You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 12)

ක්‍රියාදාම හා යුද්ධ

Kung Fu Yoga (2017) AKA Gong Fu Yu Jiawith Sinhala Subtitles | චෑන්ගේ ඉන්දියානු සංචාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් තමයි මේ පාර ගෙනාවේ. kung fu yoga බලන් හිටපු එකක් උනාට, ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද හරියන ඉංග්‍රීසි උපසිරැසියක් තිබ්බේ නැති නිසා. පරිවර්තනය කරන්න ගියාමයි තේරුනේ ඉංග්‍රීසී සබ වීඩීයෝ එකත් එක්ක බලද්දී අහසයි පොළවයි වගේ කියලා. දෙබසින් දෙබස නවත්ත නවත්ත තමයි උපසිරැසිය හදන්න උනේ. …

Read More »

Arthur & Merlin (2015) with Sinhala Subtitles | ආතර් සහ මර්ලින් [සිංහල උපසිරැසි සමඟ]

කස්ටියටම ආයුබොවන්,හැමදාම මේ බයිස්කෝප් එකට ඇවිත් සිංහල උපසිරැසි බාගෙන යනඑකේ  මටත් හිතුනා සබක් කරන්න.ඉතින් බයිස්කෝප් එකේ ඇඩ්මින්ලගෙ පිහිටෙන් මටත් සබක් කරන්න චාන්ස් එකක් දුන්නා.ඉතින් මගේ පළවෙනි සිංහල උපැසිරසිය කරේ ඔයගොල්ලො කවුරුත් දන්න කතාවක්.”ආතර් සහ මර්ලීන්”. හැබැයි මේක අපි දන්න මර්ලීන් කතාවට වඩානම් වෙනස්.IMDb අගය 4.2/10 ලබාගෙන තියෙන 2015 වේ ආපු …

Read More »

The Marine 5 Battleground (2017) with Sinhala Subtitles | මාරාන්තික කල්ලියකට එරෙහිව මැරීන් සෙබලා නැවතත් ක්‍රියාන්විතයේ [සිංහල උපසිරැසි සමඟ]

ඔබත් ක්‍රියාදාම වර්ගයේ චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද? එසේනම්, වර්ෂ 2006දී, සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩක John Cena ගේ ප්‍රධාන රංගන දායකත්වය සහිතව ආරම්භවූ සුප්‍රකට The Marine චිත්‍රපට මාලාවේ එකඳු කතාවක් හෝ නරඹා තිබෙනු නිසැකයි. කිසිවෙකු හෝ නොසිතූ අයුරින් ලැබූ අනපේක්ෂිත ජනප්‍රියත්වය නිසාවෙන්ම, චිත්‍රපට නිෂ්පාදකයින් විසින් පළමු චිත්‍රපටයෙන් නොනැවතී දිගින් දිගටම චිත්‍රපට නිකුත් කරනු …

Read More »

13 Assassins (2010) AKA Jusan Nin No Shikaku with Sinhala Subtitles | රණශුරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ,ඔන්න මම අරන් ආව ගොඩක් හොඳ ඇක්ෂන් පිරුන කතාවක්.මේකත් මම කලින් උපසිරසි දුන්නු ඒවා වගේම පරණයි.හැබැයි පරණ උනාට නරක නෑ.අපි හැමෝම ආසයිනේ සමුරායිලට.පොඩි කාලේ කඩුවක් වගේ ලීයක් අරගෙන සෙල්ලම් කරපු අතීතයක් ඔයාලටත් තියෙන්න ඇති,මේකත් සමුරායිල ගැන තියෙන සුපිරි කතාවක්.අපි ෆිල්ම් වල එක එක විදිහේ වීරයෝ දැකල තියෙනවා.සමහර අය හෙන …

Read More »

I Declare War (2012) with Sinhala Subtitles | පොඩි අයගේ ලොකු යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? ටික කාලයකට පස්සේ ආයෙත් ඔන්න මම චිත්‍රපටයක් අරන් ආවා. මෙදා පාර ඔයාලාව ආයෙත් පොඩි කාලෙට යවන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි කාලේ කැලෑ පැනලා යාළුවොත් එක්ක යුධ සෙල්ලම් කරා මතකද? ලී කෝටු වලින් තුවක්කු හදාගෙන කටින් ඩිෂුම් ඩිෂුම් කිය කිය. මං හිතනවා අපි හැමෝටම ඒ වගේ අතීතයක් තියෙනවා කියලා. …

Read More »

Prityazhenie AKA Attraction (2017) with Sinhala Subtitles | ආදරයේ සැබෑ අරුත ලොවට පෙන්වාදුන්, ඈත මන්දාකිනියේ අබිරහස් පිටසක්වල ජීවියා [සිංහල උපසිරැසි සමඟ]

