You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / Sinhala Subtitle / ප්‍රණිත් රණසිංහ (page 20)

ප්‍රණිත් රණසිංහ

The Mentalist [S02 : E14] | මිතු යුතුකම්… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් පෙන්වන්නේ සාමාන්‍ය ආරයෙන් ඔබ්බට ගියපු කතාවක්. මේ කතාවේදී නියෝජිත චෝ හට මිතුරු යුතුකමක් ඉශ්ඨ සිද්ධ කරන්න වෙනවා, මේ සිදුවීමේදී චෝගේ ප්‍රශ්ණයට ලිස්බන්ට හොරෙන් වුනත් හැමෝම උදව් කරනවා. කවුරුත්ම තමන්ගේ යුතුකමක් වගේම තමයි මේ විමර්ශණය සිදු කරන්නේ. ඒකයි කණ්ඩායම් හැඟීමක් කියන්නේ. මේ කතාව ආරම්භයේදී චෝ තමුන්ගේ …

Read More »

The Mentalist [S02 : E13] | මිනීමරු කාර්… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 13 වෙනි කතාංගයට තමයි විමර්ශණයට භාජනය වෙන්නේ. මෙතැනදී කාර් රථ වෙන්දේසියක් සිදුවන අවස්ථාවකදී. තැරැව් කරුවෙක් තමන්ගේ සේවා දායකයාට කාර් රථය පෙන්වන්න ඩිකිය අරින අවස්ථාවක දකින්න ලැබෙන්නේ, තමුන් සමග එකට වැඩ කරපු ලිසෙල් කියලා ගැහැණු කෙනෙකුගේ මල සිරුරක්. ඊට පසුව තමයි හැමදාමත් වගේ …

Read More »

The Mentalist [S02 : E12] | මාධ්‍ය හා පරිසර ත්‍රස්තවාදය… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 12වන කතාංගයට තමයි මේ මුලපුරන්න සූදානම් වෙන්නේ. අද කතාව පටන් ගත්තුගමන් ම හිතේවි මේ මොකද අද වෙලා තියෙන්නේ කියලා. මොකද කිව්වොත් අද කතාව ගලාගෙන යන්නේ කැමරාවක් එක්ක යි. මෙතනදී බොස්කෝ සහ කණ්ඩායමේ ඝාතනයත් සමගම, මාධ්‍යට අවශ්‍යවුනා CBI සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න. ඒත් ලිස්බන් …

Read More »

The Mentalist [S02 : E11] | මිතුරු හමුව… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ උපසිරැසි දෙන්නට සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ 2වන සමයේ 11වන කතාංගයට. කතාව පටන්ගනිද්දීම රිස්ග්බි වෑන් පෙල්ට්ව දැකලා ලඟට ගිහිල්ලා හාද්දක් දෙන්න හදනකොටම, ඔන්න එතනට ලිස්බන් එනවා. එයාලාට හදිසියේම මිනීමැරුමක් ගැන විමර්ශණයක් කරන්න ලැබිලා. ඒ පාරක් අතරමග කාර් එකක් ඇතුලේ ගැහැණු කෙණෙක් සහ පිරිමි කෙනෙක්ව මරලා දාලා. කට්ටියම …

Read More »

The Mentalist [S02 : E10] | මතක මංපෙත හා බේස් බෝල්… [සිංහල උපසිරසි සමඟ]

අද දවසේ මම උපසිරැසි දෙන්න සූදානම් වෙන්නේ, The Mentalist කතා මාලාවේ දෙවනි සමයේ 10 වෙනි කතාංගයට. අද විමර්ශණයත් සාමාන්‍ය විමර්ශණයක් වගේම තමයි දිවයන්නේ. කොහොම නමුත් හැම සාමාන්‍ය කතාවකම පොඩි හෝ විශේෂයක් තියෙනවා වාගේම, මේ කතාවෙත් පොඩි සුවිශේෂ බවක් තියෙනවා. ඒක තමයි, පැට්‍රික් ජේන්ගේ ඔළුවේ බෝලයක් වැදිලා සිහිය නැතිවීමත් සමගම එයාගේ …

