You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , July 21 2019
Breaking News
Home / Sinhala Subtitle / තරිඳු රසාංග

තරිඳු රසාංග

Chitralahari (2019) Sinhala Subtitles | අසාර්ථකත්වය තුලින් සාර්ථකත්වයට [සිංහල උපසිරැසි සමඟ]

අසාර්ථකත්වය..! ගොඩක් සාර්ථක වුන මිනිස්සුන්ගේ පිටිපස්සෙන් ආපු දෙයක්. සාර්ථක මිනිස්සුන්ට තමන්ගේ වැරදි පෙන්වා දීපු දෙයක්. සමහර මිනිස්සුන්ට ආශිර්වාදයක් වුනු දෙයක්. ඒත් සමහර මිනිස්සුන්ට ජීවිතේ එපා කරපු දෙයක්. අසාර්ථකත්වය හෙවනැල්ල වගේ ආවත් ඒ හැම දේකින්ම ඉගෙනගෙන සාර්ථකත්වය ලඟා කරගැනීම තමයි ජීවිතේ ජය ගන්න ඕන කියලා හිතන කෙනෙක් කළ යුතු වන්නේ. 2019 …

Read More »

Mikhael (2019) Sinhala Subtitles | සොහොයුරු ප්‍රේමයේ රැකවල් දේවදූතයා [සිංහල උපසිරැසි සමඟ]

 ”සීලයෙන් පව කමා කරන්න, මම දෙවියෙක් නෙවෙයි. පාපය ගෙවන්න පුළුවන් වෙන්නේ මරණයෙන්. -මම මයිකල්.” පාසල් ළමුන්ගෙන් උසුළු විසිළු වලට මුහුණදීමට නොහැකිව සියදිවි නසාගන්නා සිසුවෙක්, තම පුතුගේ මරණයෙන් දුකටත් කෝපයටත් පත් පාතාලයේ රජ කරන පියෙක්, දුරදිග නොසිතා පැවසූ යම් දෙයක් නිසා ජීවිතයේම පසුතැවෙනා තවත් මවක්, තමන් නොකළ වරදකට දුක්වන නැගණියක්, නැගණිය …

Read More »

Koode (2018) Sinhala Subtitles | පියඹා යමු ආදරයේ මිහිර සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නමින් ජොෂුවා… දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා. ඇය නමින් ජෙනිෆර් හෙවත් ජෙනී… ජොෂුවාගේ බාල සහෝදරිය. සමහර අය සාමාන්‍ය විදියට ඉපදිනවා… හැබැයි, හැමෝටම සාමාන්‍ය විදියට ඉපදෙන්න තරම් වාසනා බලයක් නැහැ. මොකක්දෝ මන්දා කරුමයකට මේ ජෙනීටත් ඒ වාසනා බලය පිහිටලා තිබුනේ නැහැ. උපතින්ම පැමිණි රෝගී තත්වයක් නිසා, ජෙනීගේ අවයව සාමාන්‍ය …

Read More »

Ranam (2018) Sinhala Subtitles | දෛවයේ දෙවෙනි අවසරය! [සිංහල උපසිරැසි සමඟ]

“ඩිට්‍රොයිට් වලට සාදරයෙන් පිලිගන්නවා! ඇමෙරිකාවේ අති බිහිසුණුම නගරය! අතීතයේ මේ නගරය රථ-වාහන කර්මාන්තශාලා රාශියක් සහිත ලොව රැකියා අවස්ථා වැඩිම නගරය බවට පත්වෙලා තිබුනා.ඇමෙරිකාව ලෝකයේ අංක එකේ රට බවට පත්වෙන්න ඩිට්‍රියෝට් ලොකු හේතුවක් වුනා. මේ වගේ හොඳ විදියටම හැමදාම දේවල් සිද්දවෙනවද? ඔව්.ඒක වෙනස් වුනා. 1967 කළු විප්ලවයත් එක්ක නගරයේ පසුබෑම පටන්ගත්තා. …

Read More »

Parava (2017) Sinhala Subtitles | පරෙවි ජීවිත..! [සිංහල උපසිරැසි සමඟ]

හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නවා.ඉචාපි,හසීබ් දෙන්නා දන්නේ නැති වුනත් එයාලා දෙන්නා ඇති කරපු දක්ෂම පරෙවියා …

Read More »

Villain (2017) Sinhala Subtitles | වීරත්වයේ සහ දුෂ්ටත්වයේ අපැහැදිලි සීමාව… [සිංහල උපසිරැසි සමඟ]

