You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

වාර්තාමය

Band of Brothers [We Stand Alone Together] | සැබෑ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා සත්සර ඒකනායක සහෝට. මොකද මේ කොටස මම මුලින් Band of Brothers දෙනකොට මඟඇරුණ කොටසක් නිසා ඒකටත් උපසිරැසි දාමු කියලා පොඩි අදහසක් දාලා එතනින් නොනැවතී මාව මේකටත් උපසිරැසි දාන්න පෙළඹිම ගැන. ඇත්තටම මේක mini Series එකේ කොටසක් නෙවෙයි. ඒ නිසාම මුළු කතාමාලාවම තියෙන ටොරන්ට් හැම එකකම …

Read More »

Planet Dinosaur [S01 : E06] | ප්‍රභේදනයේ විශේෂඥයෝ [සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම මං සමාව ඉල්ලනවා මේක පමා කරපු එක ගැන. ඒ වුණාට ඒ පමාව සිදුවුණේ ඔබ වෙනුවෙන් අලුත්ම අලුත් සජීවීකරණිත සිනමා පටයක් ( Hotel Transylvania (2012) ) සිංහල උපසි‍රැසි ගන්වන්ඩ ගිහිල්ලා නිසා; මම හිතනවා ඔබ මාත් එක්ක අමනාප නැතිව ඇති කියලා. එහෙමනම් අද ඔන්න මම අරගෙන ආවා මේ BBC නාලිකාවෙන් විකාශය වූ Planet …

Read More »

Planet Dinosaur [S01 : E05] | දැවැන්තයින්ගේ වගතුග [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ… මම හිතුවට වඩා වැඩේ ටිකක් කල් ඇදුණා වගෙයි. කමක් නෑ අලුත් ‍ෆිල්ම්ස් එනකොට ඒවට වැඩි තැනක් දෙන එක මම හිතන්නේ මේක බලන අයට කරන පොඩි අසාධාරණයක් වගේ පෙනුණට, අලුත් චිත්‍රපට බලන්ඩ ආශාවෙන් ඉන්න පිරිස මේක බලන්ඩ ඉන්න පිරිසට වඩා වැඩි නිසා අපට ඒකට වැ‍රැද්දක් කියන්ඩත් බෑ. අනික් එක …

Read More »

The Pacific [Episode 10-Home] – Sinhala Subtitles | නැවතත් ගෙදරට [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ කොටස තමා මේ කතාවේ අවසාන කොටස. මේක බලපු නැති අය එහෙම ඉන්නව නම් මුල ඉදලම බලන්න පටන් ගන්න. මේ කොටස ගැන නම් ගොඩක් ලියන්න දෙයක් නැහැ. හැබැයි බලන අයට නම් බලන්න ගොඩක් දේවල් තියෙයි. මේ කොටසෙන් විස්තර වෙන්නේ දීර්ඝ කාලයක් සටන් බිමේ ගත කරපු සොල්දාදුවො යුද්ධෙන් පස්සේ සාමාන්‍ය …

Read More »

The Pacific [Episode 09-Okinawa] – Sinhala Subtitles | ඔකිනාවා සටන [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් සයුර කතා මාලාවේ නවවන කොටස වන මෙයට පාදක වෙන්නේ ඔකිනාවා සටන ගැනයි. ඔකිනාවා කියන්නේ ජපානයට කිලෝමීටර් 550 ක් ඈතින් තියන කුඩා දූපතකටයි. ඉතින් මිත්‍ර හමුදා ජපානය ආක්‍රමණය කිරීමේ සැලැස්මේ ගුවන් හමුදාවේ මූලස්ථානය වශයෙන් ඔකිනාවා දිවයින යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් 1945 අප්‍රේල් මාසේ පටන් ගන්න මේ සටන දින 82 …

Read More »

The Pacific [Episode 08-Iwo Jima] – Sinhala Subtitles | ඉයෝ ජිමා [සිංහල උපසිරැසි සමඟ]

පැසිෆික් ගැන විචාර ලියපු සමහරක් විචාරකයෝ මේ කොටස හඳුන්වන්නේ මේ කතා මාලාවේ තියන හොඳම කොටස මේක කියලයි. මේ කොටස පාදක වෙන්නේ යුද්ධයක තියන නිශ්ඵලත්වය සහ යුද්ධය නිසා තම සමීපතමයන් අහිමි වන පිරිස ගැනයි. මේ කොටසෙදි කතා නායකය වෙන්නේ ජෝන් බැසිලෝන්. හැමෝටම මතක ඇති නේ එයා ගැන. මේ වෙනකොට ජෝන් තීරණය …

Read More »

