Friday , April 20 2018
Breaking News
Home / කොමඩියක්

කොමඩියක්

Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitles | දුෂ්ඨ ආත්මයක කෘෘර පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට නැවත් අවුරුදු උණුසුම හමුවේම පැමිණි නිසා සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා..? සුපුරුදු ලෙසින් අදත් මා ඔබ හමුවට පැමිණියේ දකුණු ඉන්දියානු සිනමා පටයක් සමඟින් වැඩි කතා නැතුව මෙම සලරුව මාහට වෙන්කර දීම සැබැඳිව අප අඩවියේ පාලකවරයෙක් වන අශාන් විමුක්ති සොයුරා හට ස්තුතිවන්ත වෙමින් කතාව දෙසට …

Read More »

Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් …

Read More »

Gunturodu (2017) Sinhala Subtitles | මිරිස් වගේ සැර කොල්ලෙක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනාට ලැබුවාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන්ද මා ප්‍රාර්ථනා කරනවා. එසෙනම් පෙර පොරොන්දු පරිදි අදත් මා ඔබ හමුවට පැමිණෙනුයේ තවත් සුන්දර හා ක්‍රියාදාමයන්ගෙන් පිරීගිය තෙලෙඟු භාෂාවෙන් නිපැයුනු සිනමාසිත්තමක් සමඟින් සුපුරුදු පරිදි පෙරදාමෙන් මා අප අඩවියේ පාලකවරයකු වන හසන්ත අයියාට සහ සිසිල ප්‍රසාද් …

Read More »

Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitles | මල මගුලක් තමයි වුනේ. [සිංහල උපසිරැසි සමඟ]

තෙරුවන් සරණයි යාලුවනේ…. අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් …

Read More »

Monster Hunt 2 (2018) AKA Zhuo yao ji 2 Sinhala Subtitles | රාක්ෂයන් සොයා..!!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ චීන චිත්‍රපටියක්. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේ චිත්‍රපටියට උපසිරසි කරමුද කියලා අහලා දුන්නෙ. කලින් දුන්නෙත් චීන එකක්ම තමයි මගේ 50 වෙනි උපසිරසිය ⁣විදියට. ඒ නිසා මේකත් කරන්න හිතුවා. මේ අවුරුද්දෙ පෙබරවාරි වල තමයි චීනේ තිරගතවීම ආරම්භ කලේ. 2015 දි නිකුත් වුන Monster Hunt චිත්‍රපටියෙ දෙවනි කොටස විදියට මේක …

Read More »

Lego DC Comics Super Heroes: The Flash (2018) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය 6.5ක් ගත්තු Lego DC Comics Super Heroes …

Read More »

The Benchwarmers (2006) with sinhala subtitles | ළමා බේස්බෝල් කණ්ඩයම් වලට එරෙහිව වැඩිහිටි දුබල කණ්ඩායමක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම! හුඟ කාලෙකට පස්සේ තමයි මම මේ උපසිරැසියක් අරගෙන ආවේ. මම කලින් බාර ගත්ත TV Series එකේ වැඩ නිසයි මට දිගටම උපසිරැසි දෙන්න බැරි වුනේ. ඒකට Timeline files නැති නිසා ඒ වැඩේ නම් හුඟක්ම පරක්කු වුනා. දැන් නම් අවුරුද්දක් විතර ඇති මම ඒක බාර අරගෙන. එකේ දැනට මම සේරම …

Read More »

A Bad Moms Christmas (2017) with Sinhala Subtitles | නත්තල් කන්න අම්මලා ඇවිත් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මං දහස් වාරයක් සමාව ඉල්ලනව මේක මෙච්චරටම පරක්කු උන එක ගැන. මොකද දැන් මේකෙ හොඳ කොපියක් මාස් දෙක තුනක්ම වෙනව, නමුත් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක මට මේක කරගන්න වෙලාවක් හොයාගන්නම් බැරි උනා. කිහිපදෙනෙක්ම මට මැසේජ් දාලා ඇහුව මං නෙමෙයිද මේක kකරන්නේ? වෙන කෙනෙක්ට දුන්නද කියලා, ඉතින් බැරිම තැන මං සිසිල …

Read More »

The Star (2017) With Sinhala Subtitles | බෝ සහ ජීසස්…! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ …

Read More »

Scooby-Doo and the Cyber Chase (2001) Sinhala Subtitles | වීඩියෝ ගේම් එකක් තුළ සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවා තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක්. 2001 වසරේ නිකුත් වුන මේ කාටුන් චිත්‍රපටයට 7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිම වේගෙකින් කරපු ස්කුබී සබ් එක මේක තමයි. පැය හයෙන් සබ් එක ඉවර කළා. මේ චිත්‍රපටයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේක මේ අවුරුද්දෙ නිකුත් වුන …

Read More »

Kalakalapu 2 (2018) Sinhala Subtitles | සමාජීයතාව – 2 [සිංහල උපසිරැසි සමග]

