You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / MaxxA (page 30)

MaxxA

Roswell (2000) [S03 : E07] Sinhala Subtitles | කිවාර් ඉසබෙල්ව අරගෙන යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරං යනවා කියලා …

Read More »

The Gifted [S02 : E09] Sinhala Subtitles | ආරම්භය සනිටුහන් කිරීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු.. ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා …

Read More »

Titans 2018 [S01: E09] Sinhala Subtitles | හෝව්ක් සහ ඩොව්ගේ කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 …

Read More »

Roswell (2000) [S03 : E06] Sinhala Subtitles | ඉසබෙල්ගේ මඟුල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. ඔයාලා දන්නවනේ තුන්වන කතා සමය ආරම්භයේ පටන්ම ඉසබෙල් ජෙසී රමීරස් කියන පුද්ගලයත් එක්ක ආදරයෙන් බැඳිලා ඉන්නවා. ඒත් යම් යම් ප්‍රශ්න නිසා ඔවුන්ගේ විවාහය ටිකෙන් ටික කල් යනවා. කොහොමින් කොහොම හරි දෙමව්පියන්ගේ …

Read More »

Ye Mantram Vesave (2018) Sinhala Subtitles | ජීවිතයට ලොග් වෙන්න… [සිංහල උපසිරසි සමඟ]

තාක්ෂණය.. මිනිස්සුන්ගේ ජීවිතය සෑහෙන්න වෙනස් කරන මාතෘකාවක්.. තාක්ෂණය.. පරම්පරාවක් කණපිට පෙරලපු වචනයක්… ඉස්සර ගමේ පිට්ටෙනියේ ගහපු ක්‍රිකට්, ෆුට්බෝල්… අද තිරයක් උඩ ඇඟිල්ලෙන් ගහනවා… ඉස්සර ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ඉදන් ඇදපු දාම්.. ගැරජ් එකට හවසට කොල්ලෝ ටික සෙට් වෙලා ගහපු කැරම… අද ඔන්ලයින් ලොග් වෙලා තිරයක් උඩ ඇඟිල්ලෙන් සෙල්ලම් කරනවා… …

Read More »

Roswell (2000) [S03 : E05] Sinhala Subtitles | මැක්ස්ගේ යානය කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට, අදත් මම වෙනද වගේම රොස්වෙල් කතා මාලාවේ 3 වන කතා සමයේ 5 වන කොටසත් අරගෙන ආවා. හතරවෙනි කොටසෙදි මතකනේ මැක්ස් පෙනුම වෙනස් කරන අනිත් කෙනාව හොයාගෙන ලොස් ඇන්ජලීස්වලට ගියා. ඉතින් ඔහු නතර උනේ හොලිවුඩ් වල චිත්‍රපට කරන තැන. ඉතින් ඔහු කොහොම හරි මේ අනිත් පෙනුම වෙනස් කරන …

Read More »

Nayakan (1987) Sinhala Subtitles | නායගන් [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් …

Read More »

Vikings [S05: E12] Sinhala Subtitles | වංක පුජනීයත්වය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු. මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු …

Read More »

Arrow [S07 : E08] Sinhala Subtitles | සෙවනැළි අතරින් ආලෝකයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු.. ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස් …

Read More »

Roswell (2000) [S03 : E04] Sinhala Subtitles | තවත් අමුත්තෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න අදත් මම ආවා රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හතරවන කොටසත් අරගෙන. පසුගිය කොටස් වලිදි මතකනේ මැක්ස් සහ ලිස් දෙන්නා කඩයක් කැඩුව නිසා හිරේට ගියා. ඊට පස්සේ කොහොම හරි දෙන්නා එතනින් බේරිලා ආවා. ඒත් ලිස්ගේ පියා ලිස්ට මැක්ස් හමුවෙන්න තහනම් කරනවා. කොහොමහරි ඒ දෙන්නා එයාලට හොරෙන් …

Read More »

The X Files [S04 : E24] Sinhala Subtitles | බොරුව විශ්වාස කරන්න….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය …

Read More »

Roswell (2000) [S03 : E03] Sinhala Subtitles | ඉසබෙල්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට. ඔන්න අදත් එහෙනම් මම රොස්වෙල් කතා මාලාවේ තවත් කොටකසට සිංහල උපසිරැසිය ගෙනාවා. මේ ගෙනාවේ තුන්වන කතා සමයේ තුන්වන කොටසටයි. ඉතින් ඔයාලට මතකයිනේ පහුගිය කොටස් වලිදි දැක්කා අලුත් කෙනෙක්. ඒ මැක්ස්ගේ තාත්තා එක්ක වැඩ කරන රමීරස් කියලා පුද්ගලයෙක්. ඉතින් මේ කෙනෙත් එක්ක මැක්ස්ගේ සහෝදරිය ඉසබෙල් හැමෝටම හොරෙන් ආදරය …

Read More »

