You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News

ජර්මන්

Madame Bovary (2014) Sinhala Subtitle | නොලැබුන ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ කාලෙකට පස්සේ ආයෙත් ඔන්න ටිකක් සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙසින් පිදුම් ලැබූ 1856 වර්ෂයේදී Gustave Flaubert විසින් ප්‍රංශ බසින් රචිත Madame Bovary නම් කෘතිය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නේ. ඒ මුල් කෘතියේ පිට කවරය සහ කතුවරයා පහත ඡායාරූප වලින් …

Read More »

Van Wilder: Party Liaison (2002) AKA Van Wilder Sinhala Subtitles | කූලිජ් සරසවියේ වයස්ගත උපාධිදාරියා [සිංහල උපසිරසි සමඟ] (18+)

සියලු දෙනාටම සුභ දවසක් වේවා. අද අරගෙන ආපු ෆිල්ම් එකනම් ගොඩක් කට්ටිය මේ වෙනකොටත් බලලා ඇති. බලපු අයනම් දන්නවා ෆිල්ම් එක කොයි වගේද කියලා. කොහොම හරි මේ වගේ සුපිරි ෆිල්ම් එකකට තාමත් සිංහල උපසිරැසියක් නොතිබුන නිසා තමයි තිසර නියෝ සහෝට කියලා උපසිරැසිය වෙන් කරගත්තේ. කොහොමින් කොහොම හරි වැඩේ පටන් ගත්තට …

Read More »

Metropolis (1927) Sinhala Subtitles | බලන් කඩතුරා හැර දෑසේ….. [සිංහල උපසිරසි සමඟ]

” අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ…..? දා ගැබ් මහ වැව් කලා නිකේතන නුඹලා දෑතිනි මිහි මත මැවුනේ ඒ නුඹලාටයි මේ දරුවන්ටයි මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ…..? මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ…..? රජ සැප විඳිනට රජ දරුවන් …

Read More »

Kidnapping Stella (2019) Sinhala Subtitles | ස්ටෙලාව පැහැරගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙ වතාවක් ඔබ හමුවට එන්නෙ තවත් Netflix චිත්‍රපටයක් අරගෙනයි. මේකත් නිකුත් වුණේ මේ මාස 12 වෙනිදා. මේ වනවිට IMDb අගය 5.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. පැයයි විනාඩි විසි නමයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Thriller කාණ්ඩයටයි. රංගනයෙන් දායක වෙන්නෙ Jella Haase, Max von der Groeben, Clemens …

Read More »

The Little Witch (2018) AKA Die kleine Hexe Sinhala Subtitles | බලවත්ම මායාකාරිය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම, අද මම ඔයාලට අරගෙන ආවෙ ජර්මන් ළමා කතාවක්. සුපිරි කතාවක්, මුලින්ම කියන්න ඕනෙ මේක කරන්න පාදක උන හේතුව. පහුගිය දවසක සෙනසුරාදා උදේ මමයි මගෙ නෝනයි TV එකේ ගිය සිංහල හඬකැවූ The Little Witch කියන චිත්‍රපටය බල බලා හිටියෙ. කතාව පැය බාගයක් විතර යද්දි මේ දවස් වල …

Read More »

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර …

Read More »

Talea (2013) Sinhala Subtitles | තම මව් කරා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! අද මම අරගෙන අවේ ජර්මන් චිත්‍රපටියක්. හසන්ත අයියා තමයි සබ් කරන්න අවසර ලබලා දුන්නේ.මම බාපු කොපියට ගැලපෙන සබ් ෆයිල් එකක් අන්තර්ජාලයේ තිබ්බේ නම් නෑ. ඒ හින්දා මටම සිද්ද වුනා ඒකට ගැලපෙන කාල රාමු සකස් කරන්න. මම හිතනවා මම ගොඩක් දුරට සාර්ථක වුනා කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම්, …

Read More »