මෙම වසරේ පෙබරවාරි මස 9 දින තිරගත වීම අරඹා ඉන්දියානු රුපියල් කෝටි 45ක බොක්ස් ඔෆීස් ආදායමක් බිහි කරනු ලැබූ තවත් සුපර් හිට් එකක, දෙවන කොටසයි මේ. කලකලප්පු (2012) චිත්‍රපටිය බලපු අය දන්නවා මොකක්ද මේ චිත්‍රපටිය, මොන වගේද කියලා. ආපනශාලාවක් අලලා ගෙතුනු එම කතාව එම වසරේදී බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දමමින් …

Read More »

Qarib Qarib Singlle (2017) Sinhala Subtitles | තනිකඩ ජීවිතේ… [සිංහල උපසිරසි සමඟ]

ඔබ තවමත් තනිකඩද? අවුරුදු 35 පැනලද? යාලුවන්ගේ ළමයින්ට නැනී කෙනෙක් වෙලාද? උන් eඑක්ක ශොපින් කරන්න යන්න වෙලාද? එහෙමත් නැත්නම් යාලුවන්ගෙ බල්ලන්ව පූසන්ව බලා ගන්නවද? කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? ———————————————————- පෙම්වතා/පෙම්වතිය ඔබ හැර ගිහින්ද? නැත්නම් අවුරුදු බරගානකට කලින් සැමියා/බිරිඳ මිය ගිහින්ද? ආයෙත් වරක් කසාද බඳින්න අදහසක් හිතේ තියෙනවද? එහෙනම් සමහරවිට …

Read More »

Love Per Square Foot (2018) Sinhala Subtitles | ගෙයක් වෙනුවෙන් ඕන දෙයක් [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න මමත් සබක් කලා එහෙනම්.බයිස්කෝප් එකෙන් මූවිස් බලල බලල මටත් හිතුනා සබක් කරන්නොන කියලා.පස්සෙ අදහස කිව්වම මට මුලින්ම උදවු කලේ බයිස්කෝප් එකෙ සමීර මල්ලි..එයා අදාල apps ගැන මට කිව්වා..ඉතින් ඒවා දාගෙන මේ සබ් එක කලේ tab එකෙන්.පස්සෙ සිසිල අයියට කිව්වා මේ ෆිලුම මං කරන්නම් කියලා..එයා ඒ වෙලාවෙම …

Read More »

Okka Kshanam (2017) Sinhala Subtitles | සමාන්තර ජීවිතයක් තුල මරණයට එරෙහිව යුධ වැදුණු අසීමාන්තික ආදරය! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතය! හරි පුදුමාකාර දෙයක්. විටෙක සුන්දරයි. තවත් විටෙක භයංකරයි. කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳිනවා කියලා. ඒ වගේම, තවත් කෙනෙක්ට කියන්න පුළුවන් තමන් ජීවිතය විඳවනවා කියලා. මේ මොහොතේ හිනාවෙලා සතුටෙන් ඉන්න අපිම, තව නිමේෂයකින් දුකින් වැළපෙන්න පුළුවන්. මේ වෙලාවේ දුකින් වැළපෙමින් ඉන්න කෙනෙක්, තව නිමේෂයකින් සතුටින් ඉපිලෙන්න පුළුවන්. ඒ වගේම, …

Read More »

Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට …

Read More »

Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක Batman රසිකයන්ට ගොඩක් විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව මෙහෙම විස්තර කරන්න පටන්ගන්නම්. Batman (1966) කියන පරණම රූපවාහිනී කතා මාලාවේ ඉඳලා බැට්මෑන් / බෘෘස් වේන් විදිහට Adam West, බැට්මෑන් රසිකයින්ගේ හිත් ඇදබැඳගත්තා. …

Read More »

A Stork’s Journey (2017) Sinhala Subtitles | මගේ නම මිස්ටර් කොක්! [සිංහල උපසිරසි සමඟ]

2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු! ඔන්න පුන්චි කුරුලු …

Read More »

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් …

Read More »

Paddington 2 (2017) Sinhala Subtitles | සැණකෙළියේ නිදානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම ස්තුතියි. …

Read More »

F*&% the Prom (2017) Sinhala Subtitles | අපිට නැති පාර්ටි උන්ට මොකටද…? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව තවත් ලස්සන බයිස්කෝප් එකක්. සිසිල ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වෙන්න තමයි මට මේක කරන්න අවස්ථාව ලැබුණෙ. මේක මගේ පස්වෙනි උපසිරැසි ගැන්වීම. ආහ් ඔක්කොටම කළින් බයිස්කෝප් එකට සුභ පතන්න ඕනෙ පුරා වසර 10ක් (9 ඉවර වෙලා දැං මේ යන්නෙ 10 නෙ) මේ කරන මහඟු සේවයට. මේක බාර …

Read More »