You dont have javascript enabled! Please download Google Chrome!
Monday , January 20 2020
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 43)

ක්‍රියාදාම හා යුද්ධ

Letters from Iwo Jima (2006) with Sinhala Subtitles | ඔව්හු යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනි (විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන්) මේ ෆිල්ම් එක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මාස තුනකට කිට්ටු කාලයක් ලිස්ට් එකේ පල කරන්න වේවි කියල ඇත්තටම මමවත් හිතුවේ නෑ. ඒත් මගේ රැකියාවේ සිදුවුණු වෙනස්කම් එක්ක තරමක් කාර්යබහුල වෙන්න වුන නිසා උපසිරැස ගන්වන වැඩේ හොඳටම ප්‍රමාද වුනා. හරි අපි බලමු …

Read More »

Chronicle (I) (2012) with Sinhala Subtitles | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් …

Read More »

Paan Singh Tomar (2010) with Sinhala Subtitles | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයක පසුව බයිස්කෝප් වෙත උපසිරැසි ඉදිරිපත් කරන්නෙ. සයිට් එකේ ඉස්සර ඉඳලා හිටපු අයටනම් සමහර විට මාව මතක ඇති. MARTYRS කිව්වම මතක් වේවි මං හිතන්නෙ.මේ මගේ 5 වන උපසිරැසි නිර්මාණය. මෙවරනම් ලබා දෙන්න යන්නෙ පුරුදු පරිදි හොරර් එකක් නෙමේ. මෙය කාලෙකට පස්සෙ බලපු ඉතාම වටිනා චිත්‍රපටයක්. මෙම බයිස්කෝප් එක ඔයාලට …

Read More »

The Naked Gun 2½: The Smell of Fear (1991) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන් 2½: සැකයේ පුසුඹ…[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! ඉතින් ඔන්න පොරොන්දු වුන විදියටම සිංහල උපසිරස සමග The Naked Gun 2 චිත්‍රපටිය ගෙන ආවා. මෙහි 2½ කියා සඳහන් වුනාට දෙවෙනි චිත්‍රපටියම තමා. ඉතින් මේකේ පළමුවෙනි කොටස නරඹා ඇති යාලුවන්ට, මේ ගැන අමුතුවෙන් පහදා දීමට අවශ්‍ය වන්නේ නැහැ. පළමු කොටසේ සිටි ප්‍රධාන නළු නිලි පිරිස ඒ ආකාරයෙන්ම මෙහිත් …

Read More »

Mission: Impossible – Ghost Protocol (2011) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරැසි සමඟ]

සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් බත බුලතින් සපිරි සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම…ඔන්න කට්ටිය පුල පුලා බලන් හිටිය බයිස්කෝප් එකක් උපසිරසත් එක්කම ගෙනාවා…ඉතින් මේකට සබ් දාලා දැන් හුග දවසක් වෙනවා දෙන්න ඔන්න මෙන්න තියෙද්දී තමා සයිට් එකේ දෝශයක් ඇති වෙලා පහු වුනේ.ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. කතා ඇති එහෙනම් Mission: …

Read More »

The Matrix Revolutions (2003) with Sinhala Subtitles | අවසානය…..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Matrix චිත්‍රපට මාලාවේ තුන් වැනි හෙවත් අවසාන කොටස සිංහල උපසි‍රැසි එක්ක අද මං දෙනව. මේ වෙනකොටත් The Matrix, The Matrix Reloaded යන මුල් කොටස් දෙකම දීල තියෙන හින්ද ඔයාල ඒ දෙකම බලල ඊට පස්සෙ මේකත් බලන්න. The Matrix Revolutions චිත්‍රපටයට IMDb Rating වල 6.5/10 වගේ ඉහළ අගයක් ලැබිල …

Read More »

The Matrix Reloaded (2003) with Sinhala Subtitles | ලෝකය බේරා ගැනීම උදෙසා.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කස්ටියටම මං මේ පාර ගෙනාවෙ එලම කිරි බයිස්කෝප් එකක්.මේක මගේ තුන්වෙනි බයිස්කෝප් එක. මේක ගැන කියනවනම් මේක තමයි Matrix බයිස්කෝප් එකේ දෙවනි බයිස්කෝප් එක. මේකෙ පළවෙනි එක අපේ සඳුන් සහෝ උපසිරැසි සමඟ දීල තියනව. මේකෙ දෙවනි එක තමයි මං අද ගේන්නෙ. මේක කරන අදහස මට දුන්නෙ අපේ විකිය සහෝ. 😀 …

Read More »

Zinda (2006) | පලිගැනීමට හේතුව ?[සිංහල උපසිරැසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකෙන් චිත්‍රපටි බාගෙන ගියාට කවදාවත් උපසිරැසි හදලා නැහැනෙ. ඔන්න ඒක නිසා මාත් හිතුවා මම බලපු ලස්සන චිත්‍රපටියකට උපසිරැසි යොදන්න. කරන්න ගියාමනෙ දැනුනේ අමාරුව. ටයිප් කරලම එපා වෙනවා. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. අනිවා වැරදි නම් ගොඩක් ඇති. ඒවට සමව දෙනවා නම් දෙන්න, නැත්නම් ඒත් දෙන්න. දැන් එහෙනම් චිත්‍රපටිය …

Read More »

Machine Gun Preacher (2011) with Sinhala Subtitles | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’… [සිංහල උපසිරසි සමඟ]

