You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , October 19 2019
Breaking News
Home / සත්‍ය කතා (page 5)

සත්‍ය කතා

Rommel (2012) Sinhala Subtitles | පුරාවෘත්තයක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දින කීපයක් පහුවෙලා වුනත්, මුලින්ම කියන්න කැමතියි අවුරුදු 9 ක උපන්දිනය සමරන බයිස්කෝප් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම පුරා අවුරුදු නවයක කාලයක් පුරාවටම ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි නොමිලේ ලබාදුන්න බයිස්කෝප් සහෝදර සහෝදරියන්ටත්, තිරය පිටුපස ඉදන් අසීමිත කැපකිරීමක නියැලෙන ඇඩ්මින් මඩුල්ලටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා. …

Read More »

The Post (2017) Sinhala Subtitles | මාධ්‍ය නිදහස ද? ජාතික ආරක්ෂාව ද? [සිංහල උපසිරැසි සමඟ]

The Post කියන්නේ 2017 වසරේ දෙසැම්බරයේ මංගල දර්ශනය පැවැත්වුණු, 2018 වසරේ ජනවාරි 12 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනයට නිකුත් කෙරුණු ඇමෙරිකානු ඓතිහාසික දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටයක්. කවුරුත් දන්නවා ඇති මෙහි අධ්‍යක්ෂකවරයා ස්ටීවන් ස්පිල්බර්ග්. හැත්තෑව දශකයේ මුල් කාලයේ, “The Washington Post” පුවත්පත මඟින් වියට්නාම යුද්ධය කෙරෙහි තිස් වසරක් පුරා එක්සත් ජනපද රජය මැදිහත් වූ …

Read More »

The Greatest Showman (2017) Sinhala Subtitles | ලොවක් වසඟ කළ, අසමසම සංදර්ශන ශිල්පියෙක්! [සිංහල උපසිරසි සමඟ] (100)

මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට, ඔබේ දෙසවනට, ඔබේ …

Read More »

Darkest Hour (2017) Sinhala Subtitles | අඳුරුතම හෝරාව! [සිංහල උපසිරසි සමඟ] (200*)

කොහොමද කට්ටියට, මේ එකතුවෙන්න හදන්නේ මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය එක්කයි. අහස කඩවැටීමෙන් මේ ගමන පටන්ගත්තේ අවුරුදු 5ට කලින්. ඒ කියන්නේ 2013දී. හැමදාම කියනවා වගේ මේ ගමන පටන් ගත්තේ උපසිරැසි 50ක් කරලා නවත්වන්න හිතාගනයි. ඒත් 50න් පස්සේ ඉතිං නවත්වන්න පුළුවන් වුනේ නැහැ. 200 දක්වා මේ ආපු ගමනේ ඉතිං වැඩි පුරම …

Read More »

I, Tonya (2017) Sinhala Subtitles | දැනුම නොමැතිකොට හැකියාවට වටිනාකමක් නැත…. [සිංහල උපසිරැසි සමඟ]

දැනුම නැත්තන් ඇයි හැකියාවෙන් පලක් නොවෙන්නේ? ඔව් ඔයාලා ඒ ගැන තර්ක විතර්ක ගෙන්න කලින් මේ චිත්‍රපටය බලන්න කියල මම ආරධනා කරනවා. මේ කියන්න යන්නේ සත්‍ය කතාවක් මිසක් කවුරුවත් හිතල ගොතපු කතාවක් නෙමෙයි. ටාන්යා හාඩින්ග් කියන නම ඔලිම්පික් තරඟ ගැන උනන්දු කෙනෙක් නම් අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මේ චරිතය ලොව …

Read More »

Daddy (2017) Sinhala Subtitles | පාතාලෙ තාත්තා [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාලුවනේ මගෙ සිව් වන උපසිරසිය විදියට හින්දි චිත්‍රපටයක් ඔයාලට අරගෙන ආවා. ඩැඩී ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයෙන් කාලෙකට පස්සෙ සුපිරි නළු අර්ජුන් රාම්පාල් නැවතත් තිරය මතට ඇවිත් ඉන්නවා . මේකෙදි එයා සහය රචකයෙක් හා නිෂ්පාදක වරයෙක් විදියට කටයුතු කරලා තියනවා . අවංකවම කියනවනම් මේ කතාව ගොඩක් ලස්සනයි . …

