You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / Sinhala Subtitle / චලිදු දේශාන් (page 2)

චලිදු දේශාන්

The Walking Dead [S05 : E15] | එක අරමුණක් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං? ආයුබෝවන්. ඔන්න එහෙනම් ඇවිදින මළමිණී කතා මාලාවේ පස්වෙනි අදියරේ 15ස්වෙනි කොටස ගෙනාවා. තව එක කොටසකින් මේ අලකලංචිය අවසානයක් වෙනවා. ඉතින් වැඩි දෙයක් කියන්නේ නෑ. පසුගිය කොටස ගැන බලමු. නෝහා සහ රෙජ් උදේ කෑම වේල අතරතුරදී හම්බවෙනවා. නෝහාට ඕන වෙනවා ගෘහ නිර්මාණශිල්පය ඉගෙන ගන්න. ඒ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආරක්ෂක බිත්ති වලට …

Read More »

Roy (2015) | දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හින්දි චිත්‍රපටි බලන අය පුල පුලා බලා හිටපු චිත්‍රපටියක් සැපත කොරන්නයි සූදානම. කොහොම වුනත් ඊයේ රෑ තමා උපසිරැසියක් නිවැරදි අයුරින් එලියට ආවේ. ඉතිං ලහි ලහියේ ඔන්න දවල් එකොලහට විතර පටං ගත්ත වැඩේ ඉවරයක් වුනේ රෑ අටයි හතලිහට විතර. රෝයි කියන්නේ ඉන්දියානු චිත්‍රපටියක්. ආදරය, ත්‍රසාය මත පදනම් වෙන්න තවත් …

Read More »

Monsters Dark Continent (2014) | අරමුණු පොදිබැදගත් අනාගතයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ දෙන්න යන්නේ පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන, හමුදා චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන අයටම වෙන්වුන චිත්‍රපටියක්. ඉතින්, චිත්‍රපටිය ගැන ගත්තොත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් විදිහටත් ගෙනහැර දක්වන්න පුලුවන්. මේ චිත්‍රපටියේ පළවෙනි කොටස 2010දී Monsters යනුවෙන් එලිදැක්වුනා. ඒවගේම මේ චිත්‍රපටිය Monsters 2 වගේම Monsters 2: Dark Continent කියලත් හඳුන්වනවා. …

Read More »

Better Call Saul [S01- E07] |නඩුවෙන් ගැලවෙන්නට මායමක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Better Call Saul කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඉතිං ඔන්න අඟහරුවාදා දීගන්න බැරිවුනාට. හවස් වෙද්දී තමයි ඉංග්‍රීසි සබක් ආවේ. ඉතිං රෑ 10.30යි කරලා ඉවරවෙද්දී. කොහොමහරි ඉතිං තව කොටස් තුනකින් මේ හාදයාගේ පලවෙනි වෙඩිමුරය ඉවරයක් වෙනවා. පසුගිය කොටසින්… ගියපාර කොටසින් අපිට තනිකරම දැකගන්න ලැබුනේ ෆිලිෆේඩියාව වල ඉදන් …

Read More »

The Walking Dead [S05 : E14] |පාරාදීසයේ බිද වැටීමේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ. හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ …

Read More »

The Returned US [S01- E02] | නැවත ඉපදීමක පෙම සොයා [සිංහල උපසිරැසි සමඟ]

මේ කතා මාලාවේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙක එක ලඟම විකාශනයක් වුනා. ඉතින් Better Call Saul ඊයේ උපසිරැසි ඇවිත් නොතිබුන නිසා තමයි මේකේ පළවෙනි කොටස ලබා දුන්නේ. ඉතින් බදාදා, ඊයේ දිනයේදී බෙටර් කෝල් සෝල් උපසිරැසි ලබා දුන්න නිසා ඔන්න අද තමා මේකේ දෙවෙනි කොටස ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. ඉතින් මේ …

Read More »

Better Call Saul [S01- E06] |තම පුතාගේ මරණයේ පළිය ගැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්. ඔන්න සෝල්ට කතා කරන එක හොඳයි කතා මාලාවේ හයවෙනි කොටස ගෙනාවා. මේ කොටස පරක්කු වෙන්න හේතුව තමයි සඳුදා කතාව විකාශය වුනාට අගහරුවාදා හවස් වගේ වෙනවා නිවැරදිව ගැලපෙන උපසිරැසියක් අන්තර්ජාලයට එකතු වෙන්න. බොහෝදුරට අගහරුවාදා දවල් වගේ එන සබක්නම් එදා හවසම දෙනවා. නමුත් හවස් වෙලා එන එකක් බදාදා වගේ තමයි …

