You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , December 10 2019
Breaking News
Home / ක්‍රියාදාම හා යුද්ධ (page 8)

ක්‍රියාදාම හා යුද්ධ

Justice League (2017) with Sinhala Subtitles | යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හිතපු නැති වෙලේක තමා ඔන්න මේ මුණ ගැහෙන්න එන්නේ. නොවැම්බර් 17 තිරගත උන චිත්‍රපටයක HC රිප් එකක් මෙච්චර ඉක්මනට ලැබේවි කියල කවුරුත් හිතුවේ නැහැ. නොහිතන දේවල්ම උන මේ චිත්‍රපටයට මේ උන දේ ගැනත් අමුතුවෙන් පුදුම වෙන්න උවමනා නැහැ. එහෙනම් ප්‍රමාද නොකර පොඩි විස්තරයක් එක්ක වැඩේට බහිමු. චිත්‍රපටය ගැන කියනවා නම් …

Read More »

Game of Thrones [Conquest and Rebellion – History Special] – Sinhala Subtitle | ටාගේරියන් රාජ පෙලපතේ නැගීම හා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? Game of thrones 7 වෙනි අදියරේ බ්ලූරේ එකත් එක්ක ආව, වෙස්ටරොස් ඉතිහාසයේ වැදගත් සිදුවීම් කීපයක් අලළා තැනුණ සජීවීකරණ කෙටි චිත්‍රපටියක් අරගෙනයි මම මේ ආවේ. කතාවේ ඉතිහාසය ගැන කලින් ලිපිවල, පිටු ගණන් අකුරු කරපු විස්තර වලින් කොටසක් දැන් සජීවීකරණයක් විදියට බලන්න පුළුවන්. වෙස්ටරොස් ඉතිහාසයේ ප්‍රබල හැරවුම් ලක්ෂයක් සනිටුහන් වූ …

Read More »

Rescue Under Fire (2017) AKA Zona hostil Sinhala Subtitles | යුධ ගිණි දැල් මැදින් සිදුකෙරුණු මුදවාගැනීමේ මෙහෙයුම..! [සිංහල උපසිරසි සමඟ]

”යුද්ධය” කියන වචනය ඇහුවමත් අපේ හිත්වල ඇතිවෙන්නෙ බයක්, වේදනාවක් වගෙම පිළිකුලක්. 1983 වසරේ සිට 2009 වසර දක්වා පුරා වසර 27කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටත් සිවිල් යුද්ධයකින් පීඩා විඳපු රටක්. වාසනාවකට වගේ අද වෙද්දි අපේ රටේ යුධ වාතාවරණයක් ඇත්තෙ නැහැ. ඒත් ජාතිවාදය, ආගම්වාදය වැනි මතවාද මූලික කරගෙන වෙනත් රටවල් ගණනාවකම …

Read More »

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Vikings [S05: E01- E02] with Sinhala Subtitles | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම, ඔන්න එහෙනම් මගේ ප්‍රියතම ප්‍රේක්ෂකයින් පිරිස ඉන්න කතා මාලාවට උපසිරසි අරගෙන ආයෙමත් ආව. වයිකින් බලන කට්ටිය තමා මම කැමතිම සෙට් එක. මොකද මේක බලන්නේ 1000+ක් වගේ ටික දෙනෙක් උනාට ඒ අය මුල ඉඳලම කතාව එක්ක එකතුවෙලා හිටිය අය. පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දී කවදාවත් මාපිය සනුහරේ ගුණ වයල …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E05] Sinhala Subtitles | මීලග ජයග්‍රහණ හා ඇද වැටීම්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මැකැලැස්ටර් කරපු බොරුව අහු වුන නිසාම ඒ තරහටම ජෝසෙෆ් මැකැලැස්ටර්ව අරගෙන ගියා රෝලෑන්ඩ් කියලා එයාගේ යාලුවෙක්ගේ තැනකට. එතන තමයි අල්ට්‍රා එකේ අය පුහුණුවීම් කරන්නේ. රෝසාට ඕන වුණේ එයාලා අල්ලගත්ත කරීම් මා(ර්)කොව්ව එයාගේ එකම සහෝදරයා ජෝසෙෆ්ට හොරා ජේන්ට දීලා එයාලගේ ගාන අරගන්න. රෝසා මේ ගැන හංගන්න එකම හේතුව වුණේ මොකද ජෝසෙෆ් …

