You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / දීප්ත තුෂාර

දීප්ත තුෂාර

Amityville: The Awakening (2017) with Sinhala Subtitles | ඇම්ටිවිල් නිවසේ සාහසික ඝාතන නැවතත් [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයකින් පස්සෙ කොච්චර බාධක වැඩකටයුතු තිබුණත් බාරගෙන තිබුණු චිත්‍රපටියකට උපසිරැසිත් එක්ක ආයිම බයිස්කෝප් එකත් එක්ක තිබ්බ සම්බන්ධකම් අළුත් කරගන්න හිතුවා. අවසානයට කරපු උපසිරැසිය කරද්දි මම උසස් පෙල හදාරමින් සිටියේ. දැන් නං තත්වය ඊට වෙනස්. මේ වන විට මම විද්‍යාපීඨයක ඉගෙනුම ලබනවා. කාලය ගොඩක් මේ වැඩ වලට යොදවන්න අමාරුයි. නමුත් …

Read More »

The Boss Baby (2017) with Sinhala Subtitles | අය්යා බබයි මල්ලි බබයි [සිංහල උපසිරසි සමඟ]

කළුපාට කුරුල්ලායි මැදියම් රැයේ ගීත ගයන්නේ මේ බිඳුණු පියාපත් රැගෙනයි පියාඹන්න ඉගෙන ගන්නේ දිවි ඇති තෙක් ඔබේ ඔබ පමණයි මේ මොහොත උදාවනතුරු බලා සිටින්නේ බයිස්කෝප්වාසී සියල්ලන්ටම සුභ දවසක් වේවා. හුඟ කාලෙකට පස්සෙ ඔන්න මම ආවා මේ අවුරුද්දෙ උණු උණුවෙම නිකුත් වෙච්ච ලස්සන සහ වෙනස්ම විදිහක නිර්මාණයක් එක්ක. නිර්මාණය ගැන නං …

Read More »

Ouija: Origin of Evil (2016) with Sinhala Subtitles | නොපෙනෙන බලවේගයන් සෙල්ලමට ගන්න එපා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ආයු බෝ වන් බයිස්කෝප්වාසීනි. ඔන්න තවත් හොල්මන් ෆිලුමක් අරගෙනයි මම ආවේ. මේක කරන එක නං හුගක් අමාරු උණා. ගොඩක් කාර්යබහුල කාලයක් උදාවෙලා තියෙන නිසා. මොකද මම ඒ ලෙවල් කරන අතරේ මම පරිගණක පාඨමාලාවක් හදෑරුවා. ඉතිං ඒ පාඨමාලාව නිසා මට අවස්ථාවක් ලැබුණා නිසා මට රජයේ කාර්යාලයක මාස හයක් වැඩ කරලා …

Read More »

Don’t Breathe (2016) with Sinhala Subtitles | ගෙවල් බිදින්න යද්දි නිවැසියා ගැන සුළුවෙන් තකන්න එපා. [සිංහල උපසිරසි සමඟ]

මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම HOME ALONE :D. මමත් ආසයි ඒ චිත්‍රපටයට ගොඩක්. තමංගෙ ගෙදරට මංකොල්ල කාරයො ආවම ගෙදර පුංචි ළමය …

Read More »

We Are What We Are (2013) with Sinhala Subtitles | මිනිසුන් බුදිනා මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ජේසුතුමනි, ඔබ වහන්සේ අප කරා සානුකම්පිත නෙත් හෙලනු මැන. අපගේ වැරදි නසා අපව පාරිශුද්ධ කල මැනව. ඔබ වහන්සේගේ කාරුණික දෙනෙතින් වරක් අප දෙස බලන්න. අපේ සියලු දුක් කම්කටොළු නිමවී සෞභාග්‍යය උදාවේවි. We Are What We Are කියන මෙම චිත්‍රපටය ආගමික බවක් උසුලන මිනී මස් කන මනුෂ්‍ය ගෝත්‍රයක එක් පවුලක් වටා …

Read More »

Barbie and the Secret Door (2014) with Sinhala Subtitles | මා සතුවද මායා බලය ඇත [සිංහල උපසිරසි සමඟ]

මේ මට ආච්චි අම්ම දුන්න පොතක්. හරිම ලස්සනයි. මම කරන්න ආසම වැඩේ පොත් කියවන එක තමා. අපේ මාලිගාවේ අද රාත්‍රී සාදයක් තියෙනවා. වැඩ ගොඩයි. මේ අස්සේ අම්මා මට වෝල්ට්ස් නැටුම් නටන්න පුරුදු කරන කෙනෙක් ගෙනැල්ල. හරිම වැඩේ. මට හරියට නටන්නත් බැහැ. මොනව තිබ්බත් ඒත් ඊට කලින් මේක කියවන්නම ඕන. අර …