බලාපොරොත්තුව! බලාපොරොත්තුව කියන්නේ හරි පුදුම දෙයක්! ඒකෙන් ජීවිත ජීවත් කරවනවා. ඒක නැතුව ගියහම ජීවිතේට අර්ථයක්, අරමුණක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි; ජීවිතේ රහකුත් නැතුව යනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පවත්වාගන්න උදව් වෙන බලාපොරොත්තු කඩ වුණහම ඒක මහා වේදනාවක්. හැබැයි බලාපොරොත්තු කඩ වුණහම එච්චර වේදනාවක් දැනෙනවා නම් බලාපොරොත්තු නැතිවම ජීවත් වෙන්න සිද්ධ …

Read More »

The Matrix (1999) with Sinhala Subtitles | වඩාත් යහපත් ලොවක් වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මේ සඳහා සිංහල උපසිරැසි ඉක්මනින් ලබා දෙන්න පොරොන්දු වුණත්, අන්තර්ජාල සබඳතාවයේ ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වුණා. මුලින්ම කැමතියි, ඒ වෙනුවෙන් කණගාටුව පල කරන්න. 1999 මාර්තු මාසයේ දී නිකුත් වූ මෙම සිනමා පටය එකල මහත් ජනප්‍රියත්වයට පත් වුණා. අන්තර්ජාතික සිනමා දත්ත පදනම (imdb)තුල ඇගයුම් 8.7 ක් ලබා ගෙන ලොව ජනප්‍රියම සිනමා පට 250 …

Read More »

Conan the Barbarian (2011) with Sinhala Subtitles | පළිගැනීමේ ලුහුබැඳිම [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). …

Read More »

Ironclad (2011) with Sinhala Subtitles | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, …

Read More »

Khelein Hum Jee Jaan Sey (2010) with Sinhala Subtitles | මව්බිම නැතිනම් මරණය ! [සිංහල උපසිරැසි සමඟ]

කලින් එක වගේම ඔන්න මේ සැරෙත් මං ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. තුන්වැනි සිංහල උපසි‍රැසි නිර්මාණයට හින්දි එකක් දෙන්න අදහසක් නොතිබුණත් මේ චිත්‍රපටය බැලුවහම මට හිතුණා මේකට සබ් දැම්මොත් හොඳයි කියලා. එහෙම තමයි අද දවසේ දී මේක ඔයගොල්ලන්ගේ අතට එන්නේ. IMDb Ratings වල 6.8/10 අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Drama, History …

Read More »

Harry Potter and the Deathly Hallows Part 2 (2011) with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම කට්ටිය ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වීම ගැන. මේකෙ මුල් කොටස සිංහල උපසිරැසි එක්ක දෙද්දි මම පොරොන්දු වුනා දෙවෙනි කොටසත් උපසිරැසි දෙනවා කියලා. ඒත් මම ටික කාලයක් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ඇවිත් බලද්දි මේක තව කෙනෙක් බාර අරගෙන. ඒත් කනගාටුවට කරුන තමා හොඳ කොපියක් ඇවිල්ලත් …

Read More »

Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උප‍රිමයි! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා.. මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි …

Read More »

Captain America: The First Avenger (2011) with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් …

Read More »

The Island (2005) with Sinhala Subtitles | අලි බොරුවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට දාලා තියෙන ඒවා මොනවද කියලා හොයලා බලනවා… ඔන්න ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් බලපු නියම බයිස්කෝප් එකක් ගැන කියන්න හිතුනා… මේ තමයි The Island… 2005 අවුරුද්දේ තිරගත වුන මේ …

Read More »

The Scorpion King: Rise of a Warrior (2008) with Sinhala Subtitles| යුධ විරුවන්ගේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති. ඉතින් ඒ කොටස රසවිඳපු ගොඩාක් දෙනෙක් මගෙන් දෙවනි කොටසත් ඉල්ලලා තිබුනා. ඉතින් මම දැන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ වගේම මාව ධෛර්යමත් කරන මම උපසිරසි යොදපු චිත්‍රපටි ගැන අදහස් පළකරන …

Read More »

The Scorpion King (2002) with Sinhala Subtitles | වෘශ්චික රජු… [සිංහල උපසිරැසි සමඟ]

  වෘශ්චික රජු හෙවත් විජයග්‍රහනයේ හෝරාව… හරි මම ඔයාලට සිංහළ සබ් එක්ක තවත් බයිස්කෝප් එකක් අරන් අවා. මේක මගේ දෙවන උපසිරසි යෙදීම. මම හිතනවා මම ඉස්සෙල්ලා සබ් දාපු 28 Days Later ඔයාලා බලන්න ඇති කියලා. ඉතින් මේක නම් හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. මේකේ තියෙන්නේ පැරණි අධිරාජ්‍යයක කතාවක්. මට මේක අහම්බෙන් බලන්න …

Read More »

Tactical Force (2011) | වැඩ කාරයෝ

ඔන්න එහෙනම් මං මගෙ පළවෙනි ෆිල්ම් එක ඔයගොල්ලන්ට ගෙනාවා. Tactical Force එළි දැක්වෙන්නෙ 2011 ජූනි 22 වෙනිදා. Adamo P. Cultraro ගේ අධ්‍යක්ෂනයෙන් සහ ලිවීමෙන්. Box Office Budget එක විදියට $8,400,000 නිගමනය කරනවා. Tactical Force චිත්‍රපටියෙ කතාව ගෙතෙන්නෙ ලෝස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තුමේන්තුවේ SWAT Team එකක් වටා. අපි කලින් බලපු SWAT Team …

Read More »
error: Alert: Content is protected !!