The Pacific [Episode 07-Peleliu Hills] – Sinhala Subtitles | පෙලෙලූ කඳුවැටිය [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම මතකනේ කලින් කොටසේදි පෙලෙලූ වල ජපන්නු හා මැරීන්ලා අතර සිදු වුන අති බිහිසුණු සටන. ඉතින් ජපන් කාලතුවක්කු ප්‍රහාර වලින් බේරිලා ගුවන් තොටුපොලෙන් එහාට පැන ගන්න මැරීන් බළකාය සමත් වුනත් ඔවුන්ට තාමත් මේ සටනේ අවසානයක් දකින්න හම්බ වෙලා නැහැ. මොකද ඔවුන්ට සටන් කරන්න වෙන්නේ බිය නොහඳුනන සහ යටත් නොවෙන අතිදක්ෂ …

Read More »

The Pacific [Episode 06-Peleliu Airfield] – Sinhala Subtitles | පෙලෙලූ ගුවන් තොටුපොල. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න ඉතින් කතාවේ හයවෙනි කොටසත් ගෙනාවා. කට්ටියට මතකනේ පස්වන කොටසෙදි සිඩ්ට ආපහු ඇමරිකාවට යන්න උන හැටි. මේ කොටස ආරම්භ වෙන්නේ සිඩ් ගෙනුයි. සිඩ් යනවා ඉයුජින් ගේ දෙමාපියන් හම්බ වෙන්න. එතනදී සිඩ් එයාලට කියනවා ඉයුජින් මෝටාර් බළකායේ වැඩ කරන නිසා එයාලට හැම වෙලේම ඉදිරි පෙරමුණට පසු පසින් ඉදගෙන පහර දෙන්න …

Read More »

The Pacific [Episode 05-Peleliu Landing] – Sinhala Subtitles | පුවූවු සහ පෙලෙලූ. [සිංහල උපසිරැසි සමඟ]

මේ පැසිෆික් කතාවේ 5 වන කොටසයි. ඒ වගේම මම හිතන විදිහට කතාව නියම විදිහට පටන් ගන්නේ මේ කොටසෙදියි. සමහරුන්ට නම් මුල් කොටස් 4 බලන කොට ටිකක් කම්මැලි කමක් දැනෙන්න ඇති. හැබැයි මෙතන ඉදන් ඉතුරු කොටස් බලන කොට නම් කිසිම කම්මැලිකමක් හිතෙන එකක් නැහැ. කතාව පැත්තට හැරුනොත් නම් ජෝන් බැසිලෝන් තුන්වන …

Read More »

The Pacific [Episode 03-Melbourne] – Sinhala Subtitles | මෙල්බර්න්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා හැමෝටම දෙවෙනි කොටසෙදි උන දේවල් මතක ඇති කියලා. දෙවෙනි කොටස අවසන් උනේ ග්වාඩකැනල් සටන ජය ගත්ත මැරීන් බළකාය ආපහු යන්න ලෑස්ති වෙන තැනින්නේ. ඉතින් තුන් වන කොටසෙදි මැරීන් බළකාය දරුණු සටන් වලට සහභාගී වෙලා හෙම්බත් වෙලා ඉන්න නිසා එයාලව විවේක ගන්න ඕස්ට්‍රේලියාවට යවනවා. ඉතින් මේක මැරීන් භටයන්ට සුර …

Read More »

The Pacific [Episode 02-Basilone] – Sinhala Subtitles |ජෝන් බැසිලෝන්. [සිංහල උපසිරැසි සමඟ]

The Pacific එකේ පළවෙනි කොටසේ උන දේ හැමෝටම මතකයි නේ. හරි කමක් නැහැ අමතක උන අය ඉන්නව නම් පොඩ්ඩක් මතක් කරන්නම්කෝ. ජපන්නු ඇමරිකාවේ සැපයුම් නැව් වලට පහර දෙන්න පැසිෆික් සයුරේ ග්වාඩකැනල් නම් දිවයිනේ හදා ගත්තු ගුවන් තොටුපොලක් ආක්‍රමණය කිරීමට පළවෙනි මැරීන් සේනාංකය ග්වාඩකැනල් වලට ගොඩ බැස්ස හැටි, ඇමරිකානු නාවික හමුදාවට …

Read More »

The Pacific [Episode 01-Guadalcanal / Leckie] – Sinhala Subtitles |ග්වාඩකැනල් දිවයින.[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ අපේ රොයිලි අයියා උපසිරැසි දීපු Band of Brothers tv series එක ගැන හැමෝම දන්නවනේ. ඉතින් මම මේ සබ් කරපු The Pacific කියන එකත් ඒකෙම කොටසක්. Band of Brothers එකෙන් කතා කරන්නේ යුරෝපය ආක්‍රමණය කරන්න යන පැරෂුට් භටයෝ සේනාංකයක් ගැනනේ. මේකෙන් කතා කරන්නේ පැසිෆික් සාගරයේ යුද මෙහෙයුම් වලට යන …

Read More »

Band of Brothers [Episode 10- Points] | පශ්චාත් යුද අවධිය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න අද මේ සුපිරි කතා මාලාවේ අවසානය සනිටුහන් කරනවා. අද කතා නායකයා විදියටගැනෙන්නේ ආපහු මේජර් වින්ටර්ස් ව තමා. අද කොටසේ අවසාන භාගයේ අපි මෙච්චර දවස් දැකපු චරිත වල සැබෑ හිමිකරුවන්ගෙන් තවමත් ජීවත් වෙන අයව වර්තමාන ස්වරූපයෙන්ම දැකගන්න පුළුවන්. මේ කතා මාලාව විකාශය වෙද්දි හිටපු හැටියට තමා හොඳේ. දැන් ඒ …