Errementari: The Blacksmith and the Devil (2017) Sinhala Subtitles | කම්මල්කරුවාගේ ඉරණම ඔහුට යක්ෂයින්ගෙන් තමන්ගේ ආත්මය බේරාගැනීමට හැකි වේවිද? [සිංහල උපසිරසි සමඟ]

තවත් සුපිරි ගණයේ බයිස්කොප් එකකින් ඔයාලව හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ. මේක NETFLIX ගේ වැඩක් , ඔවුන් මේ වෙනකම් නිර්මාණය කරපු, රූපවාහිනි කතා මාලා වගේම චිත්‍රපට ඔයාලා හැමෝම බලලා ඇතිනේ. මට මේ බයිස්කොප් එක ගැන කිව්වෙ, අපේ ඉසුරු සම්පත් මලයා . කොහොම වුනත් මට මේ බයිස්කොප් එක ඔයාලට ලබා දෙන්න ටික …

Read More »

In the Aisles (2018) Aka In den Gängen with Sinhala Subtitles | සාප්පුසංකීර්ණයක් තුළ ඇති වුනු ලස්සන ලෙන්ගතුකමක්!!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ තවත් අගනා චිත්‍රපටියක් එක්ක මේ පැත්තට ආවා. මේක මට භාරදුන්නු හසන්ත අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඔන්න මම මේ පාර අරන් ආවේ සම්මානනීය ජර්මානු චිත්‍රපටයක්. මේකට උපසිරැස එකතු කරන එකනම් ලේසි වුනේ නැහැ. මොකද ජර්මන් භාෂාව ඉන්ග්ලිෂ් වලට කෙලින්ම පරිවර්ථනය කරලා වගේ තිබුනේ, හරියට අපි සිංග්ලිෂ් කතා කරනවා වගේ. ඒ …

Read More »

1944 (2015) Sinhala Subtitles | ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි…… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! මේ චිත්‍රපටියට සබ් කරන්න අවසර දුන්න හසන්ත අයියව මේ වෙලාවේ මතක් කරන්න ඕනි. අදත් අරං ආවේ යුධ චිත්‍රපටි වලට කැමති අයට ගැලපෙන එකක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.1/10 ලැබිලා තියනවා. 2016 දී Kinoshok – Open CIS and Baltic Film Festival සම්මාන උළෙලේදී Best Cinematography Award සහ Prize of Russian …

Read More »

The Captain (2017) Aka Der Hauptmann Sinhala Subtitles | කපිතාන් හැරෝල්ඩ් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සිසිල අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. මේක ජර්මන් චිත්‍රපටියක්. චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.5/10 ක් සහ තක්කාලි දර්ශනයේ 84% ක් ලැබිලා තියනවා. මේ චිත්‍රපටිය සම්මාන 6 ක් සදහා නිර්දේශ වෙලා තියනවා සහ තවත් සම්මාන 11 ක් ජයග්‍රහණය කරලා තියනවා.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජර්මන් ජාතික Robert Schwentke …

Read More »

Dog Days (2001) Aka Hundstage Sinhala Subtitles | නගරාබද ජීවිතවල හිස් ඇතුලාන්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මම කාලයක් තිස්සේ බලාගෙන හිටපු වැඩක් කරගත්ත.හැමදාම ෆිල්ම් බැලුවට තාම එක subtitle එකක් වත් කරන්න බැරි වුණ ඒක ගැන මම අවුලෙන් හිටියේ කාලයක්. අද ඔයා මෙතනට ඇවිත් තියෙන්නේ මේ subtitle එකම හොයාගෙන නම් ඔයා ගොඩක්ම hollywood ෆිල්ම්ස් බලල imdb ලිස්ට් එකේ, තව ප්‍රසිද්ධ List ඔක්කොම වගේ බලල. හොයාගන්න …

Read More »

