You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

රහස් පරීක්ෂක

The X-Files [S08 : E06] – Sinhala Subtitle | ආපස්සට යන්. [සිංහල උපසිරැසි සමඟ]

බිලී අන්ඩර්වුඩ්.. අවුරුදු හතක දඟකාර කොලු පැංචෙක්. අවුරුදු දහයකට කලින් ළමා උද්‍යානෙකදි අතුරුදහන් වුනා. හැමෝම පුලුවන් තරම් බිලීව හෙව්වා. ඒත් එයාව හොයාගන්න බැරි වුනා. ඒත් ඊට අවුරුදු දහයකට පස්සේ එකපාරටම බිලී ආවා. හැබැයි අවුරුදු දාහතක කොලුවෙක් විදියට නෙවෙයි, අතුරුදහන් වෙද්දි හිටිය අවුරුදු හතේ පැංචා විදියටම. මේක අදහ ගන්න බැරි නිසාම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E03] Sinhala Subtitles | අනාගතෙන් ආ පිටසක්වල කොමියුනිස්ට්වරුන් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් හත්වෙන කතා සමයෙ තුන්වන කොටසටත් උපසිරැසිය අරගෙන ආවා. මුල් කොටස් දෙක නම් ආව දවසෙම දුන්නා හැබැයි ඉතිං දැන් මටත් කම්මැලි වේගෙන එනවා වැඩේට. එහෙනම් වැඩි කයිවාරුවක් නැතුව අපි පසුගිය කොටස ටිකක් මතක් කරගෙන මේ සතියෙ කොටස බලමු. මතකනෙ පසුගිය කොටසෙ නියෝජිතයො ටික හිටියෙ 1931 අවුරුද්දෙ. ඒ කාලෙ …

Read More »

Fringe [S04 : E17] Sinhala Subtitles | අහෝ කැප්ටන් ලී.. [සිංහල උපසිරසි සමඟ]

17 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති මිනිස් ඉත්තෑ ජීවියා ගැන. ඒ ජීවියාට පියාඹන්නත් හැකියාව තිබුනා. මේක පිටිපස්සේ ඉන්නෙත් ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. ඒත් එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියනෙක තාමත් ප්‍රශ්නයක්. නමුත් මේ අලුත් ජීවියා බවට පත් වෙන අය කියන්නේ එයාලා අලුත් ලෝකයේ දරුවෝ බවට පත් වෙනවා කියලයි, එයාලා …

Read More »

The X-Files [S08 : E05] – Sinhala Subtitle | අරුම පුදුම දරුවෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

කාන්තාරෙක ගල් ගහලා මරලා තිබුන මනුස්සයෙක්ගෙ මරණ පරීක්ෂණයට උපදෙස් දෙන්න කියලා ස්කලීට කැදවීමක් ලැබුනා. එහෙට ගිය ස්කලීගේ වාහනෙ පෙට්‍රල් හිඟ වුනා. පෙට්‍රල් ගහපු හාදයා ඒ වෙනුවට ස්කලීගේ වාහනේ එන්ජිමට වතුර දාලා, වැඩි වෙලාවක් යන්න කලින් වාහනෙ මඟ නතර වුනා. ඔතනින් පටන් ගෙන අවසානේ ස්කලී ඒ කාන්තාර ප්‍රදේශේ හිර වුනා. සමාජෙන් …

Read More »

Fringe [S04 : E16] Sinhala Subtitles | පේන හැමදේම ඇත්ත නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් පුංචි ආදර කතාව බලන්න ඇතිනේ. කොහොම කොහොම හරි සැප්තැම්බර්ගේ උදව්වෙන් පීටර්ට ඇත්ත තේරුනා. පීටර් හිටපු ඔලිවියාගේ මතක සම්පූර්ණයෙන්ම ඔලිවියාට ලැබුනා. ඒ කියන්නේ දැන් එක ප්‍රශ්නයක් ඉවරයි කියනෙක. පීටර්ට තවත් වද වෙන්න හේතුවක් නෑ ගෙදර යන එක ගැන හිත හිතා. පව් අසරණ ලින්කන්.. සෑහෙන ඔලිවියා ගැන බලාපොරොත්තු තියන් හිටියානේ. …

Read More »

