You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News

දමිළ

Viswasam (2019) Sinhala Subtitles | මගේ කතාවේ දුෂ්ඨයා මමමයි [සිංහල උපසිරසි සමඟ]

දෙමව්පියෝ ගත්තම විවිධ විදියේ දෙමව්පියෝ ඉන්නවා ඒ අයගෙන් තමන් ආසා කරනා දේවල් වලට දරුවන්ව යොමු කරන පිරිසකුත් ඉන්නවා තවත් දෙමව්පියෝ තමන්ගේ ඉලක්කයන් තම දරුවන් ලවා සපුරාගන්නත් යනවා.! කොටින්ම කියනව නම් තමන්වගේම දිනන්න ඕන කියන දේ පොඩි කාලේ ඉඳන්ම දරුවන්ගේ මනසට කාවද්දන අයත් ඉන්නවා.! මේ තත්වය අද සමාජේ ‍බොහෝ ලෙසින් දකින්නට …

Read More »

Enakku Vaaitha Adimaigal (2017) Sinhala Subtitles | ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්”  ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ කොහෙද ඉතින් මට තිබ්බ වැඩත් …

Read More »

Sagaa (2019) Sinhala Subtitles | කිසිදා නොබිඳෙන මිත්‍රත්වය, ආදරය සහ සහෝදර බැඳීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මෙදා පාර මම අරගෙන ආවෙ තරුණ කොල්ලො සෙට් එකක් රඟපාන 2019 පෙබරවාරි 1 වෙනිදා නිකුත් වුන අලුත්ම සුපිරිම දෙමළ ෆිල්ම් එකක් අරගෙන. imdb දර්ශකයේ මේකට 8.1ක්ම ලැබිලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ කොහොමද කියලා. අනිත් එක මෙක acion/crime ඝනයට තමයි අයිති වෙන්නෙ. ඒත් මෙහි අවසානය කරා ළඟා වන විට …

Read More »

Tharkappu (2016) Sinhala Subtitles | වැටලීමක් කළ හදියක් ! [සිංහල උපසිරසි සමඟ]

සර්…මගෙ දරුවට අනතුරක් වුණා සර් ඉක්මනටම ඔයාගෙ ලේ ලැබුණොත් මගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න පුලුවන් සර් අනේ සර් කරුණාකරල ඔයාගෙ ලේ ටිකක් දීල මගෙ දරුව බේරගන්න සර් සර්..ඉක්මනටම එන්න සර් සර් උදව් කරන්න සර් එකම ළමය සර් සර්… තම දරුවා අනතුරට ලක්වෙලා රෝහල් ගත කරල ඉද්දි ලේ බැංකුවෙන් අංකය අරගත්ත මවක් …

Read More »

Meesaya Murukku (2017) Sinhala Subtitles | පැරදුනත් දින්නත් උත්සහය අතහරින්න එපා [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් සියල්ලුම දෙනාට, කලින්ම කියලා ඉන්නම්කෝ මේ තමා මගේ පලමුවෙනි උපසිරැසිය ඉතින් වැරදි අඩුපාඩු ඇති. හසන්ත අයියාගෙන් තමා මම මේක කරන්න ඉල්ල ගත්තේ එයාට ස්තුතිවන්ත වෙනවා මට මේක බාරදුන්නට. ඉතින් මේ ෆිල්ම් එක 2017 ජූලි 21 තම එළිදක්වලා තියෙන්නෙ.හිප් හොප් තමිෂ කියන දමිල ගායකයාගේ ජීවිත කතාව තමා මේ ෆිල්ම් …

Read More »

Kadhalil Vizhunthen (2008) Sinhala Subtitles | මම ආදරය කරමි – ආදරවන්තයන්ට පිදෙන තිළිණයකි. [සිංහල උපසිරසි සමඟ]

අද ඉතින් ආදරවන්තයන්ගේ දවසේ ලස්සන ආදර කථාවක් අරගෙන ආවා ආදරය කරන ඔයාලා හැමෝම වෙනුවෙන්. ඔයාට මතකද ඔයාගේ ආදරයණීය පෙම්වතා? පෙම්වතිය? හම්බවුනේ කොහොමද කියලා?..හැමෝටම එක එක විදිහට ඒ හමුවීම තියෙයි. ඒත් ඔයාල කාටවත් ඔයලගේ ආදරය හමුබවුනේ අනතුරකින් (accident) එකකින් ලැබුන කෙනෙක් ඉදීවිද? හැබැයිි මේකෙ කෙනාටනම් ඒක ලැබුනේ අනතුරක් නිසා..අප ජීවිතේ එකතුවෙන්නෙත් …

Read More »

60 Vayadu Maaniram (2018) Sinhala Subtitles | පුතුගේ සෙනහස දළුලා වැඩුන පියාගේ අතුරුදහන් වීම…!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේක භාරගෙන නම් ටිකක් කල් වෙනවා, කරලා දෙන්න කල් ගියා මොකද මේ ෆිල්ම් එකට වඩා හුගක් ඉක්මනට දෙන්න ඕන කරන ෆිල්ම් වගයක් දෙන්න තිබ්බා නිසා. කොහොමින් හරි පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න මම විතරක් නෙමෙයි මම ඔෂධ දනංජය අයියගේ උදව්වත් ඉල්ලගත්තා, එහෙම නොවුනා නම් …

