You dont have javascript enabled! Please download Google Chrome!
Friday , November 22 2019
Breaking News

බෙංගාලි

The Amazon Expedition (2017) Aka Amazon Obhijaan Sinhala Subtitle | රත්‍රන් දූපත සොයා…… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න නවතම චිත්‍රපටියකට උපසිරැසියක් අරන් අදත් මම ගොඩවදිනවා ඔබේ නිවසට. මේ මගේ එකොලොස්වන උපසිරැසිය. ඒවගේම පළමු හින්දි උපසිරැසිය. භාර අරන් ටික කාලයක් ගත්වුණත් මේ උපසිරැසිය කරන්න ටිකක් කල් ගත්වුණා. මොකද මෙහි මුල් පිටපත බෙන්ගාලි එකක්. මම සබ කරේ හින්දියට හඩ කවපු චිත්‍රපටියට. ඒත් හින්දි පිටපතටත් තිබුණෙ බෙන්ගාලි පිටපතටම කරපු …

Read More »

Gandu (2010) Sinhala Subtitles | අපතයා [සිංහල උපසිරැසි සමඟ] (18+)

ජාත්‍යන්තර සම්මාන උළෙලයන් කිහිපයකට නිර්දේශිත වී ඇති ඉන්දියාව තුල මතබේදයකට ලක්වී ප්‍රදර්ශණය තහනම්කරන ලද, විචාරක විවේචන නොමදව ලද අතිශය 18+ කාණ්ඩයට අයත් වන වෙනස්ම මාදිලියක බෙංගාල් සිනමා නිර්මාණයකි. Gandu යන වචනයේ තේරුමට විවිධ අර්ථ දැක්වීම් ඇති අතර, මෙය නරඹා ඔබට එය තීරණය කිරීමට හැක. ගන්ඩු යනු මව සමඟ නිවසේ ජීවත් …

Read More »

Eagoler Chokh (2016) with Sinhala Subtitles | අපයෝජනය මිනීමැරුමක් දක්වා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න තවත් උපසිරැසියක් අරගෙන මම ආයෙත් ආවා.මේකත් ටිකක් වෙනස් කතාවක්.අයිති වෙන්නේ Thriller ඝනයට.මේ දවස් කිහිපයේ වැඩිපුර කතාවෙන දෙයක්නේ කාන්තා හිංසනය,අපයෝජනය වගේ දේවල් ! මේකෙන් කියවෙන්නේ ඒ ගැනනම් නෙවෙයි.සමාජයේ වැඩියෙන් කතා නොකෙරෙන,ඒකේ අනිත් පැත්ත ගැන.ඒ කියන්නේ කාන්තාවන්ගෙන් පුරුෂයින්ට වෙන අඩම්තේට්ටම්,ලිංගික අපයෝජන ගැන.එක්තරා පුද්ගලයෙක් එයාගේ නව යොවුන් වියේදී තමන්ට වඩා හුඟක් වැඩිමල් …

Read More »

Devi (1960) with Sinhala Subtitles | දේවතාවිය. [සිංහල උපසිරැසි සමඟ]

“දේවී” යනු 1960 වර්ෂයේ තිරගත වූ වංග චිත්‍රපටයකි. “අපූ ත්‍රිත්වය”, “පොරේෂ් පථර්” සහ “ජල්සගාර්” යන සාර්ථක නිර්මාණවලින් පසුව වංග සිනමාකරු “සත්‍යජිත් රායි” විසින් මෙම කෘතිය නිර්මාණය කෙරෙන්නේ ඔහුගේ පූර්ව නිර්මාණයන්ට වඩා වෙනස් තේමාවක් සහිතව ය. හින්දු බහුදේවවාදය හා බැඳුණු, එහෙත් එම ආගමට අයත් යැයි ඍජුවම පැවසිය නොහැකි අන්ධ විශ්වාස භාරතීය …

Read More »

Jukti Takko Aar Gappo (1974) with Sinhala Subtitles | තර්කය, විවාදය සහ කථාන්ථරය [සිංහල උපසිරැසි සමඟ]

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහුට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවත්, ඝටක් සම්බන්ධයෙන් …

Read More »

Nirbaak (2015) Sinhala Subtitles | නිහඬබව [සිංහල උපසිරසි සමඟ]

අපි මොකක්හරි දේකට ඇලී ගැලී හිටියොත් අපිට ඒ දේ නැතුවම බැරි දෙයක් වෙනවා. ආදරේ කියන්නෙත් එහෙම දෙයක්. හැමෝම ආදරේ කරලා තියෙනවා. ආදරය හා බෙහෙවින්  සම්බන්ධ වී සිටින කෙනෙකුට ඒ ආදරේ අහිමි උනොත් ගොඩක් වේදනාවක් දැනෙනවා. ආදරේ මිනිස්සුන්ට පමණක් සීමා උන දෙයක් නෙමෙයි. සතුන්, ගහකොල සෑම දෙයක්ම ආදරේ හදුනනවා. ආදරේට ආදරේ …

