Thursday , August 16 2018
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ

ප්‍රණිත් රණසිංහ

Bilal: A New Breed of Hero (2015) Sinhala Subtitles | යදම් බිද ලා…. [සිංහල උපසිරසි සමඟ]

කලාතුරකින් වගේ ආයෙමත් ඔන්න චිත්‍රපටියකින් තමයි මේ මුණගැහෙන්නේ. කොච්චර උපසිරැසි කලත් මේ සජීවීකරණ චිත්‍රපටයකට උපසිරැසි කරන පලවෙනි වතාව. කතාවත් බොහෝම ලස්සන එකක් නිසා තමයි උපසිරැසියක් කරන්න හිතුනේ. ඉතිං එහෙනං කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ කතාව මුලාශ්‍රගත වෙලා තියෙන්නේ බිලාල් ඉබ්න් රබාහ් කියන අතීත චරිතයක් වටා. මොහු මාකා ප්‍රදේශයේ උපත …

Read More »

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ …

Read More »

Deception [S01 : E13] Sinhala Subtitles | නොනිමි අවසානය [සිංහල උපසිරැසි සමඟ]

බොහෝම ප්‍රමාද වෙලා මේ හමුවෙන්නේ මග බලාගෙන හිටපු කතාවේ අවසානයත් සමගින්. කිහිප දෙනෙක් මැසේජ් කරලත් අහලා තිබුනා කතාව කොහේද කියලා. ඒ අහපු කට්ටිය නිසා තමයි ටිකක් හරි කලබල වෙලා සබ් එක කරන්න වෙලාවක් හොයා ගත්තේ. එහෙනං ඉතිං, කතාව ආසාවෙන් බලාගෙන ගියත් කතාව කැන්සල් වුනු නිසා ගොඩක් දෙනෙකුට කතාව එපා වෙලා …

Read More »

Sense8 (2017) [S02 : E12 – Amor Vincit Omnia] Sinhala Subtitles | සමුගනිමු ආදරෙන්.. [සිංහල උපසිරසි සමඟ]

The Matrix (Series) + (Game), Jupiter Ascending (2015), Cloud Atlas (2012), V for Vendetta (2005) මේ සිනමා නිර්මාණයන් බලපු, එහෙම නැතිනම් The Matrix වීඩියෝ ක්‍රීඩාවත් එක්ක සෙල්ලම් කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා ඇති. මේ ලිපිය කියවනවා ඇති. සිනමා ලෝකයේ ලොකු වෙනසක් කරපු The Matrix, V for Vendetta වැනි චිත්‍රපට නම් මැරෙන …

Read More »

Deception [S01 : E12] Sinhala Subtitles | ප්‍රෙහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්. ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් …

Read More »

Deception [S01 : E11] Sinhala Subtitles | පලිගැනීමක් උදෙසා [සිංහල උපසිරැසි සමඟ]

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ. පසුගිය කතාව …

Read More »

Deception [S01 : E10] Sinhala Subtitles | අදිසි සංගම්. [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන් උදව් කරනවා …

Read More »

Deception [S01 : E09] Sinhala Subtitles | සිදු (නො)වුනු මිනීමැරුම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සිදුවීම් වලින් පස්සේ මේ එකතු වෙන්නේ ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. මේ දිනවල බොහෝමයක් හුරු පුරුදු කතා මාලාවන් වල අවසානයන් තමයි රූපවාහිනී වල විකාශය වෙන්නේ. බොහෝමයක් කතා මාලාවන් වල කතා සමයන් අවසාන වෙලත් අහවරයි. මේ කාලය වෙද්දී බොහෝමයක් රසිකයෝ බලාගෙන ඉන්නේ තමුන් කැමති කතා මාලාවන් මීලඟ සමය දක්වා …

Read More »

