You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / Sinhala Subtitle / එල්.සී.ද මැල් (page 2)

එල්.සී.ද මැල්

Rock Dog (2016) with Sinhala Subtitle | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා… [සිංහල උපසිරැසි සමඟ]

පෙබරවාරි 24වෙනිදා නිකුත් වුණු, Ash Brannon අධ්‍යක්ෂණය කළ, IMDbහි 5.7ක අගයක් ලබාගන්න සමත් වුණු සහ එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලබා ඇති ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි මේ අරගෙන ආවේ. සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් …

Read More »

The Young Black Stallion (2003) with Sinhala Subtitle | බලාපොරොත්තුවේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

අරාබියේ, අභිරහස් අශ්වයා ගැන දැන් ඔබ හොඳ හැටි හඳුනනවා. චිත්‍රපට දෙකක් පුරාවටම ඔබට ෂෙතාන් එසේ නොවේනම් බ්ලැක්ව හමු වූවා. මේ සූදානම, මෙම කළු අශ්වයාගේ චිත්‍රපට පෙළේ අවසානය සනිටුහන් කරන්නයි… මුලින්ම අපි මුල් චිත්‍රපට දෙක ගැන මතක් කරගෙන ඉමු. පළවැන්නේදී එනම් The Black Stallion (1979) චිත්‍රපටයේදී අපි දැක්කා කළු අශ්වයාව ඇලෙක් …

Read More »

Ali and Nino (2016) with Sinhala Subtitle | අලි සහ නිනෝ… [සිංහල උපසිරැසි සමඟ]

උකුස්සෙකුට සමාන තියුණු බැල්ම, සිත් ඇදගන්නා සිනාව, එකදු රැවුල් ගසකට හෝ හිස එසවීමට ඉඩ නොදුන් දිගටි මුහුණ, රාජකීය ගමන් ලීලාව. ඒ තරුණයා මාව පිස්සු වැට්ටුවේ දැකපු පළවෙනිම දවසෙමයි. වෙනතකට අවධානය යොමු කරන්න හැදුවත් මටත් නොදැනීම මගේ ඇස් එයාව ලුහුබඳින්න අරන්. කවදාවත් මෙහෙම වෙලා නැහැ, මෙහෙම අතරමං වෙලා නැහැ. අන්න.. අන්න …

Read More »

The Black Stallion Returns (1983) with Sinhala Subtitle | උත්සාහය, අධිෂ්ඨානය සහ කැපවීම ඇත්නම් ජය නියතය. [සිංහල උපසිරැසි සමඟ]

The Black Stallion (1979) කියන්නේ කා අතරෙත් ප්‍රසිද්ධ වුණු සුපිරි චිත්‍රපටයක් බව මම නැවත කිව යුතු නැහැ. මේ එම චිත්‍රපටයේ දෙවැන්නයි. කොච්චර පරණ වුණත් මටනම් නැවත නැවත බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. IMDb අගය 5.9ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එක් සම්මානයක් සඳහා නාමයෝජනා ලැබී තිබෙනවා. ඇලෙක් රැම්සි තමන්ගේ අස්සයාත් තියාගෙන …

Read More »

Lea to the Rescue (2016) with Sinhala Subtitle | ලියා ක්ලාක්, පුංචි වීරවරියගේ ධෛර්‍ය[සිංහල උපසිරැසි සමඟ]

සොර දඩයක්කරුවන්, ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන වටිනා සතුන්ව සොරකම් කර ලංසු විදිහට අධික මිළ ගණන්වලට අලෙවි කරනවා. පොලීසිය දැඩි උත්සාහයක් දැරුවත් මේ හොර ජාවාරම නතර කරන්න ලැබෙන්නේ නැත්තේ සොර ඩයක්කරුවන්ගේ සංවිධානාත්මකබව නිසයි. මේ සත්ව ජාවාරම ගැන දැනගන්න, බ්‍රසීලයේ සත්ව අභයභූමියක රැකියාවේ නිරත වන සැක් ක්ලාක් හොර දඩයක්කරුවන්ව ලුහුබඳිනවා. තමන් හොර …

Read More »

Space Dogs Adventure to the Moon (2016) with Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයින්: කොළ රැස් එළියේ අභිරහස… [සිංහල උපසිරැසි සමඟ]

