Saturday , September 26 2020
Breaking News

ප්‍රණිත් රණසිංහ

The Mentalist [S03 : E14] | සාක්ෂිකරු [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ කතා මාලාවේ තෙවැනි සමයේ 14වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා හමුවට පැමිණෙන්නේ. කතාව ආරම්භයේම වෑන් පෙල්ට් විසින් සාක්ෂිකරුවෙකු ආරක්ෂා කරන්න යනවා. ඒ නිවසේ ඩිජෝර්ජ් නමින් මහත්මයෙකු සහ ට්‍රීනා නම් ඔහුගේ දුවණිය තමයි ජීවත් වෙන්නේ. ඩිජෝර්ජ් විසින් උසාවියේ සාක්ෂියක් දෙන්න තියෙනවා කුඩු විකුණන එසෙක්ස් කියලා මනුස්සයෙකුට එරෙහිව. මේක …

Read More »

The Mentalist [S03 : E13] | ජේන්ගේ දඩකොලය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් ආයුබෝවන් කියාගෙනම මම එන්නේ තවත් උපසිරැසියක් අරගෙන. අද කතාවේ මුලදීම කවුරුත්ම ඉන්නේ අපරාධ ස්ථානයක. නමුත් පොඩ්ඩක් ජේන්ට එතනට එන්න පරක්කු වෙනවා. ඒක නිසා ජේන් එතැනට එන්නේ ලෑල්ලට පාගලා. ඒක නිසාම හැංගිලා ඉඳපු පොලිස්කාරයෙක් ජේන්ට දඩ කොලයක් ලියනවා. (ලංකාවේ වගේම තමයි) කොහොමහරි ජේන් එතැනට එන්නේ පොලිස් වල්ගයක් හයිකරගෙන. අන්තිමේදී …

Read More »

Elementary [S02 : E10] | නඩු තීන්දුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං, පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම, අදත් ශර්ලොක් මහත්මයාගේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට උපසිරැසි අරගෙන තමයි ඔබේ හමුවට ආවේ. අද කතාවේ ආරම්භයේදීම මිනිහෙක් පොලිස් ස්ථානයට එනවා තමුන් නයිට් වරයෙකු කියාගෙන. එතැනදී ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන්නේ උතුමාණන්ව හොයාගෙන. ඒත් හැමෝම බලන්නේ මොකක්ද මේ විකාරේ කියලා. පොලිසියෙන් හිතන විදියට නම් …

Read More »

The Mentalist [S03 : E12] | ගුහා මිනිසා… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව ගැන කියවෙන්නේ තවත් එක ජාතියක ශ්‍රේණිගත මිනීමරුවෙකු ගැන. Caveman (ගුහා මිනිසා) තමයි එයාගේ නම. කතාවේ ආරම්භයේදී අපද්‍රව්‍ය දමන ප්‍රදේශයක තිබිලා සති කිහිපයක් පැරණි මලසිරුරක් සොයාගන්නවා. මේ මලසිරුර පරීක්ශා කරන අතරේ, මෘත ශරීරය සොයාගත්තු තැනැත්තාගේ සුරතල් බල්ලාගේ උදව්වෙන් ජේන් විසින් තවත් මලසිරුරක් හොයාගන්නවා. මේ හේතුවෙන් ද්විත්ව මිනීමැරුමක් පිලිබඳ විමර්ශණය …

Read More »

The Mentalist [S03 : E11] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමයේ 11වන උපසිරැසිය ඔයාලට දෙන්නයි සූදානම. අද කතාව ආරම්භයේදීම පෙන්නන්නේ බොක්සින් තරඟයක්. තරඟය අතරතුරදී කාන්තාවක් විසින් මැරුණු කාන්තාවකගේ මල සිරුරක් හොයාගන්නවා. මේ සිදුවීම වෙන අතරතුර රිස්ග්බි ඉන්නේත් මේ බොක්සින් තරඟය නරඹන ගමන්. මල සිරුර පිලිබඳව විමර්ශණ කරන්න සිදුවෙන්නේ CBI කාර්යාංශයට. ව්‍යසකයාගේ නම තමයි චාලට් මිචෙල්. ඇයගේ …