The X-Files [S08 : E04] – Sinhala Subtitle | යකාගේ ඇදහිල්ලක්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් ව හොයන්න පත් කරපු ඩොගට් අවසානේ ස්කලීගේ X ෆයිල්ස් සගයා වුනානේ. ඉතින් මේ දෙන්නාගෙ පළවෙනි X ෆයිල් එක වුනේ වවුල් මිනිහාගෙ කතාන්තරය. ඇත්තටම කතාව පටන් ගත්තේ අභිරහස් ඝාතන දෙකකින්. ඝාතන දෙකම සිද්ධ වෙලා තිබුනේ සැපුම් තුවාල නිසා ලේ වහනයෙන්. ඝාතකයා සතෙක්ද, මිනිහෙක්ද කියලා ලොකු දෙගිඩියාවක ඉද්දී ඩොගට් හොයා ගත්තා …

Read More »

Fringe [S04 : E15] Sinhala Subtitles | පුංචි ආදර කතාවක් [සිංහල උපසිරසි සමඟ]

ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්..! පීටර්ගේ ඇස් ඉස්සරහා මිය ගියා කියලා හිතපු ඒ හාදයා ආයිත් ආවා. මේ පාර නීනාවත් සම්බන්ධ කරන් විශාල සැලැස්මකට අර අදින්නේ. නීනාත් ඔලිවියා ඉස්සරහා හොඳ මූණ පෙන්නන් ඉඳලා අන්තිමේ ඔලිවියාව පාවා දුන්නා. ඔලිවියා මේ මොකුත් දැනන් හිටියේ නෑ මුලින්. එයාට තේරිලා තිබුන එකම දේ තමයි එයා පීටර්ගෙම ඔලිවියා …

Read More »

The X-Files [S08 : E03] – Sinhala Subtitle | ඩොගට් – ස්කලී හවුල.. [සිංහල උපසිරැසි සමඟ]

හෙල මුදුනට මෝල්ඩර්, ගිබ්සන්ව අරන් යනවා දැක්ක ඩොගට් ඒ පස්සෙම ගියා. එතනදි ගිබ්සන්ව බේරගන්න ඩොගට්ට හැකි වුනත්, මෝල්ඩර් වගේ පෙනුන කෙනා හෙලෙන් පහළට වැටුනා. නමුත් ඒ ඇසිල්ලෙම ඔහු අතුරුදහන් වෙලා. ඉතින් මෝල්ඩර් ආව බව ආරංචි වුන ස්කලී, ස්කිනර් දෙන්නත් එතනට දුවන් ආවා. එතනදි තමයි ස්කලී, ඩොගට්ට පැහැදිලි කරේ තිලිණ දඩයක්කාරයෝ …

Read More »

Fringe [S04 : E14] Sinhala Subtitles | රහස් හෙළි වේ.. [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති වෛද්‍යවරයෙක්ගේ පර්‍යේෂණයක් අනුව හදපු ළමයි එකතු වෙලා එයාලට කරදර කරන්න හදපු අය ඝාතනේ කරපු හැටි. ඔය අතරෙම තමයි ඔලිවියාට සම්පූර්ණයෙන් පීටර්ගෙ ඔලිවියගෙ මතකය ආවේ. වෝල්ටර් හිතුවේ ඒක සහකම්පනය නිසා ඔලිවියාට වුන දෙයක් කියලා. පීටර්ට ඔලිවියාගෙ ඇස් වලින් ඒ ඉන්නෙ එයාගේ ඔලිවියා …

Read More »

The X-Files [S08 : E02] – Sinhala Subtitle | මේ කවුද, මොනවද කරන්නේ? [සිංහල උපසිරැසි සමඟ]

දෙවනි කොටස අරගෙනයි ආවේ. මුලින්ම පසුගිය කොටස මතක් කරගෙන ඉමු. අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ විදියට කර්ෂ් පත් වුන පාර සේරම අනිත් පැත්ත ගැහෙන්න පටන් ගත්තා. මෝල්ඩර්ව හොයන වැඩෙන් ස්කලීවයි, ස්කිනර්වයි අයින් කරලා ජෝන් ඩොගට්ට භාර කරා. මේ කියන ජෝන් ඩොගට් ව, ස්කලීට නම් හිතට අල්ලන්නෙම නැති පාටයි. හැබැයි ජෝන් ඩොගට්, මෝල්ඩර් …

Read More »

