You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / වික්‍රමාන්විත (page 2)

වික්‍රමාන්විත

Descendants 3 (2019) Sinhala Subtitles | වංශවතුන්ගේ යුක්තියේ නිදහස… [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාලුවනේ මම පලවෙනි වතාවට මේ සබ් එකක් හදල බයිස්කෝප් එකට දැම්මේ. පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය කළා අඩුපාඩු අඩු කරන්න.එ හෙනම් ඔයාල මගේ සබ් එක හොද නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ add කරන්න… ඒවගේමයි අඩු පාඩු තියනවනම් ඒවත් දාන්න. මේ කතාවේ තියෙන්නේ විලන්ලා 4 දෙනෙක් …

Read More »

Missing Link (2019) Sinhala Subtitle | අරුම පුදුම සැසක්වාච් [සිංහල උපසිරැසි සමඟ]

දිනිඳු සම්පත් සොයුරා එවූ ලිපිය ඉතිං යාළුවනේ, කාලෙකට පස්සෙ තවත් ලස්සන ඇනිමේෂන් සළරුවකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb අගය 6.8/10 ක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටිය කුණු තක්කාලි වල 89%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. මෙහි හඬ කැවීමේ ශිල්පීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ Hugh Jackman, Zoe Saldana , …

Read More »

African Cats (2011) Sinhala Subtitles | අප්‍රිකානු හදබිමේ උපන් මව් සෙනෙහසක කතාන්දරය.. [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ කොයි ඉමේ සිටියත්, මවකගේ සෙනෙහස මෙතැකැයි කියා නිම කරන්න බැහැ.  මනුෂ්‍ය ලෝකයේ මව්වරුන්ට නොදෙවෙනි මව්වරු තිරිසන් සතුන් අතරේත් සිටිනා බව මේ වාර්තාමය චිත්‍රපටය නැරඹුවොත් ඔබට වැටහේවි.  සැවානා බිමේ අතිශය බිහිසුනු ලෙසින් සතුන් දඩයම් කරමින් ජීවත් වනවාට අමතර ව ලයිලාගේ සහ සිටාගේ තිබූ සමානකම ඔවුන් දෙදෙනාම මව්වරු වීමයි. ඒ දාරක …

Read More »

Astro Kid (2019) AKA Terra Willy: Planète inconnue Sinhala Subtitles | විශ්වයෙන් එහා ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ අද ඔන්න ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහේ වගේම අලුත්ම ඇනිමේෂන් කතාවක්. ඉතින් මේ ෆිල්ම් එක අන්තර්ජාලයට මුදා හැරුනේ පසුගිය 27 වෙනිදා. ඉතින් අද 29. ඉතින් මම සතුටු වෙනවා ෆිල්ම් එක ඇවිත් දවස් දෙකකින් සබ් එක දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක අපිට හුරු පුරුදු රටකින් …

Read More »

Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම …

Read More »

The SpongeBob SquarePants Movie (2004) Sinhala Subtitles | පොඩි උන්ට පොඩි උන් කියන්නේ බලාගෙනයි” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම.හුග කාලයකට පස්සේ ෆිලුමක් අරන් එන්න ලැබුණා.. මොකද උසස් පෙළ විභාගය ඉවර වුණු නිසා. ඉතින් පරණ ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ගොඩාක් අය මේක බලල ඇති, මන් හිතන්නේ. මේ ෆිල්ම් එකේ imdb රේටින්ග් ලබිල තියනව 7ක් විදියට. ඒක ඇත්තටම ලොකු අගයක් මේ වගේ ෆිල්ම් එකකට. ලස්සන ඇනිමේෂන් ෆිල්ම් …

Read More »

Sheep and Wolves: Pig Deal (2019) AKA Volki i ovtsy. Khod sviney Sinhala Subtitles | ඌරු ජරමරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මම අද අරගෙන ආවේ ඔයාලා ගොඩක් කැමති, වගේම ගොඩක් දවසක් ඉඳන් බලාගෙන හිටිපු සුපිරිම ෆිල්ම් එකක සබ. ඉතින් මාත් ගොඩ කාලෙක ඉඳන් මේකේ හොඳ කොපියක් හොයා හොයා හිටියේ. ඒත් තාමත් මේ ෆිල්ම් එක සම්පුර්ණයෙන්ම අන්තර්ජාලයට ඇවිත් නෑ. මේ ෆිල්ම් එකේ සබ් හදන්න මම ඉංග්‍රීසි සබ් එක පිරගෙන …