Read More »

The Returned US [S01- E01] | මරණයෙන් නැවත උපතකට [සිංහල උපසිරැසි සමඟ]

තමන් ආදරය කරන කෙනෙක් මරණයෙන් නැවත නැගිටලා ආවොත් ඔබ මොකද කරන්නේ? ඔබ කවදා හෝ මොනයම් ආකාරයකින් මිය ගිහින්, කවදා හෝ නැවත ඉපදිලා ලෝකයා ඔබ මැරුණ බව ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී ඔබට දැනෙන හැගීම මොකක්ද? ඒ ගැන හිතන්නයි මේ ඉඩ වෙන් කරලා දෙන්න හදන්නේ. The Returned කියන්නේ අලුතින්ම ආරම්භ …

Read More »

Black Sea (2014) | මුහුදු පතුලේ රත්තරං සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම අපි බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් බොක්ස් ඔෆීස් සිනමාපට රාශියක්ම අරගෙන ආවනේ. ඉතින් අදත් අරගෙන ආවේ ඒ වගේම බොක්ස් ඔෆීස් සිනමාපටයක් තමා. මේකට ඊයේ රෑ වෙනකම්ම කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් තිබුනේ නෑ. අද උදේ වෙනකම්වත් උපසිරැසියක් තිබුනේ නෑ. නමුත් ඊයේ රෑ අපේ සමීර චතුරංග සහෝ ටයිම් ලයින් හදලා ඉංග්‍රීසි උපසිරැසියක් …

Read More »

24 [S06 : E24] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් 2007 ජනවාරි 14වෙනිදා විකාශය වෙච්ච 24 කතා මාලාවේ හයවෙනි කොටසේ අවසානය තමයි මේ සනිටුහන් කරන්න යන්නේ. මේ කතාව පාන්දර හයට පටං ගෙන ඊලඟ දවසේ පාන්දර හයට තමා ඉවරයක් වෙන්නේ. ඉතින් වැඩිය ලොකු දෙයක් කියන්න යන්නේ නෑ. ඊලඟ හත්වෙනි කොටසින් මම එනවා මුලින්ම ඔයාලව හම්බවෙන්න 😛 ඒනං පසුගිය කොටස ගැන …

Read More »

24 [S06 : E23] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 හරි එතකොට මේ කොටසත් එක්ක තව එක කොටසකින් මගේ කර්තව්‍යය අහවරක් වෙනවා. ඒ වගේම 24 රූපවාහිනි කතා මාලාවේ හයවෙනි කොටස ඉවරයක් වෙනවා. වැඩිය කතා නැතිව පසුගිය කොටස ගැන මතක් කරගෙන අද කොටස බලන්න අරගමු 😀 ජැක්, චෑන්ග්ගේ පස්සෙන් පන්නගෙන යනවා. මොකද මිනිහා ජොෂ්ව පැහැරගෙන යන හන්දා. ඒ වගේම සීටීයූ එක …

Read More »

24 [S06 : E22] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 තව කොටස් දෙකයි තියෙන්නේ මේ හයවෙනි දවස ඉවරයක් වෙන්න. ඒ වගේම තව මේ කොටස ඇර තව පැය දෙකකින් ජැක්ට හයවෙනි දවසේ වෙන දේ තීරණය කරන්න පුලුවන් වෙනවා 😛 හරි එහෙනම්, පසුගිය කොටස ගැන බලමු. ලීසා එකඟ වෙනවා ඩැකියෙල්ස් ලවා බොරු තොරතුරු රුසියානුවන්ට යවන්න. ඒ වගේස සීටීයූ එක එයාලගේ ඉන්න හැම …

Read More »

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා …

Read More »

24 [S06 : E21] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු. රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් සහ ලෙනොක්ස් අතර තියෙන සම්බන්ද මඟින් …

Read More »