The Counterfeiters (2007) AKA Die Fälscher Sinhala Subtitles | අවසන් මෙහෙයුම…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර …

Read More »

12th Man (2017) AKA Den 12. mann Sinhala Subtitles | කුරිරු යුධ බිමක තනි වූ දොළොස්වැනි සෙබළාගේ කඳුළු කතාව…!! [සිංහල උපසිරසි සමඟ]

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂයට අයත් රටවල් වලට නායකත්වය ලබා දුන්නේ …

Read More »

Rommel (2012) Sinhala Subtitles | පුරාවෘත්තයක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දින කීපයක් පහුවෙලා වුනත්, මුලින්ම කියන්න කැමතියි අවුරුදු 9 ක උපන්දිනය සමරන බයිස්කෝප් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම පුරා අවුරුදු නවයක කාලයක් පුරාවටම ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි නොමිලේ ලබාදුන්න බයිස්කෝප් සහෝදර සහෝදරියන්ටත්, තිරය පිටුපස ඉදන් අසීමිත කැපකිරීමක නියැලෙන ඇඩ්මින් මඩුල්ලටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා. …

Read More »

The Lives of Others AKA Das Leben der Anderen (2006) with sinhala subtitles | ද්‍රෝහියා ඔබයි [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ Goodfellas (1990) පාතාලයේ සොල්දාදුවා ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්තාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ …

Read More »

13 Minutes (2015) with Sinhala Subtitles | හිට්ලර්ට එරෙහිව.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? අවුරුද්දකට විතර පස්සෙ තමයි 19 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තෙ එන්න ලැබුනෙ,මම අන්තිමට උපසිරසි දැම්මෙ In To The Badland ටීවි සීරීස් එකට… ඊට පස්සෙ ඉතින් දිගටම විභාගත් එක්ක බිසී වෙලා හිටයෙ. 🙁 වෙනදා වගේම මේ පාරත් ටිකක් වෙනස් විදියෙ ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.මේක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච …

Read More »

Land of Mine AKA Under sandet (2015) with Sinhala Subtitles | බිම් බෝම්බ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්. මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය …

Read More »

Goodnight Mommy AKA Ich seh ich seh (2014) with Sinhala Subtitles | අම්මේ ඔබට මා නොපෙනේද? [සිංහල උපසිරසි සමඟ]

ආයුෂ බොහෝ වේවා බයිස්කෝප් සිංහලෙන් හා එකතුවන සහෘදයාණණි, පනස් වැනි උපසිරැසිය කරා යන ගමනේ තවත් එක් උපසිරැසියකි මේ. මෙවර මම තෝරගත්තේ ඉංග්‍රීසි නොවන විදේශිය චිත්‍රපටයක්. මේක චිත්‍රපටය හොදම විදේශ චිත්‍රපට ලෙස සැලකෙන චිත්‍රපට පහ ඇතුලෙ නම බබලවන චිත්‍රපටියක්. මේක ත්‍රාසජනක ගොඩට තමා වැටෙන්නෙ. මිනිත්තු 100ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය ජර්මන් …

Read More »

Phoenix (2014) with Sinhala Subtitles | මරණයෙන් නැගිටීම [සිංහල උපසිරසි සමඟ]

දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාරයකින් තම සැබෑ  පෙනුම අහිමි වූ කාන්තාවක්, ඇයගේ විශ්වාසය කඩ කළ ආදරවන්තයාව සොයා යන ගමන තමයි Le Retour des Cendres කියන ප්‍රංශ නවකතාව ඇසුරෙන් නිර්මාණය වෙලා තියන මේ ජර්මන් චිත්‍රපටයේ තේමාව වෙන්නේ. ජර්මන් චිත්‍රපට ගැන ලංකාවේ වැඩි කතාබහක් ඇති නොවුණත් මේක නම් ලස්සන තේමාවකින් ගලායන නිසා හොයාගෙන …

Read More »
error: Alert: Content is protected !!