Read More »

Mia and the White Lion (2018) AKA Mia et le lion blanc Sinhala Subtitle | මියා සහ සුදු සිංහයා [සිංහල උපසිරැසි සමඟ]

තවත් ලස්සන චිත්‍රපටයක් තමයි මේ ඔබ හමුවට ගෙන එන්නට සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම කෙටි විස්තරයක් කියන්නම් කතාවේ දකින්න යන සුදු සිංහයා ගැන. සුදු සිංහයා යනු කවරෙක්ද? සාමාන්‍ය සිංහයෙකුව ඔබ අනිවාරෙන් දැක ඇති. ශ්‍රී ලංකාවේ සත්ව උද්‍යානයට ගියානම් ඔබට සිංහයින් සියැසින් දැක බලාගන්නට අවස්ථාව තියෙනවා. සාමාන්‍ය සිංහයෙක් ලා දුඹුරු පැහැයක් හෝ …

Read More »

The Secret Life of Pets 2 (2019) Sinhala Subtitle | පවුල සහ මිතුරුකම [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න ඉතින් මේ තමයි මගේ උපසිරැසි ජීවිතයේ පළමු කඩයිම. 50වෙනි උපසිරැසිය. ඒ නිසා මට පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. හදිසි අය ඉන්නවනම් පහළින් උපසිරැසිය බාගත කරගෙන යන්න පුලුවන්… මම අපේ මේ සොඳුරු බයිස්කෝප් විබ් පල ගැන දැනගත්තේ කොහොමද කියලා මුලින්ම කියලා ඉන්නම්… 2012 වසරෙදී මම සිංහල උපසිරැසි සහිත චිත්‍රපටයක DVD …

Read More »

Azaad (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ මව සහ පියා නොමැති “ශෝභා” නමැති තරුණිය පොහොසත් පවුලක තම නැන්දනිය සහ මාමණ්ඩිය යටතේ හැදී වැඩේ. ඇය කුඩා කාලයේ දීම මෙම නැන්දනියගේ පුත්‍රයා වන “කුමාර්” ට අනාගතයේදී …

Read More »

Men in Black: International (2019) Sinhala Subtitles | ලෝකය බේරාගැනීමෙ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] 200*

කොහොමද බයිස්කොප් රසික රසිකාවියන්ට? ඔන්න ගොඩ දෙනෙක් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි ඔන්න අරගෙන ආවේ. ඒ තමයි MIB චිත්‍රපටය මලාවේ 4 වෙනි චිත්‍රපටය. ඒ වගේම තමයි අද මටත් විශේෂ උපසිරැසයක් වෙනවා. මොකද මේක තමයි මගේ උපසිරැස ජීවිතයෙ හතරවෙනි කඩයිම. හරියටම මීට අවුරුදු තුනකට කලින් තමයි මේ බයිස්කෝප් පවුලට එකතු වුණෙ. ඒ …

Read More »

UglyDolls (2019) Sinhala Subtitles | අපි තමයි කැතම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මාව අමතක නැතුව ඇති කියලා හිතනවා.මතක නැත්තන් මතක් කරගමු මං තමයි ඩෙවිල්මෑන් ඇනිමේ එකට සබ් ගෙනාවේ.ඉතිං මං මේ දැන් ගෙනාවේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරිම අනිමේශන් ෆිල්ම් එකක් ඒතමයි Uglydolls ඉතිං මං කිව්වත් වගේ මේක සුපිරිම ෆිල්ම් එකක් බඩ පැලෙන්න හිනාවෙන්න කැමති අය මේක බැලුවටනම් කිසිම වරදක් නෑ. …

Read More »

Godzilla: King of the Monsters (2019) with Sinhala Subtitles | රජුන්ගෙත් රජු [සිංහල උපසිරැසි සමඟ] 200*

