You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / Featured Articles (page 777)

Featured Articles

A Walk in the Clouds (1995) with Sinhala Subtitles | එන්න…වලාකුළු අතර සැරිසරන්න! [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න… මේකේ කතාව විහිදෙන්නේ යුද්ධය නිම කරලා ආපසු ගෙදර එන සොල්දාදුවෙකුට මුහුණදෙන්න වෙන සිදුවීම් පෙළක් වටායි. ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා යන ගමනේදී සිද්ධවෙන බොහොම පුංචි සිද්ධියක් නිසා ඔහුගෙ අරමුණ වෙනස්වෙනවා. කොහොමින් …

Read More »

Neal ‘N’ Nikki (2005) | පිස්සු හැදෙන ආදරයක්…

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල අපේ ගෙදරිනුත් බර බරේ දාන සංවේදී මොහොතක ලියන මේ කථාවේ අඩු පාඩු තියෙනවනම් හැමෝගෙන්ම සමාවත් ඉල්ලනවා හොඳේ.. මෙන්න මෙහෙමයි කතාව..ටිකක් කෙටියෙන් තමයි කියන්නේ මං.. මේ ඉන්න නීල් කියන හාදයා හරි …

Read More »

Undisputed II: Last Man Standing (2006) with Sinhala Subtitles | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මේ බයිස්කෝප් මාලාව කොටස් 3කින් සමන්විත එකක්. මෙහි පළමු කොටස නම් අසාර්ථක නිර්මාණයක්. ඒකටත් හරියන්න 2 වෙනි එකයි 3 වෙනි එකයි මැක්සිමම් විදියට හදලා තියෙනවා. 1වෙනි එක නොබැලුවයි කියලා පාඩුවක් වෙන්නේ නෑ. ඒ මොකද 1 වෙනි …

Read More »

Milenge Milenge (2010) with Sinhala Subtitles | ඔබ දෛවය විශ්වාස කරනවාද ? [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම හිතනවා ඔයාලා මේක බලලා මගේ අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නලා දෙයි කියලා. මීට කලින් සිංහල උපසිරැසි දාපු ෆිල්ම් ගොඩක් බලලා තිබුණත් උපසිරැසි දාන එක කොයිතරම් අමාරුද කියලා තේරුණේ මේකට උපසිරැසි දාන කොට තමයි. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? …

Read More »

The Sorcerer’s Apprentice (2010) with Sinhala Subtitles | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් …

Read More »

Daisy (2006) with Sinhala Subtitles | හදවත් තුනක කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

පෙර දිනකදී පළකළ මෙම ලිපිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැකී ගිය බැවින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට නැවත පළ කලා. ෆිල්ම් එක බලපු අය කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියමු නේ…. ඔන්න අදත් කට්ටියටම දෙන්න යන්නේ ලස්සන කොරියන් ෆිල්ම් එකක් සිංහල උපසිරැසිත් එක්කම.කට්ටිය දැන් මේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි වගේනේ… ෆිල්ම් එක කොරියන් …

Read More »

A Mighty Heart (2007) | සත්‍ය කතාවක්..!!

2002 වර්ෂයේ, පෙබරවාරි 21 දා “The Slaughter of the Spy-Journalist, the Jew Daniel Pearl” නමින් වීඩියෝ දර්ශනයක් නිකුත්වුණා. ඒ කියන්නේ “ඔත්තුකාර මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල්ගේ ඝාතනය” කියන තේරුම. අපේ බයිස්කෝප් යාළුවෝ කාටහරි මතකද මේ සිදුවීම. ඇත්තෙන්ම ඒ වෙනකොට ඔහු වැඩ කළේ Wallstreet journal ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධානියා ලෙසටයි. හැබෑවටම ඔහු …

Read More »

The American (2010) with Sinhala Subtitles | නිහඬ ඝාතකයෙකුගේ අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මාව අමතකද මන්දා. කාලයක් යනකම් බොහොම නිහඬව උන්නනේ. ඔන්න ටික කාලෙකට පස්සෙ නිහඬතාවය බිඳිමින් තවත් සබ් එකක් අරගෙන ආවා. 1990 දී Martin Booth අතින් ලියැවුනු නවකතාවක් වන A Very Private Gentleman කියන නවකතාව අනුව තනපු මේ චිත්‍රපටය තිරගත වුනේ 2010 සැප්තැම්බර් මාසයේ. ජැක් කුලියට මිනිසුන් ඝාතනය කරන්නෙක්. තමාව ස්වීඩනයේදී …

Read More »

The Invention of Lying (2009) | බොරුවක් එහෙම නෙමේ!!

