You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / ළමයින්ට (page 10)

ළමයින්ට

Atlantis: The Lost Empire (2001) Sinhala Subtitles | අතුරුදන් වූ අධිරාජ්‍යයේ සවාරියක්… [සිංහල උපසිරැසි සමඟ]

අතුරුදන් වූ අත්ලාන්තිසය ගැන පුරාවෘත්තය කවුරුත් අහලා ඇති නේ? 2001 වසරේ නිකුත් වුණු මේ ඇනිමේෂන් චිත්‍රපටය ඒ අතුරුදන් වූ ශිෂ්ඨාචාරය තුළට ගිය ගවේෂණ චාරිකාවක් හා බැඳුණු චමත්කාරජනක කතන්දරයක් පදනම් කරගෙන වෝල්ට් ඩිස්නි සමාගම මඟින් නිර්මාණය වුණ ඇමරිකානු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ මනාප 84,741ක් ලබාගනිමින් 6.8/10 ක අගයක් හිමිකරගත් මේ චිත්‍රපටය ඩිස්නි …

Read More »

Planet Earth II [EP E06] Sinhala Subtitles | නගරයට ආ වන සතුන්.. [සිංහල උපසිරැසි සමඟ]

වනසතුන් අයිති වන්නේ වනාන්තරයටයි. ඒ ඔවුන්ට අවශ්‍ය සියලු දේම පාහේ එහි තිබෙන නිසයි. නමුත් සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණයේප්‍රතිඵලයක් ලෙස ශාක බොහෝ සෙයින් කපා දමා කොන්ක්‍රීට් වනාන්තර බවට මේ පොළෝ තලය පත් වෙලා. වනාන්තර වල සුවසේ දිවි ගෙවූ මේ කිසිත් නොදන්නා වන සතුන්ට කෑමට යමක් සොයා ගන්නට නගරයට ඇදී එන්නට සිදු වෙලා. …

Read More »

The Star (2017) With Sinhala Subtitles | බෝ සහ ජීසස්…! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ …

Read More »

Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සුපිරිම දුෂ්ටයින්ගේ කල්ලිය අභිරහස් වස්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Batman: Gotham by Gaslight (2018) චිත්‍රපටයට පස්සේ ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත්වුන DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වුණු දෙවැනි චිත්‍රපටය එක්කයි අද මේ හමුවෙන්නෙ.ඊයේ දිනයේ (27 වැනිදා) තමයි පිටපත් නිකුත් වෙලා තිබුණේ. මේ ගැන දැනුවත් කරලා චිත්‍රපටය බාර දුන්නට සමීර අයියටයි, හසන්ත අයියටයි හුගක් ස්තුතිවන්ත වෙනවා. Suicide Squad කියන්නේ මොකක්ද …

Read More »

Scooby-Doo and the Cyber Chase (2001) Sinhala Subtitles | වීඩියෝ ගේම් එකක් තුළ සිරවී… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවා තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක්. 2001 වසරේ නිකුත් වුන මේ කාටුන් චිත්‍රපටයට 7 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. ඇත්තම කිව්වොත් මම වැඩිම වේගෙකින් කරපු ස්කුබී සබ් එක මේක තමයි. පැය හයෙන් සබ් එක ඉවර කළා. මේ චිත්‍රපටයේ කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේක මේ අවුරුද්දෙ නිකුත් වුන …

Read More »

I Kill Giants (2017) Sinhala Subtitles | යෝධයින් මට්ටු කරන කෙලි පොඩ්ඩ…!! [සිංහල උපසිරසි සමඟ]

අපි යම් දේකට ගොඩක් ආසා කරනකොට, ඒ දේට වැඩි අවධානයක් දක්වනකොට ඒ දේ අපේ ජීවිතේ කොටසක් බවට පත්වෙනවා. තේරුණේ නෑ නේද? මෙහෙම හිතන්නකෝ අපි චිත්‍රපට බලන්න ගොඩක් ආසයි නම්, පුරුද්දක් විදිහට අපි නිතරම චිත්‍රපට බලද්දි ඒ චිත්‍රපට වලින් අපිට දකින්න ලැබෙන චරිත වලට ඇළුම් කරන්න පටන්ගන්නවා, සිනමා ක්ෂේත්‍රය ගැන, සිනමාවේ …

Read More »

Majo no takkyûbin (1989) AKA Kiki’s Delivery Service Sinhala Subtitles | පුංචි මායාකාරිය! [සිංහල උපසිරැසි සමඟ]

මායාකාරියෙක් වයස අවුරුදු 13 වුන ගමන් තනියෙම අවුරුද්දක් ගෙදරින් පිට ජීවත් වෙන්න යන එක එයාලගෙ අතීතයෙ ඉඳන් එන සිරිතක්. කොස්සක නැගලා එයාලගෙ හුරතලා කළු පූසත් එක්ක යන ගමනට හැම මායාකාරියක්ම ඇඟිලි ගනිනවා. මොකද එයාලගෙ ජීවිතේ ස්වාධීනව ගෙවන්න තියෙන කැමැත්ත, නිදහස එයාලා උපරිමෙන්ම අගය කරන නිසා. කිකී කියන්නෙත් ඒ මොහොත වෙනුවෙන් …

Read More »

Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | ස්කුබී ඩූ සහ සුපිරි වීරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට.. ඔන්න අද මම අරන් ආවා මේ අවුරුද්දෙ නිකුත් වුන අලුත්ම ස්කුබී ඩූ ඇනිමේෂන් ෆිල්ම් එක. ඇතත්ටම මම මේක බාර අරන් දැන් මාසයක් විතර වෙනවා. මුලින්ම සමාව ඉල්ලනවා ඒ සිද්ධ වුන ප්‍රමාදය වෙනුවෙන්. එක පිට එක එන වැඩ හින්දා වගේම මේකෙ දෙබස් ගානත් වැඩි හින්දා නොදැනීම මේක පස්සට …

Read More »

Batman vs. Two-Face (2017) Sinhala Subtitle | කබා ආරක්ෂකයින් සහ ටූ ෆේස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් Marvel කොමික්ලාගේ Black Panther (2010) කෙටි ඇනිමේෂන් රූපවාහිනී කතා මාලාව ගෙනාවා. මේ පාර ගෙනාවේ DC කොමික්චි ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක Batman රසිකයන්ට ගොඩක් විශේෂ චිත්‍රපටයක්. ඒකට හේතුව මෙහෙම විස්තර කරන්න පටන්ගන්නම්. Batman (1966) කියන පරණම රූපවාහිනී කතා මාලාවේ ඉඳලා බැට්මෑන් / බෘෘස් වේන් විදිහට Adam West, බැට්මෑන් රසිකයින්ගේ හිත් ඇදබැඳගත්තා. …

Read More »

A Stork’s Journey (2017) Sinhala Subtitles | මගේ නම මිස්ටර් කොක්! [සිංහල උපසිරසි සමඟ]

2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු! ඔන්න පුන්චි කුරුලු …

Read More »

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves Sinhala Subtitles | වෘක බැටළුවා..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් …

Read More »

Ben 10: Race Against Time (2007) Sinhala Subtitles | කාලයට විරුද්ධව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම ඕගොල්ලන්ට අරගෙන ආවේ Ben 10:Race against time (2007) කියන ෆිල්ම් එකේ සිංහල උපසිරැසියයි. ඉතින් මම ඔයාලට කලින් අරගෙන ආපු Cheaper by the dozen 2 ෆිල්ම් එකට අදහස් දක්වපු බාගත කරගත් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.ඉතින් මේ පාරත් ගේන ෆිල්ම් එකත් ලස්සන කතාවක් තියන සුපිරි ෆිල්ම් එකක්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය …

Read More »

Paddington 2 (2017) Sinhala Subtitles | සැණකෙළියේ නිදානය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපේ නිර්මානි අක්කට මේ ටිකේ අධික ලෙස කාර්යය බහුල වුන එකට. එහෙම නොවෙන්න මට මේ අවස්තාව නොලැබෙන්න ඉඩ තිබ්බා. ඒ වගේම නිර්මානි අක්කාගෙන් පණිවුඩය දැනගෙන ටික දවසක් මට කියන්න අමතක කරලා උන්න බයිස්කෝප් මාමාට වගේම පින්තුරය කියූ සැනින් නිර්මාණය කරලා දුන්න අපේ සිසිල් සහෝදරයාටත් බොහොම ස්තුතියි. …

Read More »

Barbie Video Game Hero (2017) Sinhala Subtitles | බාර්බි හා වීඩියෝ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

මන් මේ ලිපි ලියන වැඩේටනම් දක්ශ නෑ..මොකද කියනවනම් මන් සාමාන්‍යයෙන් මේ වගේ ලිපියක් මගේ මුලු ජීවිතේටම ලියල නැති තරම්.ඒත් ඉතින් හැම දේටම පලවෙනි පාරක් තියෙනවනෙ ඔන්න එහෙනම් ලියන්න ගත්ත. ඇත්තටම මේක තමා මගෙ පලවෙනි සබ් එක .මගේ කඩ්ඩ දැනුමනම් මහ ලොකු එකක් නෙමේ.. ඒ නිසා අඩුපාඩුනම් නොසෑහෙන්න ඇති. . ඉතින් හැමදාම …

Read More »

Witness for the Prosecution (1957) with Sinhala Subtitles | යුක්තියේ තුලාව [සිංහල උපසිරසි සමඟ]

