You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / Sinhala Subtitle / ඉන්ද්‍රජිත් කුමාර (page 2)

ඉන්ද්‍රජිත් කුමාර

Dharma Durai (2016) with Sinhala Subtitles | නූගතුන් අතර උගත්කමට වටිනාකමක් නැහැ ධර්මා.. [සිංහල උපසිරසි සමඟ]

මීට කලින් මම ඇරන් ආව සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය ඔයාලා බලන්න ඇති. කවන් එකේ උණුසුම යන්නත් කලින් සේදුපතිගෙම තවත් සුපිරියක් ඇරන් එනවා ඔයාලා හැමෝගෙම දැඩි ඉල්ලීම මත. ධර්මදුරෙයි. කවන් බලලා මේ චිත්‍ර‍පටිය බලද්දි විජය් සේදුපති කියන්නේ මොන තරම් අසහාය නළුවෙක්ද කියලා පැහැදිළි වෙනවා. පළවෙනි වතාවට සේදුපතිගේ සීරියස් රඟපෑමක් දැක්කේ සේදුපති චිත්‍ර‍පටයෙන්. …

Read More »

Kavan (2017) with Sinhala Subtitles | ජඩමාධ්‍යයට එරෙහිව ජනමාධ්‍යය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ නැවතත් සුපුරුදු වැඩේ පටන් ගන්න හිතුණා. පසුගිය වකවානුවේ අධ්‍යාපන වැඩ බහුලව තිබුණු නිසා තමයි උපසිරසියක් ඇරන් එන්න බැරිවුණේ. එහෙම ටික කාලයක් ඉන්නැද්දි හිතුණා ආයේ උපසිරසි කරන්න අවශ්‍ය නැහැ කියලත්. නමුත් විජය් සේදුපතිගේ කවන් චිත්‍ර‍පටිය නිසා ආයෙමත් ආසාවක් ඇතිවුණා උපසිරසියක් කරන්න. ඒ තරමටම එදා යාපනේ රාජා සිනමා …

Read More »

Natsamrat (2016) with Sinhala Subtitles | මා කළ ලොකුම වරද විශ්වාස කිරීමයි..! [සිංහල උපසිරසි සමඟ]

පසුගිය වකවානුවේ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයකටම උපසිරැසි අරගෙන ආවා වගේම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. හුඟක් සතුටුයි. ජනප්‍රිය චිත්‍රපටි වගේම ඉතා හොඳ ගුණාත්මක චිත්‍රපටි ඇරගෙන එන්නත් බයිස්කෝප් එක බැඳී සිටින නිසා අද මම ඇරන් එනවා හොඳ මරාති චිත්‍රපටියක්. IMDB ශ්‍රේණිගත කිරීම් අනුව මෙම චිත්‍රපටියට 9.4 ක අගයක් ලැබිලා තියනවා. මම මේ චිත්‍රපටිය තෝරාගත්තේ …

Read More »

Devi (2016) with Sinhala Subtitles | රඟ මඬලේ සොඳුරු හොල්මන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ඇරන් ආවා අරුම පුදුම හොල්මන් කතාවක්. සාමාන්‍යෙයන් හොල්මන් කතාවක් කීවාම අපි කියන්නේ ඒක ත්‍රිලර් මූවි එකක් කියලා. නමුත් මට දැනුණ විදියටනම් මේ හොල්මන් කතාව එහෙම නෙවෙයි. හුඟක් වෙනස්. අවුරුදු ගාණකට පස්සේ ප්‍රභූ දේවා ඉතාමත් හොඳ චිත්‍රපටියක් අපිට ඇරන් ඇවිත් තියනවා. ඒ තමයි දේවී. හොඳම දේ තමයි ප්‍රභූ …

Read More »

Janatha Garage (2016) with Sinhala Subtitles | ඕනෑම රෙපෙයාර් එකක් කරනු ලැබේ ! [සිංහල උපසිරසි සමඟ]

දුර්වල මිනිස්සුන්ට තර්ජනය කිරීම බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක්. ඒත් වෙනසකටත් එක්ක.. දුර්වල මිනිස්සු පිටිපස්සෙත් බලවත් මිනිස්සු ඉන්නවා.. ජනතා ගැරේජ්. ඔන්න යාළුවනේ තවත් සුපිරි බ්ලොක්බස්ටර් තෙළිඟු සිනමා පටයක් ඇරගෙන ආවා. සෑහෙන කාලයක් තිස්සේ ඔයාලා මේ උපසිරැසිය එනකල් බලන් හිටියා. ඉතින් ඔන්න බයිස්කෝප් එකෙන් ඒ ආසාවත් ඉෂ්ට කළා එහෙනම්. ජූනියර් NTR ගේ ජනතා …

Read More »

