You dont have javascript enabled! Please enable it!
Saturday , August 8 2020
Breaking News

හොල්මන්

NOS4A2 [S02 : E06] Sinhala Subtitles | නත්තල් ලන්තයට යන පාර දිගේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම…. ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස් හැංගිලා ඉන්න තැනට ඇවිත් බෘස්ව පැහැරගෙන ව්‍රේත් එකට අරන් යනවා. ටැබිතාව හොයාගෙන ගිය වික් එතනට එද්දි පරක්කු වැඩියි.බෲස්ව බේරගන්න වික් ගොඩක් උත්සාහ කලත් අන්තිමේදි ඇයව වාහනයක හැප්පෙනවා. අනතුරෙන් පස්සෙ රෝහල් …

Read More »

NOS4A2 [S02 : E05] Sinhala Subtitles | අසාර්ථක වූ සැලැස්ම [සිංහල උපසිරසි සමඟ]

හතරවෙනි කොටසෙදි මැන්ක්ස්ගෙන් හැංගෙන්න වික් තමන්ගෙ පවුලෙ අයයි, මැගීයි එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදරට යනවා.ටැබිතා බින්ග්ව හොයාගෙන ඔහුව අත් අඩංගුවට ගන්න හැදුවත් ඒ වෙලාවෙ එතනට එන මැන්ක්ස් ඇයට පහරදෙනවා.අමාරුවෙන් එතනින් පැනගන්න ටැබිතාව හොයාගෙන මැගී සහ වික් එතනට එනවා.මේ වෙලාවෙදි වික්ට දැනගන්න ලැබෙනවා මැන්ක්ස් බෲස් ඉන්න තැන ගැන දන්නවා කියලා.. අද කතාවෙන්.. …

Read More »

NOS4A2 [S02 : E04] Sinhala Subtitles | පලායාම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි වික් තමන්ගෙ දෙමව්පියන්ව බලන්න ගිය වෙලාවෙදි බින්ග් බයික් එකක් හදාගන්න එන විදිහට ලූ ව හම්බෙන්න එනවා.සෙල්ලම් කරන්න යන බෲස්ට මැන්ක්ස්ව හම්බෙනවා.බෘස්ව රවට්ටලා ව්‍රේත් එකෙන් නත්තල්ලන්තයට අරන් යන්න හැදුවත් මැන්ක්ස්ගේ සැලැස්ම වරදිනවා.බින්ග් ගේ වාහනේ ගෑස් කෑන් එකක් දකින ලූ බින්ග්ට පහරදීලා බෲස්වත් අරගෙන හැංගෙනවා.අවසානෙදි බෲස් සහ ලූව ටැබිතාගේ ගෙදරට …

Read More »

The Exorcist [S02] Complete Season Sinhala Subtitles | අවසන් වරටත් අමනුෂ්‍ය බලවේග සොයා.. [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු තුනකට කලින් විකාශය වුන The Exorcist දෙවැනි කතාසමය අරගෙනයි මේ මුණගැහෙන්නෙ. උපසිරැසිකරනයෙන් ඉවත් වෙලා හිටිය කාලෙක තමයි The Exorcist දෙවැනි කතාසමයත්, Mr.Robot තුන්වැනි කතාසමයත් එකම එකට විකාශය වුනෙ. Mr. Robot තුන්වැනි කතාසමය ගිය අවුරුද්දෙදි අරගෙන ආවත් මේක මට කරන්න ලැබුනෙ නැහැ. ඒත් මේකට මේ අවුරුද්ද පුරාවටත් ඉල්ලීම් ලැබෙන නිසාම …

Read More »

NOS4A2 [S02 : E03] Sinhala Subtitles | දඩයම නැවතත් ඇරඹේ [සිංහල උපසිරසි සමඟ]

