You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , October 16 2019
Breaking News
Home / Sinhala Subtitle / ඉසුරු දිල්ශාන්

ඉසුරු දිල්ශාන්

Burning (2018) AKA Beoning Sinhala Subtitles | දැවෙමි මා! [සිංහල උපසිරැසි සමඟ] 18+

ජොන්ග්-ෂු. උපාධිධාරියෙක්. හමුදාවෙ සේවය කල කෙනෙක්. ලේඛකයෙක් වීමට බලාපොරොත්තුවන කෙනෙක්. තනිව ජීවත්වන කෙනෙක්. සුළු රැකියාවල නිරතවන්නෙක්. හයි-මි. සුළු රැකියාවල නිරතවන්නියක්. සංචාරයට කැමති කෙනෙක්. තනිව ජීවත්වෙන කෙනෙක්. අභිනයට ප්‍රියකරන වෙනස් ගති පැවතුම් ඇති කෙනෙක්. ප්ලාස්ටික් සැත්කමකින් අවලස්සන ලස්සන කරගත් කෙනෙක්. බෙන්. තරුණ ධනවතෙක්. සුඛෝපබෝගී නිවසකට, යාන වාහන වලට හිමිකම් කියන්නෙක්. තනිව …

Read More »

The Lobster (2015) Sinhala Subtitles | පොකිරිස්සෙකු වෙමි! [සිංහල උපසිරැසි සමඟ] 18+

පහුගිය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වුනු චිත්‍රපටියක් වන The Favourite සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා වන Yorgos Lanthimosගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන, 2017 ඇකඩමි සම්මාන උළෙලේදී හොදම තිර රචනය සදහා නිර්දේශ වුන චිත්‍රපටියක් තමා මෙවර අරගෙන ආවෙ. Yorgosටම ආවේනික අමුතුම ශෛලිය මේ චිත්‍රපටියෙනුත් හොදින් දැකගන්න පුළුවන්. නිර්මාණයේ නම The Lobster. තිරගත වීම …

Read More »

The Upside (2017) Sinhala Subtitles | ජීවිතේ යන ගමනේ! [සිංහල උපසිරැසි සමඟ]

සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුනු, මේ වසරේ ජනවාරි 11වෙනිදා තිරගත වීම ඇරඹුන The Upside චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමඟ තමා මෙවර එකතුවෙන්නේ. මේක 2017 චිත්‍රපටයක් විදියට සැලකෙන්නේ එම කාලයේදී චිත්‍රපට උළෙලවල් වල ප්‍රදර්ශනය කර ඇති නිසා. ඇත්ත වශයෙන්ම මේක The Intouchables කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක් (Remake). ඉතින් ඒ චිත්‍රපටය ලෝකයේම …

Read More »

Holmes & Watson (2018) Sinhala Subtitles | හෝම්ස් සහ වොට්සන්! [සිංහල උපසිරැසි සමඟ]

ලොව එතෙක් මෙතෙක් පහල වූ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වන ෂර්ලොක් හෝම්ස් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඒවගේම ඔහුගේ සඟයා වන ඩොක්ටර් ජෝන් වොට්සන් ගැනත් අහලා නැතිවෙන්න බෑ. මෙයත් මේ දෙදෙනාගේ වීර වික්‍රමාන්විත අභිරහස් විසදීම් රැගත් කතාවක්. මුළු එංගලන්තයේම පරසිද්ධ, ලන්ඩන්හි බලාපොරොත්තුව, ක්ෂණයකින් ඔබගේ සියලු විස්තර කීමට සමත්, රැජිණ පවා …

Read More »

Anna and the Apocalypse (2017) Sinhala Subtitles | ඇනා සහ ව්‍යසනය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? ආයෙත් හිතුවට වඩා ඉක්මනට චිත්‍රපටියක් අරගෙන එන්න ලැබුනා. කට්ටිය සොම්බි චිත්‍රපට එහෙම බලල ඇති ඕනෙතරම්. එතකොට සංගීතමය එහෙමත් නැත්තන් මියුසිකල් චිත්‍රපටි එහෙමත් බලල ඇති. එතකොට ඒ දෙක එකට තිබ්බොත් කොහොමද? අන්න ඒවගේ සොම්බි මියුසිකල් එකක් තමා මෙදා පාර අරගෙන ආවෙ. කලින් බාර අරගෙන තිබ්බෙනම් මම නෙමේ. දිල්ශාන් …

Read More »

Night School (2018) Sinhala Subtitles | ආයෙත් පාසලට! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටිකදෙනෙක් හරි එනකල් බලා හිටියාට සැක නැති චිත්‍රපටයක් අරගෙන තමා මෙවර ගොඩවෙන්නේ. සුපුරුදු පරිදි කොමඩියක්. ඒකත් කෙවින් හාට්ගේ. එහෙනම් ඉතින් කොමඩි ප්‍රේක්ෂකයෙක් මේක අත අරින්නෙ නෑ. මිනිහ ගැන නොදන්නවයැ ඉතින්. තවත් පමා නොවී බලමු වතගොත ටිකක්. ගියවසරේ සැප්තැම්බර් 28 නිකුත්වුන මේ චිත්‍රපටිය 5.6ක imdb අගයක් අරගෙන තියෙනවා. අගය …

