Wednesday , September 23 2020
Breaking News

Captive State (2019) Sinhala Subtitles | මේ ලෝක විනාශයද?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 53 votes.
Please wait...

අනාගතයෙදී පිටසකවල ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වුණොත් අපි කුමක්ද කරන්න ඕන. සාමන්‍ය ජනතාව වන අපිට එයට කිසිවක් කළ නොහැකියි. නමුත් ඉහළ ඉන්න අය එහෙමත් නැත්තම් රජය තමයි මෙයට මොනමහරි විකල්පයක් අරගත යුතු වන්නෙ. මොකද එම ආක්‍රමණිකයින් ගොඩක් බලගතු කට්ටියක් නම් අපිට ජයග්‍රහණය කිරීමෙ අවස්ථාවද අඩු වෙනවා. ඒවගේමයි තමයි සමහරු එයින් ප්‍රයෝජන අරගන්නවා. ඒ මොකද කියනවා නම් අනාගතයෙදී මේ ලෝකය මිනිස් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත්වෙනවා. එතකොට ඔවුන්ට සිතෙන්න පුළුවන් “මොවුන් තමයි අපිට තියෙන එකම විකල්පය” කියා. ඉතිං අද රැගෙන ආපු චිත්‍රපටයත් පොඩ්ඩක් ඒ පැත්තට නැඹුරුයි. ඒවගේම කියන්න ඕන මෙය සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයකට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. අවසානය තෙක් බැලුවොත් ඔබටම එය වැටහෙයි.

මේ හැමදේම පටන්ගන්නෙ ආක්‍රමණිකයින්ගෙ පැමිණීමත් සමග. එක්තරා පොලීසියෙ පරීක්ෂකවරයෙක් මෙම සිදුවීම දැනගත්ත වහාම පිටවෙන්න උත්සහ කරනවා තම දරුවන් දෙදෙනා සමගම. එතකොටත් හමුදා නීතිය දමල ඉවරයි. රජයෙ මිනිස්සු මෙම ආක්‍රමණිකයින් සමග එකඟතාවයකට එනවා. නමුත් ඔහු ඒ කිසිදු දෙයකට පිළි නොගෙන ප්‍රදේශයෙන් පිටත් වෙන්න උත්සහ කරනවා. ඉතිං අවාසනාවන්ත ලෙස දෙදෙනාටම රෝචස්ලා අතින් මැරෙන්න වෙනවා අණ නොතැකීම හේතුවෙන්. ඉතිං මෙතනදි රෝචස්ලා කියල හඳුන්වන්නෙ වෙනත් ලෝකයකින් ආව ආක්‍රමණිකයින්ව. එවෙලාවේ ඔවුන්ගෙ දරුවන් දෙදෙනා සිටින්නෙ පිටුපස ආසනයෙ. අවුරුදු ගාණක් ගෙවිල. ඒ ආසනයෙ හිටපු අයිය මලෝ දෙන්නගෙන් අයිය විරුද්ධවාදීන්ගෙ පිළට එකතු වෙලා මොවුන් සමඟ සටන් කරන්න යනව. අවාසනාවන්ත ලෙස ඒ හැමදෙයක්ම කණපිට පෙරලෙනවා. නමුත් ග්‍රේබ්‍රියල් උත්සහ කරන්නෙ මෙහෙන් පිටවෙලා යන්න. ඉතිං අර උඩ සඳහන් කරපු සටන් දියත් කරන්නෙ “නම්බර් වන්” එහෙමත් නැත්තම් මහ මොළකරු. එයාව හම්බවෙනව කියන්නෙ අමාරු වැඩක්. එක්කෙනෙක් හැර එයාව කවුරුත් දැකල නැහැ. ඉතිං ආයෙ මොවුන් සෝල්ජර් ෆීල්ඩ් ස්ථානයෙදී පැවැත්වෙන උත්සවයකදී ප්‍රහාරයක් දියත් කරන්න හදනවා. කොහොමහරි මෙයට ග්‍රේබ්‍රියල් පවා අහුවෙනවා එක්තරා විදියටකින්. ඒවගේම ඔහු මැරුණයි කියල හිතාගෙන හිටපු තමන්ගෙ අයියව පවා හම්බවෙනවා. ඒත් කොහොමද? මෙයාලා මේ දියත් කරන අලුත්ම මෙහෙයුමෙන් ආක්‍රමණිකයින්ව පලවාහරින්න පුළුවන් වෙයිද එහෙමත් නැත්තම් උන් මුළු ලෝකයම විනශ කරයිද? යන දේවල් හිතෙ ඇතිවෙන්න අරගෙන ඇති මේ වෙලාවේ. එහෙනම් අවාසනය තෙක් නරඹන්නකො. ඔබට වෙනස්ම ආකාරයෙ සිනමා වින්දනයක් ලබාදෙනවා ඒකාන්තයි.

