Friday , May 29 2020
Breaking News

චිත්‍රපටි

Detective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 Sinhala Subtitles | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු …

Read More »

The Snow Walker (2003) Sinhala Subtitles | සුබ ගමන්, මා සොයුරානෙනි…….. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Beirut (2018) හුදෙකලා ප්‍රහාරකයා……. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

Mandy (2018) Sinhala Subtitles | ආගමික අන්තවාදීන්ගේ ඉරණම විසඳූ පළිගැනීමේ දූතයා…!! [සිංහල උපසිරසි සමඟ] (+18)

Horror කියන නම ඇහුවමත් සමහර අයට නම් එපාවෙනවත් ඇති, බොහොමයක් Horror චිත්‍රපට වල කතාවට මූලික කරගන්න රාත්‍රී කාලයේ පාළු ගෙදරක ඉඳන් බැලුවත් කිසිම බයක් දැනෙන්නෙ නැති විදිහෙ හොල්මන්, එක එක ආයුධ වලින් දරුණු විදිහට මිනිස්සු මරා දමන දර්ශන ඒ චිත්‍රපට හැම එකකම වගේ නොඅඩුව තිබුණත්, මගේ පුද්ගලික මතය අනුව අවුරුද්දකට …

Read More »

Don’t Bother to Knock (1952) Sinhala subtitles | තට්ටු කරන්නාට තට්ටු වේද!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්. ජෙඩ් කියන ගුවන් නියමුවා තම ගුවන් ගමන නිමාකරල …

Read More »

Loving (2016) Sinhala Subtitles | ඇමෙරිකානු වර්ණභේදවාදය ජයගත් ආදරණීය යුවල [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරා බොහෝ රටවල් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පීඩාවට ලක් කල වර්ණභේදවාදී ප්‍රතිපත්තිමය ගැටලුව මෑත කාලයේ ලොව කැලඹූ දැවැන්ත ප්‍රශ්නයක් වුනා. ලෝකයේ කට්ට කෛරාටික උපායශීලී රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්න රටක් තමයි ඇමෙරිකාව කියලා කියන්නේ. ඇමෙරිකාවේ එදා මෙදා තුර ඉතිහාසය අරන් බලද්දී ඒක බොහෝම පැහැදිලිව ගම්‍ය වන කාරණයක්. මෑත කාලයේ කළු …

Read More »

Scooby-Doo! and the Gourmet Ghost (2018) sinhala subtitles | සූපශාස්ත්‍ර නිකේතනයට ආ රතු භූතයා! [සිංහල උපසිරසි සමඟ]

ස්කුබි ඩු.. ස්කුබි ඩු කියන්නෙ ඉතින් ලොකු පොඩි හැම කෙනෙක්ගෙම මතකයේ රැදිලා ඉන්න කතා කරන බලු තඩියා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ සූදානම ස්කුබී සහ කණ්ඩායමේ අලුත්ම හොල්මන් ඇල්ලීමේ වික්‍රමය ඔබ හමුවේ තබන්නයි. මේ පාරනම් කතාව යන්නෙ ස්කුබි ඩු සහ ශැගිට ගැළපෙනම තැනක. ඒ කියන්නෙ කෑම තියෙන තැනක. ෆ්‍රෙඩිගෙ මාමා කෙනෙක් …

Read More »

Adaminte Makan Abu (2011) Aka Abu, Son of Adam Sinhala Subtitle | ආදම්ගේ පුතා අබූ… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වාසී සැමදෙනාටම. ඔන්න මලයාලම් චිත්‍රපටි ලෝලී හැමෝටම තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසියක් අරන් මම ආවා. මේ මගේ නම වැනි උපසිරැසිය. මලයාලම් චිත්‍රපටි වලට ආදරය කරන හැ22මෝම බැලිය යුතු චිත්‍රපටියක් කියලා හිතුන නිසා මම මේ උපසිරැසිය කරේ. මේ දක්වා මම කල උපසිරැසි සහිත චිත්‍රපටි නරඹා ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි …

Read More »

Boar (2017) Sinhala Subtitles | හිත්පිත් නැති කෑලෑ ඌරෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කොප් රසිකයින්ට පට්ට පතුරු බයිස්කොප් එකක් ඇන්න එන්න තමයි සුදානම. මට මේක ඔයාලට දෙන්න , සති දෙකක් විතර ගත වුනා , රැකියාවේ තියෙන කාර්යය බහුලත්වය නිසාම. කොහෙමෙන් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා .. මේකට අයි එම් ඩිබි දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ලැබුන අගය ගැන පුදුම වෙන්න …

