You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 16 2019
Breaking News
Home / MaxxA (page 40)

MaxxA

Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න …

Read More »

Kadhal Kasakuthaiya (2017) Sinhala Subtitles | වැඩිමල් ඔය හිතට පෙම් කලෙමි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන ආවා. මේක 2017 ආපු ෆිලුමක් .කවුරුවත් සබ් දීලා තිබුනෙ නැ ..Tamil romantic drama ගණයට තමයි මේ ෆිලුම අයිති වෙන්නෙ. IMDB මීටරේ 8.1 ගන්න මේ ෆිලුම සමත්වෙලා තියෙනවා …ඒකේන් පේනවනෙ හොද ෆිලුමක් කියලා. Dhruvva හා Venba කියලා අලුත් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිත කරන්නෙ.. කතාව ගැන …

Read More »

Roswell (2000) [S03 : E13] Sinhala Subtitles | සිහිනයක්ද මේ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? වෙනද වගේම අදත් ඔන්න රොස්වෙල් තුන්වන කතා සමයේ 13 වන කොටසත් අරත් මම ආවා. පසුගිය කොටසෙදි මතක ඇතිනේ ලිස්ට වෙනස් වෙන්න ඕන නිසා තාත්තා කිව්ව විනමන් නේවාසික පාසලට ගියා. ඒ වගේම තමයි මරීයා එයාගේ සංගීත කටයුතු වලට නිව්යෝක් නගරයට ගියා. ඇත්තටම ඔවුන් එහෙම වෙනස් වෙන්න හිතාගෙන ගියාට එහෙම වෙන්න …

Read More »

A Star Is Born (1937) Sinhala subtitles | තරුවක් ඉපදුනා [සිංහල උපසිරසි සමඟ]

2018, ඒ කියන්නෙ මේ වසරේ එළිදැක්වුන ස්ටාර් ඉස් බෝර්න් සිනමාපටයේ මුල්ම පුරුක තමා මේක. තිරගත වෙන්නෙ 1937 වසරේ අප්‍රියෙල් මාසයේදි. ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. විලියම් ඒ වෝල්මන් සමග ජැක් කොන්වේ එක්ව අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඩොරති පාකර්, ඇලන් කැම්ප්බෙල්, හා රොබර්ට් කාසන් එක්ව තිරපිටපත රචනා කරනු ලබනවා. ඒ විලියම් …

Read More »

Roswell (2000) [S03 : E12] Sinhala Subtitles | වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් වෙනද වගේම අදත් ඔන්න මං රොස්වෙල් තුන්වන කතා සමයේ 12 වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි ප්‍රධාන චරිත කීපයේ වෙනස්වීම් බලාගන්න පුළුවන්. මැක්ස්, මයිකල්, ලිස්, මරීයාගේ වෙනස් වීම් වගේම නොහිතන දේවල් කිහිපයක්ම මේ කොටසෙදි වෙනවා. එහෙනම් ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා…!!!         …

Read More »

Supergirl [S04 : E09] Elseworlds, Part 3 Sinhala Subtitles | වෙනත් ලෝක 3- වියරු යතාර්ථයක නිමාව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා සුපර්ගර්ල් හතරවැනි කතාමාලාවේ නවවැනි කොටස වගේම else worlds ක්‍රොස්ඕවර් කතාංගයේ අවසාන කොටහ.. ඔව් ඔව් අද උදයංග නෙවේ තමා සබ ගෙනාවේ.. හොදයි එහෙන්ම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ඇරෝ ෆ්ලෑෂ් ඩබල ඇගවල් මාරු කරගත්තට පස්සෙ සෑහෙන වින්නැහියක් තමා උනෙ.. ගිය සතියෙ දැකගන්න ලැබුනා කට්ටියට හෝඩුවාවක් ලැබෙනවා..ඒ සිස්කො …

Read More »

Lust, Caution (2007) Aka Se, jie Sinhala Subtitles | ආදරනීය ඔත්තුකාරිය… [සිංහල උපසිරසි සමඟ] (18+)

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Stay (2005) දෙලොවක් අතර…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ …

Read More »