Read More »

Sura (2010) Sinhala Subtitles | ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජීවිතේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් වැඩ රාජකාරි අස්සේ මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරසිය අරගෙන ආවා. මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. කොහෙද ඉතින් වැඩත් එක්ක ඉවර කරන්න වෙලාවක්? කොහෙමෙන් හරි ඔන්න ඉවර කරා. ඉතින් ඇඩ්මින් මණ්ඩලයට මේක කරන්න වෙන් කරල දුන්නට බෙහෙවින්ම ස්තූතියි. මේක විජේගේ විශේෂ චිත්‍රපටයක්. 2010 අප්‍රේල් 30 වෙනිදා තිරගත …

Read More »

Maari 2 (2018) Sinhala Subtitles | නරකම දාමරිකයා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ඔන්න අදත් ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව ඔයාලා තවත් බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. දෙසැම්බර් 21 කියන්නේ පහුගිය වසරේ සිනමාලෝලීන්ට උදාවුණු සුවිශේෂීම දවසක්. ඒ වෙන මොකක් නිසාවත් නොවේ. දෙසැම්බර් 21 වැනිදා ලෝකේ බොහෝ තැන් වල බොහෝ රිදීතීරයන්හි චිත්‍රපටයන් බොහොමයක් තිරගත වන්නට පටන් ගැනුණු දිනය වීමයි. ඉතින් අන්න ඒ දවසෙම නිකුත් …

Read More »

Thuppaki Munai (2018) Sinhala Subtitles | තුන්වෙනි ලෝක යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

” මොනවද මහත්තයෝ අද කාලේ මේ වෙන්නේ..? “ අවුරුදු හයේ ගෑණු දරුවව අවුරුදු 24 කොල්ලා දූෂණය කරලා මරලා, හිරේ ඉඳලා ඇප පිට එලියට ආපු පුතා තමන්‍ව වදාපු අම්මව මරලා ඇයි තව අවුරුදු 16 ක කන් ඇහෙන්නේ නැති ගොළු ගෑණු දරුවෙක්ව 17 දෙනෙක් එකතුවෙලා මාස 7 ක් තිස්සේ තියාගෙන දූෂණය කරලා …

Read More »

Kaatrin Mozhi (2018) Sinhala Subtitles | රේඩියෝ නිවේදිකාව ! [සිංහල උපසිරැසි සමඟ]

“හෙලෝ” “රාත්‍රියේ ඔබව කම්පනයට පත් කරන……” “ඔබේ හුදකලා බව පැවසීමට…..” “ඔබට ඉස්මතුවන පෞද්ගලික ගැටලු……..” “මාත් එක්ක කතා කරන්න !” ඔන්න යාලුවනෙ ඉතින් අහිතක් හිතන්න එපා. අපිට හැමදාම ක්‍රියාදාම චිත්‍රපටවලට විතරක් උපසිරැසිය ගේන්න බැහැනෙ. මගෙ 22 වෙනි උපසිරැසිය විදියට මේ වතාවේ අරගෙන ආවෙ සුපිරි ඉන්දියන් නලු සුර්යාගේ බිරිද වන Jyothika මෑතක …

Read More »

Adanga Maru (2018) Sinhala Subtitles | නීතීය තම වගකීම ඉටුකරයි.! [සිංහල උපසිරසි සමඟ]

“රටම දුවන්න ගත්තම අපිත් ඒ මැද්දට පැනලා දුවන්න ඕන.. ‍ එහෙම නැතුව තනියම දුවන්න හිතුවොත් නිකන්ම අතුරුදහන් වෙලා යාවි..!” ” තමුසේලා ගියේ කොල්ලෝ ආරක්ෂා කරන්නද..? “ හතරකටවත් ගැහුවනම් කොල්ලෝ එකෙක්වත් ඉන්නේ නෑ සෙරෙප්පු ගලවගෙන හැරිලාවත් බලන්නේ නැතුව දුවන්නේ.. රුපියල් දෙසිය පනහක් අරගෙන කාලේ බෝතලේටයි,බුරියානි එකටයි එන ‍දේශපාලනඥයෙක්ගේ සෙනඟක් නෙවෙයි සර් …

Read More »

Sigai (2019) with Sinhala Subtitles | ගණිකාවකගේ ප්‍රහේලිකාව [සිංහල උපසිරසි සමඟ]

2019 වසරේ දමිළ සිනමාවෙන් මුලින්ම නිකුත් වෙච්ච ත්‍රිලර් ගණයේ චිත්‍රපටිය අරන් තමයි මං මේ ආවේ. ඩිජිටල් රිලීස් එකක් විදිහට ජනවාරි 9වෙනිදා කල එලි බැස්සත්, උපසිරසියක් එන්න පරක්කු වෙච්ච නිසා මං අතිනුත් ටිකක්පරක්කු වුණා. චිත්‍රපටිය මීට කලින් එලි දක්වන්න නියමිතව තිබ්බත් විවිධ හේතු නිසා කල් ගිහින් තියෙනවා. මේ වෙද්දී සුළු මනාප …

