You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 25 2019
Breaking News

හින්දි

Har Dil Jo Pyar Karega… (2000) with Sinhala Subtitles | ආදරය කරන හැම හදවතකටම… [සිංහල උපසිරසි සමඟ]

හායි! මම රාජ්! මිනිස්සු මට හැම වෙලාවෙම කතා කලේ පොඩි එකා කියල. ඒකෙන් ඔප්පු උනා මම අනාතයෙක් කියල. ඊට පස්සෙ මිසිස් ගොඩිනෝ මගෙ ජීවිතයට ඇවිත් මට ආදරය දුන්නා. මම මේ ලෝකෙ තනිවෙලා නැහැ කියන්න ඒක එක සලකුනක් වුනා. එයා මට ගොඩක් හොඳ් දේවල් ඉගැන්නුවා. මිසිස් ගොඩිනෝ තමයි මට සංගීතය ඉගැන්නුවෙ. …

Read More »

Gully Boy (2019) Sinhala Subtitles | රැප් සිහිනයක් හඹා ගිය මුඩුක්කුවා… [සිංහල උපසිරසි සමඟ]

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් …

Read More »

706 (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරසි සමඟ]

නීරජ්! අවුරුදු 12ක පොඩි ළමයෙක්. දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්. හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා. විකාරෙන් දොඩවනවා. ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ. එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා. ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්, ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි දවස් 11 තිස්සෙ …

Read More »

Romeo Akbar Walter (2019) Sinhala Subtitles | ඉන්දියානු රහස් නියෝජිතයා(එක් හැදුනුමක් නැති පුද්ගලයෙක්) [සිංහල උපසිරැසි සමග]

1971, මේක පකිස්තානය දෙකඩ වුනු කාලයේ සිදුවුනු කතාවක්, බටහිර පකිස්තානය, සහ නැගෙනහිර පකිස්ථානය, නැගෙනහිර පකිස්ථානය අද අපි බංගලාදේශය නමින් හදුන්වනව. පකිස්ථානයේ කෘර පාලනය නිසා නැගෙනහිර පකිස්ථානය අසතුටට පත්වුනා. හැමදෙනාම නිදහස හෙව්ව, මේ හේතුවෙන් අහින්සක මිනිස්සු බොහොමයකට ජීවිත පූජා කරන්න වුනා. ලක්ෂ ගනනින් නැගෙනහිර පකිස්තානයේ මිනිස්සු ඉන්දියාවට පැනල ආව, …කොහොමවෙතත්… ඉන්දියන් …

Read More »

Fraud Saiyyan (2019) Sinhala Subtitles | වංචාකාර මනමාලයා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. අද මම මගේ දෙවෙනි උපසිරැසිය අරගෙන අාවා. පළවෙනි උපසිරැසිය (Masti 2004) හුඟ දෙනෙක් අරන් තිබුණා. පළවෙනි සබ් එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේපාර මං, මේ අවුරුද්දෙ අාපු අලුත් චිත්‍රපටයක් තෝරගත්තා. කලින් සබ් එකට අදහස් දක්වපු හැමෝටම ස්තුති කරන්නත් මේක වෙලාවක් කරගන්න කැමතියි. මේ චිත්‍රපටය නිකුත් වුනේ …

Read More »

Yeh Lamhe Judaai Ke (2004) with Sinhala Subtitles | මේ සමුගැනීමට මොහොතයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඊලගට මම අරගෙන ආවෙ ශාරුක් ගෙ 2004 අවුරුද්දෙ තිරගත වුනු චිත්‍රපටියක්. මුලින්ම මේ චිත්‍රපටිය රූපගත කිරීම් ආරම්බ කලේ 1994 අවුරුද්දෙ Jaadoo කියන නමින්. රූ ගත කිරීම් අතරමග නවත්තල දාපු අධ්‍යක්ශක Birendra Nath Tiwari නැවත 2004 අවුරුද්දෙදි ශාරුක් කාන් සහ රවීනා තන්ඩන් ප්‍රධාන චරිත ලෙස යොදාගෙන නැවත රූ ගත කිරීම් …

Read More »

Jhanak Jhanak Payal Baaje (1955) with Sinhala Subtitles | පා සලඹ හඬ නගති [සිංහල උපසිරැසි සමඟ]

