You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / ඇනිමේෂන් (page 20)

ඇනිමේෂන්

The Flintstones & WWE: Stone Age Smackdown (2015) | ගල් යුගයේ රෙස්ලිං [සිංහල උපසිරැසි සමඟ]

WWE Studios කිවුවම ආයේ වෙන මොකුත් නෑ රෙස්ලිං නොව මතක් වෙන්නේ, අද අපි බලන රෙස්ලිං මිට වසර මිලියන 65කට පෙර ගල් යුගයේදී ආරම්භවුනේ කොහොමද කියල මේකෙදි බලාගන්න පුළුවන්, මේකේ අපි හොඳට දන්න ගල්පාත, බොරළුගොඩ, විමලා සහ ඩොටී හතරදෙනා ඉන්නවා, හැබැයි වෙන නම් වලින් මොකද මේක The Flintstones යන නමින් විකාශනය …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

Postman Pat: The Movie (2014)| පැට් පියුම් මහතා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අපිට උපසිරස දෙන, උපසිරස ගන්න, බලන, සෑම යහළු යෙහෙළියෙක්ටම සුභම සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. මගේ පෙර ලිපිය එව්වාත් සමඟම මට පිළිතුරු එවා මාව තව උපසිරසකට යොමු කිරීමට මා දිරිමත් කළාට මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා. ඉන්පසුව මට මෙය කිරීමට භාරදුන් විකියා සහෝටත් ස්තූතියි. මම මාගේ පෙර …

Read More »

Tinker Bell And The Legend Of The NeverBeast (2014) | සුරඟනන් සහ යෝධ ලොම් පිරුනු රාක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම අරන් ආවා ටින්කර්බෙල් විත්‍රපට මාලාවෙ අළුත්ම චිත්‍රපටිය. Tinker Bell and the Legend of the NeverBeast. බයිස්කොප් අඩවියෙන් ඉතිරි චිත්‍රපටි හයටම උපසිරසි ලබා දීලා තියනවානේ. හත්වෙනි අළුත්ම චිත්‍රපටිය තමයි මේ.මේ වෙනකොට IMDb අගය 6.9/10 න් අරන් තියනවා. ටින්කර්බෙල් චිත්‍රපටි හතෙන්, හය වෙනි චිත්‍රපටියත් එක්ක ටින්කර්බෙල් ගැන විතරක් නැතුව අනිත් …

Read More »

Appleseed Ex Machina (2007) | යන්ත්‍ර,මිනිසුන්,ආදරය සහ මෙහෙයුම්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.අරගෙන ආවා ටිකක් පරණ ෆිල්ම් එකක්.හැබැයි පට්ට. මේක බාර අරගෙනනම් සෑහෙන කාලයක් වුනා.ඒත් මගේ වැඩත් එක්ක කරන්න ගොඩක් කල් ගියා.බොහෝ දුරට මේක මම කරපු අවසාන උපසිරැසිය වෙන්නත් පුළුවන්. ආයමත් උපසිරැසි කරන්න මට කාලය ලැබෙන එකක් නැතිවෙයි.කොහොම වෙතත් අවස්ථාවක් ලැබුනොත් නොකර ඉන්නෙත් නෑ.කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මෙන්න මෙහෙමයි. අනාගතේදී(ඒ කියන්නේ …

Read More »

Penguins of Madagascar (2014) | හතරදෙනාම සූරයෝ…. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න සැහෙන කාලෙකට පස්සෙ කාර්ටුන් එකක් අරන් එන්න පුළුවන් උනා, තනියම නෙමේ යාලුවත් එක්ක එකතුවෙලා 😉 ඉස්සරනම් මාස දෙකකට වතාවක්වත් කාටුන් එකක් කරන්න ලැබෙනව, දැන් ඉතින් අපිට ඉඩක් නෑ, කාර්ටුන් අක්කෙක් වෙනම ඉන්නවනේ දැන් 🙁 හරි එහෙමනම් එයාගෙන් බේරගත්තු එකම කාටුන් එකෙ පඳුර වටේ තලනව ඔන්න, මෙහෙමයි වෙන්නේ, …

Read More »

Barbie in Princess Power (2015) | කුමාරිකාවකට ලැබුණු සුපිරි මායා බලය [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ… මේ කතාව …

Read More »

