You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

Featured Articles

Better Call Saul [S03 : E05] Sinhala Subtitles | ප්‍රශ්ණේ දුරදිග ගියා වැඩියි! [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ පස්වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Chicanery” කියන නමින්. 2017 මැයි 08 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව …

Read More »

Khaleja (2010) Sinhala Subtitles | දෙවියන් සිටිනුයේ මනුෂ්‍ය රූපයෙනි…! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප්වාසී හැමෝටම. අද මම අඩවිය වෙත ගොඩවෙන්නේ පහුගිය දශකයේ තෙලුගු සිනමාවට දායාද වූ සුපිරි චිත්‍රපටයක් අරගෙන. Trivikram’s Khaleja ලෙසින් මේක හඳුන්වන්න පුළුවන්. Ala Vaikunthapurramuloo, Aravinda Sametha Veera Raghava, Agnyaathavaasi, A Aa, S/O Satyamurthy, Attarintiki Daredi, Julai, Athadu, වැනි තෙලුගු සිනමාවේ අසමසම සිනමා නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කල Trivikram Srinivas විසින් …

Read More »

Bombshell (2019) Sinhala Subtitles | නිරුවත් කරන්නා නිරුත්තර කිරීම [සිංහල උපසිරසි ] (18+)

අවවාදයයි – මෙම චිත්‍රපටයේ පසුබිම 2016 වසරේ ඇමෙරිකා එකසත් ජනපදයේ සුප්‍රසිද්ධ “Fox News” ජාලය තුල සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් සමඟ බැඳී පවතී. කතාවේ බොහෝමයක් නම් ගම්, සත්‍ය සිදුවීමට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් වලට සමාන වේ. මෙය ලිංගික අල්ලස් සහ ලිංගික හිරිහැර සම්බන්ධව කියවෙන චිත්‍රපටයක් බැවින් වැඩිහිටි ප්‍රේක්ෂකයන්ට පමණක් නිර්දේශ කළ …

Read More »

Narcos [S01 : E03] Sinhala Subtitles | බලවන්තයෝ [සිංහල උපසිරැසි] [18+]

හොඳයි මිත්‍රවරුනි, තුන්වෙනි කොටස කරන්න පැවරුනේ මට. වැඩ අස්සේ කොහොමහරි මේක කරලා දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් මට මුල් කොටස් නම් බලන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒක නිසා මම මේ කොටසේ සිද්ධවෙන දේවල් ගැන ටිකක් සඳහන් කරන්නම්. ඉතින් අපේ ප්‍රධාන චරිතය පැබ්ලෝගේ දැන් ප්‍රධාන අභිප්‍රාය තමයි එයාගේ සල්ලි විසිකරලා කොහොමහරි ඇමති කෙනෙක් …

Read More »

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP05 & EP06 Sinhala Subtitles | බලය උදෙසා ආහාර අනුභවය [සිංහල උපසිරසි සමඟ]

අන්තිම කොටස් වලදි වුනේ එරන්වයි හිස්ටොරියවයි පැහැරගෙන යද්දි එයාලට උදව් කරපු රීව්ස් සමාගමේ ලොක්කා ස්කවුට්ලගෙ පැත්ත අරන් ඒක කරන්න උදව් කරපු පොලිසියෙ මිනිස්සුන්ව අල්ලලා දෙන එක. ඒත් රීව්ස්ව කෙනීගෙ මිනිස්සු ඇවිත් මරලා දානවා. රජය කරන්නෙ මේ මිනීමැරුමයි එරන්ව පැහැරගත්ත එක බොරුවක් කියලයි එරවින්ට චෝදනා එල්ල කරන එක. ඒ අතරෙ රීව්ස්ව …

Read More »

Fringe [S03 : E16] Sinhala Subtitles | ආත්ම චුම්බක. [සිංහල උපසිරසි සමඟ]

16 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටස ගැන කියනවා නම්, fringe ඒකකෙන් බැහැර වෙලා අතීත සිදුවීමක් වටා තමයි කතාව දිග හැරුනේ. පීටර්ව අනිත් ලෝකයෙන් පැහැර ගෙන ආවට පස්සේ පීටර්ට තේරිලා තියනවා, මේ තමන්ගෙ ලෝකෙ නෙවෙයි, මේ තමන්ගෙ දෙමව්පියෝ නෙවෙයි කියලා. ඒ වගේම ඔලිවියාව මුල්ම වතාවට පීටර්ට මුණ ගැහුන හැටිත් දකින්න …

Read More »

