Monday , February 19 2018
Breaking News
Home / ෆැන්ටසි

ෆැන්ටසි

Howard Lovecraft and the Frozen Kingdom (2016) Sinhala Subtitles | හෝවාර්ඩ් සහ හිම මිදුණු මායා රාජධානිය [සිංහල උපසිරැසි සමඟ]

හායි යාලුවනේ, ඔන්න අලුත් බයිස්කෝප් එකක් අරන් මම ආවා ඔයගොල්ලෝ හමුවට. මේක මගේ මුල්ම උපසිරැසි ගැන්වීම. ආසාව නිසාම වැඩේ කරන්න භාරගත්තට ඇත්තටම ඒක හිතන තරම් ලේසි වුණේ නැහැ. මොකද මේ චිත්‍රපටිය වෙනුවෙන් තියෙන ඉංග්‍රීසී උපසිරැසි සාමාන්‍ය භාවිතයට වඩා ගොඩක් වෙනස් වචන එහෙමත් ගොඩක් තිබ්බා. ඉතින් ඒ නිසා මේකට හිතුවට වඩා …

Read More »

The Imaginarium of Doctor Parnassus (2009) Sinhala Subtitles | ඩොක්ටර් පෝනාසස්ගේ සිහින රාජ්‍යය!!! [සිංහල උපසිරසි සමඟ]

මේක මම කරන දෙවැනි උපසිරැසිය.කලින් පාර ටිකක් පරණ ෆිල්ම් එකක් (A Tale of Two Cities) කරපු නිසා මේ පාර ටිකක් අලුත් ෆිල්ම් එකක් කරන්න හිතුනා. අලුත් කිව්වට ඉතින් අලුත්මත් නෑ. ඒවගෙන් වැඩක් නෑ, කෙළින් ම කතාවට බහිමුකෝ; මේ චිත්‍රපටිය IMDb 6.8, Rotten Tomatoes 64% ලබා ගත්තු එකක්. Terry Gilliam අධ්‍යක්ෂණය …

Read More »

Dragonheart: Battle for the Heartfire (2017) Sinhala Subtitles | මකර හදවත සමග බැදිම… [සිංහල උපසිරැසි සමඟ]

  ලිපිය- සුධීර මාලන් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ ගොඩක් කාලෙකට කලින් බාර ගත්ත උපසිරසියක් අරන් ආවා ඔයාලට බලන්න. ඇත්තටම මෙ උපසිරසියේ වැඩි හරියක්ම මට කරලා ලොකු සහයක් දුන්නේ රවිදු රුක්ශාන් මලයා ඉතින් මලයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වෙනුවෙන්. ඉතින් ෆැන්ටසි ප්‍රිය කරන මකරුන්ගේ හින ලොක වල ගිලෙන්න කැමති ඔයාලාට ගැලපෙනම …

Read More »

Alien vs. Ninja (2010) Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මං තවත් පට්ට සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2010 වර්ෂයේ තිරගත වුණු ෆිල්ම් එකක්. මේකට හොඳ IMDB රේටිංග් එකකුත් තියෙනවා. මේක පැය 1යි විනාඩි 20ක ධාවන කාලයක් තියෙනවා. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ඉන්න චරිත ගැන කියනවනම් ෆිල්ම් එකේ ඉන්නවා යමාටා …

Read More »

Voldemort: Origins of the Heir (2018) Sinhala Subtitles | අඳුරු මායාවේ උරුමකරුවාගේ සම්ප්‍රාප්තිය.. [සිංහල උපසිරසි සමඟ]

හැරී පොටර් චිත්‍රපට මාලාව නොබලපු කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. (එහෙම කිව්වත් තාමත් හැරී පොටර් නොබලපු අයත් ඉන්නවා.) කොහොමහරි අද මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ අපි පිස්සුවෙන් වගේ නරඹපු හැරී පොටර් චිත්‍රපට මාලාව ඇසුරින් නිර්මාණය වුන Voldermort: Origins of the Heir 2018 චිත්‍රපටය. චිත්‍රපටයක් කිව්වට මේකේ විශේෂයක් තියනවා. …

Read More »

The Shape of Water (2017) Sinhala Subtitles | හැඳිනීමි, ස්වරූපය ප්‍රේමයේ! [සිංහල උපසිරසි සමඟ]

කෙටි නිහැඩියාවකට පස්සේ මම අරගෙන ආවේ 2017 වර්ෂයේ නිකුත් වුන, Imdb දර්ශකය 8.1 ක් දිනා ගන්න සමත් වුන, මෑතකදි පැවති Golden Globe සම්මාන උළෙලේ Best Motion Picture, Best Supporting Actor in Motion Picture, Best Director of a Motion Picture, Best Original Score, Best Screenplay of a Motion Picture කියන සම්මාන …