Aandavan Kattalai (2016) with Sinhala Subtitles | බොරුවෙන් වසන් නොවූ දෛවය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ..කතකලි බැලුවද? මේ දවස්වල එක දිගට ෆිලුම් නිකුත් කරනවා. ඉතින් බයිස්කෝප් එකේ දකුණු ඉන්දියානු උපසිරැසිකරුවෝ බොහොම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඔයාලට උණු උණුවෙම උපසිරැසි ලබා දෙන්න. ඔන්න මාත් ඇරන් එනවා තවත් අළුත්ම ලස්සන ෆිලුමක්. අපි කවුරුත් දන්න විජ්ය් සේදුපතිගේ. මේ මම කරන විජය් සේදුපතිගේ හයවෙනි උපසිරැසිය. විජය් සේදුපති, …

Read More »

Rekka (2016) with Sinhala Subtitles | සේදුපතිට තටු ඇවිත්..! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ටික කාලෙකට පස්සේ නැවතත් බයිස්කෝප් එක පැත්තේ එන්න හිතුණා. කබාලි චිත්‍රපටයත් සමඟ මේ වසරට උපසිරැසි කරන්නෑ කියලා කිවුවට මොකද, නිවාඩුවක් ලැබුණ ගමන් උපසිරැසියක් කරන්නම හිතෙනවා. හොඳ නිර්මාණ බිහිවෙනකොට අපිටත් කී බෝඩ් එක තියාගෙන නිකම් ඉන්න හිතෙන්නේ නෑනේ. ඔන්න අද මම ඇරගෙන එන්නේ මෑතකදි තිරගත වුණ තවත් සුපිරිම …

Read More »

Nannaku Prematho (2016) with Sinhala Subtitles | තාත්තාට, ආදරෙන්… [සිංහල උපසිරසි සමඟ]

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස්  වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක් හැටියට මම දැක්කනම්, ඒ මගේ තාත්තා විතරයි. …

Read More »

Appa (2016) with Sinhala Subtitles | තාත්තා [සිංහල උපසිරසි සමඟ]

“පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී. “ කියලා අපි අහලා තිබෙනවා. ඒ නිසා වෙන්නැති පිය සෙනෙහස අළලා මෙවැනි නිර්මාණ පවා බිහිවෙන්නේ. මා මීට කලින් ඇරන් ආව අම්මා කණක්කු චිත්‍රපටයට නොදෙවෙනි චිත්‍රපටයක් අද ඇරන් ආවා. “අප්පා (තාත්තා) “ . එම ලිපියෙහි මා මේ චිත්‍රපටය ගැන සඳහනකුත් කරලා ඇති. දමිළ සිනමාව අද …

Read More »

Kabali (2016) with Sinhala Subtitles | රජුගේ පුනරාගමනය..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු සුපිරි චිත්‍රපටය මං අද ඇරගෙන ආවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිස්සු වට්ටන්නට සමත් වූ ඒ ස්ටයිල් සිනමා පටය, අද ඔබ සියළු දෙනාටම රසවිඳින්න අපි බයිස්කෝප් වෙබ් අඩවියෙන් අවකාශය ලබා දෙනවා. මගේ උපසිරැසි ඉතිහාසයේ මා වැඩිම මහන්සියක් සහ වැඩිම …

Read More »

Amma Kanakku (2016) with Sinhala Subtitles | අම්මාගේ ගණන් පාඩම… ! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය දවසක මට තාත්තා ගැන ඉතාම හැඟීම්බර උපසිරැසියක් කිරීමට අවස්ථාවක් ලැබුණා. එම උපසිරැසිය ළඟදීම ඔයාලට බයිස්කෝප් එකෙන් ලබාගන්න පුළුවන්. ඉතින් අද මම ඇරන් එන්නේ අම්මෙකුගේ සෙනෙහස ගැන ඉතා මෑතකදී එළි දැක්වුණු “අම්මා කනක්කු “ චිත්‍රපටිය. මේ ගැන කියද්දි ධනුෂ්ව අමතක කරන්නත් බැහැ මොකද ධනුෂ් මෙහි නිශ්පාදකයෙක් වන නිසා. තම දියණියට …

Read More »

Raja Manthiri (2016) with Sinhala Subtitles | එක මලයි..බඹරු දෙන්නයි..අයියයි මල්ලියි.. ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් මැද්දේ ඉඳගෙන තවත් උපසිරැසියක් ඇරන් එන්න පුළුවන් වුණා. චුට්ටක් පරක්කු වුණ එකට සමාව ඉල්ලනවා. හැමෝම දන්නවා ඇතිනේ ඉතින් මම ඉගෙන ගන්න යාපනය විශ්ව විද්‍යාලයේ පොඩි අකරතැබ්බයක් වුණා ඉතින් ඒ නිසා තමා මේ උපසිරැසිය ටිකක් පරක්කු වුණේ. කොහොම නමුත් ඔළුවේ ලොකු බරක් තියාගන්නැතුව ෆුල් රිලැක්ස් එකේ …

Read More »

Visaranai (2015) with Sinhala Subtitles | විමර්ශනය [සිංහල උපසිරසි සමඟ]

හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා. විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආන්ද්‍රා වල ලොකු කොල්ලයක් සිදුවෙනවා. මේ කොල්ලය …

Read More »

Vetrivel (2016) with Sinhala Subtitles | මේ වගේ අයියලා ඉන්නකම්..ආදරය මියදෙන්නෑ! [සිංහල උපසිරසි සමඟ]

සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය එක්තරා හොඳ නිර්මාණයක් කියලා තේරුම් ගියා. ඒ නිසා ටිකක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඉක්මණට ඉවරයක් කළා …

Read More »

Maalai Nerathu Mayakkam (2016) with Sinhala Subtitles | විවාහය දෙව්ලොවේදී තහවුරු වෙයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තෝලා උපසිරැසියට නම් හුඟක් හොඳ බයිස්කෝප් ප්‍රතිචාර තියනවා. හුඟක් සතුටුයි. උපසිරැසිය දාලා දවස් තුනක් යන්න කලින් උපසිරැසිය බාගත්තු පන්දහසකට අධික රසික පිරිසට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඔන්න අළුතින්ම රිලීස් වුණු තවත් හොඳ චිත්‍රපටයක් ඇරගෙන ආවා. පසුගිය කාලයේ පිට පිටම බොහොමයක් දමිළ චිත්‍රපටි එළිදැක්වුණා. නමුත් බහුතරයක්ම …

Read More »

Thozha (2016) with Sinhala Subtitles | ආදරය..මිනිසත්කම හා මිතුදම..ජීවිතයේ සැමරුමයි ! [සිංහල උපසිරසි සමඟ]

ජීවිතය කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය සෙනෙහස රැකවරණය කියන දේ අත්‍යාවශ්‍යයි. එය තවත් කෙනෙකු හරහා ලැබිය යුතු දෙයක්. එය ලැබුන්නැත්තම්, අපි ජීවත් වෙන ජීවිතයත්  නිෂ්ඵල දෙයක් වෙනවා ඉතින් යාළුවනේ පොරොන්දු වුණ පරිදිම මම ඇරගෙන ආවා තෝලා. වසරේ බිහිවුණ ලස්සනම සහ අර්ථාන්විත දමිළ සිනමා අතරින් එකක්. දමිළ …

Read More »

Pugazh (2016) with Sinhala Subtitles | අයුක්තිය නුඹ නම්..මම නුඹේ සතුරා වෙමි.. ! [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ ලැබුණු නිවාඩු කාලයේ මම ඔයාලට ඇරන් ආව උපසිරැසි ගොන්නට අළුතෙන්ම එකතු වෙන ෆිලුම තමයි අද මම ඇරන් ආව පුගල්.  බයිස්කෝප් එකට ස්තුති වෙන්න අපට අපේ විවේක කාලය සාර්ථකව සහ සතුටින් ගත කරන්න අවස්ථාව ලැබිලා තියනවා. ඒ සතුටට හේතුව තමයි ඔයාලා අපිට දෙන ප්‍රතිචාර. ඉතින් ඒ සියල්ලටම ස්තුති කරමින්, මම …

Read More »

Kadhalum Kadandhu Pogum (2016) with Sinhala Subtitles | ආදරයත් පසුවී යයි.. ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ නිවාඩු කාලය දිග නිසා ඔයාලට පිට පිටම හොඳ උපසිරැසි ගොන්නක් රැගෙන ආවා. ප්‍රේමම්, ඉරුදි සුට්රු ඔයාලා රස විඳින්න ඇති කියලා හිතනවා. අද මම ගෙනාවේ තවත් අපූරු ෆිලුමක්. මේකේ ප්‍රධාන නළුවා විජය් සේදුපති කීවාම ඉතින් ඕනැම කෙනෙක් මේ චිත්‍රපටයට කැමති වෙයි කියලා හිතනවා. ඒ මදිවට මැඩෝනා සෙබෙස්තියන් මෙන්න දමිළ …

Read More »

Irudhi Suttru (2016) with Sinhala Subtitles | අවසන් වටය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ප්‍රේමම් එකට පස්සේ මම අරන් ආවා තවත් සුපිරිම භාණ්ඩයක්. මේකේ උපසිරැසිය කරන්න මම ආසාවෙන් හිටියේ නමුත් විභාග නිසා බාර ගත්තෙ නෑ. නමුත් මේ වෙනකලුත් උපසිරැසියක් නොතිබුණු නිසා, අළුත් අවුරුද්දට කලින් කොහොම හරි ඔයාලට මේ අවුරුදු තෑග්ග අරන් එන්න ඕන කියලා හිතුවා. චිත්‍රපටය ගැන කෙටියෙන්ම කීවොත්- විශිෂ්ටයි ! ඉරුදි …

Read More »

Premam (2015) with Sinhala Subtitles | ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි …

Read More »
error: Alert: Content is protected !!