බෙල්කා සහ ස්ට්‍රෙල්කා කියන්නේ රුසියාවේ ප්‍රසිද්ධ අභ්‍යාවකාශ සුනඛයන් දෙන්නෙක්. දැන් අභ්‍යාවකාශ ගමන් නතර කර තිබුණත් බෙල්කා සහ කස්බෙක්ගේ පුත් පුෂොක්ගේ එකම ආසාව අභ්‍යාවකාශ සුනඛයෙක් වෙන්නයි. ඒ වුණත් බෙල්කානම් පුෂොක්ගේ ආසාවට කැමති නැහැ ඒකෙ තියෙන භයානකකම නිසා. අම්මලා කොහොමත් එහෙමනේ නේද? කස්බෙක්ටනම් තමන්ගේ පුතාගේ ආසාව ඉටු වෙනවනම් කැමතියි. පුෂොක්ට දවසක් ඇමරිකාවේ …

Read More »

Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ. කොහොමවුණත් මට පුද්ගලික ඉස්කේලෙකට යන්න පුළුවන්කම ලැබුණා ඒ ඉස්කෝලෙන් මම වගේ අසරණ මුදල් අවශ්‍යතා තියෙන දුප්පත් ළමයින්ව ගත්තු නිසා. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ අම්මා …

Read More »

Mother’s Day (2016) with Sinhala Subtitles | හොඳම මව්වරුන්ගේ දින සැමරීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ පාර මම ගෙනාවේ අප්‍රියෙල් 29වෙනිදා නිකුත් වුණු Garry Marshall අධ්‍යක්ෂණය කළ, Mother’s Day (2016) චිත්‍රපටයයි. මේකට 5.6ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ගොඩක් රටවල්වල අවුරුදු පතා මව්වරුන්ගේ දිනයක් අවුරුදුපතා සමරනවා. සමහරවිට මවකට ආදරයක් ලැබෙන්නේ අවුරුද්දටම එදාට විතරයි. ඉතින් එහෙම වැඩක් තියෙනවද? මව්වරුන්ගේ / පියවරුන්ගේ දිනයක් වැදගත් වෙන්නේ නෑ …

Read More »

The Jungle Book 2 (2003) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා සහ මිනිස් ගම්මානය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. :D. මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු චිත්‍රපටය, The Jungle Book (1967) අනිවාරෙන්ම බලල ඉන්න මොකද ඒ චිත්‍රපටය ඉවර වුණු තැන සිට තමයි මේ චිත්‍රපටය පටන්ගන්නෙ. …

Read More »

Brothers of the Wind (2015) with Sinhala Subtitles | සුළඟේ සහෝදරයින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා නිකුත් වුණු Brothers Of The Wind (2015) කියන සුපිරිම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සම්මානයක් දිනාගන්නද සමත් වෙලා තියෙනවා.  IMDb හි 6.9ක ලකුණු ප්‍රමාණයක් ගත්ත මෙය පැය 1යි මිනිත්තු 38ක් දිවෙන ඔස්ට්‍රියානු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේදී Jean Reno (ඩෑන්සර්), Manuel Camacho (ලූකස්), Tobias …

Read More »

The Jungle Book (1967) with Sinhala Subtitles | වන දහනේ මිනිස් පැටවා, මෝග්ලි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ අවුරුද්දේ ආව Jungle Book (2016) චිත්‍රපටය දැනටමත් ඔයාලගෙන් බොහෝ දෙනෙක් බලලා ඇති. නොබලපු අය ඉන්නවනම් මුලින් මේක බලල හිටියොත් මේ අවුරුද්දෙ ආව චිත්‍රපටය ටිකක් අවබෝධයකින් බලන්න පුළුවන් වෙයි.  මේ චිත්‍රපටයේ සිදුවීම් ගොඩක්ම ඒ චිත්‍රපටයට සමානවම ගලාගෙන යනවා. මේකේ දෙවෙනි කොටසක් 2003දී ඇවිත් තියෙනවා. ඒකට උපසිරස දෙන වේගය …

Read More »

Bambi II (2006) with Sinhala Subtitle | නිර්භීත බැම්බි කුමරු… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ චිත්‍රපටයෙ පළවෙනි කොටස Bambi (1942) මීට කලින් මම ගෙනාව මතක ඇතිනෙ. මුලින් ඒක බලල නැත්නම් බලලම ඉන්න. * ආහ් ඒ වගේම පහළ ලිපිය කියෙව්වොත් පළවෙනි කතාවෙ පොඩි තොරතුරුක් දෙකක් තියෙනවා. * SPOILER ALERT! 😀 මුලින්ම Bambi (1942) ලිපියෙ කිව්ව දෙයක්ම මට ආයෙත් කියන්න වෙනවා.මුලින්ම කියන්න ඕණෙ, අද …

Read More »