Better Call Saul [S01- E05] |සාධාරණත්වය වෙනුවෙන් සටනක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පරක්කු වුනා මෙදා සැරේ කොටස හොඳටම. කරන්න දෙයක් නෑ. පොඩි වැඩක් සෙට් වුනා. ඉතින් වැඩිය පංපෝරි ගහන්නේ නැතිව පසුගිය සතියේ කොටසින් වෙච්ච දේ ගැන බලමු. පසුගිය සතියේ කොටස ආරම්භ වුනේ ජිමී කවුදෝ කෙනෙක් එක්ක බාර් එකෙන් එලියට එනවා. දෙන්නම හොදට වෙරිවෙලා ඉන්නේ. බාර් එකෙන් යාලුකරගත්තු මනුස්සයාවත් එක්ක ජිමී අතුරු පාරකට එනවා. …

Read More »

24 [S06 : E20] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම 24 කතා මාලාවේ හයවෙනි කතාවේ විසිවෙනි කොටස අරගෙන ආවා. වැඩිය කියන්නේ නෑ ඉතිං. පසුගිය කොටසින්… ඩැනියෙල්ස් සහ ඔහුගේ සහායිකා ලීසා මිලර් අතර කාර්යාල පෙම් සබඳතාවයක් හටගන්නවා. කේරන්ට සිද්ධ වෙනවා ඇගෙග් රස්සාව වගේම බිල් බියුකනන්ගේ රස්සාවත් බේරගන්න විදිහට වැඩ කරන්න. චෑන්ග් පරිපථ පුවරුව අරගෙන සීටීයූ එකෙන් සහ …

Read More »

The Blacklist [S02 : E09] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මේ ඉදිරිපත් කරන්න යන්නේ පොඩි කාලයක විරාමයක් එක්ක The Blacklist දෙවෙනි වෙලුමේ නමවෙනි කොටස. ඉතින් ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ඔයගොල්ලොන්ට ලැබේවි. පසුගිය කොටසින්, අටවෙනි කොටස ආරම්භ වුනේ එලිසබෙත් කීන් ඇගේ සැමියා වන ටොම් කීන්ට වෙඩි තියනවා ඔහු ඇයව මරණ්න හදද්දී. ඒක මතකයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඊටපස්සේ එලිසබෙත් රේමන්ඩ් …

Read More »

Amit Sahni Ki List (2014) | තම ආදරය හිමිවන තුරුම…. [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ තවත් හින්දි සුපිරියක්. මට නම් එහෙමයි. බලන අයගේ තීරණය කොහොම වෙයිද දන්නේ නෑ ඉතිං. මුලින්ම කියන්න ඕන චිත්‍රපටියේ ගීත ගැන. චිත්‍රපටියේ ගීත අඩංගු වෙලා තිබුනත් විනාඩියක් විතර කාලයක් තමා ඒවත් තියෙන්නේ. ඒ වගේම ගීතය තුලත් කතාව ගලාගෙන යනවා. හැබැයි කිසිම ගීතයක් සබ් එකේ තිබුනේ නැති නිසා මට …

Read More »

Marvels Agent Carter [S01 : E08] | කැප්ටන් ඇමෙරිකා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ පළමු කතා සමයේ 8 වන ඒ වගේම අවසාන කොටස. දෙවන කතා සමයක් ආරම්භ කරාවිද යන්න ගැන තවමත් හාංකවිසියක්වත් ආරංචියක් නැහැ. ඒත් ඒජන්ට් කාටර් කතා මාලාව ගෙන එන Tara Butters ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා, කාටර් තවත් කතා සමයක් බලන්න අවශ්‍ය නම් විකාශනය …

Read More »

Better Call Saul [S01- E04] | මුදල් වෙනුවෙන් සටනක්.. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. ගිය සතියේ කොටස පටං ගන්නේ තරුණ චක්ට ජිමීව හම්බවෙනවා හිරගෙදරකදී. ඒ ජිමීව ලිංගික අපයෝජනයක් කරා කියලා චෝදනා ගොනු කරලා හිරේ දාලා තියෙද්දී. චක් ජිමීට කියනවා එයාගේ ජීවිතේ විනාශ වෙයි කියලා මේ නඩුව ඇහුවොත්. මේ නිසා ජිමී චක්ගෙන් බැගෑපත් වෙනවා එයාට විරුද්ධව …

Read More »
error: Alert: Content is protected !!