You dont have javascript enabled! Please enable it!
Wednesday , July 8 2020
Breaking News

ළමයින්ට

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් …

Read More »

Code M (2015) with Sinhala Subtitles | සැඟවුණු අසිපතක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම.. මම කලින් දෙකම කලේ කාටූන් දෙකක්.ඉතිං මම හිතුව මේ පාර ටිකක් වෙනස් වැඩක් කරන්න… මේක ඇවිල්ල ප්‍රංශ ළමා කතාවක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Dennis Bots කියන අධ්‍යක්ෂවරයා.මේකට IMDB 6.7ක අගයක් ලැබිල තියෙනව. මේක ගොඩක් ලස්සන …

Read More »

Midnight Special (2016) With Sinhala Subtitles| රාත්‍රී කාලයේ පමණක් අවදිවන ළමයා.. [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා. කතාව යන්නේ විශේෂ ළමයෙක් ගැන. මේ ළමයාගේ ඇස් වලින් ලොකු බලයක් තියන ආලෝක ධාරාවක් පිටත් වෙනවා. මෙයාට ඉර එලියට …

Read More »

Capture the Flag (2015) with Sinhala Subtitles | හඳට යෑම [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්නවනේ නීල් ආම්සුට්‍රෝන් හදට ගිය කථාව. මන් දැන් කියන්න යන්නේ ළමයි දෙන්නේකුයි සීය කෙනෙකුයි හදට ගිය කථාවක් ගැන. ඇත්තටම මේක ලස්සන ඇනිමේශන් කථාවක්. මේක  imdb අගය 5.7 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යකෂක වරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ Enrique Gato . මේක ලියලා තියේනනේ  Patxi Amezcua  Jordi Gasull  …

Read More »

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු …

Read More »

Ghostbusters (1984) with Sinhala Subtitles | ගෝස්ට්බස්ටස් 1: සුමේරියානු උප දෙවතාව!! [සිංහල උපසිරැසි සමඟ]

මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ   පුස්තකාලයක  සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියවයි. එයා කියනවා පුස්තකාලේ හොල්මනක් ඉන්නවා කියලා. මේ කට්ටිය ඊට …

Read More »

The Invitation (2015) With Sinhala Subtitles| පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එකම ළමයා ටයි නැතිවෙලා. ඉතින් …

Read More »

Naruto: Blood Prison (2011) with Sinhala Subtitles | රුධිරයේ සිරගෙය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු. නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක …

Read More »

The Finest Hours (2016) With sinhala subtitles | සැඩ සයුරේ මුදාගැනීමේ මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න මම කාලෙකට කලින් ඉල්ලගත්ත ෆිලුමක් අරන් ආවා.මේක ඇවිත් දැන් ටික දවසක් වෙනවා.මුලින්ම හරිහමන් සබක් තිබ්බේ නැහැ.ඊටපස්සේ ඉතින් අවුරුදු කාලේ එක්ක අතපසු වුනා.මේ හදපු  ඉංග්‍රීසි උපසිරසියත් 100%ක් නිවැරදි නැහැ.ඉතින් ඒ අඩුපාඩුත් හදන්න වුනා. කොහොමෙන්හරි අන්තිමේ ඉවරයක් කළා වැඩේ.සිනමාපටය නමින් THE FINEST HOURS. ජනවාරි මස 21වැනි දින තමා විකාශය …

Read More »

Supilinna Salaselts aka Secret Society of Souptown (2015) with Sinhala Subtitles | පුංචි වීරයන්…. [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම 18+ ඒවා, භයානක චිත්‍රපට අරගෙන ආව එකේ මම වගේ පොඩි ළමයින්ට බලන්න චිත්‍රපටියක් අරගෙන එන්න හිතුවා. මේක එස්ටෝනියානු භාෂාවෙන් දිවයන චිත්‍රපටයක්. සමහරු නම් මෙහෙම එකක් ගැන අහලත් නැතුව ඇති. එස්ටෝනියාව තියෙන්නේ උතුරු යුරෝපයේ ෆින්ලන්ත හරියට වෙන්න. මේක මම උපසිරැස කරනා 10 වැනි භාෂාව. Mika Keränen අතින් ලියවුන ළමා …

Read More »

Open Season: Scared Silly (2015) with Sinhala Subtitles | උත්සව සමය නැවතත්:වෘක පුරාවෘතය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!. කැලේ ජිවත්වෙන අහිංසක සත්තු ටිකක් වටා ගෙතෙන කතාවක් තමයි මේ උත්සව සමය කියලා කියන්නේ. බුග් සහ එලියට් කියන්නේ හොදම යාලුවෝ,ඔන්න දවසක් එලියට් කැලේ සත්තු ටිකට භයානක කතාවක් කියනවා කැලේ සත්තු ටික ඒක හොදට අහගෙන ඉන්නවා. ඒ කතාව විලින් වැම්පස් …

Read More »

Ice Age: The Great Egg-Scapade (2016) with Sinhala Subtitle | හිම යුගයේ වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව,  ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සමහරු එක …

Read More »

Resan till Fjäderkungens Rike aka Beyond Beyond (2014) With Sinhala Subtitles| අත් නොහරින උත්සාහය… [සිංහල උපසිරසි සමඟ]

Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක …

Read More »

Mune: Guardian of the Moon (2014) With sinhala subtitles | නව ආරක්ෂකයින්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි. අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා …

Read More »

Vil Ambu (2016) with Sinhala Subtitles | ජිවිතය තියෙන්නේ අපේ අතේ නෙමෙයි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න ඔයාලට මුලින්ම කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා… ඔන්න මම අලුත් අවුරුද්දට ඔයාලට බයිස්කෝප් තුනක්ම තෑග්ගක් විදියට අරන් ආවා… බයිලා ඇතිනේ කතාව පැත්තට හැරෙමුකො… ලෝකයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. සමහරු එක එක විදියට ජිවත් වෙන්නේ.වෙනස් තත්වයන් යටතේ. සමහරු විද්‍යාඥයන් විදියට.සමහරු තේ බෙදන්නන් විදියට. සමහරු ගුවන් …

Read More »

Batman & Mr. Freeze: SubZero (1998) with Sinhala Subtitles | “මිස්ට ෆ්‍රීස්ගේ ආගමනය” [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? මම ඔන්න තව ඩීසී මූවි එකක් අරන් ආවා. ඇත්තටම මේක මම භාරගත්ත එකක් නෙවෙයි, මේක මට ශාන් අයියා තමයි කරන්න කිව්වේ. ඉතින් මුලින්ම මම ඒකට එයාට ස්තූති කරන්න ඕනෙ. මේක ඇත්තටම 1998 හදපු නිකුත් වූ ෆිලුමක්. මේක පරණ වූවට, ගොඩක් හොද, හිට් වෙන ෆිල්ම් එකක්. මේකට හඩින් දායක …

Read More »

Scooby-Doo! Music of the Vampire (2012) With Sinhala Subtitles| “වැම්පයර් මනාලිය” [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පලවෙනි ඇනිමේෂන් ෆිල්ම් එක විදිහට මට ස්කූබි ඩූ ෆිල්ම් එකක්ම තෝරාගන්න පුළුවන් වුනා. ආසා නිසා වැඩි මහන්සියක් දැනුනෙත් නෑ. 2012 release වුන මේ ෆිල්ම් එකටත් imdb අගය 6.5ක් අරන් තියනවා. ස්කූබි ඩූ ෆිල්ම් වලට සාමන්යෙන් හොඳ imdb අගයක් හම්බෙනවමනේ 😉 . මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් විස්තර කරන්න …

Read More »

Dumbo (1941) with Sinhala Subtitles | අලි පුංචෙක් නෑ නෑ කුරුල්ලෙක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය… දැන් ඔන්න බනින්නනම් එපා මේක දැකල යකෝ උබ ඒ ලෙවල් කරන්නෙ නැද්ද කියල එහෙම.මේක ඉතින් මගේ ආසාව තමා.ඒත් මේකෙන් පස්සෙනං මං ආයෙ ෆිලුමක් අරං එන්න බලාපොරොත්තුවෙන්නෙ ලබන අගෝස්තුවලින් පස්සෙ තමා. මේකටත් ඉල්ලල මේල් එකක් දැම්මෙ ඉන්නම බැරිතැන. මේ මගේ දෙවෙනි සබ් එක මේ සබ් එක කරන්න තෝරගන්නත් හේතුව …

Read More »

Norm of the North (2016) with Sinhala Subtitles | උත්තර ධ්‍රැවය බෙර ගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

හිතපු නැති විදිහට අද උපසිරසියක් ගේන්න වුණා. මේක මම කරන්න හිටපු එකක් නෙවේ. අපේ කාටූන් අක්කා තමා කරන්න අරගෙන තිබ්බෙ. පස්සෙ එයාට හදිස්සි වැඩක් වැටිලා විමාට දීලා තිබුණා කරන්න. ඊට පස්සෙ විමාටත් වැඩ වැඩියි කියලා මගේ පැත්තට ආවා. ඉතින් මාත් ෆ්‍රී වෙලාවක හිටපු නිසා භාරගත්තා කරලා දෙන්න. මට හම්බෙනකොටත් ලයින් …

Read More »

Astro Boy (2009) with Sinhala Subtitles | පුංචි සුපිරි රොබෝ වීරයා. [සිංහල උපසිරැසි සමඟ]

“ටෝබි තෙන්ම” කියන මැදි වයසේ ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ.එයා ජිවත් වෙන්නේ මෙට්‍රෝ කියන නගරයේ. ඒකතියෙන්නේ පෘතුවියෙන් ඉහල හරියට පාරාදීසයක් වගේ,ඒ වගේම කට්ටියක් පෘතුවියෙත් ජිවත් වෙනවා,පහල කොටසේ.. ටෝබිගේ තාත්තා හොද ප්‍රසිද්ධ විද්ඥයෙක් සහ විද්‍යා දෙපාර්තමේන්තුවේ සභාපති ලෙස කටයුතු කරනවා.එත් එයා එයාගේ පුතා එක්ක සම්භන්ධකම් දුරස් කරගන්නවා එයාගේ වැඩත් එක්ක. Dr. තෙන්ම …

Read More »
error: Alert: Content is protected !!