‘සෑම දුෂ්ටයෙකු තුලම විරුවෙකු ඇත.’ ‘සෑම විරුවෙකු තුලම දුෂ්ටයෙකු ඇත.’ ‘ජීවිතය යනු අඳුරු ප්‍රහසනයකි.’ ‘පලිගැනීම යනු දරුණු රෝගයකි.’ මැතිව් මන්ජුරන් කියන්නේ කේරල පොලිසියේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්.මොහු ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාමගන්න හදන දවසේ බොහොම අත්භූත සිදුවීමක් සිදුවෙනවා. මැදි වයසේ මිනිසුන් තුන්දෙනෙකුගේ මළසිරුරු පාළු නිවසක තිබිලා හමුවෙනවා.මොවුන් හැමෝම ඝාතනය කරලා …

Read More »

Hey Jude (2018) With Sinhala Subtitles | ආදරය ලෙසින් ආ ජීවිතය.. [සිංහල උපසිරැසි සමඟ]

ජූඩ් කියන්නේ කේරලයේ කොචි වල ජීවත්වන තරුණයෙක්.මෙයා ටිකක් විශේෂ කෙනෙක්. අසාමාන්‍ය ලක්ෂණ තියෙන කෙනෙක්. එක අතකින් මෙයාට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න හැකියාවක් ඇත්තේ නෑ .එයාගේ හැඟීම් අනිත් අය එක්ක බෙදාගන්න එයාට බෑ. කොටින්ම කිව්වොත් ජූඩ්ට කිසිම යාළුවෙක් නෑ. හැබැයි අනිත් අතට ජූඩ්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ගණිතමය හැකියාව. …

Read More »

Vimaanam (2017) With Sinhala Subtitles | අහස් යාත්‍රාවේ සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

“මේක මම නින්දෙදි දැකපු හීනයක් නම් මට ඒක අමතක කරලා දාන්න තිබුනා අම්මේ! ඒත් මේක මට නිදාගන්න දෙන්නේ නැති හීනයක්!” වෙන්කිඩි කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දරුවෙක්.මෙයාගේ මේ කන් ඇසීමේ මඳබව නිසාම මෙයා පොඩිකාලේ ඉඳලම තමන්ගේ ඉස්කෝලේ යාළුවන්ගේ සමච්චලයට ලක්වෙනවා. මේ සමච්චලයන් අතරෙත් වෙන්කිඩි පන්තියේ දක්ෂම සිසුවෙක් විදියට තමන්ගේ ඉගෙනීම් වැඩ කරගෙන …

Read More »

Njandukalude Naattil Oridavela (2017) Sinhala Subtitles | කකුළුවන්ගේ දේශයේ නිවාඩුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

කුරියන් චාකෝ කියන්නේ තමන්ගේ අම්මාගේ ඉල්ලීම මත ලන්ඩන් වල ඉඳලා කේරලයට එන තරුණයෙක්.අම්මා දුරකතනයෙන් කතා කරලා එක පාරටම ඔහුට ගෙදර එන්න කියනවා.ඒත් ඒ මොනවටද කියලා කියන්නේ නෑ .මේ ගැන කුතුහලයෙන් ඉන්න කුරියන්ට ගුවන් යානය ඇතුලෙදි එයාගේ යාළුවෙකුගෙන් ඉඟියක් ලැබෙනවා.යාළුවගේ මතය වෙන්නේ ඒ විදියට අම්මා කතා කරේ කුරියන්ගේ විවාහය ඉක්මනට කරලා …

Read More »

Theeran Adhigaaram Ondru (2017) Sinhala Subtitles | දාම මංකොල්ලය හඹා යාම [සිංහල උපසිරැසි සමඟ]

  දිනය:- 1995.06.07 ස්ථානය:- වලජපෙට්,වෙල්ලෝර් දිසාව චෙන්නායි- බැංගලෝර් අධිවේගී මාර්ගයට නුදුරු නිවෙසක් රෙදි කඩෙන් මුහුණු වසා ගත් පිරිසක් මහා රාත්‍රියේ එක්තරා නිවෙසකට කඩා වදියි.නිවසේ සිට ඔවුන් හමුවට ආ වයසක මිත්තණියක් ඔවුන්ගෙන් එක් අයෙකුගේ යකඩ පොලු පහරින් බිම ඇද වැටෙයි.ඇයගේ ගෙල බැඳි රන් මාලයද මොහු විසින් ගලවා ගනියි.තම මිත්තණිය ගැන බැලීමට …

