You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / නාට්‍යමය (page 187)

නාට්‍යමය

2012 (2009) with Sinhala Subtitles | තව අවුරුදු 03 යි! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ …

Read More »

Greta (2009) | ජීවතය සමබර ද?

අද මම කට්ටියටම අරගෙන එන්නේ ටිකක් නාට්‍යමය පැත්තට බර බයිස්කොප් එකක්. ඒත් Hilary Duff ට කැමති අපේ පාඨකයො නම් මේක අනිවා බලයි කියල හිතනවා. ඉතා හොඳ විචාරක අදහස් ලැබූ මේ බයිස්කෝප් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. Hilary Duff පණ පොවන Greta කියන කියන කෙල්ල ටිකක් රැඩිකල් සිතුවිලි තියෙන කෙනෙක්. ඇයට සිදුවෙනවා …

Read More »

Jail (2009) | මුහුණ දෙන්න!

අද මම අරගෙන එන්නේ අලුත් හින්දි බයිස්කෝප් එකක්. පාඨකයෝ කිහිප දෙනෙක්ම බයිස්කෝප් සිංහලෙන් තුලින් කාලෙකින් හින්දි චිත්‍රපටියක් දුන්නේ නැහැ කියල මට දොස් කියමින් හිටියේ. කවුරුත් ආසාවෙන් රසවිඳපු Fasion චිත්‍රපටිය අධ්‍යක්ෂණය කල සම්මානලාභී Madhur Bhandarkar ගේ නිර්මාණයක්. එම චිත්‍රපටියේ Janetගේ චරිතයෙන් බොලිවුඩයට පය තැබූ සුරූපී Mugdha Godse සමඟ ප්‍රධාන චරිතයට පණ …

Read More »

The Bad Lieutenant: Port of Call – New Orleans (2009) | මත්ද්‍රව්‍ය හා කාමය..

සුපිරි නළු Nicolas Cage රඟන නවතම චිත්‍රපටියයි මේ. imdb ශ්‍රේණිගත කිරීම් අනුව 7.6/10 ලබා ගෙන ඇති මේ බයිස්කෝප් එක ක්‍රියාදාම වලින් පිරුණු නිර්මාණයක්. 1992 නිපදවූ චිත්‍රපටියක නව නිර්මාණයක් විදියටයි මෙය කරළියට එන්නේ. New Orleans හි වීර්යවන්ත පොලිස් නිළධාරියෙක් ලෙස නම් දැරූ Terence McDonagh කැත්‍රීනා චණ්ඩ මාරුතයේදී සිදු වූ අනතුරකට ලබා දුන් …

Read More »

Serendipity (2001) | වාසනාවන්ත අහම්බය..

මම ඉතාමත් ආසාවෙන් බලපු ප්‍රේම කතාවක්. ටිකක් පරණ වුනාට හරිම ලස්සන නිර්මාණයක්. කතාව වගේම මට මේ කතාව හම්බවුනෙත් අහම්බෙන්. කවුරුත් බලල තියෙන Peal Harbor චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වන Kate Beckinsaleගේ තවත් නිර්මාණ හොයමින් ජන්ජාලෙ රස්තියාදු ගහද්දි තමා මට මේක හම්බවුනේ. එච්චර හොඳ කතාවක් නොවුනත් කමක් නැහැ, සුරූපී Kate රඟන නිසා …

Read More »

Imagine That (2009) | මවන්න!

අද මම අරගෙන එන්නේ අපේ චූටි පාඨකයොන්ට ගැලපෙන බයිස්කෝප් එකක්. දරු මල්ලො ඉන්න, පොඩි නංගිලා මල්ලිලා ඉන්න අයියලා අක්කලා අනිවා බාන්න. Dr. Dolittle, Nutty Professor චිත්‍රපටි වලින් අපි අතරට ආපු Eddie Murphy තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඉතින් පවුලේ සැමට හිනා වෙන්න පුලුවන් ජෝක්ස් එමටයි. ඔහු පණ පොවන්නේ තම …

Read More »

Drumline (2002) | මමයි වැඩකාරයා..