Deception [S01 : E08] Sinhala Subtitles | මෙහෙමයි වුනේ… [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වුනු කොටස් දෙකම එකම දවසේ වරුවෙන් ගැහුවා. නැගිට්ට වෙලාවේ ඉදන් මේක තමා කලේ. ඉතිං කලින් ලියලා දුන්නු හැම ලිපියක් අවසානයේම වගේ කිව්වනේ පමා නොවී හමු වෙනවා කියලා. ඒත් ඒ හැම වෙලාවකම වගේ ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න සිද්ධ වුනේ. ඒත් කලින් ලිපියේ එහෙම දෙයක් සදහන් නොකරපු නිසාමද කොහේදෝ මේකත් …

Read More »

Deception [S01 : E07] Sinhala Subtitles | අභිරහස් කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]

ජොනතන් බිශොප්ගේ මියුරල් එකේ තිබුනු කේතය බින්දා විතරයි පසුගිය කතාව අවසන් වුනා. ඊට පස්සේ කැමරන්ට මොකද වුනේ. ඒක තමයි අද කතාවේ පෙන්වන්නේ. අභිරහස් කාන්තාවට මොකක් හෝ හේතුවක් නිසා කැමරන්ව ඕනේ වෙලා තියෙනවා. මෙච්චර ගේම් දීපු අභිරහස් කාන්තාවට ඇයි කැමරන්ව ඕනේ වුනේ. ඒකයි අද කතාවේ ප්‍රශ්ණය. කැමරන් ඉලක්කයක් කියලා ජොනතන් හිරේ …

Read More »

Deception [S01 : E06] Sinhala Subtitles | පරල වූ පරණ පෙම. [සිංහල උපසිරැසි සමඟ]

මේ සූදානම 6 වෙනි කතාංගයට උපසිරැසි ලබාදෙන්න. මං දන්නවා ගොඩක් පමා වෙලා තමයි දැන් උපසිරැසි හැම එකක්ම ලැබෙන්නේ කියලා. ඒත් වෙලාව ලැබෙන විදියට තමා උපසිරැසිය කරන්න වෙන්නේ. 7 වෙනි කතාංගයත් මේ සතියේම මැද හරියේදී විකාශය වුනා. ඒ නිසා දැන් තවත් කතාංගයකට උපසිරැසි ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතිං ඒකත් ඉක්මනට …

Read More »

Deception [S01 : E05] Sinhala Subtitles | ප්‍රතිවාදියෙක්. [සිංහල උපසිරැසි සමඟ]

හැමදාමත් වගේ ප්‍රමාද වෙලා මේ ගේන්නේ සුපුරුදු වුනත් කට්ටියට දැනටමත් තිබුණද කියලත් අමතක වීගෙන යන කතාව. 🙂 සතියකටත් වැඩිය පමා වෙලා මේ උපසිරැසිය දෙන්නේ සතියක කතාවක් විකාශය වුනෙත් නැති නිසා. ඒක නිසා මේ සතියත් නිවාඩු අරගෙන තමයි මේ උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ. අද 5 වෙනි කතාව දෙන අතරේ අද තමයි …

Read More »

Deception [S01 : E04] Sinhala Subtitles | උරගාන වාසනාව. [සිංහල උපසිරැසි සමඟ]

කිව්වත් වගේ පොඩ්ඩක් වේලාසනින් කතාව ගේන්න පුළුවන් වුනා. පසුගිය සතියේදී කෞතුකාගාරේදී හොරු ඇල්ලුවට පස්සේ ඒ කතාව එතනින් ඉවරයක් වුනා අනිත් සතිවල කතා වගේම. ඒත් තාමත් කතාවේ ආරම්භයට මුල් වුනු අමුතු ඇස් තියෙන මායාකාරිය ගැන තාමත් වැඩි යමක් කතාවේ පෙන්නුවේ නම් නෑ. ඒත් කතාව යටින් තාමත් පොඩියට ඒ ගැන විමර්ශණ සිද්ධ …

Read More »

Deception [S01 : E03] Sinhala Subtitles | කැඩපත, මායාව, කැමරාව. [සිංහල උපසිරැසි සමඟ]

සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්. අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ …

Read More »

