You dont have javascript enabled! Please download Google Chrome!
Friday , September 20 2019
Breaking News
Home / Sinhala Subtitle / අදිත ප්‍රවීන්

අදිත ප්‍රවීන්

Quantico [S01 : E19] | with Sinhala Subtitle |සතුරන් සහ මිතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මේ Quantico හි 19 වෙනි කතාංගයයි. කෙලින් කෙටියෙන් කතාව කියන්නම්. පසුගිය කොටසේ කේලබ් ඇලෙක්ස්ට උදව් කරන්න කැමති වෙනවනේ. අපි එතනින් කතාව පටන් ගමු. ඇලෙක්ස් කේලබ් එක්ක එකතු වෙලා උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒත් අනපේක්ෂිත විදියට ඇලෙක්ස් දකිනවා ශේල්බි FBI එක ඇතුළේ පද්ධති අලුත්වැඩියාවකට සුදානම් වෙන බව. ඒ අතරතුර …

Read More »

Quantico [S01 : E18] | with Sinhala Subtitle |දේශ සීමාවෙන් පිට [සිංහල උපසිරැසි සමඟ]

මේ Quantico හි පළමු කතා සමයේ 18 වන කොටස. පසුගිය කොටස මතක ඇතිනේ. අවසානයේදී සයිමන් සහ විල් රැගත් වෑන් රියේ රියදුරා ශේල්බි බව ඇලෙක්ස් දැනගන්නවා. ඇලෙක්ස් උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒ වෙනුවෙන් ඇලෙක්ස්ට කේලබ්ගේ උදව් ඕන වෙනවා. ඒ නිසා මුලින්ම හොයාගන්න ඕන කරන්නේ කේලබ්ව. ඒකට ඇලෙක්ස්ට රෙයිනාගේ උදව් ගන්නත් …

Read More »

Quantico [S01 : E17] | with Sinhala Subtitle |දේශ සීමාවෙන් පිට [සිංහල උපසිරැසි සමඟ]

 Quantico හි මීළඟ කොටස් තුන භාර වෙලා තියෙන්නේ මටයි. පරණ කොටස් මතක ඇති කියලා හිතනවා. ඒ නිසා හැකිතාක් කෙටියෙන් මේ කොටස් ගැන කියන්නම්. මුලින් ක්වන්ටිකෝ ඇකඩමියේ සිද්ධ වෙන දේ කියන්නම්. ක්වන්ටිකෝ ඇකඩමියේ මිරැන්ඩාගේ ඉවත් වීමත් එක්ක ලියම් තමයි එයාගේ තනතුරට තාවකාලිකව පත් වෙන්නේ. ඒ වගකීමත් එයාට ලැබෙන නිසා NAT කණ්ඩායම් …

Read More »

Blood Father (2016) with Sinhala Subtitles | වෙනස් නොවෙන ජීවිතේ ! [සිංහල උපසිරසි සමඟ]

මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Peter Craig විසින් රචිත Blood Father නවකතාවයි. ප්‍රධාන චරිතයට දායක …

Read More »

Money Monster (2016) with Sinhala Subtitle | ධන රාක්ෂයා ! [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙත් උපසිරසියක් අරගෙන ආවා. කාලෙකට කලින් වෙන් කරගෙන තිබුණ එකක් නිසා අමතක වෙලයි තිබුණේ. හොඳ පිටපතක් ආව ගමන්ම දැනුවත් කරපු හසන්ත අයියට ස්තුතිවන්ත වෙනවා. වැඩි ප්‍රමාදයක් නෑ කියලයි මට හිතෙන්නේ. කෙලින්ම චිත්‍රපටිය ගැන කතා කරමු. මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ පසුගිය මැයි 13 වෙනිදා. Crime, Drama, Thriller …

Read More »

Sniper: Special Ops (2016) with Sinhala Subtitle | හුදකලා ගම්මානයක [සිංහල උපසිරසි සමඟ]