අද මම කට්ටියට අරගෙන එන්නේ මම පොඩි කාලෙ කට ඇරගෙන බලපු බයිස්කෝප් එකක්. තාමත් මම මේකෙ හොඳම කොටස් නැවත නැවතත් නරඹනවා. මහා ලොකු බරක් කතාවට නොතිබ්බට ඕනෙම කෙනෙක් මේ කතාව රසවිඳියි කියල හිතනවා. විශේෂයෙන්ම පාසැල් තූර්ය වාදක කණ්ඩායම සමඟ කිට්ටු සම්බන්ධකමක් තිබුනනම්, මේ බයිස්කෝප් එක ඔහුගේ/ඇයගේ බයිස්කෝප් එකතුවේ උඩටම ඒවි. …

Read More »

Shanghai Kiss (2007) | ආදරනීය හාදුවක වටිනාකම..

ඔන්න කස්ටියට ටිකක් පරන නමුත් ටිකක් අමුතු ආදර කතාවක් සහිත චිත්තරපටියක් දෙන්න හිතුව. කට්ටියට මතක ඇතිනෙ I Love You, Beth Cooper බයිස්කෝප් එකේ හිටපු Hayden Panettiere සුරූපිනියව. අන්න එයා තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නෙ. මුලින්ම මම කතාව ටිකක් අමුතුයි කියල කියුවනෙ. මෙන්න මේකයි එහෙනම් කතාව. Liam Liu කියන්නෙ චීන දෙමවුපියන්ට …

Read More »

Body of Lies (2008) with Sinhala Subtitles | කිසිවෙකු විශ්වාස නොකරන්න. සැවොම මුලා කරවන්න.. [සිංහල උපසිරැසි සහිතව]

IMDB වර්ගීකරණයේ 7.2/10 ලබා තිබෙන ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ වැනි සම්මාන ලාබී නළුවන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ සුප්‍රකට CIA සංවිධානයේ අතිශය කූප්‍රකට වැඩ සම්බන්ධව ගෙතුණු නවකතාවක් පදනම් ව නිෂ්පාදනය වුනු ක්‍රියාදාම චිත්‍රපටියකයට මේ පාර උපසිරැසි දාන්න හිතුවා. ඇත්තම කියනවනම් මේක හවුල් උපසිරැසි ගැන්වීමක්. චිත්‍රපටය තෝරාගැනීමේ සිට මෙයට මාව උනන්දු කිරීම, …

Read More »

(500) Days of Summer (2009) | සෘතුමය ආලය..

අද මම අරගෙන එන්නේ, ආදර කතාවක් නම් නෙවෙයි. ආදරය ගැන කතාවක්. අනර්ඝ නිර්මණයක්. imdb හි 8.2/10 ලබාගෙන ඉතා කෙටි කලකින් ලොව හොඳම චිත්‍රපටි අතර 220 වැනි තැන ලබා ගෙන තියෙනවා. ඒ කතාව ගලාගෙන යන විදිය නිසා බවයි මටනම් හිතෙන්නේ. කතාවේ අගින් පටන් ගෙන, විවිධ තැන් වල සිදුවූ දේවල් තමා පෙන්නන්නේ. …

Read More »

Untraceable (2008) with Sinhala Subtitles | ජංජාලේ ජරමර… [සිංහල උපසිරැසි සහිතව]

ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම සිංහල වචන …

Read More »

Funny People (2009) | හාස්‍යය සහ ජීවිතය..

කවුරුත් දන්න කියල නළු නිළියෝ පිරිසක් රඟන, අපේ කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. බිම පෙරලි පෙරලි හිනා වෙන්න පුලුවන් චිත්‍රපටි නිර්මාණය කරන Adam Sandler තමා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. ඒ වගේම සිනහ ලොවේ අල ගිය මුල ගිය තැන් වල ඉන්න Seth Rogen මෙහි ඉන්නවා. කතාව …

Read More »

A Perfect Getaway (2009) | ක්‍රීඩාව ආරම්භ කරමු…

මම මෙම ලිපිය ලියන්නේ මාගේ මිත්‍රයෙක් වෙනුවෙන් (විශේෂයෙන්ම) , ඔහු මගෙන් දිනක් මෙම චිත්‍රපටිය සදහා හොද පිටපතක් ඉල්ලා සිටියද මා ළඟ හොද පිටපතක් නොතිබීම හා හොද පිටපතක් මා සතු වූ විට නැවත ඔහුව මුණ නොගැසීම නිසාත් මම මෙය මෙහි ලිවීමට අදහස් කළෙමි. (මෙම ලිපිය ඔහුගේ ඇස් ගැටේවා… 😉 ) හොදයි …

Read More »

The Pianist (2002) with Sinhala Subtitles | සැමටම ජීවත් වීමේ අයිතිය ඇත.. [සිංහල උපසිරැසි සමගින්]

