You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , September 19 2019
Breaking News
Home / TV / ඉංග්‍රීසි (page 4)

ඉංග්‍රීසි

Marvel’s Cloak & Dagger [S02 : E01] Sinhala Subtitles | ලෝකය හොද තැනක් කිරීමට නම්…!!! [සිංහල උපසිරසි සමඟ]

බෑ කියන්න බැරිවෙන්නම පලවෙනි එපිසෝඩ් එකේ ලිපියෙන්ම මාව මේ කරදරේට දාපු සමීර කොලුවා නිසා තමා මේ ලිපිය ලියන්න උනේ. කොහොම හරි ඉතින් කට්ටියට මේ අලුත් කතාව ගැන විස්තර ටිකක් කියන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. මුලින්ම කියන්න ඕනි මන් මෙතැනදී කියන්නේ කොමික් තොරතුරු ටික තමයි. මොකද MCU එකට එද්දී කතාව ගොඩක්ම …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E13] Sinhala Subtitles | ස්වර්ගයෙන් නැගෙන ගින්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඔන්න ආයෙත් හමුවෙන්නෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන ගමන්. එහෙනම් බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල. පසුගිය කොටසින්.. ඉතිං කලින් කොටසෙදි රෆායෙල් කියපු තොරතුරු අනුව සයිමන් ඉසී එක්ක යනව පරණ වැම්පයර් හොයාගෙන. එහෙම යන සයිමන්ට ඇත්තටම පුරාවෘත්ත වල එන “කේන්” හමු වෙනව. මේ කේන් ලඟ තමයි සයිමන්ගෙ නළලෙ …

Read More »

Cobra Kai (2018) [S01 : E10] Sinhala Subtitles | අතීතය නැවත නැවත සිදුවේවිද? [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ අරන් ආවේ. මේක පටන් ගත්ත විදිය කිව්වොත් චාමර අයියා පළවෙනි කොටස කරලා එයා කාර්යබහුල නිසා තාවකාලිකව නවත්තලා තිබුනෙ. පස්සෙ විමා අයියා තමා මේක කරමුද ඇහුවෙ. අරගත්තට මටත් ලොකු කාලයක් යනකන් මේකට අත තියන්න බැරිවුනා. රවිඳු මල්ලිට ස්තූති කරන්න ඕනෙ, එයා තමයි කට්ටියව එකතු …

Read More »

Cobra Kai (2018) [S01 : E09] Sinhala Subtitles | අතීත අමනාපකම් නැතිවී යන මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

හරි මං මේ ගෙනාවේ ගිය අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය වුන මේ අවුරුද්දෙ දෙවනි සීසන් එකත් නිකුත් වීමට නියමිත Cobra Kai, අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත Karate Kid චිතප්‍රට මාලාවෙ අනුවාදනයේ අවසාන කොටසට පෙර කොටසයි. චාමර අයියා පටන් ගත්ත සිංහල උපසිරසි ගැන්වීමට මමත් මගේ දායකත්වය ඔන්න දුන්නා.  අපි එහෙනම් කතාව පැත්තට හැරුනොත් එහෙම, …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E12] Sinhala Subtitles | මරණයේ පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං බයිස්කෝප් 10 වැනි සංවත්සරයට එක හුස්මට දුන්නු The Widow සහ The Crossing බලල මහන්සිත් ඇති නේ. එහෙම තමයි මේ වගේ වැදගත් දවසක අපි කොහොමටවත් අපේ සහෘදයින්ට බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. අද විතරක් නෙවෙයි කිසිම දවසක අතාරින්නෙ නෑ. කොහොමහරි ඉතිං ඔයාල 10 සමරන අතරෙ මම මේ …

Read More »

The Crossing (2018) [S01 : E11] Sinhala Subtitles | අවසන් අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු “The Crossing“ කතාමාලාවේ අවාසන කොටසයි මේ රැගෙන ආවේ. පළවෙනි එපියෙදී කිව්ව වගේම මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා. අද කොටසින් පසුව මෙම කතාමාලාව අවසන් වෙනවා. එහෙනම් ඉතිං කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටස් ටික මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටස පටන්ගන්නෙ ජූඩ් සහ රොසාරියො සරණාගතයන් …

Read More »