Read More »

Solo (2017) Film Sinhala Subtitles | සිව් මුහුණුවරය [සිංහල උපසිරැසි සමඟ]

  “සෙමින් සෙමින් අහසේ සිට ඇද හැලෙමින් පොළොව තෙමා දමයි. අඛණ්ඩ ලෙසින් වාෂ්ප ලෙස අහස පුරවාලයි. වැස්සක් ලෙසත් ගංගාවක් ලෙසත් මහා සාගරයක් ලෙසත්, මහා ගමනක නිරත වෙයි. තණ,පුෂ්පයන් සහ මිනිසුන් අවදිව සිටින්නේ ඔබ නිසයි. ඔබ කෙතරම් පුරාතන වන්නේද, එතරම් ම ඔබ නව්‍ය වෙයි! ….. මා සෙමින් සනහාලන මන්ද මාරුතයෙනි, හමනා …

Read More »

Adam Joan (2017) With Sinhala Subtitles | ඒදන් උයනේ වැවිලිකරුවා [සිංහල උපසිරැසි සමඟ]

“මේ කොරොස්ම කාලය තුල ගෙවෙන තවත් එක් ඉරු දිනයකි.කිතු ගුණ මෙනෙහි කරවමින් ස්කොට්ලන්තයේ උතුරු බර්වික් හි එක්තරා පල්ලියක මිහිරි ගීතිකා ගායනයක් ඇසේ.  ගීතිකා කණ්ඩායම තුල කැපී පෙනෙන එක් සුරතල් සිඟිත්තියකි. පල්ලියේ කටයුතු නිම කරමින් කිහිප දෙනෙක් එයින් එලියට පැමිණ සතුටු සාමිචියේ නිරත වෙයි.එහි සිටින උන්නි සහ ශ්වේතා සමඟ පසුව ඔවුන්ගේ දියණිය,පෙර …

Read More »

Bhoomi (2017) With Sinhala Subtitles | පීතෘ සෙනෙහසේ පුපුරා යාම..! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති …

Read More »

Anarkali (2015) With Sinhala Subtitles | අනර්කලී; පුරාවෘතයේ නූතන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

අනර්කලී;මහා මෝගල් අධිරාජ්‍ය-අක්බර් රජු සමයේ විසූ නාටිකාංගනාව.දෙළුම් මලක් වගේ සුන්දරව නර්තනයේ යෙදෙන්නට ඇති හැකියාව සහ ඇයගේ අතිමහත් මනස්කාන්තය නිසා ඇයව එකල අනර්කලී නමින් ප්‍රසිද්ධ වුනා.මැයගේ නර්තනයට සහ රූපශ්‍රීයට වශී වුන සලීම්,ඒ කිව්වේ අක්බර් රජුගේ පුතා-කිරුළ හිමි කුමාරයා මැය සමඟ ආදරයෙන් බැඳුනා.නමුත් පහත් කුලයේ කාන්තාවක් සමඟ තම පුතාව විවාහ කරවන්න පියරජු …

Read More »

Orbiter 9 (2017) AKA Órbita 9 With Sinhala Subtitles | හෙලේනාගේ හිතලුව! [සිංහල උපසිරැසි සමඟ]

හෙලේනා! ඇය තමයි අපේ මේ විද්‍යා ප්‍රබන්ධයේ කතා නායිකාව වෙන්නේ.මැය ජීවත්වෙන්නේ(ඇය හිතන විදියට) පෘථිවියෙන් එපිට තියෙන ‘සුරපුර’ නමින් හඳුන්වන තැනකට යන අභ්‍යවකාශ යානයක.ඇය මේ යානයේ තනියම තමයි ඉන්නේ.ඇයගේ දෙමවුපියනුත් ඇය එක්ක ගමනාන්තයට යනකල්ම එකතුවෙන්න නියමිතව තිබුනත් පසුව ඒ දේ වෙනස් වුනා.දැන් එයා තනියම යානයට වෙලා ගමනාන්තය ළඟා වෙනකල් ඉන්නවා.ඇයගේ තනියට …

Read More »