2003 ඔස්කාර් සම්මාන උළෙලේදි හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සහ හොඳම තිර රචනය යන සම්මානද ඇතුළුව තවත් සම්මාන 45 ක් දිනා ලොව හොඳම චිත්‍රපටි අතර 58 ස්ථානයේ වැජඹේමින් IMDB ප්‍රේක්ෂක ප්‍රතිචාර 114,688 ලබා වර්ගීකරණය අනුව 8.5/10 ලබා තිබෙන සම්මානනීය හා අතිශය සංවේදී සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක නැරඹන්න කවුරු අකමැති වෙයිද? …

Read More »

Notorious (2009) | ඇත්තටම මොකද වුනේ?

ඒ කාලෙ ඉඳලා මම රැප් සංගීතයට ප්‍රිය කලා. ඕන් දැන් කියන්න එපා, ගෝලයා ලොකු ලයින්, කිසිම රසඥතාවක් නැති මිනිහෙක් කියල. ඒකත් කලාවක්, බොහෝ වෙලාවට වෙන්නේ, ඒක වැරදියට තෙරුම් ගැනීමයි. ඔන්න මම කියනවට රැප් සංගීතය දිරවපු නැති හැමෝම මේක බලන්නකෝ. අවසානයේදී ප්‍රසිද්ධ රැප් සංගීතය හා නියම රැප් සංගීතය අතර තියෙන ලොකු …

Read More »

The Hurt Locker (2008) With Sinhala Subtitles | වීරයෙක් නොවේ.. [සිංහල උපසිරැසි සමඟින්]

අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්… සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි. මේ අපගේ පළමු …

Read More »

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න පුළුවන්, භයානක අතුරුඵල (රැට හීනෙන් බය …

Read More »

Flash of Genius (2008) | බුද්ධිමතෙකුගේ අතීතාවර්ජනය!

මේ කියන්න යන්නෙ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටයක් ගැන..ඇත්තටම යම් අරමුණක් කරා යන්න මිනිසෙක් කොතරම් දේවල් නැති කරගන්නවද කියල හිතෙනව මේ ෆිල්ම් එක බැලුවම.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා බුද්ධිමත් ආචාර්ය වරයෙක් ඉන්නව විශ්ව විද්‍යාලයක උගන්නන..දවසක් පවුලේ අයත් එක්ක වාහනයක ගමනක් යනකොට ඔහුට එනව අමුතු සිතිවිල්ලක්..ඒ තමයි වාහනයේ වයිපරය ඇසේ චලනයන්ට ගැලපෙන …

Read More »

Moulin Rouge (2001) | ආදරයක පැටලෙන්න එපා!

ඡිවිතයේන් ඉගෙන ගන්නා වටිනාම දෙය ආදරය කිරිම සහ නැවත ආදරය ඒ පුද්ගලයාගෙන් ආදරය ලැබිම. Moulin Rouge යනු රාත්‍රි සමාඡශාලාවක්, හැරල්ඩ් සෙඩ්ලර් ය‍ටතේ පාලනය වෙන, රාත්‍රියේ රාඡධානිය, සුරූපීනියන් මිලයට ගැනීම‍ට ධනවතුන් එන.. නමුත් මෙයිනුත් විශේෂ, ලස්සන, හැම කෙනෙක්වම වශීකරවන හැම කෙනෙක්ම ආදරය කරන සුරුපීනිය සටෙයින් (Satine) ‍නොහොත් දීප්තිමත් දියමන්තිය (sparkling diamond) …

Read More »

Freedom Writers (2007) | අපේ කතාව,අපේ වචන!

මේ දවස් වල දිගටම විද්‍යා ප්‍රබන්ධ නැරඹුව ඔයාලට වෙනස්ම ෆිල්ම් එකක් අරගෙන ආව..ඒ තමයි Freedom Writers .. 23 හැවරිදි එරින් ග්රුවෙල් (Erin Gruwell) විල්සන් විදුහලේ පලමු දවසේදි ඇයගේ පංතියේ විශේෂ වෙනසක් දකිනවා. ඇගේ පංතියේ විවිධ ඡාතින් වල, ඡිවිතයේ දුක්ගැහැට වලට මුහුණ දෙන, ඉගෙන ගැනිමට උනන්දුවක් නොදක්වන සිසුන් පිරිසක් තමා ඉන්නේ. …

Read More »
error: Alert: Content is protected !!