Read More »

The Happytime Murders (2018) Sinhala Subtitles | රූකඩ ඝාතකයා සොයා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

උදාවුන නව වසර හැමකෙනෙක්ටම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන නව වසරක් වේවා! කියල ප්‍රාර්ථනා කරනවා. හා හා පුරා කියලා මේ වසරට ලබාදෙන පලමුවෙනි උපසිරැසිය ලබාදෙන්නයි මේ සූදානම. අලුත් වසරක් වුනත් සුපුරුදු පරිදි කොමඩියක් තමා ඔන්න මුලින්ම අරන් ආවෙ. එහෙනම් කොමඩි ප්‍රේක්ෂකයො ටික ඔහොම්ම ලිපියෙ පල්ලෙහාට ආවනම්. චිත්‍රපටිය ගැන කතාකලොත්, මුලින්ම කියන්නම් …

Read More »

Marvels Daredevil [S03 : E09] with Sinhala Subtitles | අනාවරණ! [සිංහල උපසිරසි සමඟ]

හෙල්ස් කිචන් වල “යක්ෂයා” නොහොත් ඩෙයාඩෙවිල් කතාමාලාවේ තෙවන සමයේ නවවන කතාංගය බාරවුනේ මටයි. විමාට ස්තූතිවන්ත වෙනවා මාව මෙවරත් ඩෙයාඩෙවිල් කතාමාලාව එක්ක සම්බන්ද කරගත්තාට. අපේ කට්ටියක්ම එකතුවෙලා කරන සාමූහික ප්‍රයත්නයක් තමා මෙවරත් දියත් වෙන්නේ. උපසිරැසි ඉක්මනින් ලබා දිය යුතුව තිබුන නිසා තවම මෙම එපිය විතරයි මං කතාමාලාවෙන් නරඹලා තියෙන්නෙ. ඒ නිසා …

Read More »

Overboard (2018) Sinhala Subtitles | මෙහෙමත් බොරුවක්! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න තව හොද …

Read More »

Blockers (2018) Sinhala Subtitles | ආතල් කඩනු පිණිස! [සිංහල උපසිරැසි සමඟ] (18+)

හැමෝම සැපෙන් සනීපෙන් ෆිලුමක් බලාගෙන ඇති කියලා හිතනවා. ඔන්න Game Night වලින් පස්සෙ ආපහු හොද කොමඩියක් උස්සගෙන ආවා. සෑහෙන කාලෙකින් තමයි ඉතින් උපසිරැසියක් කරන්න ලැබෙන්නෙ. ලැබෙන සීමිත විවේක කාලයෙන් කොටසක් වැයකරගෙන දවස් ගණනක මහන්සියෙන් තමයි උපසිරැසියක් මේ විදියට නිර්මාණය වෙන්නෙ. කොටින්ම මේ අවුරුද්දට මේ මගේ 5වෙනි උපසිරැසිය. කොහොමද හිතවතුනි වේගය. 🙂 තවදෙයක් මතක් කරන්න …

Read More »

Game Night (2018) Sinhala Subtitles | මේක සෙල්ලමක්ද? ඇත්තක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මාස දෙකක පමණ කාලෙකින් පස්සේ ඔන්න කොමඩියක් අරගෙන මේ පැත්තට ආවා. සති තුනක් විතර ගතවුනා වැඩේ ඉවරයක් කරන්න. ඉවසා වදාරා බැරිම තැන මරණ තර්ජන එල්ල කල ඇඩ්මින් මණ්ඩලයෙනුත් එනකම් බලාගෙන හිටිය ප්‍රේක්ෂක පිරිසගෙනුත් පමාවට සමාව. බලමු එහෙනම් මොනවගේ කොමඩි සීන් එකක්ද මේක කියලා. 🙂 මේ වසරේ පෙබරවාරි 23වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටිය අයිතිවෙන්නේ Comedy,Crime,Mystery, Thriller …

Read More »

Fargo [S03 : E10] sinhala subtitles | හැමදේම අස්ථීරයි![සිංහල උපසිරසි සමඟ]

​මෙන්න එහෙනම් ෆාර්ගෝ තෙවන කතාමාලාවේ අවසානය! හිටිහැටියේ මග නැවතුනු මේක ගොඩගැනීමේමෙහෙයුම ලේසි පහසු වුනේ නෑ. නොයෙක් හේතු නිසා මාස ගානක් තිස්සේ මඟ ඇදුනු මෙහෙයුම අද මේ විදියට සාර්ථකව අවසන් වෙනවා. එය සාර්ථක කරගැනීමට බිදුවක් හෝ දායක වුන සියල්ලන්ටම මෙහි ගෞරවය හිමිවෙන්න ඕනෙ. මෙහෙම වැඩක් කරමුද? අහපු සැනින් එපියක් කිරීමට එක්කාසු …