බොරුව කියන්නෙ මොකද්ද? බොරුවේ උපත කොහොම සිදුවෙන්න ඇද්ද? කවුරුවත් කාටවත් බොරුවක් කියන්නේ නැති ලෝකයක් ගැන මොනවද හිතාගන්න පුළුවන්? ඔව්, තමන් ඇත්තටම හිතන දේ, ඇත්තටම කරන දේ, ඇත්තටම දැනෙන දේ වහන්නෙ-හංගන්නෙ නැතුව කෙළින්ම කියනවා. හොඳ නරක ඕනි එකක්. ඉතිං එතකොට බොරුවක් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ කොහොමද? කියලා දන්න කිසි කෙනෙක් නැති …

Read More »

Wall Street: Money Never Sleeps (2010) | ලෝක ආර්ථිකයේ නොදත් පැතිකඩ !

ඔන්න අදනම් ටිකක් complicated බයිස්කෝප් එකක් තමයි දෙන්න යන්නෙ. එහෙම කියුවෙ මේ කතාව හොඳට තේරුම් අරගෙන මුල ඉඳලම බලන්න ඕනෙ නිසා. කතාව වෙන්නෙ 2008 දී ඇමරිකාව සහ ලෝකයේ ආර්ථික අවපාතය ඔස්සෙ ක්‍රියා කරන ඉතා දක්ෂ තරුණයෙකු වටායි. එම චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ, Shia LaBeouf (Jake Moore) කියන දක්ෂ තරුණ රංගන …

Read More »

Vertical Limit (2000) | ඇඟහිරිවට්ටන ත්‍රාසයක්; ලොමුදැහැගන්වන භීතියක්!…

ඇඟ සීතල කරවන හිමෙන් වැසුණු ගිරි ශිඛරයක ඇඟ සීතල කරවන භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් කොහොමට තියේවිද? මේ ‍ෆිල්ම් එකේ ඉන්න කට්ටියටනම් හිමකන්දක් තරණය කරන්න ගිහිල්ලා ඒ වගේ සිද්ධියකට මූණ පාන්න වෙනවා. ඒත් මේක එසේ මෙසේ හිමකන්දක් නෙමේ. ලෝකේ 2වෙනි උසම කන්ද තමයි තරණය කරන්න හදන්නේ. කාත් කවුරුවත් අහලක නැති …

Read More »

The Perfect Man (2005) | උගුරට හොරා බෙහෙත් බිව්වොත්…

කාටහරි නිතරම තැනින් තැනට යන්න සිද්ධවුණොත් මොනව හිතේවිද? හරියට යාළුවෙක් නෑ! හිතවතෙක් නෑ! මාස 2-3කට වතාවක් අලුතින් යාළුවෝ හදාගන්න වුණොත්. අප්පා මොන වදයක්ද නේද? තරුණ වයසෙ ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ අම්මගේ අවුල් සහගත වැඩ නිසා මේ වගේ තත්වයක් ඇති වුණොත්! කියල වැඩක් නෑ ඉතින්. මේ කතාවේ ඉන්න කෙල්ලට ( Hillary Duff …

Read More »

The Last Airbender (2010) with Sinhala Subtitles | ලොවටම එකයි… [සිංහල උපසිරසි සමඟ]

ඕන් එහෙනම් අද අපි අරගෙන ආව ලොකු පොඩි සැමට බලල රසවිඳින්න පුළුවන් ජාතියෙ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිෂ්පාදනය කෙරුනේ ලොව සෑහෙන්න ප්‍රසිද්ධියට පත් වෙච්ච Nickelodeon රූපවාහිනී නාලිකාව ප්‍රචාරය කල Avatar: The Last Airbender කාටූන් කතා මාලාව වටායි. ලංකාවෙ ලොකු පොඩි සැම අතරෙම මේ කාටූන් කතා මාලාව සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. කතාව මෙන්න …

Read More »

The Others (2001) | මේ වගේ ගුප්ත පරිසරයක්…???

ග්‍රේස් (Nicole Kidman) කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කළේ තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක ජීවත් වෙන කාන්තාවක්. ඇගේ සැමියා හමුදා සේවයට ගිහින්. මේ පවුල වාසය කරන්නේ චැනල් දූපත්වල මීදුමෙන් පිරුණු අමුතුම ගුප්ත පරිසරයක තියෙන විශාල මන්දිරයක. මේ ගෙදර වැඩට එනව තුන් දෙනෙක්, වයසක උයන්පල්ලෙක්, ආයා කෙනෙක් සහ කතා කරන්න බැරි තරුණ කාන්තාවක්. …

Read More »