Justice League Throne of Atlantis (2015) | ඇක්වා මෑන් ජස්ටිස් ලීගයට. [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම ගේන්නේ ජස්ටිස් ලීග් වල අලුත්ම චිත්‍රපටය වන Throne Of Atlantis කියන කතාව. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් වෙනවා.සමාවෙන්න ප්‍රමාදයට.ඒ වගේම මේක ගැන මාව දැනුවට් කරපු හසන්ත සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. මේකේ තියෙන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය හා සම්බන්ධ කතාවක්.අපේ ඇක්වා මෑන් අයිති වෙන්නෙත් මේ නගරයටනේ.කතාව …

Read More »

Donkey Xote [2007] | බූරුවා, නයිට්වරයා සහ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මම එහෙනන් මගේ දෙවෙනි ෆිල්ම් එකත් අරගෙන ආව. පලවෙනි සබ් එක දීල පුලුවන් තරම් ඉක්මනට මේක දෙන්න හැදුවේ… ඒත් තාම සබ් දාන්න පටන් ගත්ත ගමන්ම නිසා ටිකක් පරක්කු වෙනව. කොහොම කොහොමහරි මේ පාර මම ඔයාලට ගෙනාවෙ Animation ෆිල්ම් එකක්. මේකෙ කතාව කියනවන් මෙහෙමයි… මේ කතාවෙ ඉන්නව නයිට්වරයෙක් ඒ …

Read More »

Surf’s Up (2007) | රළ පදින්නෝ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! ඔයාල නම් මාව දන් නෑ, මොකද මේක තමයි මගේ මංගල සබ් එක. මෙච්චර කල් ඉතින් බයිස්කෝප් එකෙන් බෑවා මිසක් මුකුත් දුන්නෙ නෑනෙ, ඔන්න ඒක නිසා මං හිතුව මෙහෙම වැඩක් කරන්න. මේක මට හදන්න ටික දවසක්ම ගතවුනත් හදල ඉවර වුනාම මාර සතුටක් ආවේ. 😀 හරි, එහෙනම් අපි වැඩේට බහිමු. මම ඉතින් …

Read More »

Tom and Jerry in Shiver Me Whiskers (2006) | නිධන් හොයන පූසයි, මීයයි… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පුළුවන් ඉක්මනට මගේ තුන්වැනි උපසිරැසියත් ඔයාලට අරගෙන ආවා. අපි කවුරුත් ආසයිනේ කාටූන් බලන්න. මොකද අපිත් තාම පොඩි බබාලනේ. ඉතින් මම අද දෙන්න යන්නෙ ලොකු බබාලා, පොඩි බබාලා කවුරුත් ආස කරන ටොම් ඇන්ඩ් ජෙරි චිත්‍රපටයක්. අනිත් ටොම් ඇන්ඩ් ජෙරි කතා වගේම මේකත් හිනාවෙවී බලන්න පුළුවන්. Warner Bros animation සමාගම …

Read More »

Big Hero 6 (2014) | හීරෝයි වීරයෝ පහයි….. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.ඔන්න මම අද තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් යාළුවො මගබලන් හිටිය චිත්‍රපටියක් මං හිතන්නෙ. මේකෙ හොද පිටපතක සහ උපසිරසියක් නිකුත් උන ගමන්ම මට දැනුම් දුන්න හසන්ත අයියටයි විකියා අයියටයි දෙන්නටම ගොඩක් ස්තූතියි කියන ගමන් අපි බලමු චිත්‍රපටිය මොකක්ද කියලා. Big Hero 6. මේක තිරගත වෙන්න පටන් …

Read More »

Scooby-Doo and the Samurai Sword (2009) | සමුරායිගේ වියරුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආවා මගේ තුන්වෙනි උපසිරැසිය. මේ ටිකේ විභාගෙනේ. මේක දෙන්නේ 2014/12/23. ඒත් උපසිරැසි ෆයිල් ඒකේ තිබුනු අඩුපාඩු හින්දා මේක ආපහු හදන්න උනා. ඒත් දැන් එළකිරි වගේ තියනවා. දන්නවා ඇතිනේ අ.පො.ස. සා/පෙල තිබ්බා නේ. ඒකට පෙනී ඉඳලා ඔන්න ඉක්මනින්ම උපසිරැසි එක්ක අරගෙන ආවා. දන්වානේ, පළවෙනි උපසිරැසි ඒකටත් අරගෙන ආවේ ස්කුබිඩු …

Read More »