Read More »

Komal Gandhar AKA E-Flat (1961) with Sinhala Subtitles | කෝමල ගාන්ධාර ස්වරය [සිංහල උපසිරැසි සමඟ]

එකමත් එක කාලයක, “පද්මා” නම් නදිය හරහා “පාලමක්” වී ය. බෙංගාලයේ “නැගෙනහිර” සහ “බටහිර” ප්‍රදේශ යා කරමින් තැනුණු “දුම්රිය මාර්ගයක්” මෙම පාලම ඔස්සේ වැටී තිබිණි. කුඩා අවධියේ ඒ මාර්ගය ඔස්සේ දුම්රියෙන් “කල්කටාවට” ගිය අයුරු ඔහුට මතක ය. පාලම පසුකොට ඔහු නිවසට එනතුරු “අම්මා” ගං ඉවුරට වී බලා සිටි අයුරු ද …

Read More »

Monihara (1961) with Sinhala Subtitles | මැණික් මාලය [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රවීණ සිනමාකරු සත්‍යජිත් රායි විසින් නිර්මාණය කරන ලද තීන්කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වැන්න මොනිහාරා නම් චිත්‍රපටයයි. එක්දහස් නවසිය හැට එක වර්ෂයේ පළමුවෙන්ම ප්‍රදර්ශනය කෙරුණු මෙම චිත්‍රපටය සඳහා පාදක වී ඇත්තේ වංග මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන් විසින් රචනා කෙරුණු එම නමින්ම යුතු කෙටිකතාවයි. රසික, විචාරක දෙපාර්ශ්වයේම නොමද ප්‍රසාදයට ලක් වූ මෙම …

Read More »

Post Master AKA Teen Kanya (1961) with Sinhala Subtitles | තැපැල් ස්ථානාධිපති [සිංහල උපසිරැසි සමඟ]

පෝස්ට් මාස්ටර් යනු 1961 වර්ෂයේ තිරගත කෙරුණු වංග චිත්‍රපටයකි. මහා ලේඛක රවීන්ද්‍රනාථ ඨාකූරයන්ගේ කෙටිකතාවක් ඇසුරින් සත්‍යජිත් රායි නම් සිනමාකරුවා විසින් නිර්මාණය කෙරුණු මෙම සිනමා නිර්මාණය ඔහුගේ තීන් කන්‍යා නම් චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්නයි. පාඨක – විචාරක දෙපිරිසේම අවධානයටත් දෙස් විදෙස් සම්මාන උලෙළවල ඇගයීමටත් ලක්ව ඇති මේ සිනමා කෘතිය වර්තමානයේ පවා ශ්‍රී …

Read More »

Subarnarekha (1965) with Sinhala Subtitles | ස්වර්ණරේඛා නම් නදිය [සිංහල උපසිරැසි සමඟ]

එක්දහස් නවසිය හතලිස් හත වර්ෂයේදී ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස ලැබීමත් සමග බෙංගාලය දෙකඩ වීම ඉන්දීය ඉතිහාසයේ සැලකියයුතු සිදුවීමකි. බෙංගාලයේ නැගෙනහිර ප්‍රදේශය එනම් වර්තමාන බංගලිදේශ භූමිය පකිස්ථානයට හිමිවීම ආගමික පදනම මත සිදු වූවකි. මේ නිසා එම ප්‍රදේශයේ විසූ හින්දු භක්තිකයන් විශාල පිරිස් වශයෙන් සරණාගතයන් ලෙස බටහිර බෙංගාලයට සංක්‍රමණය වන්නට වූහ. 1965 …

Read More »

Titas Ekti Nodir Naam AKA A River Called Titas (1973) with Sinhala Subtitles | තිතාෂ් නැමැති නදිය [සිංහල උපසිරැසි සමඟ]

තිතාෂ් එක්ඨි නොදීර් නාම් යනු 1973 වර්ෂයේ නිර්මාණය වූ බංගලිදේශ වංග චිත්‍රපටයකි. ප්‍රකට වංග නවකතාකරුවකු වන අදෛබ්තමල්ල බර්මන් විසින් 1956 වර්ෂයේ දී එම නමින්ම යුතුව ලියා පළකරන ලද නවකතාව ඇසුරින් ඍත්වික් කුමාර් ඝටක් නම් සිනමාවේදියා විසින් නිර්මාණය කරන්නට යෙදුනු මෙම චිත්‍රපටය ඔහුගේ සිනමා නිර්මාණ අතර විශිෂ්ටතම නිර්මාණයයි. බංගලිදේශයේ තිතාෂ් නදිය …

Read More »
error: Alert: Content is protected !!