Read More »

The Mentalist [S02 : E09] | දියමන්ති… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ දෙවන සමයේ 9වන කතාංගයයි, අද මම ඔබ හමුව‍ට ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. සියළුම දුක්ඛ දෝමනස්සයන්ගෙන් පස්සේ. කාට කාටත් පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් කතාවක් තමයි අද නම් තියෙන්නේ. පලමුවෙන්ම කතාව පටන් ගන්නේ පුන්‍යාධාර උත්සවයකින්. ඒ කියන්නේ රජයේ ආයතන වලට පොහොසත් මිනිස්සු තමුන්ගේ පෞද්ගලික ධනයෙන් ආධාර කිරීමේ උත්සවයක්. මෙතනදී …

Read More »

The Mentalist [S02 : E08] | පහරදීම… [සිංහල උපසිරසි සමඟ]

මෙතුවක් හිනාවුනු කාටත් අද කතාවෙන් ගොඩක් හිනාවෙන්න නම් බැරි වේවි. නමුත් පූර්ව පටන්ගැන්ම සුන්දර වුනත්, කතාවේ අන්තය පුරාවටම තියෙන්නේ, විශාල දුකක්. මේ කතාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ වියෝව කියන සංකල්පය මතයි. කොහොම වුනත් මේ ලෝකේ දුක සැප දෙකම අත්විඳින්න ඕනේ කියලා, මේ කතාවත් කොහොමහරි බලන්නම වෙනවා. මොකද කිව්වොත් ජේන්ගේ පරම …

Read More »

The Mentalist [S02 : E07] | කප්පම… [සිංහල උපසිරසි සමඟ]

තවත් දවසකින් ඔයාලට මේ දෙන්න කියලා සූදානම් වෙන්නේ The Mentalist කතාංගයේ 2වන සමයේ 7වන කතාංගය. මේකේ ආරම්භය නම් අනෙකුත් කතා වලට වඩා වෙනස් විදියට තමයි පටන් ගන්නේ. ඒකට හේතුව කතාවෙන්ම හොයාගන්න වෙයි. කොහොමහරි මේකෙදී CBI කණ්ඩායම් දෙකක් තව ඩිංගෙන් වෙඩි තියාගන්නවා. ඒ කණ්ඩායම් දෙක තමයි බොස්කෝ ගේ කණ්ඩායම සහ ලිස්බන්ගේ …

Read More »

The Mentalist [S02 : E06] | හිර-වීම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist වලින් පලවුනු කතා වලින් හොඳම විදියේ තවත් කතාවක්. කවුරුත් බලන්න මේ කතාංගයයේදී ජේන් වැඩ වරද්දා ගන්නා හැටි. මේකට හේතුව තමයි දෙවැනි සමයේ (Season 2) මුලදීම අපේ ජේන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා. පස්සේ එයා කරන දේ තමයි බොස්කෝ කියන කරන දේවල් හොරෙන් අහන්න කියලා, එයාගේ කාර්යාලයේ ශ්‍රවණ සම්ප්‍රේෂකයක් (Transmitter) සවිකරනවා. …

Read More »

The Mentalist [S02 : E05] | අභීරහස් නිධානය… [සිංහල උපසිරසි සමඟ]

අද දින උපසිරැසි වලින් ගොඩක්ම වෙනස්ම මාතෘකාවක් තමයි හමුවෙන්නේ. මේක අභිරහස් නිධායක් පිලිබඳ සිදුවීමක්. මේ නිධානයට අරක්ගත්තු භූතයෙක් එක්කත් මෙයාලට ගනුදෙණු කරන්නවෙනවා. මේ භූතයාම තමයි මිනීමැරුම කලා කියනනෙත්. ඉතිං එකපාරටම නිධානයක් කියලා ඔයාලා කවුරුවත් ලොකු බලාපොරොත්තුවත් තියාගෙන ඉන්න එපා. එහෙම වුනොත් මේකේ ඉන්න කට්ටිය වගේම ඔයාලගෙත් බලාපොරොත්තු සුන් වේවි. හැබැයි …