Gun Shy (2017) Sinhala Subtitles | සල්ලාල සංගීත..!! [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ..ඉතින් ඔන්න තව ෆිල්ම් එකක් ගෙනාවා.මේක පොඩ්ඩක් පරක්කු වුණා මොකද අපිට දැන් ඉස්කෝලෙ මිස්ලා සර්ලා Online class කරනවනේ. ඉතින් පට්ට ෆිලුමක් වුනත් කාගෙවත් ඇහැට වැටුන්නැති එකක් කිව්වොත් හරි.මොකද අවුරුදු තුනක් යනකනුත් උපසිරැසියක් හදලා නෑනෙ..ඉතින් කොහොම හරි කමක් නෑ ඔන්න දැන් ඒකත් ගෙනාවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු මොකද දැන් …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E15] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

ඒත් ආර්ත්දල් වලදී, ශක්තිමත්ම කෙනා වෙන්න පුළුවන් වෙන්නේ, බලය ඇති කෙනාගේ ‍පැත්තේ හිටගත්තොත් විතරයි. එතකොට විතරයි හානි කරන්න බැරිවෙන්නේ. ටාගොන් අරාමුන් හේසුල්ලා බව පැවසීමෙන් පසු ඔහුගේ බලය තීව්‍ර වුණා. මිහොල් පැමිණ ටාගොන් සමඟ හේ ගෝත්‍රය රැකගැනීමට ගනුදෙනුවක් යෝජනා කළා. සායා මහා දෙවොලේ පාලනය තමන් අතට රැගෙන ටාන්‍යා වෙනුවෙන් සියළු කටයුතු …

Read More »

Kanni Maadam (2020) Sinhala Subtitles | කුලය මිනිසාව මරයි ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ IMDb 8.7 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන 2020 පෙබරවාරි මස 21 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි 04 පුරා දිවෙන Drama, Romance වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක්. කුලභේද නිසා ජීවිතවලට වන බලපෑම් කොහොමද කියන එකයි මේ කතාවෙන් කියවෙන්නේ. කොහොම වුණත් වෙන කතාවල වගේ සතුටුදායක …

Read More »

Siren [S02 : E04] Sinhala Subtitles | වෙන් වීම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ හතරවෙනි කොසටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ රින් සටන් කරලා තමන්ගෙ තැන අරගන්නවා. කොහොමහරි මේකට බෙනුත් මැදිහත් වෙනවා. එයාට මැදිහත් වෙන්න එපා කිව්වත්. කොහොමහරි අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා සැන්ඩර් මෙයලාව හොයාගෙන එනකොට මේ තුවාල වෙච්ච කෙනාව හම්බවෙනවා. ඉතිං …

Read More »

Big Brother (2020) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය අභිබවා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා..! ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ… මේක මේ අවුරුද්දේ 2020 තිරගත වුණු සුපිරි මලයාලම් ෆිල්ම් එකක් . “මලයාලම් සිනමාවේ රජු” ලෙස හැඳින්වෙන Mohanlal තමයි මේකෙ ප්‍රදාන චරිතය රගපාන්නෙ. මෑත ඉතිහාසය box office වාර්තා බිද දැමූ lucifer ෆිල්ම් එකත් ප්‍රධාන චරිතය රඟපෑවේ මොහාන්ලාල් තමයි. …

Read More »

Snowpiercer (2020-) [S01 : E01] Sinhala Subtitles | අයිස් යුගයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේව. ඔන්න ඉතින් අද අරන් එන්නේ මේ අවුරුද්දේ TNT නාලිකාවෙන් අරන් එන අළුත්ම කතාමාලාවේ පළවෙනි කොටස. හැමෝම දන්නවනේ මොකක්ද කියලා, ඔව් SNOWPIERCER තමා කතාමාලාවේ නම. එහෙනන් කට්ටිය ට්‍රේලර් එක එහෙම බලල කතාවට සෙට්වෙන්නකෝ. ට්‍රේලර් එක බැලුව කියන්නේ ආය දෙකක් නෑ කෙළින්ම පළවෙනි කොටස බලල ඊළග කොටස …

Read More »

Jesters: The Game Changers (2019) Sinhala Subtitles | කවට කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

කස්ටියටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා..ඔන්න එහෙනම් රූපවාහිනී කතා මාලාවන් වලට උපසිරැසි කරපු මම මේ පාර චිත්‍රපටයකට අත ගැහුවා.මුලින්ම මේක වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝදරයට ස්තූති කරනවා. Comedy – Drama – History කියන වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය IMDb 6.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.අවසානය තෙක් ගොඩක් ආසාවෙන් බලන්න පුලුවන් …

Read More »