She’s The Man (2006) | මෙන්න කෙල්ල…

ඔන්න මම ලියන දෙවනි ලිපිය.. අද ලියන්න හිතුණේ මම වැඩියෙන්ම ආශා කරන කතාවක් මොකො දන්නවාද එකෙ මම ආශා නළුවො ඩබලම ඉන්න නිසා. හැබැයි මෙක දැනටම බලලා තියෙනවා ද දන්නේ නැහැ . මෙක 2006 දි තිරගත උණ බයිස්කොප් එකක් නිසා. ගිය සැරෙ වගේ වැඩි පුරා ජෙරු නැතුව කෙළින්ම කතාවට බහින්නම් කො.. …

Read More »

Bridge to Terabithia (2007) with Sinhala Subtitles | ටෙරබීතියාවට පාළමක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලයක් තිස්සෙ බයිස්කෝප් අඩවිය සමඟ රෑඳී ඉන්න කොට මටත් හිතුණා ලස්සන බයිස්කෝප් එකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඈත්නම් කියලා.ඔන්න ඒක හින්දා මම බලල තියෙන ලස්සනම බයිස්කෝප් එකකින්ම වැඩේ පටන් ගත්තා. නිකන්ම නෙවෙයි සිංහල උපසිරසිත් එක්කම. මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10ක් අරගෙන තියන මනාප ඡන්ද …

Read More »

Scooby-Doo! Camp Scare (2010) with Sinhala Subtitles | ඇවිත් හොඳට හිනාවෙන්න… [සිංහල උපසිරසි සමඟ]

පසු ගිය වතාවේ දුන් උපසිරැසි සඳහා ලැබුණු දිරිගැන්වීම් වලට පිං සිද්ධ වෙන්න කියලා ඔන්න මම දෙවැනි උප සිරැස ත් දැම්මා. මෙවර බයිස්කෝප් එක වුණේ කවදාවත් වයසට නොයන ස්කූබි ඩූ වල 2010 නිකුතුව වන Scooby-Doo Camp Scare 2010. මේක සැකිලි රූ බයිස්කෝප් එකක් වුණත් ස්කුබි ඩූ පොඩි කාලේ බලපු අය දැන් …

Read More »

Vampires Suck (2010) | ටිකක් හිනාවෙමු…

ඔන්න කට්ටියට හිනා වෙන්න පුලුවන්, බයිස්කෝප් එකක් උස්සගෙන ආවා. Twilight චිත්‍රපටි මාලාවෙ කතාව අලලා සැකසුනු කොමඩි වර්ෂන් චිත්‍රපටියක් තමයි මේ Vampires Suck කියන්නෙ. මේ චිත්‍රපටය ආදායම අතින් සාර්ථක උනත් IMDB රේටින් වලින්නම් බොහොම දුරුවල ස්ථානයකයි පසුවෙන්නෙ. මේකෙ රංගනයට සම්බන්ධ වෙලා තියෙන්නෙත් බොහොම නවක නළු නිළියන් පිරිසක්. හැබැයි ඉතින් චිත්‍රපටිය තිරගතවීම් …

Read More »

Predators (2010) with Sinhala Subtitles | ජිවත්විම මරණයට වඩා වැදගත්… [සිංහල උපසිරසි සමඟ]

2009 වසරේ මේ චිත්‍රපටියේ පළමුවන ප්‍රචාරක පටිය නිකුත් විමත් සමඟ ලොව තුල විශාල කතිකාවතක් හා උනන්දුවක් මේ චිත්‍රපටිය පිළිබඳව ඇතිඋනා. 1987 වසරෙ මෙහි පළමුවන චිත්‍රපටිය නිකුත් උනා. එහි රංගන දායකත්වය දැරුවේ එකල ඇමරිකාවේ මෙන්න ලෝකයේම ශක්තිමත්ම මෙන්ම ජනප්‍රියම පුද්ගලයා වු Arnold Schwarzenegger විසින්. එමෙන්ම මෙහි දෙවන චිත්‍රපටියට රංගන දායකත්වය දැක්වුවේ …

Read More »

Magadheera (2009) with Sinhala Subtitles | පුනර්භවය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු වතාවට වෙනස්ම ආරක් ගත් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතුවා. මේ බයිස්කෝප් එකේ විශේෂත්වය වන්නේ තෙලිඟු නිර්මාණයක් වීමයි. මුලින්ම උපසිරස යෙදීමෙන් තොරව දෙන්න හිතුවත්, මේ වගේ පට්ට බයිස්කෝප් නිකංම දීලා වැඩක් නැති නිසා සිංහල උපසිරසත් එක්කම දෙන්න හිතුවා. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal …

Read More »
error: Alert: Content is protected !!