Lavender (2015) With Sinhala Subtitles | ලැවෙන්ඩර් සහ කළු ටියුලිප්..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සති අන්තයට අපේ මලයාලම් රසිකයින්ගේ රසවින්දනය වෙනුවෙන් තවත් ෆිලුමක් අරගෙනයි මේ පාර ආවේ.මේක තවත් වෙනස් මලයාලම් ෆිලුමක්.Drama ගණයට තමයි අයිති වෙන්නේ.Dhuruvangal Pathinaaru (2016) [දමිළ සහ Traffic (2011) [මලයාලම් වගේ ගොඩක් ජනප්‍රිය වුනු චිත්‍රපට වලට රංගනයෙන් දායක වුනු Rahman මේකේ ප්‍රධාන චරිතයට පණ පොවනවා.ෆිලුමේ වැඩි හරියක් රූපගත කරලා තියෙන්නේ …

Read More »

The Emoji Movie (2017) With Sinhala Subtitles | ඉමෝජිලන්තය! [සිංහල උපසිරැසි සමඟ]

😒🖐👸🎄👿💩👍😭😂 ඔව්,අපි දැන් ඉන්නේ ටෙක්ස්ටොපොලිස් වල.ඒ කියන්නේ අපේ කතාවේ පරිශීලකයා-ඇලෙක්ස්ගේ ෆෝන් එකේ ඉමෝජි ජීවත්වන ඉමෝජිලන්තයේ.මේ නගරය ඇතුලේ හැම ඉමෝජියක්ම ජීවත් වෙනවා.ඒ වගේම එයාලට එක එක්කෙනාට විශේෂිත වුනු කාර්යයන් තියෙනවා.🎄නත්තල් ගහ කරලියට එන්නේ උත්සව කාලයට.එයා හැමෝටම ‘සුභ නත්තලක්’ කියලා සුභ පතනවා.හැබැයි ඒ නත්තල් මාසෙට විතරක් නෙවෙයි.අනිත් කාලවලදීත් එයා හැමෝටම සුභ පතන්නේ …

Read More »

Oru Cinemakkaran (2017) With Sinhala Subtitles | තවත් එක් සිනමාකරුවෙක්..! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පස්සේ ආයෙත් මලයාලම් ෆිලුමක් අරගෙන බයිස්කෝප් එකට එන්න පුළුවන් වුනා.මේක Crime, Drama, Mystery කියන ප්‍රභේදයන්ට අයත්වන ෆිලුමක්. Aby (2017) මලයාලම් ෆිලුමේ ප්‍රධාන නළුවා-Vineeth Sreenivasan ම තමයි මේකෙත් ප්‍රධාන රංගනයට දායක වෙන්නේ.මේක හොඳම මට්ටමේ මලයාලම් ෆිලුමක් නොවුනත්,නොවැරදීම හැම මලයාලම් ෆිලුමක්ම නරඹන අයට මේකත් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා! ඒ වගේම …

Read More »

CIA: Comrade in America (2017) With Sinhala Subtitles | සහෘදයෙකුගේ ප්‍රේම චාරිකාව..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කාලයේ ඉහළ වර්ධනයක් පෙන්වපු ශ්‍රී ලංකාවේ මලයාලම් රසිකත්වයේ බොහෝමයක් දෙනෙකුට මලයාලම් චිත්‍රපට නැරඹීම පුරුද්දක්,ඇබ්බැහියක් බවට පත් කරපු ඒ සිනමා චරිතය,DQ-Dulquer Salmaanගේ මේ අවුරුද්දේ පලවෙනි වෙඩිමුරය Jomonte Suvisheshangal (2017) විදියට ජනවාරි මාසයේදී නිකුත් කෙරුනා.ඉන්පස්සේ හැම මලයාලම් රසිකයෙක්ම වාගේ මොහුගේ මේ වසරේ දෙවෙනි වෙඩිමුරය වන මේ ෆිලුම එනකල් ඉතාම නොඉවසිල්ලෙන් තමයි …

Read More »

Ninnu Kori (2017) With Sinhala Subtitles | ඔබට සුභපතමි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත්ම ෆිලුමක් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේක තෙලිගු ෆිලුමක්.මම හිතන්නේ මේකත් තෙලිගු රසිකයන් බලාගෙන හිටපු ෆිලුමක්.ඒත් හැමෝටම දැනගන්න ෆිලුම ගැන පොඩි විස්තරයක් කරන්නම්.මේක අයත්වෙන්නේ Comedy, Romance ප්‍රභේදයන්ට.Nenu Local (2017),Gentleman (2016) වගේ මෑත කාලීනව ජනප්‍රිය වුනු චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Nani මෙහි සුපිරි තරුව ලෙස රඟපානවා.ඒ වගේම Nivetha Thomas තමයි …

Read More »
error: Alert: Content is protected !!