Read More »

No Smoking (2007) Sinhala Subtitles | දුම් බීම තහනම් [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ මම අරගෙන ආවෙ ටිකක් නෙවෙ ගොඩක්ම අමුතු film එකක්. සමහර වෙලාවට හිතෙනවා ටිකක් Interstellar හා Inception කියන film දෙක එකතු කරලා නිර්මාණය කරපු එකක් වගෙද කියලා. (නමුත් ඒ film දෙකම ආවෙ මේ film එකට පසුවයි). ඒ කියන්නෙ මේ film එක නැරඹුවාට පසුව නරඹපු කෙනාගෙ හිතට විවිධ ප්‍රශ්න එනවා. …

Read More »

The Santa Clause (1994) Sinhala Subtitles | නත්තල් සියා [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ නත්තලක් වේවා බයිස්කෝප්වාසි ලෝකවාසී සියලුදෙනාටම !⛄ඔන්න නත්තල් කාලේ හින්දා මං පස්වෙනි උපසිරසියට නත්තල ගැන කියවෙන ෆිල්ම් එකක් ගෙන්න හිතුවා.Santa clause (1994) තමයි ෆිල්ම් ඒක.පුළුවන් ඉක්මනින් නත්තල් දවසෙම (25)සබ ඉවර කරත් ලිපියට වෙලාව නැති උනා.මොනව කරන්නද ඉතින්,හරි එහෙනං තවත් වැල්වටාරම් නැතුව අපි කතාව ගැන බලමු.☺ 1994 November 11 දා …

Read More »

The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …

Read More »

The Battleship Island (2017) Sinhala Subtitles | අමානුෂිකත්වය පිරි කුරිරු දූපතෙන් පැන යාමේ වෙහෙසකර සටන [සිංහල උපසිරැසි සමඟ]

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලෙකුට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ …

Read More »

Golmaal Again (2017) Sinhala Subtitles | සිනහව – කඳුල අතරේ දෝලනය වූ වියරු පළිගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

ගෝපාල්, මාධව්, ලකී, සහ ලක්ෂ්මන් දෙදෙනා යන පස් දෙනා කුඩා කාලයේ පටන්ම ජීවත් වුනේ ජම්නාදාස් යන පුද්ගලයා විසින් පවත්වාගෙන යනු ලැබූ ජම්නාදාස් අනාථ ආශ්‍රමයේ. ළමයි කොහොමත් දඟකාරයි. හැබැයි, මේ ළමයි පස් දෙනා නම් අනිත් හැම ළමයෙක්ටම වඩා දඟකාර වුණා. කොයි වෙලාවෙත් මොකක්හරි මගෝඩි වැඩක්ම තමයි කලේ. මේ පස්දෙනා අතුරින් ගෝපාල් …

Read More »

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය …

Read More »

Rendel (2017) Sinhala Subtitles | වියරු පළිගැනීමෙන් උපත ලැබූ ඝාතකයා! [සිංහල උපසිරැසි]

කාටවත් කරදරයක්, හිංසාවක් නැතුව ජීවත් වෙච්ච අහිංසක මනුස්සයෙක්. බිරිඳයි, පුංචි දියණියයි තමයි මුළු ලෝකයම වුනේ. රැකියාවක් විදියට ආයතනයක මූල්‍ය අධ්‍යක්ෂක කෙනෙක් විදියට වැඩ කළා. හැබැයි, හොඳ මිනිස්සුන්ට වරදින්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒ කතාව සැබෑවක් කරමින් මේ අහිංසක මනුස්සයටත් වැරදුණා. නිකරුනේ රැකියාවෙන් දොට්ට දැම්මා. රැකියාවක් නැති මනුස්සයෙක් …

Read More »

The Shannara Chronicles [S02 : E10] Sinhala Subtitles | අදුරේ විනාශය, ආලෝකයෙ ජයග්‍රහණය සහ වීරයකුගෙ නික්ම යාම! [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං පුළුවන් ඉක්මනටම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දහවන කොටස එහෙමත් නැත්නම් අවසාන කොටහ. ඔව් ඔව් හිතවතුනි. අදින් දෙවැනි සමය අවසානයි. හරි එහෙමනම් කට්ටියට මං කතාව ගැන පොඩි විස්තරයක් දීලම ඉන්නම්කො. ශනාරා දෙවැනි කතාසමයට පාදක වෙලා තිබ්බේ ඉන්ද්‍රජාලික ස්වාමියා කියලා බලගතු මායාකරුවෙක්ගේ යළි ආගමනයක්. ඒ …

Read More »