Read More »

The Mentalist [S03 : E10] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]

අද කතාව සාමාන්‍ය මිනීමැරුමක් වුනාට නත්තල් කාලේ සිදුවෙච්ච මිනීමැරීමක්. මුලදීම පෙන්නනවා නත්තල් සීයා කෙනෙක් උඩ ඉඳන් කරත්තයක් උඩට වැටෙනවා. මේක නිසාම නත්තල දවසේ නත්තල් සීයා උඩින් වැටිලා මැරෙනවා. ඒත් නත්තල් සීයා වැටෙන්නේ හිම කරත්තේ යද්දීවත්, චිමිනියක් අස්සේ රිංගන්න යද්දි ලිස්සලා වත් නෙමෙයි. මෙයා මැරෙද්දී හොඳට බීලා හිටපු බවක් පේන්න තියෙනවා. …

Read More »

The Mentalist [S03 : E09] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තවත් උපසිරැසිරැසියක් අරගෙන තමයි මම අද ඔබ හමුවට එන්නේ. මේ කතාව ආරම්භයේදීම පෙන්වන්නේ රිස්ග්බි කෙල්ලෙක් එක්ක බොක්සිං මැච් එකක් බලන්න යනවා. ඒත් ඒ අතරතුරේ මෘත ශරීරයක් හොයාගැනීමකුත් සිදු කරනවා. මේ මෘතශරීරය හොයාගන්න ලැබෙන්නේ රිස්ග්බි බොක්සිං මැච් එක බලන්න ගිය ස්ථානයේදීම තමයි. මේ පිලිබඳව තමයි අද විමර්ශණ …

Read More »

Elementary [S02 : E08] | පැටලුනු ගැටලුව… [සිංහල උපසිරැසි සමඟ]

දීර්ඝ කාලයකට පස්සේ. මං හිතන විදියට මාස 3කට විතර පස්සේ. ඔන්න හැකියාවක් ලැබුනා Elementary කතා මාලාවේ දෙවනි සමයේ ඇණ හිටපු කතා මාලාවකට නැවතත් පොඩි තල්ලුවක් ලබා දෙන්න. හැමදාමත් The Mentalist කෙරුවාවත් හැමදාම බත් කනවා වගේ නිසා, මට හිතුනා වෙනසකට පාන් ගෙඩියකුත් කෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතිං අන්තිමට පාන් වුනත් බෙදාගෙන …

Read More »

The Mentalist [S03 : E08] | තවත් පලිගැනීමක්… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist තුලින් ගැටළු සහගත අකරතැබ්බයකට විසඳුම් දෙන, කතාංගයකට උපසිරැසි දෙන්නයි අද මගේ සූදානම. මිනීමැරුමක් විසඳුවා කියන්නේ බොහෝදුරට වැරදිකාරයෙක් හිරේට යනවා, නැතිනම් ලංකාවේ වගේ පැනලා යන්න හදද්දී වෙඩි කාලා මැරෙනවා. (ලංකාවේ බොහෝදුරට වෙන්නේ, පැනලා යද්දී වෙඩි කාලා මැරෙන එක) මේ මොන විදියෙන් වුනත් කවුරුහරි හිරවෙනවා. ඒකෙන් සාධාරණය ඉශ්ඨ කරන පොලිස්කාරයොන්ට …

Read More »

The Mentalist [S03 : E07] | ස්වයං ඝාතකයා… [සිංහල උපසිරසි සමඟ]

අද දිනත්, අපූරු මනෝවේදියාගේ අළුත්ම කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔබේ පරිගණකයට මම ගොඩවදින්න සූදානම් වෙන්නේ. අද කතාව පරණ කතාවක ඉන්න චරිතයක් එක්ක සම්බන්ධ එකක්. ඒ වගේම විමර්ශණ කටයුතු මිනීමැරුම් සිදුවෙන්නත් කලින් තමයි පටන්ගන්නේ. ඒකට හේතුව තමයි CBI ජේන්ට සහ ලිස්බන්ට මරණ තර්ජනයක් පිලිබඳ විමර්ශණ සිදුකිරීමට සිදුවීම. මිනීමැරුම් පිලිබඳව CBI මගින් …

