You dont have javascript enabled! Please enable it!
Sunday , July 5 2020
Breaking News

පවුලේ සැමට

Baaram (2018) Sinhala Subtitles | සාහසික තලෛකූතල් ඝාතන! [සිංහල උපසිරැසි සමග]

අපිව පොඩිකාලේ ඉඳන් අම්මලා තාත්තලා අපිව ‘කිසි අඩුපාඩුවක් නොකර’ බලා ගන්නවා. අපිට ඒ කැප කිරීම කරන්න පුළුවන් ද? අපි ණයකාරයෝ. දෙමව්පියෝ අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් මහලු කාලෙක අඩුවක් නොකර බලාගනීවි කියලයි. අනාගතයෙදි තමන්ගෙ දරුවා තමන්ට සලකන්නෙ නැහැ කියලා අම්මා තාත්තාට දැනගන්න පුළුවන් නම්, ඒ දරුවා මැරුවත් සාධාරණයි. ඒත් දෙමව්පියෝ ඒ වහ …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක …

Read More »

Piglets Big Movie (2003) Sinhala Subtitle | මේ පිග්ලට්ගේ කතන්දරයයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් දිගු විරාමයකින් පස්සේ තමයි මම ඔයාලාව මුණගැහෙන්න ආවේ. ඉතින් මේ තමයි පිග්ලට්ගේ කතන්දරය… පිග්ලට් කියන්නේ අපේ විනී ද පූ කතා පෙලේ ඉන්න පුංචිම හාදයා. ඉතින් සමහර වෙලාවට එයා කරන වැඩ කාගෙවත් ඇහැ ගැටෙන්නේ නෑ. එයාගේ උත්සහය, මහන්සිය කිසිම කෙනෙක්ට පේන්නේ නෑ. කාටවත් පිග්ලට්ගේ නියම වටිනාකම ‍දැනෙන්නේ නෑ පිග්ලට් …

Read More »

Ganwaar (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. සිනමාපටයේ කතාව මෙසේ ආරම්භ වේ. “ඕපල්” ගොවි බිම් හිමි ධනවත් පවුලක එකම පුත්‍රයා ය. ඔහු එංගලන්තයේ ඉගෙනුම ලබා තම රටට පැමිණෙයි. ඔහුගේ මව කාලයකට පෙර මියගිය නිසා පියා වෙනත් විවාහයක් කරගෙන …

Read More »

Storm Boy (2019) Sinhala Subtitles | ඔබෙන් සමුගනිමි [සිංහල උපසිරසි සමඟ]

“Sometimes I think it’s best, not to have anyone to care about. That way you won’t get hurt.” “සමහරවෙලාවට මට හිතෙනවා, තමන්ට පරිස්සම් කරන්න කෙනෙක් නැති එක තමයි හොඳම දේ. මොකද එතකොට ඔබට විඳින්නවෙන දුක අඩුයි…” – Storm Boy [ 2019 ] – ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් මගේ 6 …

Read More »

Bamfaad (2020) Sinhala Subtitles | මමයි නුඹේ ප්‍රේමවන්තයා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. හින්දි සිනමාවට අලුත් නලුවෙක් එක්ක රංජන් චන්ඩේල් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. මේකේ නිළිය අපිට කලින් තෙලුගු චිත්‍රපටයකින් දැකගන්න පුළුවන්. ඒ බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු Arjun Reddi චිත්‍රපටයෙන්. එම චිත්‍රපටයෙන් තම සිනමා රංගනය පටන් ගන්න ඇය තවත් දමිළ, තෙලුගු හා හින්දි …

Read More »

Shylock (2020) Sinhala Subtitles | මිතුරා වෙනුවෙන්![සිංහල උපසිරැසි සමඟ]

හැම මනුස්සයගේම ජීවිතයේ මිත්‍රයෙක් ඉන්නවා. අපේ හැම රහසක්ම දන්න, අපි හැම මොහාතක්ම බෙදාගන්න,ජීවිතයේ සැප-දුක කොයි මොහොතේ වුණත් මිත්‍රත්වය අත නොහරින මනුස්සයෙක් ඉන්නවා. ඉස්කෝලේ කාලෙදි යාලුවෙක් වලියක් දාගෙන කියලා ආරංචි වුණොත්හේතුවක් නැතිවම අපි ගිහින් ගහනවා.හේතුවක් තිබුණත් නැතත් අපි ඒ මිත්‍රත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ShyLock කියන්නෙත් ඒ වගේ මිත්‍රයෙක්ගේ කතාවක්!තමන්ගේ ජීවිතයේ ළඟින්ම …