Read More »

The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී …

Read More »

Mark Felt: The Man Who Brought Down the White House (2017) sinhala subtitles | ධවල මන්දිරය දණ ගැස්වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

වෝටර්ගේට් සිදුවීම කියලා කියන්නේ ඇමෙරිකානු ඉතිහාසය තුළ කළු පැල්ලමකින් සටහන් වී ගිය සිදුවීමක්.වෝටර්ගේට් සිදුවීමට පාදක වෙන්නේ 1972 ජූනි මස 17වෙනි උදෑසන වෝටර්ගේට් හෝටල් සංකීර්ණයේ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කමිටු(ඩිමොක්‍රටික් පක්ෂ) මුලස්ථානයට පංච පුද්ගල පිරිසක් කඩා වැදී ඔත්තු බලමින් සිටියදී හසුවීමත් සමගින්ය. එම සිදුවීම තීරණාත්මක දේශපාලන ව්‍යවර්තනයකට පවා තුඩු දෙන්නේ එම පුද්ගලයින් …

Read More »

Sachin (2017) Sinhala Subtitles | සචින්: රටක සිහිනය… [සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2018 නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා!!! ඉන්දියාවේ සුපිරි වීරයා, ලිට්ල් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර් යන නම් වලින් හඳුන්වන සචින් ටෙන්ඩුල්කර්ගේ ක්‍රිකට් ජීරිතය ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක් තමයි ඔන්න මේ අවුරුද්දෙ මුලින්ම මම දෙන්න යන්නෙ. 1973 වසරෙ අප්‍රේල් 24 වෙනිදා බොම්බායේ සාමාන්‍ය මධ්‍යම පාන්තික …

Read More »

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන …

Read More »

The Elephant Man (1980) Sinhala Subtitles | අලි මිනිසා (මම සතෙක් නෙවෙයි, මමත් මනුස්සයෙක්) [සිංහල උපසිරසි සමඟ]

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය …

Read More »

Thong Dee Fun Khao (2017) Sinhala Subtitles | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ්ඨ ඝනයේ සටන්කරුවන් රාශියක් …

Read More »

The New World (2005) Sinhala Subtitles | ජෝන් ස්මිත් සොයා ගිය අලුත් ලෝකය [සිංහල උපසිරැසි සමග]

කැප්ටන් ජෝන් ස්මිත් කියන්නේ 16 වෙනි හා 17 වෙනි සියවස් වලදී එංගලන්තයේ ජීවත් වුනු ගවේෂකයෙක්. සොල්දාදුවෙක්. යටත් විජිත පානය කල ආණ්ඩුකාරවරයෙක්. අද ඇමෙරිකාවේ පිහිටා තියෙන වර්ජිනියා ප්‍රාන්තයට අයත් ජේම්ස් ටවුන් (Jamestown) කියන ජනපදය හොයාගැනීමට මූලික වුනු පුද්ගලයා හැටියට සැලකෙන්නේ මොහුයි. ජේම්ස්ටවුන් තමයි උතුරු ඇමෙරිකාවේ පලවෙනි ස්ථිර ජනාවාසය වෙන්නේ. 17 වෙනි …

Read More »

Rescue Under Fire (2017) AKA Zona hostil Sinhala Subtitles | යුධ ගිණි දැල් මැදින් සිදුකෙරුණු මුදවාගැනීමේ මෙහෙයුම..! [සිංහල උපසිරසි සමඟ]