DCs Legends of Tomorrow [S04 : E08] Sinhala Subtitles | මායා සතුන් දඩයම සහ තවත් කතා රැසක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම මේ අරන් එන්නේ DCs Legend of Tomorrow කතාමාලාවේ 8වෙනි කොටස. ඒ කියන්නේ මේ අවුරුද්දට එන අවසානකොටස. ඇත්තටම මං නෙමෙයි කරන්න හිටියේ. කරන්න හිටපු කෙනාගේ කාර්‍ය බහුලත්වය නිසා ඔන්න මම භාරගෙන පුළුවන් ඉක්මනට ගෙනවා. ඊයේ උදේ තමා වැඩේ පටන් ගත්තේ කෝමහරි කොටලා අද හවස් වෙනකොට ඉවර කරලා භාරදෙන්න කවුරුත් …

Read More »

Roswell (2000) [S03 : E11] Sinhala Subtitles | වාර්තාකාරයා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කස්ටියට, අදත් එහෙනම් වෙනද වගේම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 11 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. මේ කොටස ටිකක් අනිත් ඒවට වඩා වෙනස් විදිහකට යන කොටසක්. මේ කොටස ඇතුලෙදි තවත් කොටසක් වෙනස් විදිහකට මේකෙදි බලන්න පුළුවන්. ඉතින් මේ කොටසෙදි ජෙසීගේ යාළුවෙක් එයාලගේ ගෙදරට එනවා නවතින්න හිතාගෙන. ඔහු වාර්තාකාරයෙක්. ඒ …

Read More »

Halkaa (2018) Sinhala Subtitles | මලපහ විප්ලවය [සිංහල උපසිරැසි සමග]

නාහෙට දැනුනු මල් සුවඳත් එක්ක මං ඇහැරුනා. එළියේ දාස්පෙතියා ගහේ මල් පිපිලද කොහෙද. මං නිදි ගැට කඩ කඩ එලියට ඇවිත් බැස්සා. වැටෙන් එහා තිබ්බේ නිල් පාටට දිලිසෙන කුඹුරු යාය. මිනිස්සු ගෑනු ටිකක් උදළු, කැති අරන් කුඹුරු වලට බහිනවා. මීදුම අඩුවෙන්න අරන්. සීතල හුළං රැල්ලක් මාව ඉඹගෙන ගියා. මම අම්මා දීලා …

Read More »

Arrow [S07 : E09] Elseworlds, Part 2 Sinhala Subtitles | වෙනත් ලෝක 2 කොටස- ගෝතම් නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරිස් ඔලිවර්ට බෙරී කියලා කතා කරනවා. …

Read More »

Kolya (1996) Aka Kolja Sinhala Subtitles | රුසියන් දරවා හා වියපත් බඹරාගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

චෙක්ජනපදයෙන් බිහිවු මෙම සලරුව 1997 වර්ෂයේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස Oscar සම්මානයට පාත්‍ර වු Golden Globe සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ලෙස සම්මානය දිනු Czech Lion සම්මාන උළෙලේ සම්මාන 06 ක් හා Tokyo Sakura Grand Prix සම්මාන උළෙලේද ඇගයුමට පාත්‍රව imdb දර්ශකයේ 7.8/10, Rotten Tomatoes 96% ද, ගූගල් පරිශීලකයන්ගේ …

Read More »

Roswell (2000) [S03 : E10] Sinhala Subtitles | අලුත් අවුරුද්දේ මේ මොකද වෙන්නේ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ 10 වෙනි කොටසේ සිංහල උපසිරැසියත් අරන් ආවා. ඉතින් පසුගිය කොටසෙදි රොස්වෙල් වල නත්තලේ අසිරිය විඳගත්තා වගේම මේ කොටසෙදි අලුත් අවුරුද්දත් ලබනවා. ඒත් අලුත් අවුරුද්ද උදා වෙන්න කලින් කවුරුවත් හිතන්නේ නැති දේවල් සිද්ද වෙනවා. මයිකල්ට අමුතු ආකාරයෙන් ලෙඩ වෙනවා. ඉසබෙල්ගේ ස්වාමියා …

Read More »

