
    samaya sathuta raja karana,
    leda dukin thora,
    wedi wediyen lebena,
    Suba Aluth awruddak wewa……

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • thanx machan ela…..!

    Reply
  • elama saho thanks

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට…
    කිවුවා වගේම ඉකමනටම දුන්න නේද සහෝ.. පට්ට බන්. මේ ෆිල්ම් එක බලන්නෙම බොයිකාගේ ෆයිට් ටික බලන්ඩමයි..
    ජය වේවා..බුදුසරණයි..

    Reply
  • තද තද චාමි..
    සුපිරි ආ…
    උපසිරැසිය තැන්කු වේවා….

    Reply
  • Thanx machan sabata. Thama meke blueray ripak nadda bn? Apu gaman update parak diyan honda eka wage

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Niymyi niyamyi……ikminm 20 weni upasuresiyen hamuwemoo…jayawewaaa….

    Reply
  • Meka enakam balan hitiye. Bohoma sthuthi saho sub ekata.

    Reply
  • first download and first comment ….,meka enawa kiyala ahapu dawase idan me film eka wenuwen balan hitiya…,thanx verymuch mc sub ekata…,

    Reply

Leave a Reply to Gathsara Umesh Kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *