You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / ළමයින්ට (page 20)

ළමයින්ට

Cheaper by the Dozen (2003) with Sinhala Subtitles | කරදර පිට කරදර [සිංහල උපසිරැසි සමඟ]

අදත් ගෙනාවේ කොමඩි ෆිලුමක්. මේක මං කරන්න හිතාගෙනම හිටපු ෆිල්ම් එකක් නෙමෙයි. මේක මම පලවෙනි උපසිරැසය කරපු දවස් වල කෙනෙක් ඉල්ලලා තිබුණා ඉතින් කරන්න ෆිල්ම් එකත් නැති එකේ මේක බාරගෙන කරා. කතාව ගැන කිව්වොත්, මේකේ ටොම්ටයි කේට්ටයි ළමයි දොළහක් ඉන්නවා. මෙයාලා ජීවත් වෙන්නේ මිඩ්ලන්ඩ් වල.ළමයි හැමෝම මිඩ්ලන්ඩ් වලට කැමතියි. ඔය …

Read More »

Best of the Best (1989) with Sinhala Subtitles | හොදමයින් ගෙන් හොදමයින්! [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම සුබ දවසක්  කියන ගමන් මන් අරන්ගෙන අවා පරණ චිත්‍රපටයක්. පරණ උනාට සටන් වලින් පිරුණු චිත්‍රපටයක් 1989 තිරගත් වුන මේ චිත්‍රපටය IMDb අගය 6.4 ලබාගෙන තියෙනවා. පැයයි විනාඩි තිස්හතක් ධාවනය වන මේ චිත්‍රපටය කිසිම පාළුවක් නැතුව පවුලේ සැමටම බලන්න පුළුවන්. එහෙනම් පොඩි විස්තරක් කියන්නම් ඔන්න එහෙනම්. කොරියාවේ පැවතෙන කරාටි තරගාවලියකට …

Read More »

The Great Gilly Hopkins (2016) with Sinhala Subtitles | දඟකාරියකගේ ජීවන පුවත [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්! මම අද ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන ළමා චිත්‍රපටියක් අරගෙනයි. මේක මගේ පළවෙනි උපසිරැසිය නම් නෙමෙයි. පෞද්ගලික භාවිතයට මම සිංහල උපසිරැසි නිර්මාණය කළත් බයිස්කෝප් සිංහලෙන් සමඟ උපසිරැසියක් බෙදාගන්නා පළමු වතාව තමයි මේක. හරි අපි කතාව දිහාවට හැරෙමු, මේ කතාවේ ප්‍රධාන චරිතය ගිලී කියලා ගැහැණු ළමයෙක්. ඇය ඉන්නේ පුංචි …

Read More »

The Batman [S03 : E10] with Sinhala Subtitles | පොඩි ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අපි දහ වැනි කොටසටත් ඇවිල්ලා. තුන් වෙනි සීසන් එක ඉවර කරන්න තව තියෙන්නේ කොටස් තුනයි. හොඳයි එහෙනම්. අද කතාව ගැන පොඩි පූර්ව කථනයක් දෙන්නයි යන්නේ. බැට්ගර්ල් ගේ ආගමනයත් එක්ක බැට්මෑන් කතාව තවත් වෙනස් අතකට යන්න පටන් ගත්තා. බැට්ගර්ල්, එහෙම නැත්නම් බාබරා, එහෙමත් නැත්නම් ගෝතම් පොලිස් අධිකාරී තුමා ගේ දෝණී …

Read More »

Honey, I Shrunk the Kids (1989) with Sinhala Subtitles | අරැම පුදුම යන්තරය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 10 වෙනි සබ් එක. මං අන්තිමට සබ් එකක් දුන්නෙ මීට මාස 3කට විතර කලින්. පහුගිය ටිකේ හරියට වෙලාවක් නොතිබුණ නිසා සබ් එකක් කරන්න අවස්තාවක් ලැබුනෙම නෑ. අන්තිමේදි කොහොම හරි මේ ෆිල්ම් එක වෙනුවෙන් සබ් එකක් හැදුවා. මේ වතාවේ මා රැගෙන ආවේ ළමා චිත්‍රපටයක්. …

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, …

Read More »

The Batman [S03 : E09] with Sinhala Subtitles | බැට්මෑන් සහ සෙල්ලම්බඩු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද අරන් ආවේ නව වෙනි කොටස. තුන් වෙනි සීසන් එක නේ මේ යන්නේ ඉතින්. ඔයාලට මතකද කෑෂ්? කෑෂ් කියද්දි සල්ලි මතක් වෙනවද? නැත්නම් Cache මතක් වෙනවද 😀 ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අපි වගේ උදවියට කෑෂ් කිව්වම මතක් වෙන එක දෙයක් තමා Cache Memory. ඒ බයිලාවක් නෙවෙයි නේ කියන්න ආවේ, කෑෂ් …

Read More »

Underdog (2007) with sinhala subtitles | වීර බව්වා නොහොත්, සුපිරි බව්වා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මට ඉක්මනටම මගේ පස්වෙනි නිර්මාණයත් ගේන්න පුළුවන් වුනා. වැඩි කතා නැතුව ඔන්න මම වැඩේට බහිනවා. මේ කතාව නම් මට කෙටියෙන්ම සුපර්මෑන් ෆිල්ම් වගේම ගින්දර කතාවක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලට රූපෙන්ම හිතාගන්න පුළුවන්නේද? මේක මම බැලුව පට්ටම කතා වලින් එකක්. ම්ම්ම්… ආ, මේක Imdb අගය 4.8 අරන් තියෙනවා. ඇත්තටම …

Read More »

A Dennis the Menace Christmas (2007) with sinhala subtitles | දඟයා සමග නත්තල් [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළවෙනි සිංහල උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ නත්තල් කාලේ නිසා මේ චිත්‍රපටියත් නත්තල් කාලේට ගැළපෙන නිසා මට හිතුනා මේකට උපසිරැසි කරන්න. ඔයාලා ගොඩක් අය දන්න චරිතයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්නෙ. ඒ තමයි “දඟයා”. සිරස TV එකේ මේ කාටූන් එක බලපු අය හොදට දන්නවනෙ ඉතින් මේ පොඩි එකා …

Read More »

Planet Earth II [EP E04] Sinhala Subtitles | කතරක ජීවය… [සිංහල උපසිරැසි සමඟ]

පෘතුවි ලෝකයේ අපේ ඇසට දැකගන්න නොලැබෙන දේ බොහොමයක් සමඟින් ඔබ හා එක වුන මේ වැඩසහනේ කාන්තාර මුලික කරගත් කොටසේ උපසිරැසි දායකත්වය ඔන්න මගෙන් එහෙනම්. මීට කලින් මේ කතාව නොබලපු කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියන්නේ අනිවාර්යෙන්ම මුල ඉඳල මේ වැඩසටහන බලන්න. මොකද මේ වගේ දේවල් සල්ලි කොච්චර තිබුනත් ඉවසීම නැතිනම් පියවි …

Read More »

The Batman [S03 : E08] with Sinhala Subtitles | වස මල් කුමාරී [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. තාක්ෂණික දෝෂයක් නිසා මේ දවස් වල සබ් කරන්නෙ හරිම අමාරුවෙන්. කොහොම අමාරුවෙන් කළත් සීසන් පහම ඉවර කරලා මිසක් නවත්තන්නෑ. අන්තිම ලේ බිඳුව දක්වා සටන් කරනවා 😀 බැට්මෑන් ගෙ ඒවම සබ් කරලා දැන් බැට්මෑන් කියන්නෙ එහා ගෙදර අයියා තරමට දන්න ඩයල් එකක් වෙලා ඉන්නේ. එහෙනම් වැඩි බණ නැතුව අද …

Read More »

Legends of the Hidden Temple (2016) with Sinhala Subtitles | සැඟවුණු ශිෂ්ටාචාරයේ පුරාවෘත්තය [සිංහල උපසිරසි සමඟ]

තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් ඉක්මනින්ම.මේක ඇත්තටම Nick නාලිකාවේ විකාශනය කරපු ෆිල්මි එකක්. Adventure, Family පැත්තට අයිති වෙන කිසිම කමිමැලිකමක් නැතුව පවුලේ ඔක්කොම එක්ක බලන්න පුළුවන් නියම ෆිල්මි එකක්. IMDB 6.6 අගයක් ලබාගෙන තියෙනවා. 2016 නොවැමිබර් 26 වෙනිදා තමයි මුලින්ම විකාශනය වුනේ. දැන් කතාව ගැන ටිකක් කියන්නමිකෝ. සහෝදරයෝ තිදෙනෙක් ඉන්නවා …