Read More »

Daddy’s Home 2 (2017) Sinhala Subtitles | තාත්තලගෙත් තාත්තලා! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියව ටිකක් පමාවෙලා මුනගැහෙන්න තමා ආවේ. මොකද මේක ඇවිත් දැන් සති දෙකකට වැඩි කාලයක් ගතවුනා. කොහොමවුනත් පමාවෙලා හරි ඔන්න පවුල් හුටපටයේ දෙවෙනි සෙල්ලම අරගෙන තමා ඇවිත් තියෙන්නෙ. 2015 වසරේ නිකුත්වුන මෙහි පලමු චිත්‍රපටය ලබාගත් සාර්ථකත්වය නිසා මේ විදියට මෙහි දෙවෙනි කොටස නිකුත්වුනේ පසුගිය වසරේ නොවැම්බර් 10 වෙනිදා. පලමු චිත්‍රපටය වගේම …

Read More »

The Snowman (2017) with Sinhala Subtitles | සුදු හිම රතු රුධිරයෙන් නැහැවූ “හිම මිනිසා” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි …

Read More »

Fargo [S03 : E04] sinhala subtitles | ගැලවීයාමේ ගැටලුව![සිංහල උපසිරසි සමඟ]

​ලොව හොදම කතාමාලා අතරේ ඉදිරියේ ඉන්නා වූද, මනාප 224069කින් imdb 9.0ක අගයක් ලබාගත්තා වූද,ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 2ක් ඇතුළුව තවත් සම්මාන 42ක් ලබාගත්තා වූද, වෙනත් සම්මාන 167ක් සදහා නිර්දේශ වූද, එදා මෙදා තුර බිහිවූ කතාමාලා අතරින් විශිෂ්ට කතාමාලාවක් බවට ප්‍රේක්ෂකයින්ගේ සහ විචාරකයින්ගේ නොමද ඇගයීමක් ලබාගත්තා වූද, ඉතා උසස් මට්ටමේ චරිතාංග නළු …

Read More »

ClownTown (2016) with Sinhala Subtitles | උමතු විකටයින්ගේ නගරය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න යාළුවෝ කට්ටියක් ඉන්නවා. එයාලා මිනීමරුවෝ වගයකට කොටුවෙනවා. ඊටපස්සේ මිනීමරුවන්ගෙන් බේරෙන්න මෙයාලා පුලුවන් තරම් උත්සහ කරනවා. ඉතින් මේ යාළුවන්ගෙන් අන්තිමට කී දෙනාටද බේරිලා යන්න ලැබෙන්නේ? ඔන්න ඔය විදියේ චිත්‍රපට වලට කැමති අයට ගැලපෙන එකක් අරගෙන තමා මේ වතාවේ ආවේ. ඔය උඩ කිව්වා වගේ විදියේ ඒවට මගෙත් පොඩි කැමැත්තක් තියෙන නිසා …

Read More »

Wakefield (2016) with Sinhala Subtitles | හුදකලාවූ පෙම්වතාණනී! [සිංහල උපසිරැසි සමඟ]

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුනේ නෑ. ඉතින් ඔන්න දවසක් …

Read More »

The Defenders [S01 : E06] with Sinhala Subtitles | යතුර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩිෆෙන්ඩර්ස් කතාමාලාවේ හයවෙනි කොටහ අරගෙන ආවා. විමා ගොයිය තමයි ඉතින් මාව මේකට සම්බන්ද කරගත්තේ. ස්තූතියි විමෝ.:-) බලමු එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් කොටස ගැන විස්තර නොකර මං මේ කොටස ගැන විතරක් කෙටියෙන් සදහන් කිරීමක් කරන්නම්. අයන් ෆිස්ට් කියන්නේ යතුරක් කියලා සොවන්ඩේ කිව්වනේ. මේ නිසා ස්ටික් කියනවා අයන් …

Read More »

Baywatch (2017) with Sinhala Subtitles | රකිමු පණමෙන් වෙරළ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වසරේ නිකුත්වුන සුපිරි නිර්මාණයක් අරගෙනයි මෙදාපාර ගොඩවදින්නේ. ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. මොකද මෙහේ සිනමාශාලා වල එහෙමත් තිරගත වුනානේ. ඔන්න ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා! Action,Comedy ගණයට තමයි ෆිල්ම් එක අයිතිවෙන්නේ. නිකුත්වුනේ මැයි 25වෙනිදා. මේ වනවිට imdb 5.7ක අගයක් ලබාගෙන තියෙනවා. ජනප්‍රිය නළු නිලියන් රැසක්ම රංගනයෙන් දායකවෙනවා. ඒ …

Read More »

The Ticket (2016) with Sinhala Subtitles | නැවත ලැබුනු අවස්තාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ අරගෙන ආවේ නාට්‍යමය ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. කලින් ගොඩක් කොමඩිම ගෙනාව එකේ වෙනසකටත් එක්ක ඔන්න මේක අරගෙන ආවා. අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියට imdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ …

Read More »
error: Alert: Content is protected !!