Read More »

The Shannara Chronicles [S02 : E10] Sinhala Subtitles | අදුරේ විනාශය, ආලෝකයෙ ජයග්‍රහණය සහ වීරයකුගෙ නික්ම යාම! [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං පුළුවන් ඉක්මනටම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දහවන කොටස එහෙමත් නැත්නම් අවසාන කොටහ. ඔව් ඔව් හිතවතුනි. අදින් දෙවැනි සමය අවසානයි. හරි එහෙමනම් කට්ටියට මං කතාව ගැන පොඩි විස්තරයක් දීලම ඉන්නම්කො. ශනාරා දෙවැනි කතාසමයට පාදක වෙලා තිබ්බේ ඉන්ද්‍රජාලික ස්වාමියා කියලා බලගතු මායාකරුවෙක්ගේ යළි ආගමනයක්. ඒ …

Read More »

The Shannara Chronicles [S02 : E09] Sinhala Subtitles | අදුරට නතුවීම [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එල්ක්‍රිස් වෙත ගිහින් ශනාරා අසිපත …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E04] Sinhala Subtitles | අභිරහස් මිනිසාගේ සැබෑ අනන්‍යතාවය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ජේන් ලව්රි බූඩාපේස්ට්වල තියෙන දුමරියපලකදී රෝසා වාගා කියලා ගෑනු කෙනෙක්ව මුණගැහිලා තිබුණා උදව් බලාපොරොත්තුවෙන්. මේ රෝසා වාගා කියන ගෑනු කෙනා මැගියා අල්ට්‍රා කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා එයාගේ බාල සහෝදරයා ජෝසෙෆ්ගේ උදව්ව ඇතිව. ජෝසෙෆ් කියන්නේ ජාතිවාදී මිනිහෙක්. හරිම කෘරයි. ඒවගේම එයා MIA සටන් පවත්වන තැනක් කරගෙන යනවා. ඉතින් සටන්කරුවන් දෙන්නෙක් හැටියට …

Read More »

Blade of the Immortal (2017) Sinhala Subtitles | අමරණීය රණශූරයා! [සිංහල උපසිරසි සමඟ]

හොලිවුඩ් චිත්‍රපට කිහිපයටකම උපසිරසි අරන් ආපු නිසා මේ වතාවෙ ජපන් සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් Action | Drama කියන වර්ගීකරණයන්ට අයත් මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 29 ජපානයේදී. ජපානයෙන් පිටත මුල්වරට මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ ප්‍රංශයේදි. ඒ 2017 මැයි දහඅටවැනිදා පැවැත්වුණු හැත්තෑවැනි Cannes Film Festival හිදීයි. …

Read More »

The Shannara Chronicles [S02 : E08] Sinhala Subtitles | සත්‍යයේ මංපෙත [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඊයේ රෑ හත දුන්නානේ. ඔන්න අද උදේම අරගෙන ආවා අටවන කොටහත්. එහෙමනම් අපි බලමු නේද මොකෝ වෙන්නේ කියලා.. කලින් කොටස ගැන කිව්වොත් මෙච්චර දවස් බැන්ඩන් දරපු උත්සාහය සපල වෙනවා දකින්න ඇතිනේ. ඔව් ඔව් ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය ලැබුනා. හැබැයි බැන්ඩන් ඔහුට ලබාදෙන්නේ ඇලනොන්ගේ පෙනුම කියලත් දකින්න ඇතිනේ. ඉතින් …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E03] with Sinhala Subtitles | අල්ට්‍රා සංවිධානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි වගේම ජේන් ලව්රි තමන්ට ඕන කරන ආයුධ සපයාගන්න ඕන කරන මුදල් කලීඩ්ගෙන් ගසා කෑවට පස්සේ අයිව්ස් එක්ක ආයුධ ගණුදෙනුව කලා. අයිව්ස් තමන්ගේ ආයුධ ටිකත් දීලා මුදල් හුවමාරුව කරගන්න මහා කාන්තාරයක් මැද්දට හෙළිකොප්ටර් එකකින් ආවා. එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක් හිටියා. මේවා එයා වික්කේ නිකන්ම නිකන් ආයුධ නම් නෙවෙයි. හරිම දරුණු මහා පරිමාන …

Read More »