දෙවෙනි කොටසෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා නත්තල්ලන්තයට එන්නෙ කොහොමද කියලා පෙන්නුවා මතකනේ..තමන්ගෙ බිරිඳ කැසී සහ දුව මිලිසන්ට් එක්ක ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වෙද්දි අනපේක්ෂිත විදිහට තමන්ගෙ දර්ශනයට යන මැන්ක්ස් එදා ඉඳලා ජීවත් වෙන්නෙ ලමයින්ගෙ ආත්ම වලින් යැපිලා..ආයෙත් පණ ආවත් මැන්ක්ස් ගොඩක් දුර්වලයි.ඉතින් මැන්ක්ස් කියන විදිහට බින්ග් මයික් කියන ලමයෙක්ව ව්‍රේත් …

Read More »

NOS4A2 [S02 : E02] Sinhala Subtitles | අමරණීය චාර්ල්ස් මැන්ක්ස් [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් වෙද්දි රූපවාහිනියේ පෙන්වනවා චාලි මැන්ක්ස් මිය ගියා කියලා..ඒත් ඒක විශ්වාස කරන්න නැතුව ඉන්න වික්ට පරණ බයික් එකක් හම්බෙනවා.ඒක අළුත්වැඩියා කරනකොට වික්ට නත්තල්ලන්තයේ ඉන්න මිලී කතා කරනවා.මේ දේවල් නිසා පීඩනයෙන් ඉන්න වික් මත්පැන් පානයට යොමු වෙනවා..මේ …

Read More »

NOS4A2 [S02 : E01] Sinhala Subtitles | වසර 8කට පසු [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම.!! මේ සුදානම NOS4A2 දෙවන කතා සමයට උපසිරැසි ලබා දෙන්නයි. මුලින්ම පලමු කතා සමයේ කමෙන්ට් කරලා ස්තූති කරපු හැමෝටම ස්තූති කරනවා. දෙවන කතා සමය විකාශය කරන්න පටන් අරන් ටික කාලයක් වුනත් කාලය වෙන් කර ගැනීමේ ගැටළුවක් නිසා වැඩේ ටිකක් කල් ගියා. ඒත් ඉදිරි කොටස් විකාශය වෙලා හැකි ඉක්මනින් …

Read More »

October Faction [S01 : E10] Sinhala Subtitles | මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් October Faction පලමු කතා මාලාවේ අවසාන කොටසටත් ආවා.කතා මාලාවෙ මෙතෙක් කොටස් වල පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්. ෆ්‍රෙඩ් ජපානෙ ඉඳලා තමන්ගෙ තාත්තගෙ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඩෙලෝරිස් සහ තමන්ගෙ දරුවො දෙන්නා වෙන ජෙෆ් සහ විව් එක්ක බැරින්ග්ටන් ඔන් හඩ්සන් වලට එනවා.මේ වෙලාවෙ විව් බොරු මළවුන් කැඳවීමක් කරනවා. මේ කැඳවීමෙදි විව් …

Read More »

October Faction [S01 : E09] Sinhala Subtitles | සෙත්ගේ නැවත පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ප්‍රෙසිඩියෝ එකෙන් හාර්ලෝ හවුස් වල හිටිය හැමදෙනාවම කිසිම අනුකම්පාවකින් තොරව ඝාතනය කරන හැටි ඇලිස් ජෙෆ් සහ විව්ට කියනවා. ඒ හැමදේට කරන්නෙ මැරුණූ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු බඳුන ගන්න.මේ අළු බඳුන ගන්නෙ ඇයි කියලා අද දැනගන්න පුළුවන්. මේ සංහාරයෙදි ඇලිස්ට තමන්ගෙ සැමියා වගේම දරුවො දෙන්නත් නැති වෙනවා. කතාව අන්තිමේදි ෆ්‍රෙඩ් සහ …

Read More »

October Faction [S01 : E08] Sinhala Subtitles | හාර්ලෝ හවුස් [සිංහල උපසිරසි සමඟ]