තවත් යුධ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා. නිල වශයෙන් නිකුත් වුණේ පසුගිය මයි 3 වෙනිදා. සමාවෙන්න ප්‍රමාදයට. පොඩි හදිසි වැඩ කටයුත්තක් යෙදුණ නිසයි ප්‍රමාද වුණේ. යුධ සහ ක්‍රියාදාම ගණයටයි අයත් වෙන්නේ. අධ්‍යක්ෂණය සහ තිරරචනය Fred Olen Ray විසින්. ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ ජනප්‍රිය ක්‍රියාදාම නළු Steven Seagal විසින්. ඊට අමතරව Tim Abell,Charlene Amoia, Jason-Shane …

Read More »

Hail, Caesar! (2016) with Sinhala Subtitle | දුක්ගන්නාරාළ [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. කෙලින්ම චිත්‍රපටය ගැන කියන්නම්. අධ්‍යක්ෂණය සහ තිරරචනය Ethan Coen, Joel Coen විසින්. ප්‍රසිද්ධ රංගන ශිල්පීන් රැසක් රංගනයේ …

Read More »

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු …

Read More »

Ghayal Once Again (2016) with Sinhala Subtitle|අත්වැරදීම සහ අපරාධය ! [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ හින්දි සිනමාපටයක් අරන් එන්න අවස්ථාවක් ලැබුණා. මේක හොයලා දුන්න සමීර චතුරංග අයියට ස්තුතිවන්ත වෙනවා. ප්‍රමාදයිද මන්දා ටිකක්. ඒකටත් සමාව අයදිනවා. චිත්‍රපටය ගැන කියන්නම්.  1990 වසරේ Ghayal නමින් තිරගත වුණු Sunny Deol විසින් ප්‍රධාන චරිතයට දායක වුණ ජනප්‍රිය චිත්‍රපටයක දිගුවක් ලෙසයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මුල් චිත්‍රපටය ගැන කියන්න …

Read More »

The Monkey King the Legend Begins (2016) with Sinhala Subtitle|වානර රජු නැවතත් ! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සේ නැවතත් අලුත් චිත්‍රපටයක උපසිරසියකින් බයිස්කෝප් අඩවිය පැත්තට ගොඩවැදුනා. මේක භාර දුන්නේ අපේ විමා අයියා තමයි. මේ පාර අරගෙන ආවේ හොංකොං-චීන චිත්‍රපටයක්.කෙලින්ම චිතරපටය ගැන කියන්නම්. ඇමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ පසුගිය පෙබරවාරි 05 වෙනිදා. 2014 වසරේ ඉහළ බොක්ස් ඔෆිස් ආදායම් ලැබූ The Moneky King නමින් නිකුත් වුණ චිත්‍රපටයේ …

Read More »

A.I. Artificial Intelligence (2001) with Sinhala Subtitle|ලේ සහ විදුලිය! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙක නිහැඬියාවකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා.මේක අලුත් චිත්‍රපටයක් නම් නෙවෙයි. භාර දුන්නේ අපේ විමා අයියා තමයි.හැමෝම වගේ බලලා ඇති. රූපවාහිනී නාලිකාවලත් කිහිපවතාවක්ම පෙන්වලා තියනවා. සිනමාවේ සෑම තැනක්ම දිග විජය කරන බයිස්කෝප් අඩවියේ මේ චිත්‍රපටයටඋපසිරැසි නැති අඩුව සම්පූර්ණ කරන්නයි මේ උත්සාහය. වැඩිපුර කියන්න දෙයක් නෑ. නම කිවුව ගමන් හැමෝම …

Read More »

Jarhead 3: The Siege (2016) with Sinhala Subtitle|අනපේක්ෂිත ප්‍රහාරයක් ![සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. භාරගන්නකොටත් ටිකක් ප්‍රමාදයි. පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්න නිසා තවත් ටිකක් ප්‍රමාද වුණා. Jarhead තෙවන චිත්‍රපටයයි මේ අරගෙන එන්නේ. මීට කලින් චිත්‍රපට දෙක මා විසින්ම උපසිරැසි ලබාදී තිබෙනවා Jarhead සහ Jarhead 2 ලෙසින්. කලින් චිත්‍රපට දෙකට මේකේ කිසිම සම්බන්ධයක් නෑ. චිත්‍රපටය නිකුත් වෙන්නේ 2015 දෙසැම්බර් 31 වෙනිදා.Action, Drama, War …