Read More »

Kumki (2012) with Sinhala Subtitles | ආත්මාර්ථකාමීත්වය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරි ටැමිල් ෆිලුමකට උපසිරසියක් ගෙනාවා. මේක මගේ නවවන උපසිරසිය. මේ චිත්‍රපටයට ගැලපෙන ඉංග්‍රීසි උපසිරසියක් නොතිබුණු නිසා, උපසිරසියක් අලුතෙන් හදාගෙන අසා ලිවීමක් කලේ. අසා ලිවීමක් නිසා යම් යම් අඩුපාඩු ඇති. මේ චිත්‍රපටය තිරගත කලේ 2012 දෙසැම්බර් 14 . ටිකක් පරණ චිත්‍රපටයක් නිසා නොබලා ඉන්න එපා. මේක ටිකක් වෙනස් චිත්‍රපටයක්. …

Read More »

Choosi Choodangaane (2020) Sinhala Subtitles | දැක්කත් නොදැක්කා වාගේ…! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්නෙ. ඉතින් ඔය ඉන්න අතරෙ පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සදහන් …

Read More »

Contessa (2018) Sinhala Subtitles | පණ මෙන් ඇති ලෝකය රැකගන්න ආරක්ෂකයා වන්න! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ එක පාරක් හරි… පොලීසියට එන්න වෙලා.. දවසක් හරි හිරේ හිටියොත්.. ඊට පස්සේ ජීවිතේ කලින් තිබ්බා වගේ.. තියෙන්නේ නෑ.. ඔයා ආවට පස්සේ… ඔයා කලින් හිටිය පුද්ගලයත් නෙමෙයි… මාගේ 52 වන උපසිරසි ගැන්වීම විදිහට අදත් ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් අඩවියට ගොඩවදින්නේ තවත් ලස්සන මලයාලම් ෆිලුමක උපසිරසිය අරගෙනයි. එහෙනම් වෙනද වගේම ෆිලුමට උපසිරසි …

Read More »

Angrezi Medium (2020) Sinhala Subtitles | තාත්තගෙයි දූගෙයි ලන්ඩන් පලහිලව්ව! [සිංහල උපසිරැසි සමග]

මතකද Hindi Medium කියන චිත්‍රපටිය. අර 2017දි සද්දයක් නැතුවම ඇවිල්ලා කවුරුත් නොහිතපු විදිහට සුපර් හිට් එකක් වෙච්ච චිත්‍රපටිය. අමතක වෙන්න විදිහක් නෑ, ලංකාවේ අපි අතරත් මේ චිත්‍රපටිය නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. ඉර්ෆාන් ඛාන්ගේ අසමසම රංගනයෙන් හැඩවෙච්ච හිනා කකා බලන ගමන් හිතත් සංවේදී කරවන මේ චිත්‍රපටිය ඔයා තාමත් බලලා නැත්තම් මේ …

Read More »

Charming (2018) Sinhala Subtitles | ආකර්ෂණීය කුමාරයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම! මුළු ලෝකයේ ම පැතිරෙන කොරෝනා වසංගතයෙන් පීඩා විඳින හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා. අපේ රටටත් එයින් බලපෑමක් ඇති වුන නිසා මුළු රටටම වරින් වර ඇඳිරි නීතිය පනවන්න රජයට සිද්ද වුණා. හැමෝම ඉන් ආරක්ෂා වේවායි කියා ප්‍රාර්ථනා කරන ගමන් ගෙවල් වලට වෙලා ඉන්න …

Read More »

Sinnga (2019) Sinhala Subtitles | නොනිමි සෙනෙහසයි, අම්මා. [සිංහල උපසිරසි] 50*

නිමේෂ් මධුශංක අයිය. මෙයා තමා මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යොමු කරන්න හේතු වුන කෙනා. කොටින්ම කිව්වොත් ෆීල්ම් වලින් මාව පිස්සෙක් කරපු කෙනා. බයිස්කෝප් අඩවිය 2009 මුලින්ම ආරම්භ කරන්න පෙර මෙන්න මේ කියපු කෙනා ෆීල්ම් එකක් ගෙනත් දෙනවා ඔන්න ඔය ඉන්න එකේ මේ ෆීල්ම් එක බලපන් කියලා. ඊට පස්සේ මනුස්සයාව හොය …