Read More »

Band of Brothers [Episode 09- Why we Fight] | ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමේ හේතුව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ අටවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ නවවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ලුවිස් නික්සන්ව. ඔව් රිචඩ් වින්ටර්ස් ගේ හොඳම යාලුවයි. අද කොටසේ නම් පොඩි දර්ශනයක් පවුලේ එකට ඉඳන් නරඹන්න නම් සුදුසු නෑ කියලා අනතුරු ඇඟවීමක් කරගෙනම ලිපිය පටන් ගන්නම් කෝ. තව දෙයක් …

Read More »

Band of Brothers [Episode 08- The Last Patrol] | අවසාන මුරසංචාරය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හත්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ අටවෙනි කොටස. අද කොටසේ කතානායකයා විදියට ගැනෙන්නේ ඩේවිඩ් වෙබ්ස්ටරුයි. කණ්ඩායම පිහිටවීමේ ඉඳන් හිටපු මුල් සාමජිකයෙක් වෙච්ච වෙබ්ස්ටර් නෙදර්ලන්තයේදී තුවාල ලැබුවාට පසුව රෝහල් ගත වෙලා ඉඳලා ආපහු කණ්ඩායම හොයාගෙන එන තැනින් තමා කතාව පටන් ගන්නේ. තව දෙයක් අනිවා …

Read More »

Band of Brothers [Episode 07- The Breaking Point] | හොඳ නායකයින් හා නරක නායකයින් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ සයවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හත්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ පළමු සාජන් ලිප්ටනුයි. පහුගිය කොටසේ අවසානයේදී දක්වපු විදියට ජර්මානු හමුදාවෙන් වටකරලා හිටියා වුණත් අධිෂ්ඨානයෙන් තම සීමාව ආරක්ෂා කරගත්තු මෙම කණ්ඩායම, අවසානයේ ජෙනරාල් පැට්න් ගේ නායකත්වයෙන් යුත් තෙවන හමුදාව විසින් එම …

Read More »

Band of Brothers [Episode 06- Bastogne] | කටුක ශීත, වටලනු ලැබීමක් හා තනිවීමක්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ පස්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හයවෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ වෛද්‍යවරයා වන ඉයුජීන් රෝ විසින්. පස්වෙනි කොටසේ අවසානයේ දී වින්ටර්ස් හට නිල වශයෙන් සම්පූර්ණ බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර ලැබෙනවා. ඒ වගේම ජර්මානුවන් අරඹා තිබෙන ප්‍රතිප්‍රහාරය වැළැක්වීමට බෙල්ජියමේ බැස්ටෝන් ප්‍රදේශයට …

Read More »

Band of Brothers [Episode 05- Crossroads] | නොබියව සතුරා කරා නියම නායකයෙක් ලෙස [සිංහල උපසිරැසි සමඟ]

  හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ පස්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ නැවතත් වින්ටර්ස් විසින්. ඔහුගේ නායකත්වයෙන් හා සියල්ලන්ටම කලින් එඩිතරව සතුරාට මුණ දීමෙන් දෙන ආදර්ශයක් ගැන තමා අද කියවෙන්නේ. 1944 ඔක්තෝබර් 5 වෙනිදා ජර්මන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා දෙවෙනි …

Read More »

Band of Brothers [Episode 04- Replacements] | ප්‍රබල ප්‍රහාරයක්, පසුබෑමක් හා සතුරු භූමියේ තනිවීමක් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ තුන්වෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හතරවෙනි කොටස. අද E කණ්ඩායම ඇතුළු මිත්‍ර පාර්ශවය ලබන පරාජයක් ගැන තමා කියවෙන්නේ. පහුගිය කොටසේදී ඔවුන්ව යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් අයින් කරවලා ආපහු එංගලන්තෙට යවන දර්ශනයකින්. එහෙදි ඔවුන්ට ආපහු යුද බිමට යන්න කැඳවීමක් ලැබෙනවා. ඒත් කණ්ඩායමේ …

Read More »

Band of Brothers [Episode 03- Carentan] | දරුණුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ තුන්වෙනි කොටස. අද ඉඳන් දරුණු සටන් දර්ශන දැක ගන්න හැකිවෙනවා. පහුගිය කොටසෙන් දකින්න ඇතිනේ පලමු පිම්මෙන් සොල්දාදුවන් කොච්චර මිය ගියාද කියලා. කොටින්ම E කණ්ඩායමේ අණදෙන නිලධාරියා පවා අතුරුදහන් වෙනවා. ඉතින් ඊලඟ නිලයෙන් උසස් තැනැත්තා වෙච්ච ලුතිනන් රිචඩ් …

Read More »
error: Alert: Content is protected !!