Midnight, Texas [S02 : E06] Sinhala Subtitles | කුප්පි සහ ඉත්තෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Midnight Texas කතා මාලාවේ මට බාර වුණු කතාංගයන් දෙකෙන් එකක්. ඒ කියන්නෙ හයවැනි කතාංගය. පහුගිය 8 වෙනිද තමයි මේ කතාංගය විකාශනය වුණේ. ලොකු ප්‍රමාදයක් නොවී ෆෝන් එකෙන් කොටල තමයි මේකත් මේ ඉවරයක් කර ගත්තෙ. ෆෝන් එකෙන් කොටන හැම සබ් එකක්ම ආයෙත් බයිස්කෝප් සෙට් …

Read More »

Roswell (2000) [S03 : E09] Sinhala Subtitles | රොස්වෙල් වලට නත්තල් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් තුන්වන කතා මාලාවේ නමවෙනි කොටසත් අරන් ආවා. මේ රොස්වෙල් වලට නත්තල් කාලයයි. ඉතින් මැක්ස් මයිකල් ලිස් ඉසබෙල් මරීයා සෙට් එකත් නත්තලට ලැහැස්ති වෙනවා. ඉතින් මෙයාලා ක්‍රැෂ් ඩවුන් එකේ ඉන්නකොට අහම්බෙන් පොඩි ළමයෙක් මැක්ස් ළඟට ඇවිත් “තාත්තා“ කියනවා. ඒත් මැක්ස් පුදුම උනේ නෑ මොකද …

Read More »

DCs Legends of Tomorrow [S04 : E07] Sinhala Subtitles | ජෝන්, ඔය වෙනසෙන් ලොකු ව්‍යවසනයක් වේවි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ …

Read More »

Supernatural [S14 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුවක්? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හිටියෙ …

Read More »

Roswell (2000) [S03 : E08] Sinhala Subtitles | මැක්ස් පිටුපස තවත් කෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට, අදත් එහෙනම් වෙනවද වගේම රොස්වෙල් 3 වන කතා මාලාවේ 8 වන කොටසත් අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරන් යන්න හැදුවත් මැක්ස්ගෙයි මයිකල්ගෙයි උදව් නිසා එක් වැලකුණා. ඒ අතර මැක්ස්ගේ තාත්තට මැක්ස් ගැන සැක ඇති වෙලා ඔහු ගැන සොයන්න ගන්නවා. ලිස් ඔහුගේ පස්සෙන් ගිහින් ඒ ගැන …

Read More »

Roswell (2000) [S03 : E07] Sinhala Subtitles | කිවාර් ඉසබෙල්ව අරගෙන යයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම… ඔන්න අදත් මං රොස්වෙල් තුන්වන කතා සමයේ හත්වන කොටසත් සිංහල උපසිරැසි එක්ක අරන් ආවා. පසුගිය කොටසෙදි මතකනේ ජෙසී ඉසබෙල් එක්ක විවාහ උනා. ඉසබෙල්ගේ දෙමව්පියන් මුලදී අකමැති උනත් පස්සේ විවාහ උත්සවයට ආවා. ඒත් අවසානෙදි ඉසබෙල්ගේ කලින් පෙම්වතා ඇවිත් හිටියා. අවසාන මොහොතෙදී කිවාර් ඉසබෙල්ව ඔහුගේ ලෝකයට අරං යනවා කියලා …

Read More »

The Gifted [S02 : E09] Sinhala Subtitles | ආරම්භය සනිටුහන් කිරීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිෆ්ඩට් දෙවන කතා සමයෙ 9 වෙනි කොටසත් අරගෙන ආවා. පොඩි පමාවක් සිද්දවුනා ඇත්තටම, ඒකට කරන්න දෙයක් නැහැ. එහෙනම් පහුගිය කොටස ටිකක් මතක කරගෙන ඉමු.. ක්‍රීඩ් බැංකුවට පහර දීලා එන්න හදනකොට මතක ඇති රෙබෙකා එතන හිටිය හැමෝම මරනවා. ඔය හේතුව නිසාම ලෝර්නා රෙබෙකට දොස් කියන්න ගන්නවා. ඒ නිසාම රෙබෙකා …

Read More »
error: Alert: Content is protected !!