The Shannara Chronicles [S02 : E09] Sinhala Subtitles | අදුරට නතුවීම [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙනම් ගෙනාවා ශනාරා ක්‍රෝනිකල් නවවැනි කොටස. ආව දවසෙම රෑ 8.45 වෙද්දි කොටාගත්තා. හරි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ අපි දැක්කනේ සිව්දේශයට ලොකු වදයක් වෙලා තිබ්බ ක්‍රිම්සන්ලගෙ නායකයා රීගාව ඉන්ද්‍රජාලික ස්වාමියා සිය අතින්ම මරලා දැම්මා.. ඒ වගෙම විල්ටත් ඇහැකි උනා එල්ක්‍රිස් වෙත ගිහින් ශනාරා අසිපත …

Read More »

Mersal (2017) Sinhala Subtitles | වෛද්‍ය විද්‍යාවේ දූෂණය හෙළිදරව් කිරීමට [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභම සුභ දවසක්..!ඔන්න එහෙනම් ඔබ මෙතෙක් කල් රසවින්දනය උදෙසා නොඉවසිල්ලෙන් පුලා පුලා මඟ බලන් සිටි තවත් අනර්ඝම බයිස්කොප් එකක් සමඟිනුයි සඳුන් ධනුෂ්ක සහ තරිඳු රුක්ෂාන් පෙරේරා යන අප දෙදෙනා බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණියේ..!!එසේනම් වැඩි අටුවාටිකා නැතිව මේ ලිපිය ලියනා මම තරිඳු, සඳුන් ධනුෂ්ක සහෝට මා හටද …

Read More »

Wu Kong (2017) sinhala subtitles | දෙවියන්ට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ අරන් එන්නෙ මගෙ පස්වෙනි සබ්එක. මගේ කලින් සබ Teen Titans: The Judas Contract (2017) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.ඔයාල හැමෝම සන් වූ කොංග් ව අදුරනව ඇතිනෙ. මෙයාව සන් වුකොංග්, කොංග්, සුන් වුකොංග්, මංකි කිංග්, ගෝකු කියන නම් වලින් වගේම තවත් නම් ගොඩකින් හදුන්වනු ලබනවා. …

Read More »

The Shannara Chronicles [S02 : E08] Sinhala Subtitles | සත්‍යයේ මංපෙත [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඊයේ රෑ හත දුන්නානේ. ඔන්න අද උදේම අරගෙන ආවා අටවන කොටහත්. එහෙමනම් අපි බලමු නේද මොකෝ වෙන්නේ කියලා.. කලින් කොටස ගැන කිව්වොත් මෙච්චර දවස් බැන්ඩන් දරපු උත්සාහය සපල වෙනවා දකින්න ඇතිනේ. ඔව් ඔව් ඉන්ද්‍රජාලික ස්වාමියාට ආපහු ජිවය ලැබුනා. හැබැයි බැන්ඩන් ඔහුට ලබාදෙන්නේ ඇලනොන්ගේ පෙනුම කියලත් දකින්න ඇතිනේ. ඉතින් …

Read More »

The Shannara Chronicles [S02 : E07] Episode Sinhala Subtitles | ඉන්ද්‍රජාලික ස්වාමියාගේ පුනරාගමනය! [කතාංගගේ සිංහල උපසිරැසි]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් 7වෙනි කොටස..අදනම් ආව දවසෙම රෑ 7.30 වෙද්දී වැඩේ අහවරක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙන්නේ කියලා. ගිය සතියේ පැරනොර්වලදී බැන්ඩන් කොහොමහරි විල්වත් පරද්දලා ඇලනොන්ටත් ඉන්ද්‍රජාලික ස්වාමියාගේ අසිපතෙන් හානි කරලා පලා යන්න සමත් උනා. අපි දැක්කා ඒ නිසාම ඇලනොන්ව සිහි …

Read More »

The Shannara Chronicles [S02 : E06] Episode Sinhala Subtitles | අනාගතයේ අමිහිරි දසුන්! [කතාංගගේ සිංහල උපසිරැසි]

ඔන්න එහෙමනම් ගෙනාව හයවැනි කොටහත් ඉක්මනට. කලින් කොටස බලලා කට්ටිය නොඉවසිල්ලෙන් වෙන්නැති ඉන්න ඇත්තේ. ඒ නිසා බලමු මොකෝ වෙන්නේ කියලා. පැරනොර්වලට ගිය විල්ට අන්තිමේ තමන්ගේ මාමාව බේරගන්න හිස්කබල තියෙන තැන හොයාගෙන යන්න සිද්ද උනා මෙරිත් එක්ක. මේ දෙන්නව ගිහිල්ලා නතර උනේ සැගවුණු නිම්නයේ. හැබැයි ඒ ෂියා ඔහාම්ස්ෆොඩ් සහ විල්ගේ අම්මා …

Read More »