Ribbit (2014) | මගේ දෛවය? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.කට්ටියට මාව අමතකද මන්දා.ඔන්න පොඩි නිහැඩියාවකට පස්සෙ මම ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මේක ගැන මාව දැනුවත් කරේ විකියා අයියාට ස්තූති වන්ත වෙනවා. මේ චිත්‍රපටිය Ribbit.2014 සැප්තැම්බර් මාසෙ තමයි නිකුත් වෙලා තියෙන්නෙ.IMDb අගය නම් 4.1/10 ක් වගේ පොඩි අගයක් තියෙන්නෙ. ඒත් ලස්සන කතාවක්. කතාව පොඩ්ඩක් කිව්වොත් තමන්ගෙ දෛවය මොකක්ද කියලා …

Read More »

Green Lantern: First Flight (2009) | විශ්වයේ ආරක්ෂකයෝ. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේක තමයි මගේ පළවෙනි සිංහල උපසිරැසිය. මෙච්චරකල් මමත් කරේ නිකංම සබ් බාගෙන ගියපු එක විතරයි. පස්සෙදි මටත් හිත්න උපසිරැසියක් කරන්න. වැඩේ බාර අරගෙන නම් ගොඩක් දවස්. උපසිරැසිය කරන්න පටන් ගත්තම තමයි ඒකෙ අමාරුව තේරුණේ. ඉංග්‍රීසි උපසිරැසිය නිකංම සිංහලේට පරිවර්තනය කරල හරියන්නෙත් නැහැනෙ. සමහර කොටස් තේරුම් ගන්න නම් …

Read More »

TRON: Uprising [Complete Season 01] | ට්‍රෝන්ගේ පිබිදීම (100) [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් එකේ ඇඩ්ඩින් අයියලා හැමෝටමත්, හැමදාමත් අපිට සබ් අරගෙන එන බයිස්කෝප් උපසිරැසිකරුවෝ හැමෝටමත්, බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් ගන්න, කමෙන්ට් කරන ඔයාලා හැ‍මෝටමත් 2015 අවුරුද්ද ටිවි සිරියස්, ෆිල්ම් වලින් පිරි ඉතිරි යන සුභ නව වසරක් වේවා… . . ! ඔන්න ඉතින් 2015 අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක විදියට …

Read More »

The Book of Life (2014) | මියැදුනත් ඔබ මගේ… [සිංහල උපසිරැසි සමඟ]

වෙනසකටත් එක්ක අපි අද ආදරණිය සුරංගනා කතාවක් බලමුද? දැන් ගොඩක් අයට හිතෙනවා ඇති නේද කුමාරයෙකුයි කුමාරිකාවකුයි ඉන්නවා තව දුෂ්ටයෙකුත් ඉන්නවා, ඊට පස්සේ කුමාරයාගෙයි කුමාරිකාවගෙයි ආදරයට දුෂ්ටයා හරස් වෙනවා, අර සෙල්ලම් මේ සෙල්ලම් දාලා කොහොම හරි අන්තිමේට කුමාරයා දුෂ්ටයාව පරද්දලා එයාලගේ ආදරය දිනාගන්නවා කියලා. හැබැයි මේ කතාවේදි නම් එහෙම නෙවෙයි වෙන්නේ. …

Read More »

Shark Tale (2004) | මෝරුන්ගේ පුවත. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම !!! බයිස්කෝප් වෙත මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබා දෙන්නේ හරිම සතුටින්. මේ සඳහා මාව යොමුකරපු විකී අයියාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා අද වන් තුරුම ලොව හොඳම චිත්‍රපටි 5000 අතර පවතී. එමෙන්ම මෙම චිත්‍රපටියට හඬ කැවීම සඳහා චිත්‍රපට ලොව පතාකයන් …

Read More »

Toy Story That Time Forgot (2014) | බොනී ගේ සෙල්ලම්බඩු නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට උපසිරසියක් කරලා ලොකු කාලයක් ගත වුනා. කාර්යබහුලත්වය නිසාම සබ හදන එකෙන් ඈත් වෙන්න තීරණය කරත් මේ නිර්මාණය දැක්කම නත්තල වෙනුවෙන් කට්ටියට තෑග්ගක් විදියට මේක ලබාදෙන්න හිතුවා. ඉතින් යන්තම් ඉඩ ලැබුණු හැටියේ ඉවරයක් කරගන්න පුළුවන් උනා. මේක ABC නාලිකාවේ ගියපු නත්තල වෙනුවෙන් නිපදවපු කෙටි සිනමාපටයක්. විස්තර කියන්න ඕනි නැහැනේ කෙටි …

Read More »

The Hero of Color City (2014) | චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. කෝර්රා කතාවත් ඉවර කරපු නිසා මම තීරණය කලා තව අළුත් ඇනිමේෂන් මූවී එකක් සබ් කරන්න. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා …

Read More »
error: Alert: Content is protected !!