You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / Featured Articles (page 61)

Featured Articles

Happy Death Day 2U (2019) Sinhala Subtitles | මරණයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න. ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. …

Read More »

Into the Badlands [S03 : E16] Sinhala Subtitles | ලෙයින් තෙත්වුණු රුදුරුබිමේ අවසන් හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං සෑහෙන කාලයක් ආසාවෙන් බලපු, එක කොටසක් විකාශනය වුණාම ඊලඟ එක එනකල් ඇඟිලි ගැනපු, කතා මාලාවක අවසාන කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. හොඳින්ම දන්නව මේක එනකල් අද 2500ක් විතර කට්ටිය ඇඟිලි ගැන ගැන ඉන්නෙ කියල. ඒ නිසාම සබ් එක ඇවිල්ල පැය 5ක් යන්න මත්තෙන් ඉවර කරල මේ අරගෙන …

Read More »

Arrow [S07 : E21] Sinhala Subtitles | හැමෝටම වෙනස් වෙන්න පුලුවන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ සත්වැනි කතාමාලාවේ 21වැනි කොටස. ඉතින් අද කොටසින් පස්සේ අපි ආයේ මුණ ගැහෙන්නේ හත්වැනි කතාමාලාවේ අවසන් කතාංගය සමගින් එහෙනම්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් කට්ටියට මතක ඇති ඇරෝ කණ්ඩායම ආරක්‍ෂකයො දෙන්නෙකුගේ ඝාතනයකට සැකපිට පොලිසියේ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔලිවර්, …

Read More »

Gangs of Madras (2019) Sinhala Subtitles | ආදරය වෙනුවෙන් ජයා නොහොත් රසියාගේ පළිගැනීම ! [සිංහල උපසිරසි සමඟ]

හැමෝගෙම සතුට සැනසීම තියෙන ජීවිතයක් ඕනෙ කියන එකයි ආශාව ඒත්,ඒක අපේ අතේ තියෙන දෙයක් විතරක් නෙමෙයි අපි වටේ ඉන්න අයගේ අතෙත් තියෙන දෙයක් අපි එක්ක ඉන්න අය අපි වටේ ඉන්න අය ගන්න පුංචි පුංචි තීරණ එක්ක අපේ ජීවිතේම උඩු යටිකුරු වෙලා යනවා මම මොකද්ද කරපු වැරැද්ද ? මම ජයා විදියට …

Read More »

Tokyo Ghoul: re Part 2 EP01 & 02 (13&14) (2018) Sinhala Subtitles | එකැස් රජතුමා සහා කොක්ලියා සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Tokyo Ghoul අන්තිම සීසන් එක, Tokyo Ghoul :re Part 2 අරන් ආවා. 2018 අවුරුද්දෙ මුල තමයි මේකෙ Part 1 ආවෙ. ඒ් නිසා අවුරුද්දකට වඩා මේ උපසිරසිය ගේන්න කල්ගත්තට මුලින්ම සමාව ඉල්ලනවා. එක එක වැඩ නිසා, ඒ වගේම වෙන වෙන උපසිරසි භාරගෙන හිටපු නිසාත්, කම්මැලි කමත් ටිකක් තිබුන නිසත් කරන්ගන්න …

Read More »

The Head Hunter (2018) Sinhala Subtitles | තම දියණිය මරා දැමු යක්ශයා සොයා යක්ශයින් සමග කල මරාන්තික සටන ..[සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් බයිස්කොප් එකක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා , මේක තරමක් වෙනස් ආකාරයේ බයිස්කොප් එක ක් .. මොකද .. මේ බයිස්කොප් පුරාවටම තියෙන්නෙ .. තාත්තා කෙනෙක් බයානක යක්ෂයින් සමග සටන් කරමින් තම දියණිය මරා දාපු යක්ෂයා පස්සෙ යන සීන් එකක් .. මෙකේ විශේෂත්වය වෙන්නෙ .. මේ බයිස්කොප් එක ගොඩාක් …

Read More »

Delhi Crime [S01 : E5] Sinhala Subtitles | මහජන නියෝජිතයින් ඉදිරියේ [සිංහල උපසිරැසි සමඟ]

2012 දී ඉන්දියාවෙ දිල්ලියේදි සිදුවුනු අමානුෂික කේදවාචකයක් පාදක කරගෙන Netflix ආයතනය විසින් ගෙන එන මෙම කතා මලාවේ පස්වෙනි කොටස දිගහරින්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඔයාල ගිය සතියෙ කොටසින් දකින්න ඇති DCP වර්තිකාටත් ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයටත් කට උත්තර නැති වෙනව උසාවියෙදි. ඒ වගේම තමයි විශේෂ කාර්යය බලකායට අලෝක්ව නූලෙන් මිස් …

Read More »

Vijetha (2018) Sinhala Subtitles | ජීවිත පෙරළිය ! [සිංහල උපසිරසි සමඟ]

