Monday , January 18 2021
Breaking News

Carnage Park (2016) with Sinhala Subtitles | මාරක නිම්නය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 20 votes.
Please wait...

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න  ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන් බුද්ධික හේරත් සොයුරාටත්. මං මේකේ සබ හදන්න පටන් අරන් එක දවසින් වගේ ඉවර කලා. දෙබස් පේලි හාරසියගාණක් වගේ තමයි තිබුනේ. නොදන්න වචන නම් ගොඩක් තිබුනා. සමහර වචන වල තේරුම මොකකවත් තිබුනෙත් නෑ. කලින් සබ් හදලා තිබුනත් site එකකට වැටෙන මගේ පලවෙනි සබ තමයි මේක.

කතාව ගැන කිව්වොත් මේක ඇවිල්ලා ඇමෙරිකාවේ 1978 පමණ සිදුවුන මිනීමැරුම් රැල්ලක් ගැන සත්‍ය කතාවක්. 2016 ආව film එකක් උනත් පරණ විදිහටම සුපිරියට හදලා තියනවා. අපරාධ ගණයේ චිත්‍රපට බලන අයට නම් මේක හොඳ කතාවක් වේවි. කතාවේ නායිකාව තමයි “විවියන් ෆොන්ටීන්” (Ashley Bell). තමන්ගේ ඉඩමේ ඔප්පුව උකස් කරන්න බැංකුවට යන විවියන්ට සිද්ධවෙනවා බැංකුව මංකොල්ල කන්න ආව මංකොල්ලකාරයෝ දෙන්නෙක්ගේ ප්‍රාණ ඇපයට යටත් වෙන්න. කොහොමහරි මේ මංකොල්ලකාරයෝ දෙන්නා බැංකුව මංකොල්ලකාලා විවියන්වත් අරගෙන කැලිෆෝනියා ප්‍රාන්තයේ තියන භයානක උද්‍යානයක් හරහා තමයි යන්නේ. මේ උද්‍යානයට යන කිසිම කෙනෙක් පණපිටින් එලියට ඇවිත් නම් නෑ කියලා තමයි කියන්නේ. මේ අතරේ විවියන්ගේ පැත්තෙන් මිනිස්සු දාපු පැහැරගැනීමේ පැමිණිල්ල නිසා ඒ නගරයේ ඉන්න ෂෙරිෆ් විවියන්ව හොයාගෙන මේ උද්‍යානය පැත්තට එනවා. මේ උද්‍යානයේ තියන භයානක කම මොකක්ද? මංකොල්ලකාරයන්ට මොකක් වෙයිද? විවියන්ට මේ භයානක උද්‍යානයෙන් පිටවෙන්න පුලුවන් වෙයිද? ෂෙරිෆ් විවියන්ට උදව් කරයිද? මේවට උත්තර හොයාගන්න නම් Film එක බලන්නම වෙනවා.

සබේ පොඩි පොඩි අවුල් ඇති. ඒකට සමාවෙලා හොඳයිනම්, මගේ උත්සහය අගය කරන්නත් එක්ක පොඩි comment එකකුත් යටින් දාගෙන යන්න අමතක කරන්න එපා හොඳේ. ජය වේවා !!!!!

 

Carnage Park (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Carnage.Park.2016.BRRip.XviD.AC3.EVO

ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයෂාන් ඉන්ද්‍රශංඛ (ගයා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Check Also

ද ෆ්ලවර් ඔෆ් ඊවිල් [S01 : E12] Sinhala Subtitles | යක්ෂයාගේ කුසුම [සිංහල උපසිරසි]

11 වැනි එපියෙන්, මිනිස් ජාවාරම්කරු යිඔම්-සන්ග්-චෙයොල් තමන් හමුවෙන්න ආපු දෝ-හයුන්-සූට දීපු සල්ලි ගනිමින ඉන්න අතරේ …

Leave a Reply

Your email address will not be published.

37 comments

  1. amila nisakara

    Thanks bro

  2. Thanks ayye oyala mahansi welaa karana me movies api balanne harima asawen thanks

  3. Thanks broo for your sub

  4. බොහොම ස්තුතියි යාළු සබ් එකට…තව තවත් සාර්ථකව සබ් හදනන යාළු

  5. tmx sahoo

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. onna tawath ape kollek gemata bahala.fatta malli.sub ekata gdk pin…..

  8. sub ekata thanks bro

  9. මොහොට්ටි

    සබට ස්තුති ඩවුන්ලෝඩ් කරල බලන්නම්

  10. sub ekata thanks mcn.api wanuwan karana sawaya agaya karanawa.

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    • 2016 ආව ලස්සන මලයාලම් එකක් මේ දවස්වල හදමින් ඉන්නේ. ටිකක් පරක්කු වේවි. මේ ටිකේ ගංවතුරෙන් අවතැන්වූ අය වෙනුවෙන් වැඩ.

  12. ela bro ela

  13. සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි

  14. පලමු වැඩේට සුබ පැතුම්…
    තවත් එකකින් ඉක්මනින් හමු වෙමු…

  15. G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  16. බොහෝම ස්තූතියි ප්‍රතිචාර වලට. ඉකමනටම තව එකකින් හමුවෙමු. ජය වේවා.. !!

  17. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  18. Thnkzz broo

  19. Thanks…….

  20. බොහෝම ස්තූතියි සහෝ

  21. thanks brooo good luck..

  22. පලමු උපසිරසියට සුබ පැතුම් bro
    දිගටම sub දෙන්න හැකියාව,වාසනාව ලැබේවා!!
    ජය වේවා….

  23. elama saho thanks

  24. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ.පලමු උපසිරැසියට සුබපැතුම්.දිගටම උපසිරැසි කරන්න
    ජය වේවා!

  25. sub ekata thanks mcn.uthsahaya agaya karanawa.good job.

  26. thnku sahooo…issahrahtama ymu good luck….tva sub onaiii

  27. ප්‍රදීප් මැක්ස්...

    පලමු උත්සහයට ජය මචං
    දිගටම කරන් යමු…!

  28. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    දිගටම උපසිරැසි ලබාදෙන්න හැකියාව වගේම,සහෝගේ හැම කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  29. නියමයි මචෝ….
    පලමු වැඩේට සුබ පැතුම්…
    දිගටම වැඩේ කරගෙන යමු.
    ජයෙන් ජය…

  30. බොහෝම ස්තූතියි සහෝදරයා….. දිගටම සබ් දෙන්න හැකියාව හා කාලය ලැබේවා……. බබොහෝම පිං අපි වෙනුවෙන් කරන සේවයට….

error: Alert: Content is protected !!