You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , November 21 2019
Breaking News
Home / සිංහල උපසිරැසි / චිත්‍රපටි (page 314)

චිත්‍රපටි

Aayirathil Oruvan (2010) with Sinhala Subtitles | සැගවුනු අධිරාජ්‍යය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ! ඔන්න අපේ අමිල සහොදරයත් එක්ක එකතු වෙලා දමිල සිනමාවේ බිහිවුන සාම්ප්‍රදායික සිනමා කලාවෙන් එහාට ගිය Fantasy-Adventure වර්ගයේ සාර්ථක නිර්මානයක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.මේ අපි දෙන්නා එකතු වෙලා කරන දෙවන උපසිරැසි ගැන්වීම.2007 වසරේ ජූලි මාසයේ රූගත කිරීම ඇරබූ මෙම ච්ත්‍රපටය 2010 ජනවාරි 14 තයිපොන්ගල් දින තිරගත වීම ඇරබුනා.ච්ත්‍රපටය …

Read More »

එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »

The Unborn (2009) with Sinhala Subtitles | උපදින්නට වරම් නොලද්දෝ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටියක් එක්ක අපේ සහෝලා හමු වෙන්න ආවා. ඉතින් පෙර පරිදි කාල වෙලාව නැති නිසා මේ වගේ පුළුවන් වුන වෙලාවට හොඳ නිර්මාණයක් එක්ක ඔයාලා හමුවට එනවා. ඉතින් අපේ විකියා සහෝ ගැනත් යමක් කිව්වේ නැත නම් අඩුවක්. විකියා සහෝ සබ් වැඩේ පටන් ගත්තු වෙලේ ඉඳලා අවසාන වෙන මොහොත …

Read More »

Taare Zameen Par (2007)Sinhala Subtitles | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්……[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දැන් දිගටම අළුත්ම අළුත් චිත්‍රපට “බයිස්කෝප් සිංහලෙන්” වෙතින් ලබා දීපු නිසා ටිකක් විතර පරණ ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවෙ. මේකට උපසිරැසි යොදමු කියල යෝජනා කලේ මගේ මිතුරු සචිත්… එයා ගොඩක් ආස චිත්‍රපටයක් කියල, මටත් කිව්වා බලන්න කියලා. මම බැලුවට පස්සේ තේරුණේ මේක ගොඩක් හදවතට දැනෙන ආදර්ශමත් කථාවක් කියල. මේක රූපවාහිනියෙත් …

Read More »

Assassin’s Creed: Embers (2011) with Sinhala Subtitles | කෙටි චිත්‍රපටයක්..[සිංහල උපසිරසි සමඟ]

මේ මං සබ් දාපු දෙවෙනි ෆිල්ම් එක. මේක කෙටි චිත්‍රපටියක් කියලා මුලින්ම කියන්න ඕනා. මේක අපි කවුරුත් දන්න ඇසෙසින්ස් ක්‍රීඩ් ගේම් එකේ ඉන්න එත්සියෝ අවුඩිටෝරේ ගේ ජීවිතයේ අන්තිම කාලය ගැන තියෙන ෆිල්ම් එකක්. මම කලින් දුන්න වගේම මේකත් ෆයිට් තියෙන එකක්. මේක නිර්මාණය කරලා තියෙන්නෙ ඒ තරම්ම දියුණූ තාක්ෂණයක් භාවිතා …

Read More »

Mirrors 2 (2010) with Sinhala Subtitles | අද්භූත අබිරහස.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මම ලබා දුන්න පළවෙනි උපසිරැසි ගැන්විම මතක ඇතිනේ Repo Man එක. එදා මම කිව්වා Horror film එකක් අරන් එන්නම් කියලා. හැබැයි මේක ටිකක් පරණ එකක්. මේකේ පළවෙනි චිත්‍රපටිය බයිස්කොප් අඩවියෙන්ම සිංහල එක්ක ගන්න පුලුවන්. හැබැයි පළවෙනි එකයි මේ කතාවෙයි සම්බන්ධයක් නම් නෑ. කතාවේ නමෙන්ම තේරෙනවනේ හොල්මන් ඉන්නේ කොහේද …

Read More »

Tere Naam (2003) | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරි‍න්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා …

Read More »

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල …

Read More »

Chronicle (I) (2012) with Sinhala Subtitles | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් …

Read More »

Paan Singh Tomar (2010) with Sinhala Subtitles | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයක පසුව බයිස්කෝප් වෙත උපසිරැසි ඉදිරිපත් කරන්නෙ. සයිට් එකේ ඉස්සර ඉඳලා හිටපු අයටනම් සමහර විට මාව මතක ඇති. MARTYRS කිව්වම මතක් වේවි මං හිතන්නෙ.මේ මගේ 5 වන උපසිරැසි නිර්මාණය. මෙවරනම් ලබා දෙන්න යන්නෙ පුරුදු පරිදි හොරර් එකක් නෙමේ. මෙය කාලෙකට පස්සෙ බලපු ඉතාම වටිනා චිත්‍රපටයක්. මෙම බයිස්කෝප් එක ඔයාලට …

Read More »

Eden Lake (2008) | අවාසනාවක මහත…….