We Bought a Zoo (2011) with Sinhala Subtitle | සත්තු වත්ත අපේ ගෙදර [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ලොකු නිවාඩුවකට පස්සෙ අද තමයි මේ පැත්තට බලන්න ආවෙ. Cameron Crowe ගෙ අතින් අධ්‍යයක්ෂණය වුණ, Matt Damon (බෙන්ජමින් මී), Scarlett Johansson (කෙලී ෆොස්ට), Thomas Haden (ඩන්කන් මී) වැනි සුපිරි නළු නිලියන් රැසක් තම රංගනයෙන් දායක වුණ, ටිකක් පරණ වුණත් සුපිරිම චිත්‍රපටයක් තමයි …

Read More »

Bambi (1942) with Sinhala Subtitle | බැම්බි කුමරුගේ ස්ථීර අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවිය එක්ක එක් වෙලා අවුරුද්දක් නිමිත්තෙන් තවත් චිත්‍රපටක් ගෙනාවා. මම උපසිරස වැඩියෙන්ම දැනට කරලා තියෙන්නේ ඇනිමේෂන්නෙ. ඒ නිසා අද දිනටත් ඇනිමේෂන් එකක් නොගෙනාවොත් අඩුවක් වගේ දැනුණා. ඉතින් ඒ නිසා ඔන්න ඇනිමේෂන් එකකුත් ගෙනාවා. මුලින්ම කියන්න ඕණෙ, අද එන අළුත් ඇනිමේෂන්වලට වඩා ලොකු වෙනසක් තියෙනවා. මමත් මේක නොබල හිටිය …

Read More »

The Black Stallion (1979) with Sinhala Subtitles|කළු අශ්වයා: උත්සාහය හා අධිෂ්ඨානය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! දන්නවනේ, මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් ඔන්න තවත් චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන ආවා. හරි සලරුව දෙසට හැරුනොත් මේ තමයි The Black Stallion. නිකුත් වුණේ 1979 වසරේ ඔක්තෝබර් 17. ටිකක් පරණ වුණත් මේ සලරුව දෙන්න හිතුවේ “උත්සහවන්තයා ජය ගනියි” කියන එක …

Read More »

The Flintstones (1994) with Sinhala Subtitle | ගිරිපුර ඇත්තෝ: පෝසත්කමේ සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න. Flintstones එහෙම නැතිනම් ගිරිපුර ඇත්තෝ කිව්වම ගොඩක් අය දන්නවනේ. හැබැයි මේ කතාවනම් ඔයාල බලලා නැතිව ඇති …

Read More »

Chicken Little (2005) with Sinhala Subtitles|කුකුළු පැටියගේ ඔළුවට ඇවිත් වැදුණේ ඇත්තටම ඕක් ගෙඩියක්ද? අහසද? නැත්නම් වෙන මොකක්හරිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ… මම තමයි කුකුළු පැටියා. මම ගැන කතාව ඔයාලා අහලා ඇති, හැබැයි බාගෙට. හරි මුලින්ම මම කියන්නම්කො මුල ඉඳංම මට සිද්ධ වුණු දේවල් ටික. දවසක් මගේ ඔළුවට මොකක්දෝ දෙයක් ඇවිත් වැදුණා. ඒක ආවේ අහසින් කියලා මටනම් විශ්වාසයි. ඒ වැටුණු කෑල්ල හරියට නිකං පාරෙ නවතිනු, කියලා තියෙන බෝඩ් එකක් වගෙයි. …

Read More »

The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේ අරගෙන එන්නේ ගිය මාසේ 11වෙනිදා නිකුත් වුණු The Silent Heroes (2015) චිත්‍රපටයයි. Adventure, Drama, Family …

Read More »

The Little Prince (2015) with Sinhala Subtitle | පුංචි කුමරු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? කට්ටියට මාව මතකද මන්දා! මාස 2කට පස්සෙ නොවැ! කොහොම වුණත් මේ පාර මම අරගෙන ආවේ 2016 මාර්තු 18 නිකුත් වෙන්න නියමිත The Little Prince (2015) කියන ඇනිමේශන් චිත්‍රපටය අරගෙනයි. මේක මුලින්ම බාර අරගෙන තිබුණේ අපේ කාටුන් අක්කා, ඒ කියන්නේ නිර්මාණි අක්කා තමයි. ඒත් ඉතින් මේක මම කරන්න …

Read More »

All Creatures Big and Small (2015) with Sinhala Subtitle|අලියාගේ සිට කුහුඹුවා දක්වා ගොඩබිම ජීවත් වන සෑම සත්වයෙක්ම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි. වැඩේ ගත්තට මොකද ටිකක් කල් ගියා නේ? හේතුව මේකයි, දන්නවනෙ, උපසිරසක් ඉක්මනින් කරන්න හොඳ වීඩියෝ පිටපත් සහ ඉංග්‍රීසි …

Read More »
error: Alert: Content is protected !!