The Crossing (2018) [S01 : E10] Sinhala Subtitles | සැලසුම් සහ විකල්ප [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Crossing 10 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේදී අපි දැක්කා ජූඩ්ට මුණ ගැහුණා අළුත් යාළුවෙක්. කාලය හරහා ගමන් කිරීම් වල මහ මොළකාරිය. ඩයනා. එයාලා උපකල්පනය කළා ඊව් ඇතුළු පිරිස කඳවුරුකාරයින්ව මරන්නයි යන්නේ කියලා. ඉතින් එයාලා එකතු වෙලා මේක නවත්වන්න සැලසුමක් හදනවා. මේ අතරේදී නයෝමි ඇතුව පිරිස පැනලා …

Read More »

The Widow [S1:E08] Sinhala Subtitle | අපරාධයට සාධාරණයක්! [සිංහල උපසිරැසි සමඟ]

මාර්තු 10 කියන්නේ බයිස්කෝප් අපිට ගොඩක් වැදගත් දවසක්. ඉතින් ඒ මොකද්ද කියල ඔයාල හැමෝම උදේ ඉඳන් දන්නවා. ඉතින් අපේ 10 වෙනි උපන්දිනේට උදේ ඉඳන් ඔයාලට දුන්නු ටීවී කතා මලා දෙකෙන් එකක් මේ සමගින් අවසන් කරන්නයි මේ සූදානම. අපේ විස්තර උදේ ඉඳන් අහන්න ලැබුනු නිසා මම කෙලින්ම අදාළ කාරණයට එන්නම්.  කලින් …

Read More »

The Crossing (2018) [S01 : E09] Sinhala Subtitles | සීමා මතින් බලාපොරොත්තුව හිනැහෙයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Crossing කතා මාලාවේ නම වෙනි කොටසත් අරගෙන ආවා.මේ වෙද්දි නියෝජිත රෙන්ව මරලා දාලා. ඒකට සැකකාරයා වුණේ පෝල්. ඒත් සිද්ධ වුණේ පෝල්ව අත් අඩංගුවට ගත්තා වෙනුවට එයාගේ බිරිඳට මුණ ගස්වපු එක. ඊට පස්සේ ඒ දෙන්නා එකතු වෙලා බොරු වීඩියෝ එකක් හදනවා. මේ අතරේ නයෝමි රෙබෙකාව තමන්ගේ විශ්වාසයන් යටතට …

Read More »

The Crossing (2018) [S01 : E08] Sinhala Subtitles | පිඹුරුපත්..! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින්… ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල ගියා. මේ අතරෙ තමයි නගරාධිපතිණිය ආවෙ ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං ඒ අනුව විනිවිදභාවය රකින්න කියල …

Read More »

The Widow [S1:E07] Sinhala Subtitle | විල් [සිංහල උපසිරැසි සමඟ]

කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ ජෝජියා සහ ඇඩීජා කොන්ගෝ වනාන්තරය ඇතුළට ගිහිං නොහිතූ විරූ කරදර රාශියකට මූණ දෙන්න වුණු හැටි. ඒ වගේම මාටිං සහ ඒරියල් ප්ලේන් අනතුර ගැන උත්තර හොයමින් ඇවිල්ල ඇසිකිවේගෙ රුදුරු අඩි පාර ආසන්නයටම ආපු හැටි. අද කතාවෙදි ජෝජියා යනව විල්ව හොයාගෙන රුවන්ඩාවට. ජෝජියාගෙ මේ රුවන්ඩා ගමනෙන් ඇයට …

Read More »

The Crossing (2018) [S01 : E07] Sinhala Subtitles | මවාපෑම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා බයිස්කෝප්..! පහුගිය කොටසින්… ඉතිං කලින් කොටසෙ දකින්න ඇතිනෙ ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වුණු විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කළා. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරපු නිසා කේලබ් මේක ප්‍රශ්න කරනව. කොහොමහරි …

Read More »

The Widow [S1:E06] Sinhala Subtitle | මකුණා සහ මකුණු දැල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි අද බයිස්කෝප් අපිට විශේෂ දවසක්. අපේ ගමන් මගට අදට වසර දහයක් වෙනවා. සෑහෙන බාධක මැද්දේ ගොඩාක් දුර සාර්ථක ගමනක් අපි ඇවිත් තියනවා කියලා කියන්න පුලුවන්. ඒ පිටිපස්සේ ගොඩාක් අයගේ අප්‍රමාණ කැපකිරීම් බොහොමයි. අපේ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනෙක්ම මම මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා ඒවගේම බොහොම ස්තූතියි. ඒ විතරක් නෙමෙයි …