Fringe [S04 : E13] Sinhala Subtitles | මේ ඒ ඔලිවියාමද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වෙද්දි 4 වන කතා සමයේ හරි අඩකටත් වඩා අවසන් කරලයි ඉන්නේ. කතා සමය පටන් ගත්තේ විශ්වයන් දෙකම බේරිලා පාලමක් හැදුනා, පරණ කාල රාමුවෙන් පීටර්ව මකලා දැම්මා. වෝල්ටර්, ඔලිවියා කාටවත් පීටර් ගැන මතකයක් තිබුනෙ නෑ. ඔය අතරේ ඔලිවියාටත්, වෝල්ටර්ටත් පීටර්ගෙ සලකුණු මතු වෙන්න ගත්තා. නිරීක්ෂකයත් කලින්ම කිව්වා පීටර්ව මැකුවත් …

Read More »

The X-Files [S08 : E01] – Sinhala Subtitle | ඇරඹුමම ගැටළුවක්.. [සිංහල උපසිරැසි සමඟ]

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි The x files කතා මාලාවේ 8 වෙනි කතා වාරයේ කොටස් සියල්ලටම සිංහල උපසිරැසි ලබා දෙන්නයි අද ඉඳන් සූදානම් වෙන්නෙ. 2000 වසරේ නොවැම්බර් 5 වෙනිදා සිට 2001 වසරේ මැයි 20 වෙනිදා දක්වා මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ විකාශනය වී තිබෙන මේ 8 වන කතා වාරය කොටස් 21 …

Read More »

Fringe [S04 : E12] Sinhala Subtitles | වෙස්ට්ෆීල්ඩ් වලට සාදරයෙන් පිලිගනිමු.. [සිංහල උපසිරසි සමඟ]

12 අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇතිනේ දේව දූතයෙක් වෙන හැටි. දුක්ඛිත ඉරණමකට මුහුණු පාලා, සදාකාලිකව විඳවන්න වෙන මිනිස්සු හොයා හොයා එයාලට වේදනා රහිත, ක්ෂණික මරණයක් ලබා දෙන එක තමයි ඝාතකයාගේ අරමුණ වුනේ. ඔහුට තිබුන හැකියාවත් නිරීක්ෂකයන්ට තියන හැකියාව වගෙයි. එකම වෙලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය දකින්න ඔහුටත් පුලුවන් වුනා. …

Read More »

Fringe [S04 : E11] Sinhala Subtitles | දේව දූතයෙක් වෙන්නෙ මෙහෙමයි [සිංහල උපසිරසි සමඟ]

එකොලොස්වන කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති මරණයේ පණිවුඩය කලින්ම කියන එමිලිව. එමිලි නිසා ජීවිත රැසක් බේරගන්න ෆ්‍රින්ජ් කණ්ඩායමට හැකි වුනා. එමිලිගෙ හැකියාව දැකපු ඔලිවියා එමිලිගෙන් ඇහුවා එයා එක්ක ඉද්දී මොකුත් දැනෙනවද කියලා. මොකද නිරීක්ෂකයා ඇවිත් ඔලිවියා මැරෙන්න යන්නෙ කියපු කතාව ඔලිවියාගෙ හිතේ හොල්මන් කරන්න අරන් තිබුනා. එමිලි මැරුන …

Read More »

Fringe [S04 : E10] Sinhala Subtitles | මෙහෙත් නෑ, එහෙත් නෑ. [සිංහල උපසිරසි සමඟ]

ලින්කනුයි, පීටර් එනකල් බලන් හිටපු ඔලිවියාට ඒ කාල රාමුවේ මුල්ම වතාවට නිරීක්ෂකයෙක් මුණ ගැහුනා. ඒත් ඔලිවියා දැනන් හිටියෙ නෑ එයා නිරීක්ෂකයෙක් කියලා. එහෙම ආව නිරීක්ෂකයා කිව්වේ සිද්ධ වෙන්න පුලුවන් හැම අනාගතයකම ඔලිවියා මැරෙනවා කියලා. ඔය අතරේ පීටර්, වෝල්ටනේට් කැමති අර ගත්තානෙ. ඉතින් පීටර් ඊලඟට ලින්කන්ව නිදහස් කරගන්න ෆ්‍රින්ඩ් ඒකකයට ආවා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S07 : E02] Sinhala Subtitles | හයිඩ්‍රා හිස ඔසවයි [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ශීල්ඩ් 7 වෙනි කතා සමයෙ 2 වන කොටසත් අරගෙන ආවා. අපි ටිකක් කලින් කොටස ගැන කතා කරලමු අද කොටස බලමු. මේ වතාවෙ අපිට ශීල්ඩ් කතා මාලාවෙන් කලින් නොලබපු අත්දැකීමක් අපිට මේ වතාවෙ ලබා දෙනවා, ඇත්තම කිව්වොත් ඒජන්ට් කාටර් කතා මාලාව බලපු කෙනෙක්ට නම් ශීල්ඩ් 7 වන කතා සමයෙ …