Read More »

The Mentalist [S03 : E06] | මිනී 2යි පෙට්ටි 1යි… [සිංහල උපසිරසි සමඟ]

මනෝ වේදියාගේ තවත් කතාවකට උපසිරැසියක් අරගෙන අදත් මම ඔබව බයිස්කෝප් වලින් හමුවෙන්නට ආවා. අද කතාව ගෙතෙන්නේ, උසස් නීතිඥවරියකගේ මවගේ අවමංගල්‍ය දවසේ සිදුවුණු මිනීමැරුමක් ගැන. ව්‍යසකයා වෙන්නේ ඔස්ටින් මාර් නැමැති තැනැත්තෙක්. මොහු නීතීඥ්‍යවරියගේ බාල දුව වන ඇබීගේ පෙම්වතා. ඒ වගේම ඇබී අතුරුදහන් වෙලා කියලා දැනගන්න ලැබෙනවා. ඔස්ටින්ව මරන්න පාවිච්චි කරපු ආයුධයේ …

Read More »

The Mentalist [S03 : E05] | අස්ස රේස්… [සිංහල උපසිරසි සමඟ]

අපූරු මනෝවේදීයාගේ තවත් කතාවකට උපසිරැසි අරගෙන තමයි අදත් The Mentalist කතා මාලාවෙන් ඔබ හමුවට මම පැමිණෙන්නේ. අද කතාවේ ඉන්න අයට රාත්‍රී වැඩමුරයක් හමුවෙලා තමයි තියෙන්නේ. මේ ඉන්න අතරේ ජේන් විසින් රිස්ග්බිට කාඩ් ට්‍රික් එකක් කරනවා. ඊට පස්සේ මෙයාලට ඇමතුමක් එනවා මිනීමැරුමක් සිදුවුනු තැනකින්. එහෙම තමයි මෙයාලා මේක විසඳන්න යොමුවෙන්නේ. මෙතැනදී …

Read More »

The Mentalist [S03 : E04] | මර මරා මැරීම… (50) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අදත් වෙනදා වගේම තවත් උපසිරැසියක් අරගෙනම තමයි මම, අපේ උපසිරැසි මංසලට ඔයාලා හැමෝම බැහැදකින්න කියලා ගොඩවදින්නේ. අද කොහොම වුනත් මට ගොඩක් සතුටු දවසක්. මොකද කිව්වොත් මගේ පලවෙනි උපසිරැසියෙන් පටන්ගත්තු මේ ගමන, The Mentalist කියන කතා කුලකය තුලම 50 වෙනි උපසිරැසිය වශයෙන් සංධිස්ථානයක් අද සනිටුහන් කිරීම නිසා. සතුටුයි වගේම …

Read More »

The Mentalist [S03 : E03] | දෘශ්ඨී-කරණය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ තෙවන සමයේ තෙවන කතාවේ උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද කතාව නම් වෙන හැම කතාවකටම වඩා අමුතු වේවි. ඒකට වැඩිදුර හේතු කාරණා කතාව බලලාම හොයාගන්න වේවි. මේ කතාවේදී රෙඩ් ජෝන් සිදුවීමක් ඇතුලත් වෙනවා. ඒ වගේම තමයි Vishualize (දෘශ්ඨි-කරණය) කියන අමුතු ආගමික සංවිධානයත් මේකට සම්බන්ධ වෙනවා. ඔයාලට …

Read More »

The Mentalist [S03 : E02] | ඥාති යුතුකම… [සිංහල උපසිරසි සමඟ]

තෙවන සමයේ දෙවැනි කතාංගය දෙන්නයි මගේ මේ සූදානම. කොහොමහරි අද දින කතාංගයේදී විසඳන්න වෙන්නේ මිනීමැරුමක් වුනත්, කතාංගයට පාදක වෙන්නේ වෙනත් කතාංග වලින් නොදුන් මාතෘකාවක්. ඒ තමයි ජේන්ගේ ඥාතියෙක්, ඒ කියන්නේ ජේන්ගේ මස්සිනාට කරන උදව්වක් තමයි අද කතාවට පාදක වෙන්නේ. ජේන්ට මහ රෑ ඇමතුමක් එනවා, ඩැනී රස්කින් කියන තමුන්ගේ බිරිඳගේ සහෝදරයාගෙන්. …