Supergirl [S04 : E08] Sinhala Subtitles | ඈ.. ස්වප්න මායාවී! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඊයෙ දවසෙ විකාශය වුණු සුපර්ගර්ල් අටවන කතාංගයට ඔන්න ඉතිං අද වෙනකොට කොහොමහරි සබ් එක කරගන්න හැකි වුණා. සුපර්ගර්ල් එක්ක හැමදාම නෝක්කඩු කියන්න වෙනවනෙ පරක්කු වෙනව කියල. අටවෙනි කතාංගයට අත තිව්ව විතරයි ඒ වගේ දෙයක් වුණා. මගෙ ලැප්ටොප් රාජයා කැඩුණනෙ. ඒත් ඉතිං අතෑරියෙ නෑ මමත් සබ් එක කළා ෆෝන් …

Read More »

Midnight, Texas [S02 : E05] Sinhala Subtitles | සෑම රහසක්ම හෙළි වේ.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවත වාරයක් මට Midnight Texas කතාමාලාව සමඟ එකතු වෙන්න සිද්ධ උනා.මේ එපිය කරන්න නම් හිටියෙ දිල්ශාන් සහෝදරයා. නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසාවෙන් එපිය මට කරන්න සිද්ධ උනා.එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනේ ව්‍යාඝ්‍ර කෙල්ලෙක් හිටියා රේව් වගේම.ඒවගේම තමයි රේව් මිඩ්නයිට් වලින් යන්න …

Read More »

Roswell (2000) [S03 : E02] Sinhala Subtitles | මයිකල්ගේ අලුත් රස්සාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ඔයාලට. ඔන්න අදත් මම ඔයාලා ගොඩක් නොඉවසිල්ලෙන් බලන් ඉන්න රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ දෙවන කොටසත් අරන් ආවා. පහුගිය කොටසෙදි මතකනේ ඔයාලාට මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. ඒ ඔවුන් දෙන්නා කඩයක් කැඩුව නිසා. ඒත් ඒ කඩේට එහෙම යන්නේ මැක්ස් විශ්වාස කරා එයාලට ආපහු ඔවුන්ගේ ලෝකෙට යන්න යානයක් එතන …

Read More »

The Christmas Chronicles (2018) with Sinhala Subtitles | නත්තල මැද්දේ මහ ජරමර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් අදත් අරන් ආව ලස්සන සිනමා නිර්මාණයක්. මේ දවස් වල පොඩි විප්ලවයක් කරන්න ගිහින් සහෝදරවරුත් එක්කම කොනට වෙලා ඉන්නේ. ඉතින් ඔය අතරේ රවිදු රුක්ශාන් සහෝදරයා ආරාධනා කරා The Christmas Chronicles ෆිලුමට සබ දෙමු කියලා. ඉතින් මාත් පොඩ්ඩක් බැලුවා ට්‍රේලර් එක. අම්මෝ හිත කඩාගෙන ගියා. එවලෙම සයිට් එකට මේල් එකක් …

Read More »

The X Files [S04 : E23] Sinhala Subtitles | රාක්ෂයින්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 23 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 11 දිනය.මේ කොටසට imdb අගය 8.2 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මොල්ඩර්ගේ සහෝදරිය සමන්තා ව පිටසක්වලයින් විසින් පැහැරගෙන ගියා කියලා.” මේකෙදි මොල්ඩර්ට සිහිනයක් …

Read More »

Roswell (2000) [S03 : E01] Sinhala Subtitles | දැන් එයාලා අපරාධකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම එහෙනම් ඔයාලා ගොඩාක් ආසාවෙන් බලපු, මමත් ගොඩක් කැමතිම කතා මාලාවේ තුන්වන කතා සමයත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක ගේන්න මම සූදානම්. පළමු කතා සමය උපසිරැසිත් එක්ක අරන් ආවට වැඩ අධික උන නිසා දෙවන කතා සමයට උපසිරැසි කරන්න කාලය සොයාගන්න අපහසු උනා. ඒත් දැන් වැඩ අධික නොවුනට …

Read More »

Supergirl [S04 : E07] Sinhala Subtitles | සබ්ජෙක්ට් 0331..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් හතරවන කතා සමයේ හත්වන කතාංගය. පහුගිය සතියෙ වගේම මුලින්ම සමාව ඉල්ලා සිටීමක් කරන්න තියෙනව, මේ සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. ඇත්තටම මේක මගේ අවුලක්ද, නැත්තං සුපර්ගර්ල්ගෙ අවුලක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි මම සුපර්ගර්ල් කරන්න අත ගහන හැම වෙලාවකම ලොකු පසුබෑමක් වෙන කාරණාවක් සිද්ධ වෙනව. …

Read More »

Vada Chennai (2018) Sinhala Subtitles | චෙන්නායි කූඹියෝ. [සිංහල උපසිරසි සමඟ]

ජීවිතේ කියන්නේ හරි අමුතු දෙයක්. හරියට වනාන්තරයක් වගේ සංකීර්ණ එකක්. වනාන්තරයක ගහකොළ, ඇළදොළ, අනං මනං හැම එකක්ම තියෙනවනේ. ඒවගේම සත්තුත් ඉන්නවා.. ඉතින් හැම ගහක්ම මුලින් මුල සම්බන්ධයි. ගස් නැතුව ඇළදොළ පවතින්නෙත් නෑනේ. ඒ වගේම සත්තුන්ට පවතින්නත් බෑ. ඉතින් ඒ විදහට බැලුවොත් හැමදේම හැම එකටම සම්බන්ධයි. එකක් නැතුව එකක් පවතින්නේ නෑ …

Read More »
error: Alert: Content is protected !!