2014 සැප්තැම්බර් මාසයෙන් මේ අපූරු බයිස්කෝප් පවුල සමඟ එකතුවෙලා පටන් ගත්තු ඒ ගමනට දැන් අවුරුදු පහකට වගේ කිට්ටුයි. ඇහින් දැක්කේ නැති උනාට මුණගැහිලා නැති උනාට බොහොම හිත හොඳ ඕන වෙලාවක සහයෝගය ලබාදෙන සහෝදර සහෝදරියෝ පිරිසක් මාත් එක්ක මේ පවුලේ ඉන්නවා. විනෝදයට වගේ උපසිරැසියක් කරන්න පටන්ගෙන මේ පැමිණි ගමනේදී කඩයිම් තුනක් …

Read More »

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

Norm of the North: King Sized Adventure (2019) Sinhala Subtitle | උතුරේ නෝර්ම් රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ මගේ පලවෙනි සබ් එක කරලා වැඩි දවසක් යන්න කලින් දෙවැනි එකත් ගෙනාව.මට මේ සබ් එක ක‍රන්න හිතුනේ ඔයාලගෙන්ම කෙනෙක් මගේ පළවෙනි සබ් එකට කමෙන්ට් එකක් දාල මේ ෆිල්ම් එකට සබ් එක කරන්න කියල ඉල්ලලා තිබුන නිසා. මේ ෆිල්ම් එකේ නම තමයි Norm Of The North King Sized …

Read More »

One Strange Rock [ S01 : 10 – Home ] Sinhala Subtitles | ගෙදර වගේ තැනක් වෙන කොහේවත් නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… ආයුබෝවන් යාළුවනේ..! “අජටාකාශගාමීන් අට දෙනෙක්, දවස 1000කට අධික කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින්, පහළින් වෙන දේවල් ගැන, ඔවුන් අවබෝධ කරගත්ත විදිය ගැන, අපිට පැහැදිලි කරල දෙනව.” විල් ස්මිත්ගෙ හඬින් මුලින්ම මේ වචන ටික පිටවෙනකොට මම නම් ඇබ්බැහි වෙලා ඉවර වුණා. බැලුවනම් ගොඩක් අයට එහෙම වෙන්න ඇති. හරි, …

Read More »

One Strange Rock [ S01 : 09 – Awakening ] Sinhala Subtitles | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?[සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං …

Read More »

Big Fat Liar (2002) Sinhala Subtitles | පාසල් සිසුවෙකුගේ බුද්ධිමය අදහස් සොරකම් කෙරු අපත චිත්‍රපටි නිෂ්පාදකවරයා [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම. හොඳයි, එහෙනම් ඔන්න පරක්කු නොකර තවත් උපසි‍රැසියක් හැකි පුළුවන් උපරිම ඉක්මනින් බාරගෙන කරලා අරන් ආවා. මගේ 50 වෙනි කඩයිමට සුභ පතලා අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. බලාපොරොත්තු වුන තරම් ප්‍රතිචාරයක් නම් මට ලැබුනේ නෑ 🙁 කමක් නෑ… හුඟක් අය කැමති අලුත්ම ‍ෆිල්ම් වලට. මෙතන තියන ප්‍රශ්නේ එව්වා කරන්න …

Read More »

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

Dumbo (2019) Sinhala Subtitles | විශ්මයජනක අලි පැටියා ඩම්බෝ…!! [සිංහල උපසිරසි සමඟ] *50

ආයූබෝවන්! අනේ මන්දා මොනවා කියන්නද කියලා, කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා. ඔව් මේ මගේ උපසිරැසි දිවියේ පලවෙනි කඩයිම එහෙම නැත්තම් 50 වැනි උපසිරැසිය. 50 නම් මේ වෙනකොට පහුවෙල හමාරයි. ඒත් අපේ සයිට් එකේ සම්ප්‍රදායක්නේ කඩයිම් වලට විශේෂයක් කරන එක. එහෙනම් පොඩි කතාවක් කියන්න යන්නේ මුලින්ම කියන්නම් ඒක කියන්න …

Read More »
error: Alert: Content is protected !!