Read More »

Marvel Super Hero Adventures: Frost Fight! (2015) with Sinhala Subtitle | ශීත යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් …

Read More »

Creed (2015) with Sinhala Subtitle | මම අත්වැරදීමක් නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

  දීර්ඝ කාලයක නිහැඬියාවකට පස්සේ ඔන්න නත්තල් තෑගිත් අරන් මම ආයෙමත් උපසිරසිකරණයට එකතු වුණා. ආයෙත් වැඩේ පටන් ගන්න කියලා සුපිරිම චිත්‍රපටයක් භාර දුන්නාට සමීර කරුණාරත්න අයියාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩි කතා නැතුව චිත්‍රපටයට අවධානය යොමු කරමු. ගොඩක් අය බලාපොරොත්තුවෙන්  හිටපු සිනමාපටයක් තමයි මේ අරගෙන එන්නේ. නමින් Creed. තිරගත වුණේ පසුගිය නොවැම්බර් 25 …

Read More »

24 [S08 : E24] with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසරක් පමණ කාලයක් ඔබ වෙත ගෙන ආ 24 කතා මාලාවේ අවසානයයි අද සනිටුහන් වෙන්නේ. අද මේ විදියට සාර්ථකව නිමාව දකින්නේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ හැමෝවම මතක් කරන්න ඕන. පළමු කොටස ලබාදීමට පෙරත් ඉන් ඉදිරියටත් මේ මේ කටයුත්ත සංවිධානය කරගන්නට සම්බන්ධීකරණය කරන්නට …

Read More »

24 [S08 : E23] with Sinhala Subtitles | අවසානය අත ළඟ. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගණනාවක් පුරාවට ඔබ වෙත රැගෙන ආ 24 කතා මාලාවේ අවසානයටයි මේ ළඟා වෙන්නේ. අටවන කතා සමයෙහි පස්වරු දෙකත් තුනත් අතර සිදුවීම් ඇතුළත් විසි තුන් වන කතාංගයයි මේ. සමීර චතුරංග අයියා කාර්යබහුල වීම නිසා අවසාන කොටස් දෙක සඳහා උපසිරැසි ලබාදීම මට භාර දුන්නා. ඒ වෙනුවෙන් සමීර අයියාට ස්තුතිවන්ත වෙනවා. මේ කතාංගය ගැන කියන්න කලින් …

Read More »

The Redwood Massacre (2014) with Sinhala Subtitle | රෙඩ්වුඩ් භීෂණය [සිංහල උපසිරසි සමඟ]

ටික කාලයක නිහැඬියාවකට පස්සේ මම ආයෙත් සිංහල උපසිරසියක් අරගෙන ඔබ හමුවට ආවා. මේක භාරගෙන වගේම සම්පූර්ණ කරලාත් සෑහෙන කාලයක් වෙනවා. ඒත් නොයෙක් නොයෙක් වැඩ කටයුතු නිසා ලබාදෙන්න ප්‍රමාද වුණා. චිත්‍රපටය ගැන කිවුවොත් 2014 වසරේ සැප්තැම්බර් 28 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ. Fantasy, Horror කාණ්ඩවලට තමයි අයිති වෙන්නේ. රංගනයෙන් …

Read More »

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ …

Read More »

The Lazarus Effect (2015) | මරණයට පිටු පා… [සිංහල උපසිරසි සමඟ]

මේ අරගෙන එන්නේ පසුගිය පෙබරවාරි 27 වෙනිදා තිරගත වීම ආරම්භ වුණ Horror, Thriller ගණයට අයත් වන අලුත්ම අලුත් චිත්‍රපටයක්. ටිකක් වෙනස් විදියේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිසා කරන්න හිතුණා. සමාව ඉල්ලනවා ප්‍රමාදයට. Luke Dawson සහ Jeremy Slate විසින් රචිත තිරපිටපත අනුව මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Gelb විසින්. ප්‍රධාන චරිතවලට …

Read More »

Rise of the Legend (2014) | මම ෆේයි! මම අපරාජිතයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු …

Read More »
error: Alert: Content is protected !!