Read More »

Kalavani Mappillai (2018) Sinhala Subtitles | කරදරකාර බෑණා ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ,මගෙ 21 වෙනි උපසිරැසිය විදියට මේ පාර අරගෙන ආවේ Comedy, Romance ගණයට අයත් IMBD අගය 5.3 වන 2018 නොවැම්බර් 06 වන් දින තිරගත කරන ලද විනාඩි 120ක් පුරා දිවෙන ආදරය,සිනහව,පවුල ගැන කියවෙන කතාවක් .දිනේශ් ,ආදිති මෙනොන්,ආනන්ද්රාජ්, දේවයානි රංගනයෙන් දායක වෙනවා. දේවාට නිතරම බයිසිකලයෙන් වැටෙන ඒවා,තුවාල වෙන ඒවා,බයිසිකලයේ පැච් යන …

Read More »

Silukkuvarupatti Singam (2018) Sinhala Subtitles | සයිකල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා බැඳි සිටින සියලු රසික රසිකාවියන්ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! එහෙනම් SARKAR 2018 දමිළ චිත්‍රපටයට පසුව මා ඔබ හමුවන්නේ නව වසරේ මාගේ පලමුවැනි උපසිරැසි නිර්මාණය සමඟින් තනියම නම් නෙවෙයි තවත් අපේම අඩවියේ සොයුරෙක්ගේද උදව් ඇතිව.! නොසිතු මොහොතක මෙම චිත්‍රපටය සඳහා හොඳ තත්වයේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වූ විගස …

Read More »

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සමාව දීම දේව ගතියක් [සිංහල උපසිරැසි සමඟ]

කතාවෙ ප්‍රධාන චරිතය එහෙමත් නැත්තං කතානායකයා වෙන්නෙ කුමාර් කියලා තරුණයෙක්. පටන්ගැන්මෙදිම කුමාර් එක්තරා ලිපිනයක් හොයාගෙන එනවා. කුමාර්ට ඒ ලිපිනයට යන විදිහ කියන්නෙ එක පොලිස් නිළධාරියෙක්, කොහොමහරි පහුවදා උදේ පොලිසියට ගිහින් ඒ පොලිස් නිළධාරියටම පිහියක් දීල තමන් මිනීමැරුමක් කරා කියලා කුමාර් පොලිසියට භාරවෙනවා. කුමාර් ජීවත්වෙන්නෙ මැඩ්‍රාස් වල මුඩුක්කු ගෙදරක, එයාගෙ රස්සාව …

Read More »

Aan Devathai (2018) Sinhala Subtitles | පිය සෙනෙහස ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගෙ 20 වෙනි උපසිරස විදියට අරගෙන ආවා තාත්තා ගැන කියවෙන කතාවක්. මතක ඇතිනෙ ගිය වතාවෙ මම අරගෙන ආවෙ අම්ම කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම කොහොමද කියන එක ගැන කියවෙන කතාවක් …ඔන්න ඉතින් මේ වතාවේ හම්බවුණා තාත්තා කෙනෙක් තම දරුවන් වෙනුවෙන් කරන කැපවීම ගැන කියවෙන කතාවක්. Appa(2016), …

Read More »

Johnny (2018) Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අලුත් අවුරුද්දේ අලුත්ම දෙමළ එකක් අරගෙන අවා..මේක දෙමළ Tamil action heist thriller ගණයට තමයි වැටෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට ඉන්නෙ Prashanth. දමිළ සිනමාවේ ජනප්‍රිය නලුවෙක්. යාලුවො පස් දෙනෙක්ගෙ ඉරණම ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නෙ. කතාව ගැන කිව්වොත් යාලුවො පස් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො හවුල් ව්‍යාපාරයක් කරන්නෙ. පලවෙනි කෙනා තමයි ශක්ති කෙටි …

Read More »

Sanda Kozhi 2 (2018) Sinhala Subtitles | පොර කුකුළා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! ගොඩදෙනෙක්ට මාව අමතක කාලෙක ඔන්න මම උපසිරැසියක් ආරගෙන ආවා තාරක නුවන් දිල්හාරත් එක්ක එකතුව. 2018 ඔක්තෝබර් 18 නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action Drama කියන කාණ්ඩයට. Sandakozhi පළමුවැන්න අධ්‍යක්ෂණය කරපු N. Linguswamy විසින්ම තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja විසින් සිදු කර …

Read More »

Sarkar (2018) Sinhala Subtitles | රාජ්‍ය පාලනයේ විශම චක්‍ර‍ය බිඳීම [සිංහල උපසිරසි සමඟ]

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්.. ඒත් මේක චිත්‍රපටියක්… දේශපාලනය, සල්ලි… ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද? සංවාදයට විවෘතයි… හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී… දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව. ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්… එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්.. කටට …

Read More »
error: Alert: Content is protected !!