You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / එළ (page 263)

එළ

Avatar: The Last Airbender [S01 : E11 & E12] | තරණය සහ කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ට යෙදුණු විශේෂ කාරණාවක් නිසා අපි ඔබට නොකඩවා ගෙන ආව අවතාර් කතා පෙළෙහි පළමු කතා සමය නොදෙන්නට තීරණය කළ එකෙන් වෙච්චි පාඩුව පිරිමහන්ඩත් එක්ක ඔන්න මෙවර එකවර කොටස් දෙකකම උපසිරැසි ලබාදිය යුතුයි කියලා අපි තීරණය කළා. එහෙමනම් මෙවර දෙන්ඩ තියෙන්නෙ 11 සහ 12 කොටස් නිසා අපි බලමු පිළිවෙළින් ඒ …

Read More »

Elementary (2012) [Season 01:Episode 08] | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ඔයාලගෙ කැමතිම රූපවාහිනි කතා මාලාවෙ අටවෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මෙතෙක් දුන්න කොටස් හොඳින් රසවිදින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. අද කොටසෙදි හෝම්ස්ට හම්බවෙන්නෙ බෝම්බ පිපිරුමක් ගැන පරීක්ෂනයක් සිදුකරන්න. ඒක සුපුරුදු විදියටම හෝම්ස්ට හම්බ වෙන්නෙ NYPD එක …

Read More »

Avatar: The Last Airbender [S01 : E10] | වෙස්මූණ [සිංහල උපසිරැසි සමඟ]

ඈන්ග්, කටාරා සහ සොකා මේ පාර මුහුණ දෙන්නේ අමුතුම කෙනෙකුට. ඔහු මිතුරෙක් ද? සතුරෙක් ද? මිතුරු වෙසින් එන සතුරෙක් ද? හිතාගන්ඩ බෑ. හරි ආක්ර්ශණීය චරිතයක් ඇති අපූරු නායකයෙක් වගේම අග්නි ජාතියට එරෙහි ගරිල්ලා සටන් මෙහෙයවන කණ්ඩායමකට අණ දෙන මේ හාදයා කොච්චර දක්ෂයිද කීවොත් කටාරා මෙයාට වසඟ වෙනවා. නමුත් කොයි වෙලෙත් …

Read More »

Avatar: The Last Airbender [S01 : E9] | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක. …

Read More »

Avatar: The Last Airbender [S01 : E8] | තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු නෑ. …

Read More »

Avatar: The Last Airbender [S01 : E7] | අධ්‍යාත්ම ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]

ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට. මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු …

Read More »

Planet Dinosaur [S01 : E06] | ප්‍රභේදනයේ විශේෂඥයෝ [සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet …

Read More »

Avatar: The Last Airbender [S01 : E6] | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා. ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ …

Read More »

Avatar: The Last Airbender [S01 : E5] | රාජධානියේ නිදහස [සිංහල උපසිරැසි සමඟ]

වලිගෙ වගේ පස්සෙන්ම වැටෙන සූකෝ කුමරයගෙන් බේරිලා ගියපාර කියෝෂි දූපතෙන් පැනගත්තු අවතාර් ඇතුළු පිරිසගේ ගමන් ඉලක්කය වෙන්නේ භූමි දමනකයන්ගේ රාජධානයක්. තවමත් අග්නි ජාතියේග්‍රණයට හසු නොවී තිබෙන මේ රාජධානියේ රජු අවුරුදු 100කට වැඩි වයසකින් යුතු කෙනෙක්. ඔහු අපේ අවතාර්ට අභියෝගයක් එල්ල කරනවා. ඒ ඔහුගේ හැකියාවන් පරීක්ෂා කරන අරමුණින් වගෙයි පේන්නේ. මේ …

Read More »

Avatar: The Last Airbender [S01 : E4] | රණශූරයන් [සිංහල උපසිරැසි සමඟ]

මේ කතා සමයේ තෙවන කොටස වෙනුවෙන් ඊයේ ලබා දුන් සිංහල උපසි‍රැසියත් සමගින් එය රසවිඳීම ඔබට සතුටක් වෙන්නැති. එහෙමනම් මේ මුල් කතා සමය දිනපතා එක බැගින් උපසි‍රැසි ලබා දීම සඳහා ඇති අපේ සූදානමේ මීළඟ පියවර එහි සිව්වන කොටස. අද අපි ගෙනෙන්නේ ඒ උපසි‍රැසිය. ගියවර සිදු වූ සිදුවීම් දාමයන් පස්සෙ, අපේ අවතාර් …

Read More »

Avatar: The Last Airbender [S01 : E3] | ජන්ම බිම [සිංහල උපසිරැසි සමඟ]

අවසන් වායු දමනකයා සැකිලි-රූ මාලාවේ, මුල් දෙකොටසම සිංහල සහිතව අපි ඊයේ ලබා දුන්නනේ. අපි හිතනවා මේ කටයුත්ත ඔබේ ප්‍රසාදයට හේතුවන්නට ඇති බව. මොකද ඔබේ ඉල්ලීම් සහ මනාපය නිසාමයි ඒ වෙනුවෙන් අපේ කෙනෙකුගේ මහන්සිය කැප කෙරුණේ. ඒ නිසා ඔබ වෙනුවෙන් දිගටම ගෙනෙන මේ කතා සමය පුරාවටම ඔබේ සහය අපට අතවශ්‍යයි. අපි …

Read More »