2019 වර්ෂයෙ මාර්තු මස 15 වන දින තමයි චිත්‍රපටය නිකුත් වුණෙ. මේ වනවිටත් IMDb අගය 7.2 වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒවගේම කුණු තක්කාලි අගය  45% ද අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 109 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය Sci-Fi | Thriller යන කාණ්ඩයටයි. රංගනය අතින් John Goodman | Ashton Sanders | Jonathan Majors | Vera Farmiga | Kevin Dunn | Alan Ruck | James Ransone | Ben Daniels තම රංගන කුසලතා වලින් දායක වෙනවා. එහෙනම් නැවත වාරයක් මෙම අපූරු චිත්‍රපටය නරඹන්න ඔබ සැමට ආරාධනා කරනවා.

තවත් මෙවැනි අපූරු සිනමාපටයකින් හම්බවෙන තුරු ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

58 comments

  1. Superb Bro

  2. Torent ekak download karaganne kohomad
    kohomad

  3. sampath n perera

    thanks

  4. වෙනස් කතාවක් වගේ… බොහෝම ස්තූතියි උපසිරැසියට…….

  5. THANKS BRO

  6. ***ස්තූතියි***
    ***ජය වේවා ***

  7. chinthaka_priyadrshana

    Thank U bro…………

  8. THANKS …………………

  9. thanks bro

  10. Thanks bro…

  11. Thanks for Sub!

  12. Thilankadissanayake

    THANK YOU

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. Manjula Senaratna

    balken, 100 කියන ෆිල්ම් දෙක බාලා එපා වො හිටියේ ටයිම් ලයින් පිස්සු කෙලලා
    තැන්ක්ස් මචං යාංතන් දඟලන්නේ නැතිව ෆිල්ම් එකක් බලන්න සෙට් කලාට.
    ලෙසටම ප්ලේ වෙනවා.

  15. AsithaDilruwan

    ela saho thanks

  16. nalin.kumara0510

    Thanks bro good luck.

  17. thanks broh!!

  18. Thanks Machoo….!!!

  19. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo…..!

  20. Thanks bro

  21. thanks ………………

  22. බොහොම ස්තූතියි.. සහෝ.

  23. Thanks for sub.good luck bro

  24. thanks for the sub

  25. A I Productions

    sub ekata thanx bro !!!

  26. බොහෝම ස්තුතියි උපසිරැසියට .

  27. thanks bro…
    jaya wewa !

  28. Thanks machn sub ekata….

  29. thanx bro..

  30. Bhathiyawijesundara

    Thankss ……bro. jaya wewa……

  31. Thanx machan.sub ekata.

  32. Mohantha_kumara

    Tnx machan sub ekata.ජය වේවා

  33. kelumchathuranga

    thanks

  34. Rashmika dumidu

    Thanx bro

  35. ජයවේවා….. බොහෝම ස්තූතියි උපසිරැසියට

  36. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  37. thank sahoo dh
    anakan mang balan hitiye

  38. Thanks bro!!

  39. thanks bro

  40. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය

  41. Niyama film ekak wage. බොහොම ස්තූතියි සහෝ sub එකට

  42. super machan godak kal balan hitapu film akk thanks my thiter frend also enjoy

  43. සිංහල උපසිරැසියට ස්තූතියි

  44. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata….
    Jaya wewa.!

  45. Sub ekta thanks bro
    Doom patrol awasana episode 3ta sub denne Nada bro?
    Ikmanta ekta sub denna kawru hari.

  46. Thanks for sub

  47. thanks sub ekata

  48. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  49. kaweesha kalyana

    sab එක වෙනුවෙන් ස්තුතියි සහෝ…

error: Alert: Content is protected !!