Read More »

The Mentalist [S03 : E01] | දියමන්ති උගුල… [සිංහල උපසිරසි සමඟ]

Season 1 වලින් පටන් අරගෙන Season 2 අහවරක් කරලා Season 3 වල පැලපදියං වෙන්නයි මම අද සූදානම් වෙන්නේ. Season 1 වලදී මට ලබාදුන්නු අදහස් දැක්වීමක් අනුව, මම කතාව ගැන කියලා Season 3 වලදී වැඩිය ලිපි දීර්ඝ කරන්න හදන්නේ නෑ. ඒක නිසා අද පටන් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ, …

Read More »

The Mentalist [S02 : E23] | රෙඩ්-ජෝන් අනුකරණය… [සිංහල උපසිරසි සමඟ]

ආරම්භයක් ඇති සියල්ලක්ම පාහේ අවසානයක් කරා යොමුවෙනවා වගේම, මේ සමයේත් ආරම්භය කතා 23කින් අවසානයක් කරා යොමු කරවන්නයි අද මගේ සූදානම. පසුගිය සමයේ අවසානයත් රෙඩ් ජෝන් විසින් සනිටුහන් කලා වගේම, අද දිනයේදීත් දෙවන සමයේ අවසානය රෙඩ් ජෝන්ගෙන්ම තමයි සනිටුහන් වෙන්නේ. කතාව ආරම්භයේදීම ජේන්, ක්‍රිස්ටිනා ෆ්‍රයි සමග රාත්‍රී ආහාර වේලක් ගන්නවා. ඒ …

Read More »

The Mentalist [S02 : E22] | අපහාස චෝදනාව… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා මාලාවේ දෙවන සමයේ, අන්තිම උපසිරැසියට කලින් උපසිරැසිය දෙන්නයි මම සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම ගෙතෙන්නේ, වහල් සේවය සඳහා මිනිසුන් ජාවාරමට එරෙහිව කටයුතු කරන හෙක්ටර් බ්‍රාවා නම් තැනැත්තෙකු ඝාතනය කිරීම පිලිබඳ සිදුවීමක්. ව්‍යසකයා විසින් උත්සවයකට එනවා කතාවත් පවත්වන්න කියලා. මෙතැනදී මොහුට කාර්මන් කියලා කෙනෙකුගෙන් දුරකථනයට …

Read More »

The Mentalist [S02 : E21] | ගණිතඥයා… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 21 වන කතාංගයට උපසිරැසි දෙන්නයි, මේ සූදානම් වෙන්නේ. අද කතාව පාදක වෙන්නේ සුපිරි ගණිතමය හැකියාවක් තියෙන නෝවා වැලික්වට් කියන පුද්ගලයෙකුගේ ඝාතනයක් වටා. මේ ඝාතනය සිදුවෙන ආකාරය කතාව මුලදීම පෙන්වනවා. නමුත් ඝාතනය සිදුකරපු කෙනාගේ සැබෑ මුහුණ දකින්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඇසින් දුටු සාක්ශි කාරයෙකුගේ විස්තර අනුව කෙනෙක්ව …

Read More »

The Mentalist [S02 : E20] | පිය උරුමය… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ CBI වෙත, මේ සමය තුල විසඳන්න ලැබෙන 20 වන මිනීමැරුමකට පටබැඳි උපසිරැසියත් ඔයාලට පිරිනමන්නයි මගේ මේ සූදානම. අද කතාවේ කියන්න දේවල් තිබුණත්, ඔයාලට බලන්න දේවල් ඉතුරු-පහදු කරලා ගත්තාම මේකේ ලියන්න කියලා මට ඉතිරි වෙන්නේ බොහොම ඇබින්දයි. ඒක නිසාම තියෙන ඇබින්දෙන් මුලපිරීමක් සිදු කරලා, කතාවට අර්ථාවබෝධයක් දෙන්නයි …

Read More »
error: Alert: Content is protected !!