Read More »

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො, ස්ටීව් සහ …

Read More »

Godzilla: City on the Edge of Battle (2018) aka Gojira: kessen kidô zôshoku toshi Sinhala Subtitles | ලොකු හප්පා මැරෙයිද…? ඊට වඩා ලොක්කෙක් ඉදියිද? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා හැමෝටම…. එහෙනම් තවත් උපසිරසියක් අරගෙන ආවා ඔන්න එහෙනම්. මේක ගැන නම් කතා කරලා වැඩක් නැ. මගේ පළවෙනි උපසිරසිය විදිහට මේ ෆිලුමේ පලවෙනි කොටස Godzilla: Planet of the Monsters කරපු නිසයි මේකට මම අත ගැහුවේ. ඒ වගේම මේක එලියට දාලා මාස ගානක් වුනත් කවුරුත් මේක භාරගෙන තිබ්බෙත් නෑ. ඔන්න …

Read More »

Love Happy (1949) Sinhala subtitles | දියමන්ති [සිංහල උපසිරසි සමඟ]

1950 වසරෙ තිරගත වෙච්ච මේ සිනමා පටය හාස්‍යමය අපරාධ, සංගීතමය කාණ්ඩ වලට අයත් රසවත් සිනමා පටයක්. දර්ශක අගය 5.8 ලබාගන මෙහි අදියුරුව ඩේවිඩ් මිලර්ගෙ. මේසඳහා හාර්පෝ මර්ක්ස්, චිකෝ මර්ක්ස්,ඉලෝනා මෙසී, වේරා එලන් රංගනයෙන් දායක වෙනව.  මැරලින් මොන්රෝ හට මෙහි ඇත්තේ ඉතා සුලු චරිතයක්. කතාව ගෙතෙන්නෙ සොරකම් කරන දියමන්ති මාලයක් වටා. …

Read More »

Silencer (2018) Sinhala Subtitles | ඔයා කව්ද කියන එකෙන් ඔයාට පැනලා යන්න බෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ ඔයාලට ෆිලුමක් අරගෙන ආවා…මේක අපේ ඉසුරු සම්පත් සහෝ බාරගත්ත ෆිලුමක් එයා මේ ටිකේ පොඩ්ඩක් බිසී හින්දා මේක එයා මට බාරදුන්නා,ඒකට තෑන්ක්ස් සහෝ. ඇක්ෂන් ෆිල්ම් වලට කැමති අයට මේක ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා වගකීමෙක් කියනවා…එහෙනම් තවත් විස්තර ඕනේ නෑ අපි කතාව …

Read More »

Duck Duck Goose (2018) Sinhala Subtitles | හිත හොඳ අය කවදාවත් කිසිකෙනෙක් අතෑරල යන්නෙ නෑ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මේ සූදානම. එහෙම කියන්නෙ මම නං නෙවෙයි. අපේ හසා අයිය. ඒකට හේතුව නං ඉතිං කියල වැඩක් නෑ.. ගහගත්තෙ නැති එක විතරයි..😀 කොහොමහරි හසා අයියෙ ගොඩක් ස්තූතියි පිස්සුවෙන් වගේ සබ් කරන්න ඇනිමේෂන් ෆිල්ම් හොයනකොට මට මේකත් බාර දුන්නු එක ගැන.. ඇත්තටම මේක …

Read More »

Oru Muthassi Gadha (2016) Sinhala Subtitles | මාර ආච්චියෙක් [සිංහල උපසිරසි සමඟ]

Jude Anthony Joseph ගේ දෙවැනි අධ්‍යක්ෂණය. පළමු අධ්‍යක්ෂණය තමයි Om Shanthi Oshana. බලලා නැත්තං ඒකත් අනිවාර්යයෙන් බලන්න. Oru Muthassi Gadha චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය Jude Anthony Joseph වුණාට මෙහි කතා අදහස Nivin Pauly ගේ. ලීලම්මා කියන්නේ හරිම නපුරු ආච්චි කෙනෙක්. ලීලාම්මා ඉන්නේ තමන්ගේ පුතයි, ලේලියි, මිණිබිරියි, මුණුබුරයි එක්ක. මේ …

Read More »

The Meg (2018) Sinhala Subtitles | සාගර පතුළෙන් මතුවූ බිහිසුණු ඝාතක යන්ත්‍රය! [සිංහල උපසිරැසි සමඟ]