Read More »

Soul Surfer (2011) with sinhala subtitles | ආත්මීය රැලි පදින්නිය [සිංහල උපසිරසි සමඟ]

ආයු‍බෝවන්! යාළුවනේ, මගේ නම නිරෝෂන් (නීරෝ) , අවුරුදු ගණනාවක්ම බයිස්කෝප් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගිහිල්ලා බයිස්කෝප් යාළුවන්ට පින් සිද්ධ වෙන්න, ගොඩක් Films, T.V Series සිංහල තේරුමත් එක්ක රස වින්දා. එහෙව් එකේ මටත් හිතුනා අනිවා මමත් සබ් එකක් කරනවා කියලා. අද ඊයේ නෙවෙයි අවුරුදු තුනකට කලින් ඒත් ‍ඒක කරන්න උනේ …

Read More »

High School Musical 3: Senior Year (2008) with sinhala subtitles | සොඳුරු සමයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයි ස්කූල් මියුසිකල් චිත්‍රපට තුනම අවසානයි. මේකට පස්සෙ ආපු තවත් එකක් තියෙනව කියල තොරතුරු ලැබුණ. බලමු ඒකත් හොයාගන්න පුලුවන්ද කියල. ගීත ගොඩක් තිබුණ, ඒත් කිහිපයක්ම මම අයින් කරල දැම්ම. එකක් දෙබස් වගේ නෙවේ ගීත වලට සිංහල අදහස් දාන්න මගේ ඉංග්‍රීසි දැනුම මදි. ඒක නිසා ගොඩින් බේරෙන්න, අවශ්‍ය නෑ කියල …

Read More »

The Batman [S03 : E07] with Sinhala Subtitles | කළු පූසෝ [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් රසිකයෝ හැමෝටම ආයුබෝ වේවා! ඔන්න තුන් වෙනි සීසන් එකේ හත් වෙනි එපිය ගෙනාවා. අද වෙනස් කතාවක් අරන් ආවේ. මේ දවස් වල ගෙනාව ගොඩක් එපි වල අපේ බාබරා කෙලි පැටික්කී ඉන්නවා. බැට්ගර්ල් ගෙ ඇත්ත නම බාබරා ගෝර්ඩ්න්. දන්නවා නෙ. ඔන්න අද ගෙනාව එකෙත් ඉන්නෝ ඈ. ඒ වගේම ඔයාලා දන්න කියන …

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ …

Read More »

Planet Earth II [EP E03] Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී  “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා …

Read More »

The Batman [S03 : E05] with Sinhala Subtitles | කාර් රේස් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව …

Read More »

Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ. කොහොමවුණත් මට පුද්ගලික ඉස්කේලෙකට යන්න පුළුවන්කම ලැබුණා ඒ ඉස්කෝලෙන් මම වගේ අසරණ මුදල් අවශ්‍යතා තියෙන දුප්පත් ළමයින්ව ගත්තු නිසා. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ අම්මා …

Read More »

Planet Earth II [EP E02] | Sinhala Subtitles | ලොවෙන් සැඟවුන කඳුකර ජීවිත.. [සිංහල උපසිරැසි සමඟ]

ප්ලැනට් අර්ත් කණ්ඩායම කඳු වලට බොහොම කැමැත්තක් තියන පාටයි. මොකද පලවෙනි කතා සමයේදීත් දෙවැන්න වෙන් උනේ කඳු වලට. මේ පාරත් එහෙමමයි. ඉතින් කඳු කියපු ගමන් අල්ලපු වැටේ තියන හිමාලය මතක් උනාට අපිට කවදාවත් ඒවායේ ජිවත් වෙන සත්තු ගැන හිතිල නැහැ නේද? අපිට නොහිතුනත් අපුරු අන්දමේ සතුන් විශේෂ රැසක්ම මේ කඳු …

Read More »
error: Alert: Content is protected !!