2009 මාර්තු මස 10 වන සඳුදා…… ශ්‍රී ලාංකික සිනමා රසික රසිකාවියන්හට අනුස්මරණිය දවසක් වුවාට කිසිදු සැකයක් නෑ. එදා මෙදාතුර රසික රසිකාවියන් ලද වටිනා සම්පත් අතරින් දියමන්තියක් බඳු වූ බයිස්කෝප් වෙබ් අඩවියේ පළමු වෙඩි මුරය තබන්නේ එදායි. ඉසිර ගුණතිලක හෙවත් පොතේ ගුරා නම් වූ ඔහු තමා නැරඹු Wild Hog නම් වූ …

Read More »

Ferdinand (2017) Sinhala Subtitle | හැමෝම තමන්ගේ ජිවිතයට ආදරෙයි. [සිංහල උපසිරැසි සමඟ]

මිනිස්සු එක එක ආකාරයේ ක්‍රීඩාවන්වල යෙදෙනවා, ඉතිං ඒ විදියට කරන එක ක්‍රීඩාවක් තමා ගොන් පොර කියන්නේ. මේ කතාවත් ඒ ගැන සබැඳි කතාවක්, හැබැයි ඊට කලින් ගොන් පොර ගැන දැනගෙන ඉමු. ඒක ඉතාම අමානුෂික ක්‍රීඩාවක්. මොන විදියට සිද්දවුනත් අන්තිමේදී ප්‍රේක්ෂකයින්ගේ සතුට උදෙසා වද වේදනා විඳලා, ඒ තිරිසනා තමන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවනවා. …

Read More »

Tad the Lost Explorer and the Secret of King Midas (2017) AKA Tadeo Jones 2: El secreto del Rey Midas Sinhala Subtitles | ටැඩ් ජෝන්ස් නැවතත්:මයිඩස්ගේ පලදනාව [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද ඔයාලට අද ඔයාලට ඇනිමේෂන් කතාවක් අරගෙන තමයි ආවේ. ඇත්තටම මේක Tad, the Lost Explorer (2012) දෙවෙනි කොටස.ඉංග්‍රීසි එකේ ගොඩක්ම වැරදි තිබ්බා,ඒවත් හදාගෙන තමයි ඔන්න මම අද මේ කතාව අරගෙන ආවේ.පලවෙනි කතාව මතක නැති කට්ටිය ඒක බලන්න. හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ටැඩ් ජෝන්ස්ව දැන් හැමෝම දන්නවා ඇතිනේ,එයා ගොඩක්ම කැමති …

Read More »

Fullmetal Alchemist (2017) AKA Hagane no renkinjutsushi Sinhala Subtitles | මම පොරොන්දුව රකිනවා, මාව විශ්වාස කරන්න [සිංහල උපසිරැසි සමඟ]

එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ ඇල්කෙමි විද්‍යාඥයෙක්. තාත්තා එයාලව දාලා ගියාට පස්සෙ …

Read More »

A Plastic Ocean (2016) Sinhala Subtitles | ප්ලාස්ටික්, සාගරයක් මැද [සිංහල උපසිරැසි සමඟ]

වාර්තා චිත්‍රපටයක් කිව්වම කට්ටිය පෝ..ඩ්ඩක් කම්මැලි උණත්, මේක ශ්‍රී ලංකාව නිසා හැදුණු චිත්‍රපටයක් කිව්වොත්? තවමත් ජාත්‍යන්තරයේ ඉහළින්ම ඇගයීමට ලක්වෙන 2016 වසරේ නිර්මාණය වුණ A Plastic Ocean, පසුගියදා 2018 SIMA සම්මාන උළෙලේදී සිය 15 වන ජාත්‍යන්තර සම්මානය ලබා ගනිද්දී IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.8ක් වගේ ඉහළ අගයක් රඳවා ගන්නත් සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයෙ …

Read More »

The Stray (2017) Sinhala Subtitle | අතරමං වූ ජීවිත යළි ආලෝකමත් කළ, ඒ අතරමං සුනඛයා… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ක්‍රිස්ටියන් ඩේවිස්. මගේ අම්මට බලාගන්න තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තාට මම වෙනුවෙන් වෙන් කරගන්නවත් වෙලාවක් නැහැ. කොටින්ම මම ඉස්කෝලේ කුඩා ලීගයට සෙල්ලම් කරන නිසා මට බාස්කට් බෝල් සෙල්ලම් කරන විදිහ තාත්තාගෙන් ඇහුවම එයා කීවේ අම්මගෙන් උදව් ඉල්ලගන්න කියල. එයාගේ වැඩේම ඔෆිස් එකේ වැඩ කරන එකයි චිත්‍රපටි, ටීවී …

Read More »
error: Alert: Content is protected !!