”යුද්ධය” කියන වචනය ඇහුවමත් අපේ හිත්වල ඇතිවෙන්නෙ බයක්, වේදනාවක් වගෙම පිළිකුලක්. 1983 වසරේ සිට 2009 වසර දක්වා පුරා වසර 27කට ආසන්න කාලයක් තිස්සේ අපේ රටත් සිවිල් යුද්ධයකින් පීඩා විඳපු රටක්. වාසනාවකට වගේ අද වෙද්දි අපේ රටේ යුධ වාතාවරණයක් ඇත්තෙ නැහැ. ඒත් ජාතිවාදය, ආගම්වාදය වැනි මතවාද මූලික කරගෙන වෙනත් රටවල් ගණනාවකම …

Read More »

Midnight Express (1978) Sinhala Subtitles |රෑ කෝච්චිය [සිංහල උපසිරැසි සමඟ]

අයියෝ මේක පරණ එකක්නේ එහෙම හිතුන අයට මම කියන්නේ ෆිල්ම් එක බැලුවොත් නම් පරණ උනත් මරු කියල අනිවාර්යෙන්ම කියයි.අලුත් ෆිල්ම් අලුත් ෆිල්ම් කියල හොය හොයා බැලුවට ඒ ඔක්කොම හොඳ නෑ කියල ඔයාල අත්දැකීමෙන්ම දන්නවනේ.එහෙම කීවේ අලුත් ෆිල්ම් වලට බනින්න නෙමේ.තවත් පරණ ගොඩක් හොඳ ෆිල්ම් ඉතුරු වෙලා තියෙනවා කියන්න,මතක ඇතිනේ The …

Read More »

Njandukalude Naattil Oridavela (2017) Sinhala Subtitles | කකුළුවන්ගේ දේශයේ නිවාඩුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

කුරියන් චාකෝ කියන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීම මත ලන්ඩන් වල ඉඳලා කේරලයට එන තරුණයෙක්.අම්මා දුරකතනයෙන් කතා කරලා එක පාරටම ඔහුට ගෙදර එන්න කියනවා.ඒත් ඒ මොනවටද කියලා කියන්නේ නෑ .මේ ගැන කුතුහලයෙන් ඉන්න කුරියන්ට ගුවන් යානය ඇතුලෙදි එයාගේ යාළුවෙකුගෙන් ඉඟියක් ලැබෙනවා.යාළුවගේ මතය වෙන්නේ ඒ විදියට අම්මා කතා කරේ කුරියන්ගේ විවාහය ඉක්මනට කරලා …

Read More »

Theeran Adhigaaram Ondru (2017) Sinhala Subtitles | දාම මංකොල්ලය හඹා යාම [සිංහල උපසිරැසි සමඟ]

  දිනය:- 1995.06.07 ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක් රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින් ගලවා ගනියි.තම මිත්තණිය ගැන බැලීමට …

Read More »

The Battleship Island (2017) Sinhala Subtitles | අමානුෂිකත්වය පිරි කුරිරු දූපතෙන් පැන යාමේ වෙහෙසකර සටන [සිංහල උපසිරැසි සමඟ]

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ …

Read More »

Dunkirk (2017) with Sinhala Subtitle | ඩන්කර්ක් ප්‍රාතිහාර්යය හෙවත් ඩයිනමෝ මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය අපට නුපුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේමයි යුද්ධයක් හොඳ අවස්ථාවක්, මිනිසා තුළ සැගවී ඇති කුරිරුකම් හඳුනා ගන්න. අපි හැමකෙනා තුළම එක්තරා මට්ටමක මේ ගති ගුණ සැගවිලා තියනවා නෙව. ඒ වගේමයි යුද්ධය ස්වර්ණමය අවස්ථාවක් මිනිසුන්ගේ නිර්භීත කම දැක බලා ගන්නටත්. තමුන් කිසිදා නොදැක්ක, වචනයක් කතා නොකළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කී දෙනෙක් …

Read More »

Fargo [S03 : E04] sinhala subtitles | ගැලවීයාමේ ගැටලුව![සිංහල උපසිරසි සමඟ]

​ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා වූද, ඉතා උසස් මට්ටමේ චරිතාංග නළු …

Read More »
error: Alert: Content is protected !!