Avatar: The Last Airbender [S01 : E01 & E02] |ලෝකය බේරා ගැනීමේ සටන [සිංහල උපසිරැසි සමඟ]

ළමයින් වෙනුවෙන් මෑත කාලයේ බිහිවෙච්ච, පොඩිහිටි වැඩිහිටි කොයිකවුරුත් අතරත් නොමඳවම ප්‍රසාදය දිනපු, නිර්මාණයක මුල් කතා මාලාවේ; පළමු කතා සමය සිංහල උපසි‍රැසි සහිතව ලබා දෙන්නටයි මේ අපේ සූදානම. මේ නිර්මාණය හා බැඳුණු දෙවන කතා මාලාව අපේ විබපළ හරහා ඔබ වෙනුවෙන්ම සිංහල ගෙනෙන්නට අපගේ හෘදයංගම හවුල්කරුවෙකු වන වා. මු. නිලන්ත පියසිරි සහෝ …

Read More »

Elementary (2012) [Season 01:Episode 07] | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්. මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් …

Read More »

Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක …

Read More »

Elementary (2012) [Season 01:Episode 06] | අභිරහස් ගුවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අදත් පොරොන්දු උන විදියටම ELEMENTARY කතා මාලාවෙ 6 වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මේ වෙනකම් දුන්න කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. ෂර්ලොක්ට මේ පරීක්ෂණය ගැනත් මුලින්ම ඉව වැටෙන්නෙ එයා පොලිස් පනිවිඩ හුවමාරු යන්ත්‍ර වලට ඇහුම්කම් දෙනකොට. ඉතින් ඒ පනිවිඩ හුවමාරුවෙදි භාවිතා වන කේත …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 03] |නාවික ගිවිසුමේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනව ඔයාල මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් මුල් කතා දෙක බලන්න ඇති කියල. “අයරින් ඇඩ්ලර්” සහ”නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර” කියන කතා දෙක. මතකනෙ ඒවගෙදි ෂර්ලොක් හෝම්ස් අභිරහස් විසඳපු හැටි… ඒ කොටස් නරඹද්දි ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ෂර්ලොක් හෝම්ස්ගේ ස්ථානෝචිත ප්‍රඥාව, තීක්ෂණ බුද්ධිය, …

Read More »

Elementary (2012) [Season 01:Episode 05 ] | මරණයේ සුරදූතයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් සුපුරුදු විදියටම ELEMENTARY රූපවාහිනී කතා මාලාවෙ පස්වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් පසුගිය කොටස් වලට ලැබිලා තියෙනප්‍රතිචාරත් එක්ක ඔයාලා ගොඩක් අය මේ කතාමාලාවට කැමතියි කියලා පේනවා. ඉතින් මුලින්ම මේ කතාමාලාවෙ උපසිරැසි බාගතකරපු අයටත්, උපසිරැසි ගැන අදහස් දක්වපු අයටත් ස්තූති කරනවා දැන් අපි මේ කතාමාලාවෙ අද …

Read More »

Elementary (2012) [Season 01:Episode 04] | දියුණුවේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පොරොන්දු වුන විදියටම ELEMENTARY කථා මාලාවෙ හතරවෙනි කොටසත් ඔයාලට අරගෙන ආවා ඔයාලා කලින් කොටස් ටිකත් නරඹන්න ඇති කියලා මම හිතනවා.ඒ නිසා මේ කථා මාලාව ගලාගෙන යන විදිය ගැන ඔයාලට යම් අදහසක් තියෙන නිසා ඒ ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ ඉතින් ෂර්ලොක් හෝම්ස්ට මේ පරීක්ෂනයත් ලැබෙන්නෙ ග්‍රෙග්සන්ගෙන්ම තමයි. හැබැයි …

Read More »

The Adventures of Sherlock Holmes [Season 01:Episode 02] | නැට්‍ටුවන්ගේ අභිරහස් පෙරහැර [සිංහල උපසිරැසි සමඟ]

සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ දෙවන කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවෙ. පළවෙනි කොටස බලන්න ඇතිනෙ හැමෝම. ෂර්ලොක් හෝම්ස් නම් අති සූක්ෂම රහස් පරීක්ෂකයාගේ ක්‍රියා කලාපය, හැසිරීම් රටා, කතා විලාෂය, ඔහු තර්කානුකූලව ප්‍රශ්න නිරාකරණය කරන ආකාරය, ඔහු සතු සියුම් බුද්ධිය හා අති තියුණු දෘෂ්ටිය… ආදී කරුණු හැම එකක්ම මේ කතා …

Read More »

Elementary (2012) [Season 01:Episode 03] | ළමා කොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හම්බවෙන්න එන්නෙ ELEMENTARY තුන්වන කොටසත් එක්ක මේ පරීක්ෂනයත් සුපුරුදු විධියටම භාර දෙන්නෙ ග්‍රෙග්සන්මයි.මේ කථාවෙ තියෙන්නෙ එක දිගටම උන ළමයින් පැහැරගැනීමකට වගකිවයුතු පුද්ගලයා ගැන සොයන ආකාරයෙ පරීක්ෂනයක් මේ කථාවෙත් කලින් කථා වල හිටපු සුපුරුදු චරිත හැම කෙනෙක්ම ඉන්නවා මේ පරීක්ෂනයට ආරම්භයක් ලැබෙන්නෙපොලිස් සන්නිවේදන උපකරන වලට හොරෙන් ඇහුම්කන් දෙන …

Read More »
error: Alert: Content is protected !!