The Shannara Chronicles [S02 : E07] Episode Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ස්වාමියාගේ පුනරාගමනය! [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා. අපි දැක්කා ඒ නිසාම ඇලනොන්ව සිහි …

Read More »

Days of Glory (2006) Film Sinhala Subtitles | විජයග්‍රහණයේ නිරුවත…..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Black Book (2006) හෙට දිනක් උදාවේ නම් පලිගනිමි…………” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ …

Read More »

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

Conquest of the Planet of the Apes (1972) Film Sinhala Subtitle | වහල් බවින් මිදුනෙමි [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හම්මේ හුග දවසකට පස්සේ, ඔන්න යාළුවනේ මම මගේ හතර වෙනි කතාවත් ගෙනනාවා Conquest of the planet of epes (1972) කතවට බහින්න ඉස්සර කියන්න දෙයක් තියනවා. ඒ තමයි මගේ තුනවෙනි කතාව වුන Katamarayudu (2017) Film එකට කමෙන්ටි කරපු හැමෝටම ස්තුති කියනවා. ඒවගේම බයිස්කෝප් එකටත් ස්තූති කරනවා මගේ සබ තරු දෙකකින් අගය …

Read More »

The Shannara Chronicles [S02 : E06] Episode Sinhala Subtitles | අනාගතයේ අමිහිරි දසුන්! [කතාංගගේ සිංහල උපසිරැසි]

ඔන්න එහෙමනම් ගෙනාව හයවැනි කොටහත් ඉක්මනට. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්නැති ඉන්න ඇත්තේ. ඒ නිසා බලමු මොකෝ වෙන්නේ කියලා. පැරනොර්වලට ගිය විල්ට අන්තිමේ තමන්ගේ මාමාව බේරගන්න හිස්කබල තියෙන තැන හොයාගෙන යන්න සිද්ද උනා මෙරිත් එක්ක. මේ දෙන්නව ගිහිල්ලා නතර උනේ සැගවුණු නිම්නයේ. හැබැයි ඒ ෂියා ඔහාම්ස්ෆොඩ් සහ විල්ගේ අම්මා …

Read More »

The Beguiled (2017) Film Sinhala Subtitles | ආගන්තුකයා [හි සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට. මම රසික ප්‍රදීප්. මේ මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම මේ පැත්තට ඇවිත් සබ් අරගෙන යන අතරෙ මටත් හිතුනා සබ් එකක් කලා නම් හොඳයි කියල. මුලින්ම් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ ෆිලුම වෙන් කරල දුන්න හසන්ත අයියාටත් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්. මේක කරන්න භාර අරගෙන නම් ටිකක් කල්. පලවෙනි සබ් එක …

Read More »

The Shannara Chronicles [S02 : E05] with Sinhala Subtitles | අතීතය තුළ සැගවූ රහස්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය ඔන්න එහෙමනම් මම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල්හි පස්වැනි කොටහ.. මේකේ පහ හය දෙකම එකම දවසේ නිකුත් වෙලා ඔන්න.. හයත් ඉක්මනට දෙන්න බලන්නම්. එහෙනම් අපි කතාව ගැන බලමු.. ගිය සතියේ විල්,මෙරිත් ඇලනොන් තුන්දෙනා ශනාරා අසිපත හොයාගෙන ගිය ගමන සාර්ථකව නිමාවට පත් කරන්නේ විල් අසිපත ලබාගැනීමත් සමග. ඉතින් අද තුන්දෙනාම …

Read More »

Strike Back : Retribution (2017) [S06 : E02] with Sinhala Subtitles | මිසයිල ව්‍යසනය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද අලුත් සට්‍රයික් බැක් එකේ අලුත් මුහුණුවර හොදට තිබුනද? ඔන්න මේකේ සාමාන්‍යයෙන් බදාදා නිකුත් වුන වීඩියෝ පටයට අදාළ උපසිරැසි බදාදා රෑ වෙද්දීම නිකුත් වෙලා තිබුණා. ඒත් ඉතින් මට කරන්න නම් ලැබුනේ බ්‍රහස්පතින්දා. කලින් කතාමාලා පහ වගේ නොතිබුනත් අලුතින් අන්තර්ගත කරලා තිබුණු චරිත පරණ චරිත හා සමාන වෙන්න සැහෙන්න වෙහෙසක් දරන …

Read More »
error: Alert: Content is protected !!