එදා මෙදා තුර හින්දි සිනමාවේ බිහිවූ ඉතාමත්ම කලාත්මක චිත්‍රපට කිහිපය අතරට .ගැණෙන මෙම දැවැන්ත සිනමාකෘතිය සම්පූර්ණයෙන්ම නර්තන කලාව වෙනුවෙන් වෙන් වූ එකකි. සියළුම අංශ වල විශිෂ්ඨයින් මේ සඳහා දායක කරගෙන ඇත. එවක ඉන්දියාවේ කථක් නර්තනයේ රජු ලෙස හැඳින්වූ ගෝපි ක්‍රිෂ්ණා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි. මහා සිනමාවේදී ශාන්තාරාම්ගේ නිර්මාණයක් වන …

Read More »

Ajji (2017) Sinhala Subtitles | අත්තම්මාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමග]

එකෝමත් එක කාලෙක ලස්සන කැළයක් ගාව ලස්සන ගමක් තිබ්බා. ඒ ගමේ ලස්සන ගැහැණු ළමයෙක් හිටියා. එයා ගෙදරින් එලියට බහින හැම වෙලේම රතු කබායක් අඳිනවා. ඒ හින්දා හැමෝම එයාට කිව්වේ රතු හැට්ටකාරී කියලා. දවසක් එයාට හිතුනා දුර ඉන්න ආච්චිව බලලා එන්න. ඉතින් එයා කෑම බාස්කට් එකකුත් හදාගෙන ආච්චිව බලන්න යන්න පිටත් …

Read More »

Kala Pani (1958) with Sinhala Subtitles | කලු දිය – ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක්.! [සිංහල උපසිරැසි සමඟ]

පැරණි භාරත සිනමාවේ ඉතා ජනප්‍රිය නළු නිළ යුවලක් වු දේව් ආනන්ද් සහ මධුභාලා රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටය 1958 වර්ෂයේ තිරගත වූවකි. ප්‍රවීණ සංගීතවේදී S.D බර්මන්ගේ සංගීතයෙන් හැඩ වූ මෙහි ඇත්තේ නිර්දෝෂී පියෙකු අසාධාරණ ලෙස සිරගත කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන පුතෙකුගේ කථාවකි. ඒ කථා සාරංශය අනුව “කරන්” ගේ පියා වන …

Read More »

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට සිනමාහල් Housefull කරවපු ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට …

Read More »

Tera Intezaar (2017) Sinhala Subtitle | මරණය ගෙනෙන පින්තූර.. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරෙත් අරන් ආවේ හින්දි චිත්‍රපටියකට උපසිරසියක්. මම දිගටම සබ් දුන්නෙ Comedy ගණයට අයත් චිත්‍රපටිවලටයි. අවසාන වතාවේ මම ශනුක සොහොයුරා කරපු ඉල්ලිම නිසා Horror චිත්‍රපටියකටත්, කාන්ත සොහොයුරා කරපු ඉල්ලිම නිසා Drama ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකටත් උපසිරසියක් ගෙනාවා. ඒත් මේ වතාවේ නම් ගෙනාවේ Romance ඛාණ්ඩයට අයත් චිත්‍රපටියකට උපසිරසියක්. වෙනදා වගේම ඉස්සර …

Read More »

Sachaa Jhutha (1970) Sinhala Subtitles | ඉරණම උඩු යටිකුරු කළ දෙබිඩි රංගනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට, අද ලෑස්ති වෙන්නේ තරමක් දුරට ඒකාකාරී බවින් මෙන්ම සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සලරුවක් ඔයාලට පුද කරන්නයි. වර්තමානය වෙද්දි බුරුතු පිටින් දවස ගාණේ රිලීස් වෙන ඉංග්‍රීසී හින්දි දමිළ තෙළිගු ආදී දහසකුත් එකක් චිත්‍රපටි අතරේ සදාකල් තරුණ චිත්‍රපටි බවට බොහෝවිට සලකන්නේ ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපටි බව ඔයාලා …

Read More »

Simmba (2018) Sinhala Subtitles | පොලිස් අයියෙක්… [සිංහල උපසිරසි සමඟ]

අහලා තියෙනවද සෑබෑම නිදහස භුක්ති විඳිම කියන්නෙ මොකද්ද කියාලා? ඒක මෙහෙම නෙවෙයිද වෙන්න ඕන? රටේ පුරවැසියෙක්ට ඕන වෙලාවක කිසිම බාධාවක් නැතුව රටේ තමන් කැමති තැනකට යන්න එන්න පුලුවන්, ඇයි තව ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස.! භාෂනයේ නිදහස.! රැස්වීමේ නිදහස.! නිදහස කියන වචනය ගැන අර්ථකථනය කරන්න ගත්තොත් ඔන්න ඔය වගේ වචන වැකි ගොඩක් අහන්න …

Read More »