හත්වෙනි කොටස අවසානයේදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ට තමන්ගෙ දරුවන්ව හොයාගන්න පුළුවන් වෙනවා.හැබැයි මෙයාලට හොයාගන්න වෙන්නෙ කලින් හිටිය ජෙෆ් සහ විව් නෙමෙයි ඉන්ද්‍රජාලිකයො වෙච්ච ජෙෆ් සහ විව්. මතකයිනෙ ප්‍රෙසිඩියෝ නියෝජිතයන්ට අහුවුන වෙලාවෙ අත්වැරැද්දකින් වගේ තමන්ගෙ මායා බල පාවිච්චි කරන මේ දෙන්නට ආයෙත් ඇලිස්ව මුණ ගැහිලා අළු බඳුනෙන් තමන්ගෙ බලයන් වැඩි කරගන්නවා. ඒ …

Read More »

October Faction [S01 : E07] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි කොටසෙදි සන්නද්ධ කණ්ඩායමට පින් සිද්ද වෙන්න ජීවිතේ බේරගන්න ඩෙලෝරිස් ශෙරිෆ්ව රෝහලකට අරගෙන යනවා. තමන්ව මරන්න එන සොල්දාදුවන්ගෙන් හතර දෙනෙක්ව මරන ඉන්ද්‍රජාලිකයා එතනින් පැනගන්නවා. විව් එක්ක ගෙදරට එන රොබෝ ඇසක් තියෙන අමුත්තා සෙත්ගෙ කාමරේ තියෙන සංකේතය සක්‍රීය කරනවා. සංකේතය ගැන හොයන ප්‍රෙසිඩියෝ එක මේකෙන් නිකුත් වෙන ශක්තිය අනාවරණය කරගෙන බැරින්ග්ටන් …

Read More »

October Faction [S01 : E06] Sinhala Subtitles | සන්නද්ධ කණ්ඩායම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් දැනගන්නවා ඉන්ද්‍රජාලිකයෙක් තමන්ගෙ ගෙදරට ඇවිත් ලේඛනාගාරෙන් මැරුණ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු තියෙන බඳුනක් හොරකම් කරගෙන ගිහින් කියලා. මේ බඳුන අරගෙන යන ඉන්ද්‍රජාලිකයා කාන්තාවක්ව මරලා ඒ ලේ වලට බඳුනෙ තිබ්බ අළු දාලා ලේ මායාවක් කරලා තමන්ගෙ බලය වැඩි කරගන්නවා. ඉන්ද්‍රජාලිකයව දඩයම් කරන්න යන ඩෙලෝරිස්ට කැලේදි ෂෙරිෆ් ජීනාව හම්බෙනවා. …

Read More »

October Faction [S01 : E05] Sinhala Subtitles | ලේඛනාගාරයේ සොරකම [සිංහල උපසිරසි සමඟ]

හතරවෙනි කොටසෙදි ගොඩක් දේවල් වුනානේ.ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් නිව්‍ යෝර්ක් ගියාම ෆ්‍රෙඩ් ගෙදර පාටියක් දානවා. පාටිය අතරතුරේදි ස්ටීව්ගෙ අවතාරය ඇවිත් පිලිප්ව බේරගන්න කියලා ඉල්ලනවා.රොබ් එක්ක යන විව්ව බේරගන්නෙ රොබෝ ඇහැක් තියෙන අමුත්තා. පාටිය අස්සෙ ගෙදරට එන මායා බල තියෙන කාන්තාව යම් දෙයක් හොරකම් කරගෙන යනවා. අවසානයෙදි ජෙෆ් සහ විව්ට දැනගන්න ලැබෙනවා …

Read More »

October Faction [S01 : E04] Sinhala Subtitles | මලවුන් පෙනීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, ඔන්න එහෙනම් හතරවෙනි කොටසටත් ආවා.October Faction කතා මාලාවෙ හොඳම ටික පටන් ගන්නෙ මේ කොටසින් කියලා කිව්වොත් නිවැරදියි. ඊට කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතක ඇතිනෙ තුන්වෙනි කොටස ඇලන් පවුලෙ අයට එච්චර හොඳ කොටසක් නෙමෙයි කියලා. විව් කැතීට කියනවා තමන් බස් අන්තුර සිද්දවෙන්න කලින් ඒකෙ චිත්‍රයක් ඇන්දා …

Read More »

