You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , April 2 2020
Breaking News
Home / TV / කොමික් (page 23)

කොමික්

The Batman [S02 : E07] with Sinhala Subtitles |ඊතන් ද, ක්ලේෆේස් ද? [සිංහල උපසිරසි සමඟ]

මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේෆේස් වුණේ. ඔයාලා …

Read More »

The Batman [S02 : E04] with Sinhala Subtitles | ජෝකර් ටී.වී. [සිංහල උපසිරසි සමඟ]

ටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර් කරන්න යන නසරානි වැඩේ මොකක්ද? හොඳයි ඔන්න එහෙනම් පොඩි පැහැදිලි කිරීමකින් පටන්ගන්නම්. ඔයාලා දන්නවනේ ජෝකර් ළඟ තියෙනවා වායුවක්. හිනා වායුව වගේ එකක්. ඒක මනුස්සයෙක්ට ගැහුවම සදාකාලික හිනාවකුත් එක්ක ඒ මනුස්සයා …

Read More »

The Batman [S02 : E05] with Sinhala Subtitles | කිඹුල් දඩයම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්. ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ …

Read More »

The Batman [S02 : E03] with Sinhala Subtitles | ගින්දර එක්ක අයිස්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා. එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් …

Read More »

The Batman [S02 : E02] with Sinhala Subtitles | ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්. ඔයාලා දන්නවනේ මෙච්චර …

Read More »

The Batman [S02 : E01] with Sinhala Subtitles | ජෝඩු ජෝඩු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. …

Read More »

The Batman [S01 : E12 & E13] with Sinhala Subtitles | ක්ලේෆේස් ගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දන්නෙම නැතිව පළමු සීසන් එකේ අන්තිම කොටසටත් ඇවිල්ලා. ඉතින් ගොඩක් සතුටුයි, ඉක්මනින්ම පළමු සීසන් එක ඉවර කරපු එක ගැන. මේ කොටස ගැන කියනවා නම්, මේක අනිත් එපිසෝඩ්ස් වලට වඩා දෙගුණයක් දිගින් වැඩියි. ටීවී එකේ නම් ගියේ මේක දෙකට කඩලා දවස් දෙකක. කතාව ටිකක් දිගයි. මේකෙ මම මුකුත් ඉඟියක් …

Read More »

The Batman [S01 : E11] with Sinhala Subtitles | ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් …

Read More »

The Batman [S01 : E10] with Sinhala Subtitles | ජෝකර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා ජෝකර් …

Read More »

The Batman [S01 : E09] with Sinhala Subtitles | රූකඩ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් ට විරුද්ධව එන හතුරෝ ගොඩ අස්සෙ රූකඩේකුත් ඉන්නව. ටිකක් අමුතු කතාවක් නම් තමා. ඒත් මේපාර බැට්මෑන් ට විරුද්ධව එන්නෙ රූකඩයක්. ආනල්ඩ් වෙස්ක(ර්) කියන්නෙ රූකඩ කලාව හොඳින් දන්න කෙනෙක්. මෙයා රූකඩ පෙන්නලා ගන්න සල්ලි වලින් තමා ජීවත් වුණේ. ඒත් මෙයා හදන ස්කාෆේස් කියන රූකඩය නිසා මෙයාගෙ සම්පූර්ණ ජීවිතේම අනිත් පැත්ත …

Read More »

The Batman [S01 : E08] with Sinhala Subtitles | පැන විසඳුම් [සිංහල උපසිරසි සමඟ]

අද බැට්මෑන් එපිසෝඩ් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්. ගේම් ෂෝ එකක් නිසා ජීවිතේම විනාස කරගත්ත ළමයෙක් ගෙ කතාවක්. ආතර් බ්‍රවුන්, නැත්නම් ආ(ර්)ටී බ්‍රවුන් කියන්නෙ ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයාගෙ දැණුම පුදුමාකාරයි. මේ ළමයා සහභාගී වෙනවා එක්තරා ආකාරයේ පැණ විසඳුම් තරඟයකට. එයා පිට පිටම දොළොස් වතාවක් ජයග්‍රහණය කරනවා. ඒත් අන්තිමට එයාට යෙලේනා කියලා …

Read More »

The Batman [S01 : E07] with Sinhala Subtitles |ගින්දර සමඟ සෙල්ලම්.. [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් ට විරුද්ධව එන නොයෙක් හතුරන් අපි දන්නව, ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුයින්, ලොකු අවුලක් නැතත් කැට් වුමන්, මෙකී නොකී කොච්චර අය එනවද. ඒ අතර අද එන්නෙ අලුත්ම එකෙක්. එයාගෙ නම ෆයර්ෆ්ලයි. කවුද මේ ෆයර්ෆ්ලයි? ෆයර්ෆ්ලයි කියන්නේ අධි තාක්ෂණික ජෙට් පැක් එකක් සහ ලේසර් තාක්ෂණයක් පාවිච්චි කරලා හදාගත්ත සූට් එකක් ඇඳන් …