“මෝරා” කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. සිනමාව ගත්තොත් මේ “මෝරා” කියන වචනය තරම් පට්ට ගහපු තවත් වචනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. අවුරුද්දකට මෝරු සම්බන්ධ චිත්‍රපටි කීයක් නම් නිකුත් කරනවද… එයින් කීයක් නම් සාර්ථක වෙලා තියෙනවද? මේ වෙද්දී සිනමා ඉතිහාසය තුල මෝරු සම්බන්ධ චිත්‍රපට කොච්චර නම් බිහිවෙලා තියෙනවද කියනවා නම්, මෝරු …

Read More »

Final Score (2018) sinhala subtitles | අවසාන ලකුණ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා තිරගත උන සුපිරිම සුපිරි ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන ආවා. මේකෙ පූර්ව ප්‍රචාරක වීඩියෝව දැකපු ගමන් මට හිතුනා, මම මේකට අනිවාර්යෙන්ම සබ් එක කරනවා කියලා. එහෙම හිතල බයිස්කෝප් එකට මේල් එකක් දාන්න යද්දී මෙන්න inbox එකේ මේල් එකක් තියෙනවා සිසිල සහෝදරයා එවලා වෙන ෆිල්ම් …

Read More »

Everyone’s Hero (2006) Sinhala Subtitles | තාත්තා වෙනුවෙන් චිකාගෝවට [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවන හැමදෙනාවම ආයුබොවන් කියලා පිළිගන්නවා! අද නම් ගෙනාවේ ඇනිමේශන් සලරුවක්. එසේ මෙසේ ඇනිමේශන් සලරුවකුත් නෙමෙයි. පෝස්ටරේ දැක්ක ගමන්ම ගොඩක් දෙනා අඳුරගන්න ඇති මොකක්ද මේ කතාව කියලා. මට මතකයි ITN නාලිකාවේද කොහේද..මේ චිත්‍රපටය කිහිප සැරයක්ම විකාශය වුණා. ඒ නිසාම දැනටමත් විශාල පිරිසක් මේ චිත්‍රපටය නරඹලා ඇති. දවසක් මාත් …

Read More »

River of No Return (1954) Sinhala subtitles | ආපසු නොඑන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔටෝ ප්‍රිමින්ගර්, ජීන් නෙග්ලෙස්කෝ අධ්‍යක්ෂණය කරන රිවර් ඔෆ් නෝ රිටර්න් සිනමාපටය ලුවිස් ලාන්ස්ලේ ගේ කතාවක්. ෆ්රෑන්ක් ෆෙන්ටන්ගේ විසින් තිර රචනයෙන් හැඩවන මෙහි ආදායම ඩොලර් ලක්ෂ 21 ඉක්මවනවා. දර්ශක අගය 6.7 ලබාගත් මෙයට රොබර්ට් මයිචම්, මැරලින් මොන්රෝ,රෝරි කැල්හෝන්, ටොමී රෙට්ටින් රංගනයෙන් දායක වෙනවා. ඇමරිකාවේ රත්තරං ඉල්ලම් සෙවීමේ මුල් කාලය කතාවට පාදක …

Read More »

Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Subtitles | රාස්ස සාදෙ 3 : රාස්ස නිවාඩුව [සිංහල උපසිරැසි සමග]

ඉතිං කොහොමද යාලුවනේ සෑහෙන්න කාලෙකින් පස්සේ උපසිරසියක් අරගෙන ආවා ඔන්න, දැන් කාර්යබහුල තත්වයේ ඉන්න නිසා කාල වෙලාව මදි උපසිරසි කරන්නත්, ඒත් ඉතිං මේ වැඩේ අතාරින්න පුළුවනැයි. ඉතිං මම අද අරගෙන ආව Hotel Transylvania 3: Summer Vacation. එහෙමත් නැත්නම් රාස්ස සාදේ – 3 : රාස්ස නිවාඩුව 😀 ඇනිමේෂන් චිත්‍රපටය අරගෙන. යාලුවන්ට …

Read More »

UFO (2018) Sinhala Subtitle | අපි විශ්වයේ තනි වෙලාද? [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප් හිතමිතුරන්ට!!!! මගේ කලින් උපසිරසියට සුබපැතුව හැමෝටම ස්තූතියි. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරසිකරණය ලෙස තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනාවා. මේක අයිති වෙන්නේ Action / Sci-Fi / Thriller කාණ්ඩයට. විත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයේ. Gillian Anderson, Ella Purnell, Alex Sharp, David Strathairn චිත්‍රපටය සදහා රංගනයෙන් දායක …

Read More »
error: Alert: Content is protected !!