මිනිසා කියන්නෙ සොබාදහමේ හරිම පුදුම නිර්මාණයක්. විටෙක ලොව වඩාත්ම ආදරණීයම පුද්ගලයා වෙන මිනිසා, තවත් විටෙක ලොව දරුණුතම මිනිසා වීමට ගත වෙන්නේ සුළු නිමේෂයයි. ඒ නිසා වෙන්න ඇති, ලොව දරුණුතම සහ ආදරණීයම සත්වයා ලෙස අවිවාදයෙන්ම මිනිසාව හඳුන්වන්නෙ. පෘතුවිය කියන්නෙ මිනිස් වාසය සඳහා ඉතාමත් උචිත පරිසරයක් සහිත ග්‍රහලොවක්. කෙසේ නමුත්, පසුගිය අවුරුදු …

Read More »

Mirzya (2016) with Sinhala Subtitles | සංසාරගත බැඳීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලු දෙනාටම, ඔයාලට වෙනදා වගේම අදත් ගෙනාවා ලස්සන හිංදි කතාවක්. එක පෙලට හිංදි කතා ගොඩක් කරපු එකේ මේකත් කරලා දාන්න, තවත් පහරක් කියලා මගේ ඇඟේ ගැහුව ආසිරි සහෝට ස්තූතියි.  බැලුවම තමයි තේරුනේ ෆිලුමේ අමුතු ගතියන්යක් තියෙනවා කියලා. කතාව හොඳ උනාට හරියට සම්පූර්ණ සබක් හොයාගන්න තමයි අමාරු උනේ. පොඩි …

Read More »

Total Recall (1990) with Sinhala Subtitles | ද්විත්ව මානසික ඒජන්තවරයා… [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අනු පස්වන උපසිරැසිය තමා මේ අරගෙන එන්නේ. චිත්‍රපටය වෙන්කරන් නම් ටිකක් කල්. එත් ඉතින් ඔයාලට ගෙන්න පුළුවන් උනේ අද. අපි කවුරුත් හොඳින් දන්නා ආර්නෝල්ඩ් රඟපාන සුපිරිම විද්‍යා ප්‍රබන්දයක් තමා මේ චිත්‍රපටය. IMDb අගය 7.5 තරම් ඉහල අගයක් අරන් තියෙන Action, Sci-Fi, Thriller ගණයට අයිතිවෙන මෙම …

Read More »

John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත …

Read More »

Rogue One: A Star Wars Story (2016) with Sinhala Subtitles | හිතුවක්කාර හොරු ටික [සිංහල උපසිරැසි සමඟ]

හොඳමයි එහෙනම්, මේ සුදානම තවත් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන එන්නට. මේක එසේ මෙසේ කතාවක් නෙමෙයි බොහොම පැරණි කතාවක්. කොටින්ම කියනවා නම් 1977 මැයි මාසයේ අවසානයටත් කලින් ඇති වෙන කතාවක්. හැබැයි ඉතින් ලඟ පාතක එහෙම නෙමෙයි බොහොම දුර මන්දාකිණියක….. මතකද මම දන්නේ නැහැ 1977 මැයි මාසයේ 25 වැනිදා නිකුත් වුණ, ලෝකයම …

Read More »

The Great Wall (2016) with Sinhala Subtitles | චීන මහා ප්‍රාකාරයේ බිහිසුණු වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ] (50)

අද නම් වෙනදට වඩා ටිකක් වැදගත් දවසක්. 2015 වර්ෂයේ ජනවාරි 24 වෙනි දින, Velayudham (2011) චිත්‍රපටයෙන් ඇරඹුනාවූ මගේ උපසිරැසි ජීවිතයේ 50 වෙනි උපසිරැසිය සමගින් තමයි අද මම ඔබ හමුවට එන්නේ. කියන්න නම් ගොඩාක් දේවල් හිත ඇතුලේ තියෙනවා. ඒ නිසා ලිපිය ටිකක් දීර්ඝ වෙන්නත් පුළුවන්. නමුත් කියන්න තියෙන හැමදෙයක්ම, කියන්න වෙන …

Read More »

Hero (2002) AKA Ying Xiong with sinhala subtitles | නොපසුබට රණශූරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම මේ පාරත් ටිකක් පරණ Film එකක් අරන් අාවා. මේ Film එක තිරගත වෙලා තියෙන්නෙ 2002 වසරේදී. ඉතින් මේක පරණ Film එකක් කිව්වට ගුණාත්මක භාවය අතින්නම් සුපිරියි. මේ Film එකේ නම තමයි “Hero 2002”.  චීන අධිරාජ්‍යයේ පුරාවෘත්තයක් වටා දිවෙන මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ අධ්‍යක්ෂකවරයෙකු වගේම රංගන ශිල්පියෙක්ද වන …

Read More »