Narcos [S01 : E02] Sinhala Subtitles | දුප්පතුන්ගේ රොබින් හුඩ් [සිංහල උපසිරැසි] [18+]

කොහොමද හැම කෙනෙක්ටම, ටීවී සිරිස් රසිකයෙක් අනිවාර්යෙන්ම බැලිය යුතු කතා මාලාවක් ඔබට ගෙන ඒමේ කාර්යයට මේ විදියට දායක වෙනව මාත් ඔන්න. මේක තමා නාකොස් කතා මාලාවේ තියෙන ලිංගික දර්ශණ වැඩිම කතාංගය මං හිතන්නෙ. පැබ්ලෝගෙ, පෙනියගෙ සහ මර්ෆි කියන ප්‍රධාන චරිත ත්‍රිත්වයේම අදාළ දර්ශණ මේකේ තියෙනවා. ඒ නිසා බලනකොට පරිස්සමින්. 😉 …

Read More »

එක්ස්ට්‍රාකරිකියුලර් [S01 : E01 – E10] Sinhala Subtitles | හීන වෙනුවෙනුයි මේ සේරම.. [සිංහල උපසිරසි සමඟ]

හොඳ රස්සාවක් කරන්න, පවුලක් වෙන්න, දරුවො හදන්න, හොඳ ජීවිතයක් ගත කරලා, මැරිලා යන්න.!. මේවා තමයි හීන. මේ හීන හරි ගණන්. අම්මෙක්, අප්පෙක් නැති ළමයෙක්‍ට මේ හීන වල මිල දරා ගන්න බැරි තරම්..! එතකොට ඒ ළමයින්ට හීන දකින්න තහනම්ද? දරුවෙක් ගැන වැඩියෙන්ම දෙමව්පියෝ සැලකිලිමත් වෙන්නේ ඒ දරුවා පුංචි කාලේ. ඇවිදින්න බැරි …

Read More »

The Tag-Along (2015) Aka Hong yi xiao nu hai Sinhala Subtitles | කඳුකරයේ අද්භූත පුරවෘත්තය [සිංහල උපසිරැසි සමග]

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක තායිවානයේ මැන්ඩරින් භාශාවෙන් නිශ්පාදිත චිත්‍රපටයක්. නැගෙනහිර ආසියාවෙ හොල්මන් ෆිල්ම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ Shutter (2004), Along (2007), Ringu (1998), Ju-on: The Grudge (2002), Pulse (2001) වගේ ෆිල්ම් බලපු අයනම් මේවගෙ රස හොඳට දන්නවා. මේකත් චිත්‍රපට මාලාවක් උනත් …

Read More »

Fringe [S03 : E15] Sinhala Subtitles | බාල කාලේ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසටත් ආවා. පහුගිය කොටස ගැන ටිකක් මතක් කරන්නම්. පහුගිය කොටසේ දකින්න ඇති ලොකු විනාශයකින් යන්තම් මේ ලෝකය ගලව ගත්ත හැටි. විනාශයට හේතුව වුනේ මේ ලෝකෙ බිරිඳක්, එයාගෙ නැති වුන ආදරණීය සැමියා කියලා එහා ලෝකෙ ඇගේ සැමියාට සමාන කෙනාට රැවටුන එක.කොහොම හරි, ඇයට ඒ බව තේරුම් කරන්න ගිහින් …

Read More »

Proxima (2019) Sinhala Subtitles | ගඟනගාමියෙකුගේ චරිතාපදානයක්….. [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ. 2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E14] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (සියළුම පුරාවෘතයන්ට පෙරවදන) [සිංහල උපසිරැසි සමග]

අපි මේ මහාද්වීපයම එක්සත් කරාවි. මේ සළකුණ සහිත ධජ ආර්ත් පුරා ලෙළදේවි. අපේ නම් වලින් පළාත් සහ රවටල් නියෝජනය වේවි. අපි කවියක් වේවි. මිනිස්සු ආසා සින් හා රිසාන් වෙනුවට අපි ගැන ගී ගායනා කරාවි. ටාන්‍යා ආසා සින්ගේ තාරකා සීනුව සොයාගැනීමෙන් පසු කිසිදු බළපෑමකින් තොරවම ඇය ආර්ත්දල්හි ප්‍රධාන පූජකවරිය බවට පත් …

Read More »

Anveshanam (2020) Sinhala Subtitle | ළමා අපයෝජනයක්ද? [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට සහ විශේෂයෙන්ම මේ උපසිරැසි නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට මං මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Anveshanam (2020) මලයාලම් සිනමා නිර්මාණයට. 2020 ජනවාරි 31 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Thriller/ …

Read More »
error: Alert: Content is protected !!