Jessica Jones [S02 : E13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න අවසාන කොටස අරගෙන ආවා පරක්කු වෙලා හරි. මතක ඇති මේ කතා සාමය පුරාම ජෙසිකා එකක් එවැනිම බලගතු කෙනෙක් හොයන ගිය හැටි, එහෙම ගිහින් තමුන්ගේ අම්මා හමුවුන හැටි. ජෙසිකා අද ඉන්න ජෙසිකා බවට පත් වුන හැටි දැනගත්ත හැටි…. ඒ ඔක්කොම අස්සේ ට්‍රිෂ් හා මැල්කම් වගේම ට්‍රිෂ් ගේ සුපිරි …

Read More »

Deception [S01 : E02] Sinhala Subtitles | දෘශ්ඨිකෝණය [සිංහල උපසිරැසි සමඟ]

කියපු විදියටම පොඩ්ඩක් පරක්කු වෙලා හරි මේ උපසිරැසිය දෙන්න තමා මේ සූදානම. ඉතිං පරක්කු වුනු නිසා බොහෝම කෙටියෙන් ලිපිය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. පහුගිය සතියේදී කැමරන් බ්ලැක් මැජික් එකක් සාර්ථකව අවසන් කලත්, වෙනම සැඟවුනු ප්‍රතිවාදියෙක් මෙයාලගෙන් පලි ගන්නවා. ඒ කැමරන් බ්ලැක්‘ගේ නිවුන් සහෝදරයා වුනු ජොනතන් බ්ලැක් ව මිනීමැරුමකට අහු කරලා. …

Read More »

Deception [S01 : E01] Sinhala Subtitles | ටා…..ඩා…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ලාස්ට් ශිප් වලට පස්සේ ටීවි සීරියස් වලින් සමුගන්න හිටපු මම තවත් කතාවක් පටන් ගත්තා. මේ වගේ වෙලාවට තමයි අර උපමාත්මක කොටි වලිගය ආපහු මතුවෙන්නේ. තව කොටියෙක් ඇහැරුණු එකේ දැන් ඌගේ වලිගෙත් අල්ලගෙන ඌ නිදාගන්නකං හෝ මේ වලිගේ කාටහරි අල්ලගන්න දෙන්න අවස්ථාවක් ලැබෙනකං, මෑත කාලය තුල හොලිවුඩයේ තවත් ජනප්‍රිය …

Read More »

Scorpion [S04 : E17] Sinhala Subtitles | ස්කෝපියන් මෝඩයෝ [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රමාද වුනා. කම්පියුටරේ ප්‍රශ්ණයක් ඇවිල්ලා බොහෝම අමාරුවෙන් තමා උපසිරැසිය ඉවරයක් කරගන්න ලැබුනේ. ඉතිං කතාව ගැන වැඩි යමක් ගැන සදහන් කරන්න යන්නේ නෑ. පුරුදු විදියටම මෙයාලට අදත් ජොබ් එකක් සෙට් වෙනවා. හැබැයි අද ප්‍රශ්ණේදී මෙයාලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ ගොඩක් අවධානම් කාරී වැඩකටයි. අද කතාවේදී මෙයාලට පාර්ටිකල් ඇක්සලරේටර් එකක් හරියට ක්‍රියාකාරීත්වයෙන් …

Read More »

Pitch Perfect 3 (2017) with Sinhala Subtitles | පවුලක සබැදි ගී රාවය…. [සිංහල උපසිරසි සමඟ]

ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒ වුනත් …

Read More »

Scorpion [S04 : E15] with Sinhala Subtitles | සුනාමි සහ පරණ ණය [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං ගොඩක් කාලෙකට පස්සේ තමා මේ ආපහු ස්කෝපියන් වලින් හමුවෙන්නේ. හැමදාම මගෙන් තමයි කතාව ගොඩක් වෙලාවට ප්‍රමාද වෙන්නේ නම්. ඒ වුනත් බැරිමරගාතේ හරි මේ කරලා දෙන්නේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා. 😉 පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ, කරුණු එනවා ගොඩක් අඩුයි හිතට. ඒක නිසා ලිපිය බොහෝම කෙටියෙන් අවසන් කරන්නම්. …

Read More »