Warrior’s Gate (2016) with Sinhala Subtitles | මුට්ටියක් හින්දා වෙච්ච දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් උපසිරසි ගැන්වීමක් අරගෙන ආවා. මේක බාර අරගෙන නම් හුගක් කල් ටිකක් කාර්‍යබහුල උනා නිසා උපසිරසිය නම් ගොඩක් ම  පරක්කු උනා. කතාව පැත්තට හැරුනොත් මිනිත්තු 100ක් පුරා දිවෙන මෙය  Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මේකේ ප්‍රධාන චරිත ලෙස Uriah Shelton (ජැක්) , Ni Ni (සු ලීන්)   Bautista …

Read More »

Mr. Fraud (2014) with Sinhala Subtitles | වංචාකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවො හැමෝටම. ඔන්න මම තුන්වෙනි සබත් අරගෙන ආවා. අසංක සහෝ දුන්න සලේරුවට සබ ඉක්මනට ඉක්මනට කරා ඉතින්. වැරදි තිබ්බොත් කියන්න කියලා ඉල්ලනවා. අද මම අරන් ආවේ මලයාලම් සලේරුවක්.මලයාලම් සිනමාවේ රජු කියලා හැදින්වුවත් වැරදි නැති   Mohanlal මහත්තයාගේ 2014 වසරේදී තිරගත වුන  Mr. Fraud නැත්නම් වංචාකාරයා තමා සලේරුව. විශේෂයෙන්ම කියන්න ඕනේ …

Read More »

Ennodu Vilayadu (2017) with Sinhala Subtitles | තුරඟ තරඟ පිටිය උඩුයටිකුරු කල මුදල් වංචාව [සිංහල උපසිරැසි සමඟ]

තුරඟ තරඟ…එහෙමත් නැත්නම් අශ්ව රේස් කියන්නේ, වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක්. මේ වනවිට, මෙම තුරඟ තරඟ, හුදෙක්ම තරඟයක් බවට පත් නොවී, ඉන් ඔබ්බට ගොස් තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම්, සූදුව විසින් මෙම අශ්ව රේස් ක්‍රීඩාව සිය අණසකට යටත්කොටගෙන තිබෙනවා. මේ අශ්ව රේස් සූදුව කෙතරම් ප්‍රබලව ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවා නම්, …

Read More »

The Assignment (2016) with Sinhala Subtitles | වෛරයෙන් පිරී ගිය කුලී ඝාතකයෙකුගේ දරුණු පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්. දිනක්, …

Read More »

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ …

Read More »

Mine (2016) with Sinhala Subtitles | බිම් බෝම්බයක් මත ජීවිතයත් මරණයත් අතර සටන් කල, ස්නයිපර් වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම මයිකල්. හැමෝම කතාකරන්නෙ, මයික් කියලා. වෘත්තියෙන් ස්නයිපර් වෙඩික්කරුවෙක්. මගේ හොඳම යාළුවත් එක්ක මං මේ ඇවිල්ලා ඉන්නේ අතිශය වැදගත් මෙහෙයුමක් සඳහා. මාස දහතුනක් පුරාවට සිටින ඉසව්වක් හෝ දැනගත නොහැකිවූ ගරිල්ලා නායකයෙක්, කාන්තාරයකට පැමිණෙනු ඇති බවට ලද ඔත්තුවක් මත, මටත් මගේ හොඳම යාළුවාටත් එක්තරා බැරෑරුම් මෙහෙයුමක් බාරදෙනු ලැබුවා. එනම්, මෙතෙක් …

Read More »

The Burma Conspiracy (2011) with Sinhala Subtitles | බුරුමයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

සුපිරි ත්‍රාසජනක හා ක්‍රියාදාම ප්‍රංශ චිත්‍රපටයක්. වෙඩි තැබීමකින් බේරෙන්න කාර් එකකින් තුන් දෙනෙක් පැනලා යන සිද්ධියකින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ. රියදුරා තමයි ලාගෝ වින්ච් කියන්නේ. ලාගෝ වින්ච් කියන්නේ W Group එකේ අලුතෙන් පත් වුන ප්‍රධාන විධායක නිලධාරියා. කලින් අයිතිකාරයගේ පුතා. පත් වුන ගමන්ම බුරුමයේ සිදු කරන ලද මිනිස් සංහාරයක් සම්බන්ධව …

Read More »

Sher (2015) with Sinhala Subtitles | සිංහයෙක් මෙන් නිර්භීත සොයුරකුගේ පුතකුගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සහා බැඳි සිටින සියලූම දෙනාහට අරුත්බර දියකට සුභාසිරි..! සෑහෙන්න කාලෙකට පස්සේ මා අද අඩවිය වෙත ගොඩවන්නේ තවත් අනර්ඝතම තෙලඟු චිත්‍රපටයක් සමඟින් ඉතින් වෙනදා වගේම මතක් කරන්න කැමතියි මෙම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ක්‍රියාදාම සහ හාත්ස්‍ය උත්පාදනය නොඅඩුව පවතින සිනමා නිර්මාණයක් යැයි මතක් කර සිටීමට මා …

Read More »
error: Alert: Content is protected !!