Read More »

Sacrifice (2016) with Sinhala Subtitles | මව් මරා උපදින කුමරුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි, මිතුරියනි. උසස් පෙලින් පසුව ගේන දෙවනි උපසිරැසි ගැන්වීමයි මේ. ටිකක් අසීරු කාර්‍යයක් උණා මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වීම. බාධක ගොඩක් තිබ්බා නමුත් ඒවා මගක් හෝ දුරට මැඩගෙන ඔන්න අන්තමේදී උපසිරැසිය ඔබ හමුවට ගෙන එන්නට අවස්ථාව ලැබුණා. එහෙනම් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මිනිත්තු 91ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම …

Read More »

The Final Girls (2015) with Sinhala Subtitles | ත්‍රාසජනක චිත්‍රපටියක් ඇතුලට ගියොත්? [සිංහල උපසිරසි සමඟ]

ඒ ලෙවල් ඉවර කරලා ඔන්න මම සබකට අතගැහුවා. හොරර් මගෙ ජීවිතේ වෙලා දැන්. ඒ නිසා හැම රෑකම හොරර් ෆිලුමක් බැලෙනවම තමා. නෙට් එකේ රවුම් ගහ ගහ ඉද්දියි මේක හම්බඋණේ. පලවෙනි වතාවෙම ආස හිතුණ සබ් කරන්න. ඉතිං සබ් එකත් දැම්ම. ඇත්තටම මේ වෙද්දි මේ චිත්‍රපටිය මම දහ වතාවකට වඩා බලල ඉවරයි. …

Read More »

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. …

Read More »

Hush (2016) with Sinhala Subtitles | සද්ද එපා ඝාතකයා එලියේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද මිතුරනි. සුභ අළුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම. පොඩි නිවාඩුවකින් පස්සෙ අලුත් අවුරුදු තෑග්ගත් අරං ඔන්න මම ආයෙත් උපසිරැසි නිර්මාණය කරන්න එක්වෙන්න හිතුවා බයිස්කෝප් ටීම් එකත් එක්ක. ගොඩක් අයටනං මාව මතකවත් නැතුව ඇති මේ වෙද්දි. නමුත් මම අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න හිතපු නිසා උපසිරැසි ගැන්වීමෙන් බැහැරව හිටියා. මේ අවුරුද්දෙත් …

Read More »

Crimson Peak (2015) with Sinhala Subtitles | මෘගයන්ට ගොදුරු වූ කාන්තාවෝ… [සිංහල උපසිරසි සමඟ]

මම එනෝලා ෂෝටී. සර් තෝමස් ශාර්ප් ගේ බිරිද. ශාර්ප් ආර්යාව. නමුත් විවාහ වී මා මේ මන්දිරයට ආ පසුව මෙහි සිදුවන දේ අත්භූතජනකයි. මුලින් මට ප්‍රේම කල තෝමස් පසුව මා ගැන තකන්නට පවා වෙහෙසුනේ නැහැ. ඔවුනට උවමණා වුනේ මගේ මුදල් පමණයි. කල් යත්ම ඔහු හා මා සංවාසයෙන් මා ගැබ්බර උණා. මා …

Read More »

Balto (1995) with Sinhala Subtitle | ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. [සිංහල උපසිරසි සමඟ]

ඔහු බල්ලෙකු හෝ වෘකයෙකු නොවිණ. හුදෙක් ඔහු බෝල්ටෝ නම් වෘක බල්ලා විය. ඔන්න මේ පාර 1995 වසරේ නිකුත් වුණු ජීවිතයට ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක් ගෙනාවා. මේක කරන්න ලබාදීම ගැන රොයිලි අයියට ස්තූතිවන්ත වෙනවා. ලිපියත් හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. අපි කෙළින්ම චිත්‍රපටය පැත්තට හැරෙමු. United States හිදී 1995 වසරේ දෙසැම්බර් …

Read More »

Hoodwinked Too! Hood vs. Evil (2011) With Sinhala Subtitle|රවටන්නෝ සැම විට රැවටෙති. [සිංහල උපසිරසි සමඟ]

☺ ☺ ☺ ☺ ☺ මේ උපසිරැසි ගැන්වුම මා බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවිය හා එක්ව වසරක් සපිරීම නිසා කල එකකි. ලිපිය රසවිදින්න. ☺ ☺ ☺ ☺ ☺ *** ෴නාට්‍යය෴ ඔන්න දුවේ පුතේ එකෝමත් එක කාලෙක හිටියා රතු හැට්ටකාරී කියල කෙනෙක්. එයාට ඒ නම ලැබුණෙ එයා රතු කබායක් පැළදගෙන හිටපු නිසා. …