ජීවිතයේ සුන්දරතම දේවල් ගැන අපි කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද. ඒ ඒ දේවල් විඳ ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. හැබැයි ඒ සුන්දරත්වය පසුපස මහා අවාසනාවක් ‍රැඳිල තියේ නම් කවදාවත් අපි ඒ සුන්දරත්වය පතයිද ? නැහැ, කවදාවත්ම නැහැ. ජෙනී සහ ස්ටීව් දෙන්නත් එදා එකම වාහනයේ නැඟල ඒ තරම් දුර පළාතකට ගියේ ඔවුන්ගේම ලෝකයක තනි …

Read More »

Kahaani (2012) with Sinhala Subtitles | ඇගේ කතාව……..[සිංහල උපසිරසි සමඟ]

ගිය මස 9 වැනිදා තිරගත වීම ආරම්භ වුණ Thriller ගණයේ අලුත්ම චිත්‍රපටයක් අරගෙනයි ඔන්න මං මේ සැරේ ආවේ. මේකෙ වටිනාකම තියෙන්නේ චිත්‍රපටය අලුත් හින්දම නෙවෙයි. මෙය විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක්වීමත් ඊට එක හේතුවක්. 2012 වසරේ පළමු කාර්තුව තුළ තිරගත වුණු බොලිවුඩ් චිත්‍රපට අතුරින් තවත් එක් අති සාර්ථක නිමැවුමක් විදිහටත් මේක …

Read More »

Ghost Rider: Spirit of Vengeance (2011) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට 2 – වෙගන්සාහි ආත්මය..[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න යාලුවනේ මම ඔයාලට සිංහල උපසිරසි සමගින් තවත් හොඳ චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ පළමුවෙනි කොටසටත් මම උපසිරසි යෙදුවා ඔයාලට මතක ඇති. මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ටිකක් කල් ගියා. ඉතින් හොඳ කොපියක් ආපු ගමන් මම උපසිරසි යෙදුවා. විකී තමයි කොපිය ගැන මට ඉඟිය දුන්නේ. හොඳයි මේ චිත්‍රපටිය 2011 දී …

Read More »

The Grey (2012) with Sinhala Subtitles | හිතුවෙවත් නැති මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ එකම එ‍ක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ඇහුවොත් ඔය ගොල්ලෝ මොනවා කියයිද? අපි හැමෝම ජිවත් වෙන්න කැමතියි.. මැරෙන්න අපි හැමෝම භයයි.. එත් මරණය කොයි වෙලේ වැළඳ ගන්න සිදුවෙයිද කියා, ජීවත්වෙන හැම තප්පරයකදීම හිතට ආවොත්.. ඒක දරා ටිකක් අමාරුයි නේද? ආන්න ඒවාගේ කතා තේමාවක් රැගත් …

Read More »

Don 2 (2011) with Sinhala Subtitles | නොනවතින දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට පොරොන්දු වුන විදියටම ආයෙත් අළුත්ම එළකිරි වගේ ෆිල්ම් එකක් ගෙනාවා සිංහල සබ් එක්කම. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම් එක …

Read More »

Lafangey Parindey (2010) with Sinhala Subtitles | කැළෑ කුරුල්ලෝ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි මගේ පළවෙනි පෝසට් එක. මමත් හැමදාම වගේ බයිස්කෝප් අඩවියට ඇවිත් ප්‍රයෝජන ගත්තට කවදාවත්ම පෝස්ට් එකක් දාලා නැහැ. ඉතින් පළවෙනිම පොස්ට් එක විදියට මම බලපු තවත් ලස්සන හිංදි ආදර කතාවක් සිංහල උපසිරැසි එක්ක ඔයාලට දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් IMDB දර්ශකයේ 5.3/10ක් ලබාගෙන තියනවා. Crime, …

Read More »

The Dirty Picture (2011) with Sinhala Subtitles | නොදනිමි කාගෙ දොසා [සිංහල උපසිරසි සමඟ]

විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි …

Read More »

The Adventures of Tintin (2011) with Sinhala Subtitles | ටින්ටින් ගේ වීර වික්‍රම: කඟවේනාගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් රසවත් චිත්‍රපටියක් සිංහළ උපසිරසි සමගින් අරගෙන ආවා. කොහොම වුනත් බයිස්කෝප් අපේ සහෝදර කැලට මගේ නම මතකද මන්දා. ඉතින් සහෝලා පහුගිය දවස්වල මට විවේකයක් තිබුනේ නෑ. නව රැකියාවකට යන්න සිදුවුන නිසා ඉස්සර වගේ එක දිගටම උපසිරසි හදන්න මට කාල වේලාවක් ලැබුනේ නෑ. ඉතින් ඒකයි මේ …

Read More »

Om Shanti Om (2007) with Sinhala Subtitles | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]

මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටයටම …

Read More »
error: Alert: Content is protected !!