Read More »

Fringe [S04 : E09] Sinhala Subtitles | මගෙ සතුරාගේ සතුරා.. [සිංහල උපසිරසි සමඟ]

9 වෙනි කොටස අරගෙනයි ආවේ. සුපුරුදු පරිදි කලින් කොටසෙ මොකද වුනේ කියලා මතක් කරන්නම්. තමන් ඉන්නෙ වැරදි කාල රාමුවක කියලා තේරුම් ගත්ත පීටර්, තමන්ගෙ ආදරණීයන් ලඟට යන්න උදව් කරන්න පුලුවන් වෝල්ටර්ට විතරයි කියලා හිතුවා. ඒත් වෝල්ටර් ඒක ප්‍රතික්ෂේප කරා. එහෙමයි කියලා පීටර් වැඩේ අත ඇරියේ නෑ, පීටර් වෝල්ටනේට් හොයන් එහා …

Read More »

Fringe [S04 : E08] Sinhala Subtitles | සතුරාගේ උදව් පතා සතුරාගේ නිවසට [සිංහල උපසිරසි සමඟ]

බේබි බෝයි බ්‍රයන්ට්ගේ දුක හිතෙන කතාව පහුගිය කොටසින් දකින්න ඇති. ප්‍රවේණික අසාමාන්‍යතාවයක් එක්ක ඉපදුන බේබිව ජීවත් කරවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් බේබිගේ අසාමාන්‍ය බව නිසාම බේබිව පරීක්ෂණ වලට යොදා ගෙන, ඒ පරීක්ෂණ වලින් බේබිව මිනිස් කටුස්සෙක් තත්ත්වයට පත් කරන්න පුලුවන් වෙලා. පරීක්ෂණ නිසා බේබිට ජීවත් වෙන්න පුලුවන් වුනත්, ඒත් …

Read More »

Fringe [S04 : E07] Sinhala Subtitles | බේබි බෝයි බ්‍රයන්ට් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇති රේමන්ඩ්-කේට් කියන යුවල කාල විස්ථාපන යන්ත්‍රයක් හදලා වුන දේ. මුලදි හැමෝම හිතුවේ මේකට පීටර්ගෙ සම්බන්ධයක් ඇති කියලා. ඒත් රේමන්ඩ්-කේට් දෙන්නගෙ කතාව දැන ගත්තට පස්සේ පීටර්ට ඒ ගැන කරන්න දෙයක් නෑ කියලයි හැමෝම හිතුවේ. නමුත් රේමන්ඩ් ගේ යන්ත්‍රය සාර්ථක වුනේ පීටර් විසින් කාල අවකාශ නිර්මිතියට කරපු වෙනසක් …

Read More »

Fringe [S04 : E06] Sinhala Subtitles | මතකයන්.. [සිංහල උපසිරසි සමඟ]

6 වෙනි කොටස බලන්න කලින් 5 වෙනි කොටසෙ මොකක්ද වුනේ කියලා මතක් කරගෙන ඉමු නේද? මිනිස් මුහුණු මාරු කරන්නියක් ඇවිත් fringe ඒකකයම හෙල්ලුව හැටි මතක ඇති. මුහුණු මාරු කරන්නන්ගෙ දෝෂයක් ඇති වෙලා, ඒ දෝෂෙ නිවැරදි කරගන්න ඔවුන් සෛලිය ප්‍රතිගුණනය ගැන විශේෂඥයෙක් පැහැරගෙන ගියා. ඇත්තටම මේ සෛලිය ප්‍රතිගුණනය කියන දේ වසර …

Read More »
error: Alert: Content is protected !!