Saturday , February 27 2021
Breaking News

Bumm Bumm Bole (2010) with Sinhala Subtitles | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 13 votes.
Please wait...

Bumm Bumm Bole (2010)

කොහොමද යාළුවනේ! ඔන්න මම දෙවැනි උපසිරැසියත් හැදුවා. මේ වතාවෙ මම තෝරාගත්තෙ ලස්සන හින්දි චිත්‍රපටයක්. ළමයින්ටයි දෙමාපියන්ටයි එකට බලන්න පුළුවන් කාටත් ආදර්ශමත් හොඳ කථාවක්. මේ චිත්‍රපටයත් ටිකක් පරණයි. චිත්‍රපටයට උපසිරැසි තිබුණේ නැති නිසා උපසිරැසි හදන්න හිතුණා.

මේ චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නෙ දුප්පත් පවුලක්. මේ පවුල දුප්පත්කමත් එක්ක ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්න අතරෙ අයියා අතින් නංගිගෙ සපත්තු දෙක නැතිවෙනවා. තාත්තා රස්සාවක් හොයාගන්න මහන්සිවෙන අතරෙ, නංගිට සපත්තු දෙකක් අරන් දෙන්න අයියා වෙන මහන්සිය තමයි චිත්‍රපටයට මාතෘකාව වෙලා තියෙන්නෙ.

චිත්‍රපටයේ අයියා එහෙමත් නැත්තම් “පිනාකි” ගෙ චරිතය රඟපාන්නෙ දර්ශිල් සෆාරි (Darsheel Safary). මතකනෙ දර්ශිල් තමයි thare zammen par චිත්‍රපටයෙත් ප්‍රධාන ළමා චරිතය රඟපෑවෙ. තාත්තාගේ චරිතය රඟපාන්නෙත් දක්ෂ නළුවෙක් වන අතුල් කුල්කර්ණි (Atul Kulkarni). පැය 2යි මිනිත්තු 5ක් දිවයන මේ චිත්‍රපටයේ IMDb අගය 5.9 ක්. අ‍නෙක් කාරණය තමයි මේක, 1997 තිරගත වූ Children of Heaven චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රියදර්ශන් (Priyadarshan).

ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටියක්. දෙමාපියන් විඳින දුක තේරුම් අරන් ළමයින් කටයුතු කළ යුතු බව මේ චිත්‍රපටියෙන් ළමයින්ට දෙන හොඳ ආදර්ශයක්. වැඩි විස්තර කියනවාට වඩා සිංහල උපසිරැසිත් එක්කම චිත්‍රපටය බලන එක තමයි වඩාත් හොඳ. එහෙනම් චිත්‍රපටිය බලලා, උපසිරැසිවල අඩුපාඩු තියෙනවානම් ඒවත් කියන්නකො!

Bumm Bumm Bole (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bumm Bumm Bole – DVDRip – XviD – 1CDRip – [DDR]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් ලසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 

Check Also

Red (2021) Sinhala Subtitles | නිවුන් සොයුරු පලිගැනීම [සිංහල උපසිරසි]

1990 ජනවාරි 12වෙනිදා ඉන්දියානු නීතියට අලුත් පිටුවක් පෙරලෙනව. උප පොලිස් පරීක්ෂ රෆිවුද්දින් කාන්, කොස්ශතාපල් ශම්ශර් …

Leave a Reply

Your email address will not be published.

19 comments

  1. Thank u very much saho..!!

  2. අනේ මචංලා මේ Film එකේ Torrent Link එකක් කොහේවත් හොයා ගන්න නැහැනේ.
    පුළුන්නම් Torrent Link එකක් හොයල දෙන්න පුළුවන්ද

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    • ස්තූතියි රොයිලි සහෝ! ඒත් කණගාටුව තමයි මේ චිත්‍රපටියට මම හදපු උපසිරැසි අපේ නම් අයින් කරලා ඩී.වී.ඩී.වලට දාලා විකුණනවා දැකගන්න ලැබුණා. අපි මහන්සිවෙලා කරන දෙයින් පැත්තක ඉන්න අය මුදල් උපයා ගන්නවා.

  4. උපසිරැසියට ගොඩාක් ස්තූතියි.

  5. thanks bn sub ekata

  6. ගොඩක් ස්තුතියි සිංහල සබ් sub එකට…

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.

  9. thanks macho….

  10. නියම ෆිලුමක් වගේ ගොඩක් ස්තුතියි sub එකට
    ඒ වගේම මේ වගේ චිත්‍රපටයක් තෝරගත්තු එකටත් ස්තුති වන්ත වෙන්ව,
    තෙරුවන් සරණයි!

  11. Thanks…

  12. කවුරුහරි හරි Bastille Day (2016) ෆිල්ම් එකේ සබ් එක කරන්න බාර අරගෙනද?

  13. ජනිත්

    අද මම මෙය නැරඹුවා. මේ චිත්‍රපටය ඉරාන සිනමා නිර්මාණයක් වන Children of Heaven (1997) ඇසුරින් තැනූ චිත්‍රපටියක්. ඊට වඩා සුළු වෙනස් කම් කීපයක් කර නිපදවූ මේ ෆිල්ම් එකත් එක පැත්තකින් හරි ලස්සනයි. උපසිරැසි වලට බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවැනි අර්ථවත් සිනමා පටවලට උපසිරැසි ලබාදෙන්න සහෝ.

  14. මම මේක කලින් English සබ් එක්ක බලලා තියෙනවා. හරිම ලස්සනයි. මේ වගේ ආදර්ශමත් හොඳ චිත්‍රපටයකට කෙනෙක් සබ් දෙන්නේ බොහොම කලාතුරකින් තමයි. දැන් මේ චිත්‍රපටියට සිංහල සබ් දීලා තියෙන නිසා ආයෙත් බලන්න පුළුවන්. සබට බොහෝ සේ ස්තූතියි. ජය…………

  15. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක ලස්සන ෆිල්ම් එකක් කියලා මම අහලා තියනවා. ඔන්න බාන්න දැම්මා. මේ වගේම ලස්සන ෆිල්ම් එකක් තමයි Dhanak (2016) කියන්නේ. හැකි වෙලාවක පුළුවන්නම් එයටත් සබ් දෙන්න. ඉතින් සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

error: Alert: Content is protected !!