Read More »

The Batman [S01 : E06] with Sinhala Subtitles | වවුලා සහ පූසා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හය වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. මේකත් විශේෂම කොටසක්, මේ කොටසෙදි තමා ඔයාලා හැමෝම දන්න කැට් වුමන් කල එළි බහින්නෙ… බැට්මෑන් ට දැනගන්න ලැබෙනවා පූසෙක් වගේ ඇඳගත්ත ගැහැණියක්, ජපන් මනුස්සයෙක් ගේ පෞරාණික බඩු එකතුවකින් පිළිමයක් හොරකම් කරන්න උත්සාහ කරපු බව. ඒ පූසෙක් විදිහට ඇන්ද ගැහැණියත් පත්තරෙන් දකිනවා බැට්මෑන්ව. ඒ …

Read More »

The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්. කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. …

Read More »

The Batman [S01 : E04] with Sinhala Subtitles | වවුල්ලු දෙන්නයි… [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ දි බෲස් වේන් කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගෙ ඉන්ඩස්ට්‍රීස් එකක ලැබ් එකක වැඩ කරන ආචාර්ය කෙනෙක් තමා ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ, එයා පරීක්ෂණයක් පවත්වනවා වවුල්ලු ගැන. මේ ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ එයා පර්යේෂන කරන්නෙ බිහිරි බවට බෙහෙතක් හොයාගන්න කියලා. ඒත් ඇත්තටම එයා කරන්නෙ ඒකද? නැත්නම් වෙන දෙයක් ද? එතකොට කවුද …

Read More »

The Batman [S01 : E03] with Sinhala Subtitles | තටු නැති කුරුල්ලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි. මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්. ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින් පැවත එන වංශවත් කෙනෙක්. නමුත් කොබොල්පොට් පවුල හරිම …

Read More »

The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්.. ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් …

Read More »

The Batman [S01 : E01] with Sinhala Subtitles |හැමෝටම ආයුබෝවන්…! [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක අරන් තමා මේ ආවෙ. මීට කලින් පොඩි කරෙක්ෂන් වැඩක් කරලා විමුක්ති සහෝට බාර දුන්නට පස්සෙ මට පොඩි ආසාවක් ආවා සබ් එකක් කරන්න. ඒකට මම තෝරගත්තෙ ටිකක් පරණ කාටුන් සීරීස් එකක්. ඒක තමා The Batman. මේකෙ සීසන් දෙකක් හෝ තුනක් සිංහල හඬ කවලා ලංකාවෙ විකාශය වුණා. නමුත් …

Read More »

Young Justice [S01:E26] with Sinhala Subtitles |අවසානයක් නොමැති අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම එකත් අරන් ආවා.අන්තිම එක කිව්වට මේ සීසන් එකේ අන්තිම එක.ඉතින් තව සීසන් එකකුත් තියනවනේ.මේ යන්ග්ජස්ටිස් නිර්මාතෘ වන ග්‍රෙග් වෙයිස්මන් කියනවා මේකට සීසන් 3එකකුත් ඕනෙ කියලා.ඒ වගේම මේකට ෆිල්ම් එකකුත් ඕනෙ කියලා.ඒත් තාම ඒක ස්ථිර වෙලා නෑ.ස්ථිර වුණොත් හොදයි.ඔක්කොටම ඉස්සෙල්ලා මට මේකට සබ් එක දෙන්න ගොඩක් උදව් කරපු …

Read More »

Young Justice [S01:E25] with Sinhala Subtitles |පහත වැටීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේකනම් බලන්න වටින කොටසක්.මේක ඉතින් අන්තිම එකට ඉස්සෙල්ලා එකනේ.මේකෙන් තමයි ඉතින් අන්තිම එකට අඩිතාලම දාන්නේ.සුපර්බෝයි එයාගෙ තාත්තා ගැන,ආර්ටමස් එයාගෙ පවුල ගැන,මිගෑන් එයාගෙ ස්වරූපය ගැන රහස් හංගගෙනනේ ඉන්නේ.ඒවා එළිවෙනවා.වගේම ඒගොල්ලොන්ගේ කණ්ඩායමට අලුත් කෙනෙක් බැදෙනවා. ඒ වගේම අන්තිමට එළිවෙනවා පාවලාදෙන්නා කවුද කියලා.එයා මුලු ජස්ටිස් ලීගයේ ඉන්න හැමෝගෙම බෙලි වලට යන්ත්‍රයක් සවි …

Read More »
error: Alert: Content is protected !!