Read More »

The Crossing (2018) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය කොතනද..? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා බයිස්කෝප්..! හරියටම දශකයක්. ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින්, ලංකාවේ වැඩිම පිරිසක් දෛනිකව සැරිසරන වෙබ් අඩවි අතර බයිස්කෝප් කියන නම විරාජමානයි. ඉතිං ඒ විරාජමාන වෙබ් අඩවියේ මමත් එක සාමාජිකයෙක් විදියට මීට වසර එක හමාරකට කලින් මගේ නම සටහන් කර ගත්ත. ඉතිං අවුරුදු 10ක් පුරා බොහෝ දෙනෙක්ගෙ කාලය, ශ්‍රමය, සහ …

Read More »

The Widow [S1:E05] Sinhala Subtitle | තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් බයිස්කෝප් සිංහල වෙබ්අඩවියෙ 10 සංවත්සරය වෙනුවෙන් පිදෙන IMDb අගය 7.1 ක අගයක් ලබාගැනීමට සහ කුණු තක්කාලි අගය 71% ලබාගැනීමට හැකියාවක් ලැබී ඇති The Widow රූපවාහිනී කතාමලාවේ 5 වන කොටසයි මේ අරගෙන ආවේ. එහෙනම් අපි කතාව දෙසට හැරෙමුකො. අද කොටස ගැන කියනවා නම් ජුඩිත්ගෙ අතීතයෙ වෙච්ච සිදුවීමක් ගැන සඳහන් …

Read More »

The Crossing (2018) [S01 : E05] Sinhala Subtitles | වයස 10 ක පෙර මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්?? ඔන්න The Crossing කතාමලාවෙ 5 වන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. මොකද ඊළග සිද්ධ වෙන දේ බලනකම් කට්ටිය ඉවසිල්ලක් නැතිව ඇති කියා හිතනවා. අද කොටසේදී පටන්ගන්නෙ වයස 10 කට කලින් සිද්ධ වෙච්ච දෙයක් එක්කයි. ඒ කියන්නෙ “පළවෙනි සංක්‍රමණය” වෙච්ච කාලය. ඔන්න එදා මාෂල් …

Read More »

The Widow [S1:E04] Sinhala Subtitle | වයලට්ගේ මතකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා The widow කතාමාලාවේ මට බාරවෙලා තිබ්බ කතාංගය වෙච්ච හතරවැනි කොටස. එහෙනම් කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා? මේකත් පොඩ්ඩක් ජැක් රයන් වගේ හුරුවක් තියෙන කතාවක් වගේ. හොදයි එහෙනම් මං කෙටියෙන්ම කතාව ටිකක් විස්තර කරලා ඉන්නම්කො ජෝර්ජියා කොහොමින් කොහොම හරි විල් ගැන විස්තර හොයාගෙන අන්තිමේ කිසිමාවල‍ට …

Read More »

The Crossing (2018) [S01 : E04] Sinhala Subtitles | මතකයේ වූ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට් එකේ …

Read More »

The Widow [S1:E03] Sinhala Subtitle | දිවි ගලවාගත්තවුන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුණත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද. මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට …

Read More »

The Crossing (2018) [S01 : E03] Sinhala Subtitles | දිවි බේරාගත්තෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න The Crossing 3 වෙනි කොටසත් අරගෙන ආවා. මේක මුලින්ම කරමින් හිටියේ කවිෂල් රසින්ත මල්ලි වුණත් එයාට අධ්‍යපනික වැඩ රාජකාරි බහුල වුණ නිසා එයාට උදව්වක් වශයෙන් මම උපසිරැසියේ ඉතිරි කොටස අවසන් කරලා මේක ඔයාලාට අරගෙන ආවා. අපි කතාව පැත්තට හැරෙමුකෝ. කතාවේ කලින් කොටසේදී රීස් වෙඩි ප්‍රහාරයකුත් දරාගෙනම පැනලා ගියා. මේ …

Read More »
error: Alert: Content is protected !!