Read More »

Where Is the Friend’s House? (1987) Sinhala Subtitles | හරි ලස්සන පුංචි හිත්! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “DANGER CLOSE (2019) මරු පෙනෙන මානයේ!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ  වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලොව පුරා විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් …

Read More »

A Hidden Life (2019) Sinhala Subtitles | හෘදසාක්‍ෂියේ අඩහැරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මං ආයෙම ආවා තවත් සිනමාපටයක් අරගෙන. A HIDDEN LIFE නම් වූ මෙම චිත්‍රපටය 2019 වර්ෂයේ විකාශය වෙච්ච DRAMA/ HISTORY යන වර්ගීකරණයන්ට අයත් වෙන සිනමාපටයක්. එසේම මේ වන විට මෙය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ROTTEN TOMATOES හෙවත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. එසේම සැබෑ …

Read More »

Five Feet Apart (2019) Sinhala Subtitles | අඩි පහක දුරින් හිද… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න 2019 වසරට නිකුත් වෙච්ච තවත් සිනමාපටයක් අරගෙන ආවා. මේක මම බාර අරගෙන හිටිය එකක් නම් නෙවෙයි. ඒත් ඉතිං මේකට සබ් කරන්න තිබුණු ආසාව නිසාම මම මේක බාරගත්තා. මේක ප්‍රේමාන්විත චිත්‍රපටයක් වුනත් ලිපියෙ පටන් ගැන්ම වෙනස් නේද? මොකද ඔයාලට හිතෙනවා ඇති වැදගත් ආදරණිය චිතරපටයක් නම් ඇයි ආදාරේ ගැන ලොකු …

Read More »

Vajra Kavachadhara Govinda (2019) Sinhala Subtitles | ගම වෙනුවෙන් කැපවූ තරුණයෙක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මගේ තනතුර වෙනුවෙන් ඔයාගේ පසසේ කැරකුනා,  මාව දිනෙව්වා ඊට පස්සේ, දියමන්තිය වෙනුවෙන් ඔයාට උදව් කරනවා වගේ රගපෑවා,  මාව විශ්වාස කරා අද, මගේ කෙහෙල්මල් තත්වෙ නිසා මෙතනට ආවා, උගුලකට හිර වුනා ඔයා මාව බේරගත්තා මිනිස්සුන්ට උදව් කරොත්, හොද කෙනෙක් කියලා කියනවා ඒත්, කරදර කරපු අයටත් උදව් කරොත් ගෝවින්ද් කියලා කියනවා …

Read More »

Hit (2020) Sinhala Subtitles | පළමුවැනි අපරාධ පරික්ෂණය [සිංහල උපසිරැසි]

සියලුදෙනාම නිවෙස්වලම සිටින මේවගේ අවස්ථාවක විදේශිය සිනමාපටයක් රසවිඳින්නට තිබෙනව නම් ඉතා අගනා දෙයක්.! දකුණු ඉන්දීය සිනමා රසිකයින්ට මෙය ඉතාමත් වටිනා සිනමා පටයක් වනු නිසැකයි.! වැඩිදුරටත් රජය සහ සෞඛ්‍ය සේවා අංශයන් විසින් ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් මේ වසංගත තත්වයෙන් අපේ රට මුදවා ගන්න රජයට සහ අනිකුත් ආරක්ෂක අංශ ඇතුලුව සියලුම දෙනාට …

Read More »

Disco Raja (2020) Sinhala Subtitles | සැගවුණු සතුරා![සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ තිරගත උන සුපිරි තෙලඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන අද පැමිණියේ සහෝදර උපිසරැසිකරුවකු මෙන්ම මාගේ පෞද්ගලික ජීවිතයේද හොඳම මිතුරකු මෙන්ම සොහොයුරකුද වෙන දසන් බුද්ධික මල්ලි සමඟින්! ඉතින් චිත්‍රපටය ගැන විස්තර කරන්නට කලින් කියන්නම ඕන දෙයක් නම් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන නළුවා දිහා බලලා නම් චිත්‍රපටයේ ගුණාත්මක භාවය …

Read More »
error: Alert: Content is protected !!