Uri: The Surgical Strike (2019) Sinhala Subtitles | රුධිරයෙන් සනිටුහන් කල පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් 2017 වර්ෂය කිසිම විදියකින් අමතක වෙන්න විදියක් නම් නෑ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමා ඉතිහාසය තුල දැවැන්තම සෝදා පාලුවකට ලක්වෙච්ච අවුරුද්ද තමයි 2017 කියන්නෙ කියලා දන්නෝ හොඳාකාරවම දන්නවා. ඒ කඩා වැටීමත් එක්ක හැමෝම හිතුවේ දැන් ඉතිං හින්දි සිනමාව ඉවරෙටම ඉවරයි කියලා තමයි. හැබැයි, කිසිම කෙනෙක් නොහිතපු …

Read More »

Helicopter Eela (2018) with Sinhala Subtitles | අම්මගෙ සුරතලා… [සිංහල උපසිරසි සමඟ]

එක පුතෙකුට එයා වෙනුවෙන් ජීවිතයම කැප කරපු, අවුරුදු විසි ගානක් වෙලත්, පුතාට කොලේජ් ගෙනියන්න කෑම පෙට්ටියක් හදල දෙන, එයාට එන කෝල් වලට හොරෙන් ඇහුම් කන් දෙන, යන එන තැන් හොයල බලන, එයා ගැන ඕනෙවටත් වැඩිය හොයල බලන අම්ම කෙනෙක් හිටියා. ඒත් ඒ අම්මගෙ ආදරේ මේ පුතාට සමහර වෙලාවට වදයක් වුනා. …

Read More »

Masti (2004) Sinhala Subtitles | ගෙදර පරිප්පු කනවද? පිටින් බිරියානි කනවද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියල පිළිගන්නවා හැමෝම. මේ මගේ පලමු උපසිරැසිය. මම මේ චිත්‍රපටිය බාරගෙන ටිකක් කල් වෙනවා. එක දිගට පාඩම් වැඩ කරන එක අමාරු නිසා වෙනසකටත් එක්ක සබ් එකක් කරන්න හිතුවෙ. ඉවර කරන්න ටික කාලයක් ගියේ මම A/L විභාගයට මේ වසරේ (2019) ලියන නිසා. මම මුලින්ම බැලුවේ මේ චිත්‍රපට මාලාවේ දෙවන කොටස …

Read More »

Hindi DJ Video Nonstop Remix Sinhala Subtitles | බයිස්කෝප් සිංහලෙන් දස වන සංවත්සරය වෙනුවෙන් අපෙන් ඔබට පිදෙන සංගීතමය තිළිණය [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් සිල්ලන්ටම. දැනටම ඔයාල සියලුම දෙනා දන්නවා අද දවස මොකක්ද කියල. ඔව් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අවුරුදු දහය පිරෙන්නේ අදට. ඉතින් අවුරුදු දහයකට කලින් ඒවෙනකොට කිසි කෙනෙක් නොසිතපු දෙයක් කරමින් ගමන් ආරම්භකරන ලද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අද ඔන්න තවත් අලුත්ම දෙයක් කරන්නයි සුදානම් වෙන්නේ. ඒ තමා අපේ අවුරුදු …

Read More »

Pyar Ka Mausam (1969) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ 6.9 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, “ජමුණා” රංජිත් කුමාර් නමැති ධනවත් පුද්ගලයාගේ දියණියයි. ඔහු යටතේ කළමනාකරුවෙක් ලෙස සේවය කළ “ඕපල්” නමැති අය සමඟ ජමුණා ආදරයෙන් බැඳේ. පසුව ඔවුන් ජමුනාගේ …

Read More »

Kedarnath (2018) Sinhala Subtitles | ආදරයත් එක්තරා වන්දනාවක්… [සිංහල උපසිරසි සමඟ]

සොබාදහම කියන්නෙ හරි අපූරු දෙයක්. සොබාදහම කියන්නෙ මෙන්න මේකයි කියලා හරියටම නිර්වචනය කරන්න අමාරුයි. ඇයි මං එහෙම කියන්නෙ? පහල පින්තූරය පොඩ්ඩක් බලලා ඉන්නකො මුලින්ම. කොච්චර මනස්කාන්තයිද නේද? හරිත වර්ණයෙන් දිදුලන තුරු ලතාවො… ශ්වේත වර්ණ තුශාරයන්ගෙන් ගැවසගත් කඳු පන්ති… මේ සියල්ලටම ඉහලින් වජඹෙන්නාවූ නීල වර්ණ අහස් කුස… මේ සුන්දරත්වය වචනයෙන් කෙසේ …

Read More »

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා …

Read More »
error: Alert: Content is protected !!