ශ්‍රීනිවාස රාඕ, රාම් තාත්තල පුතාල, ශ්‍රීනිවාස රාඕ තමන්ගෙ පුතාට පණ වගේ ආදරෙයි. පොඩි කාලේ ඉදන්ම එයා ආස කරපු දේවල් ඉල්ලුවේ නැතත් අවශ්‍යතාවය මොකද්ද කියල දැනගෙන ඒක අරගෙන දීල එයාව සතුටින් තිබ්බා. ශ්‍රීනිවාස රාඕගෙ ආශාව ජායාරූප ශිල්පය ඒකෙන් ඉහළ තැනකට එන්න තමයි එයා සිහින මැව්වේ. ලැබුණ රස්සාවත් එපා කියල තමන්ගෙ සිහිනය …

Read More »

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු …

Read More »

Miss Bala (2019) Sinhala Subtitle | මිතුරිය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පසුගිය දිනවල ඇතිවූ අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්නත්, තුවාල ලබා සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පහුවුණු සිංහල අවුරුද්ද වෙනුවෙන් හැමෝටම සුබ පතනවා. (මොකද මේ සබ් එකක් දෙන්නේ පෙබරවාරි වලින් පස්සේ) ඒ වගේම සමාව ඉල්ලනවා මේක ටිකක් ප්‍රමාද වුණු එකට. ෆිල්ම් …

Read More »

ImMATURE [S01 : E4 Sinhala Subtitles | විභාගය මැද මතුවුණු ආදරය [සිංහල උපසිරැසි සමඟ]

පාසල් ප්‍රේමයක් ගැන නිර්මාණය වුණු immature වෙබ් කතාමාලාවේ අවසානයටත් ටිකෙන් ටික ළංවෙලා. අද හතරවන කතාංගයට පස්සේ තව එක කතාංගයයි! පහුගිය එපියෙන් වුණු සිද්ධි මතක ඇතිනේ.. එනිසා කෙලින්ම අද කතා සාරාංශයට බහින්නම්. දෘව්, කබීර් හා සුසූ.. මේ තුන්දෙනා කළොත් කරන්නේ පිස්සු වැඩක් කියලා කට්ටිය හොඳට දන්නවනේ. එපි තුනක් පුරාවටම මේ පිස්සු …

Read More »

Cobra Kai (2018-) [S02 : E09] Sinhala Subtitles | මිතුරු සාදය හා පෙම්හමුව [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ …

Read More »

Game of Thrones [S8E04 – The Last of the Starks] Sinhala Subtitle (18+) | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ 500 වෙනි උපසිරැසියට සුබ පතපු හැමදෙනාටම. ඒ හයිය තමා මාව තාමත් මේකෙන් මිදෙන්න අමාරු තත්වෙකට පත් කරවන්නේ. දෙවෙනුව වෙනද වගේම සුබ පතනවා ගිය සතියෙ ජයග්‍රාහකයින් දෙදෙනා වන Himansha ට හා Nimal Ekanayake වෙත. ත්‍යාග ලබාදීමට අදාළ ලිපින ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම කමෙන්ට් කරන්න පාවිච්චි කරපු බයිස්කෝප් එකවුන්ට් …

Read More »

Cobra Kai (2018-) [S02 : E08] Sinhala Subtitles | ආදරයෙ මහිමය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ …

Read More »

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ …

Read More »

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. …

Read More »

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500*)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ …

Read More »

Warrior (2019-) [S01: E05] Sinhala Subtitles | චයිනාටවුන් වලින් පිට… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 5 වෙනි කොටසත් අරගෙන ආවා. දන්නවනෙ දැං අ සාම් නිදහස් වෙලා ඉන්නෙ. ඒ වගේම නගරාධිපති බ්ලේක්ගෙ නෝනත් අ සාම්ට කැමති බවක් පේන්න තියනවා. දැං අපි දන්න කාරණයක් තමයි මායි ලිං මොකක් හරි දේකට අර අදින විත්තිය උප නගරාධිපති එක්ක එකතුවෙලා. ඕක නිසාම මායි ලිං ෆන්ග් …

Read More »

Delhi Crime [S01 : E4] Sinhala Subtitles | මහජන විරෝධය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද කතාංගයේ හතරවන කොටසයි ඔයාල සිංහල උපසිරැසි සමග නරඹන්න යන්නෙ. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති ජයි සිං සියලුම දේ වමාරනව. තමන් කරපු සාහසික දේවල් කිසිඳු පිලිකුලක් නැතුව ප්‍රකාශ කරනව. සැකකරුවන් අත්තඩංගුවට ගන්න එන පොලිස් කණ්ඩායම සාර්ථකව විකාශ්, බ්‍රජේශ් දෙන්නව අත්තඩංගුවට ගන්නව. බුද්ධිමත්ව කටයුතු කරමින් එයාල දෙන්නගෙනුත් සියලුම දේවල් අසා …

Read More »

The Flash [S05 : E20] Sinhala Subtitles | නෝරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව …

Read More »
error: Alert: Content is protected !!