Read More »

Inside Out (2015) with Sinhala Subtitle|ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්!. හැමෝම කැමතියි නේ වෙනස් ආරක ලිපි වලට. කලිං Effie Gray චිත්‍රපටයේ ලිපියට ගොඩාක් අය කැමැත්ත පල කරලා තිබුණා. මොකද මම ඒක ලිපියක් ආකාරයෙනුවි ඉදිරිපත් කලේ. ඔන්න ඒ නිසාම මම අදත් වෙනස්ම විදිහකට ලිපිය සකස් කරා. මේ ලිපියේ කොටස් පහකට අනුවයි මම කරුණු ඉදිරිපත් කරන්නේ. මොකද ලිපිය කියවන කෙනාට මේ චිත්‍රපටය …

Read More »

Poltergeist (2015) with Sinhala Subtitle|අදුරින් ආලෝකය වෙත යන්නට වෙහෙසන අදුරු ආත්මයන්ගේ කථාන්තරය. [සිංහල උපසිරසි සමඟ]

මගේ ලැයිස්තුවේ ෆිල්ම්ස් වලට මම සබ් කරන්න බාර ගනිද්දී මම යෙදෙන සීමාව තව ටිකක් පුළුල් කරල ඔන්න  මම ගෙනාව සුපිරි හොල්මන් කතාවක්. මේ කථාව ගැන මුකූත්ම විස්තරයක් කරන්න බෑ. මොකද මම හොදටම නිදිමතෙන් ඉන්නේ. මේ ලිපිය ලියන දැන් වෙලාව උදෑසන 1 පසුවී මිනිත්තු 7යි. නෑ ඔන්න 8 උණා. මේ වෙලාවට …

Read More »

Mickey’s Christmas Carol (1983), Frozen Fever (2015) & Charlie Chaplins’ Short Films [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ මම නම් මේ වැඩේට අලුත් කෙනෙක්. මේ මගේ පළවෙනි උපසිරැසිය. මම නම් හිතන්නේ මේකේ අඩුපාඩු ගොඩක් ඇති මොකද මට මේ සම්බන්ධයෙන් තවම අත්දැකීම් බොහොම අඩුයි.. ඉස්සල්ලාම මම රොයිලි අයියාට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම හා මග පෙන්වීමට. මම හැමදාම ඇවිත් චිත්‍රපටි වල උපසිරැසි අරන් යන එකේ …

Read More »

Effie Gray (2014) | මා ඔබෙන් පැතූ ආදරය කොහිද? [සිංහල උපසිරසි සමඟ]

දයාබර මිලෙයි මහත්මා වෙත, මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම …

Read More »

Alexander and the Terrible, Horrible, No Good, Very Bad Day (2014) | පවුලක් විදිහට එකට එකතු වෙලා නරකම නරක දවසකට මුහුණ දෙන්නෙ මෙන්න මේ විදිහටයි [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. ඔන්න මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසි නිර්මාණය තමා මේක. මේක දෙන්න ටිකක් කල් ගියේ හේතු තුනක් නිසා. එකක් මේකේ හොද පිටපතක් එනකොට ටිකක් කල් ගියා. දෙවනි එක මේකට සබ දැම්මේ ගොඩක් වැඩ මැද්දේ. අනික තමා ඒ දාද්දිත් මම චිත්‍රපටිය පමණට වඩා කිහිප පාරක්ම බැලුවා. කොහොම උණත් මේ …

Read More »

The Hero of Color City (2014) | චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා ! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට. කෝර්රා කතාවත් ඉවර කරපු නිසා මම තීරණය කලා තව අළුත් ඇනිමේෂන් මූවී එකක් සබ් කරන්න. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා …

Read More »

The Legend of Korra [S04: E12E13] | යුගයක අළුත් ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ කොටස් පිළිබදව සාරාංශයක් දෙන්නේ නැහැ. මොකද සමහර අය මේ කොටස බලල ඇති. සමහර අය බලන්න උනන්දුවෙන් ඇති. ඒ නිසා මම මේ කොටස ගැන විසතර කියනවට වඩා මේ කථා මාලාව ගැන අදහසක් මුලින්ම ඔය හැමෝටම දෙන්න කැමතියි. ඔයාලට මතක ඇති ඇවටාර්ලා පටන් ගත්තේ කොහොමද කියල. ඒ වොන් කියල මනුෂ්‍යයෙක් …

Read More »
error: Alert: Content is protected !!