October Faction [S01 : E03] Sinhala Subtitles | වැම්පයර් දඩයම [සිංහල උපසිරසි සමඟ]

දෙවන කොටස පටන් ගන්නෙ තරුණ ඩෙලෝරිස් ෆ්‍රෙඩ් එක්ක තමන්ගෙ තාත්තව මරපු රාක්ෂයාව මරන කොටසකින්.ප්‍රෙසිඩියෝ රහස් මධ්‍යස්ථානයකට පහරදීමක් වෙනවා. තමන්ගෙ ඉතිහාස ගුරුවරයා එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්න ජෙෆ්ට පිලිෆ් අතින් අනිත් අය ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ද වෙනවා. ඇලන් පවුල පස්සෙන් යන නාඳුනන කාන්තාවට මායා බලයක් තියෙනවා කියලා දැකගන්න ලැබුනනේ. තමන්ගෙ සහෝදරයගෙ …

Read More »

October Faction [S01 : E02] Sinhala Subtitles | අමුතු සංකේතය [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි දැනගන්න ලැබුනනෙ ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් කියන්නෙ රක්ෂණ නියෝජිතයො වගේ ඉන්න රාක්ෂ දඩයක්කාරයො දෙන්නෙක් කියලා.තාත්තගෙ අවමංගල්‍යයට එන ෆ්‍රෙඩ් ඇතුළු පවුලෙ අයට නගරෙ අයගෙන් එච්චර හොඳ පිලිගැනීමක් නෙමෙයි ලැබෙන්නේ. අවමංගල්‍යය අතරෙදි සාප්පු සංකීර්ණයට යන ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් වැම්පයර්ලා දෙන්නෙක්වත් දඩයම් කරනවා. පලමු කොටස අවසානයේ අනිත් අයට විහිළුවක් කරන්න යන විව් …

Read More »

October Faction [S01 : E01] Sinhala Subtitles | නැවතත් උපන් නිවසට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. ඔන්න එහෙනම් තවත් වැඩකට අත ගැහුවා.ජනවාරි මස 23 Netflixලා විකාශය කරපු October Fraction කතා මාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. මේක භාරගෙන ටිකක් කල් වුනත් නොවැලැක්විය හැකි හේතු කිහිපයක් නිසා වැඩේ පොඩ්ඩක් කල් ගියා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. උපසිරැසි කරන්න මේක වෙන් කරලා දුන්න හසන්ත අයියට …

Read More »

NOS4A2 [S01 : E10] Sinhala Subtitles | පරිත්‍යාගය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම වික්ගෙ පිහිය වුන බයික් එකත් ආපහු පාලමට විසි කරනවා. ගෙදරින් එලියට එන්න හදන වික්ට පේනවා මැන්ක්ස්ගෙ කාර් එක යනවා. අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. කොහොමහරි ගෙදරින් එලියට එන වික්ට ලූ …

Read More »

NOS4A2 [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ නිවසේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා. අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බාර දෙනවා. මැගී සහ වික් එකතු …

Read More »

NOS4A2 [S01 : E08] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි සමඟ]

ව්‍රේත්ව හදාගන්න මැන්ක්ස් ආයෙත් තරුණ වුනානෙ. පොලීසියෙන් එතනට ආවත් මැන්ක්ස්ගෙ බලයන් නිසා වාහනයවත් ඇතුලෙ ඉන්න මැන්ක්ස්වත් පේන්නෙ නෑ. මැන්ක්ස් යද්දි සුන්බුන් අංගනයේ කාන්තාව ලඟ තිබුන ෂෙරිෆ්ගෙ කාඩ් එකත් අරගන්න මැන්ක්ස් ආපහු නත්තල්ලන්තයට යන්නෙ තනියම නෙමෙයි, ශෙරිෆ් බ්ලයි වත් අරගෙන. නත්තල්ලන්තයට අරගෙන යන ශෙරිෆ්ව ලමයි අතින් ඝාතනයට ලක් වෙනවා. පීටර් අයිව්ස් …

Read More »
error: Alert: Content is protected !!