Read More »

The Mentalist [S02 : E04] | පිය පුතු ගැටුම්… [සිංහල උපසිරසි සමඟ]

අද ඔයාලට The Mentalist කතාංගයේ දෙවනි සමයේ 4වෙනි කතාවයි දෙන්න හදන්නේ. කතාවත් අනිත් කතා වගේම තමයි. ඒක නිසා වැඩිපුර විචාරයක් දෙන්න සූදානමක් නෑ. කොහොම නමුත්. වෙනදා වගේම. පිටුව හිස්කරලා තනිකම් දෝසේ වගේ නිසා පොඩ්ඩක් කතාව ගැන සාරාංශීය අදහසක් මෙතන ඉඳන් ගලපන්නයි හදන්නේ. ලස්සන උදෑසනකම කට්ටියම යන්න සිදුවුනා, මිනීමැරුමක් සිදුවුනු ස්ථානයකට. …

Read More »

The Mentalist [S02 : E03] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි The Mentalist කතා මාලාවේ Season 2 වැන්නේ තුන්වෙනි කතාව. මේ කතාව නියම ගණයේ අභිරහසක් කියලා දැනේවි. මොකද කිව්වොතින් හිතාගන්නවත් බැරි සිදුවීම් තමයි මේ කතාවේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක මෙතෙක් බලපු වෙනස්ම කතාංග වලින් එකක් වේවි. දැන් මම හදන්නේ මේ කතාවේ අරටුව යන්තම් එලියට ගන්න. එහෙම කියන්න හේතුව …

Read More »

The Mentalist [S02 : E02] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගය වෙන්නේ දේශපාලනික පවුලක ඇතිවුනු ආදරය සම්බන්ධ අවුලක්. මෙහි ආරම්භය වන්නේ CBI එකට මේ කේස් එක භාරවීමෙන්. මෙයාලට දකින්නට ලැබෙන්නේ පාළමක් උඩ ඉඳලා බිමට පැනපු සුන්දර තරුණියකගේ මරණයක්. හැබැයි පටන්ගැන්මේදිම මේකේ ඉන්න අපේ ජේන් මහත්තයා පටන්ගන්නේම හද්ද ඈනුමකින්. මෙයා නිදාගෙන ඉන්න අතරේ ඇහැරිලා තමයි එතනට එන්නේ. …

Read More »

The Mentalist [S02 : E01] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]

අද ඉඳන් The Mentalist වල දෙවැනි Season එක දෙන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ. ඉතින් අද පොරොන්දු වුනු විදියටම. Season එකේ පලවෙනි කොටසත් අරගෙන දෙවැන්න මේ විදියට,ඔබ සුරතට පත් කරන්නයි මේ සූදානම. ඉතිං ඔයාලට කියපු විදියටම දැන් දිගටම මෙයින් එකින් එක පලවෙන්න ගනීවි. ඒත් ඔයාලාට එකින් එක ලැබෙනවට වඩා ඔක්කෝම එකපාර …

Read More »

The Mentalist [S01 : E23] | රෙඩ් ජෝන් ගේ අඩිපාර… [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා බලාගෙන හිටපු දවසත් හරි. ඔන්න මේ සමයේ අන්තිම කතාවට උපසිරැසි දෙන්නයි මගේ සූදානම. ඒ කියන්නේ The Mentalist කතා මාලාවේ 23 වෙනි කතාංගය. නම බලාපු ගමන්ම තේරෙනවා ඇතිනේ අද කතාව විශේෂ එකක් බව? අද කතාවේ ආරම්භය බොහෝම සිසිල් විදියට ආරම්භ වෙලා බොහෝම උණුසුම් විදියට අවසාන වෙන්නේ. ඒක නිසා කතාවේ රසය …

Read More »

The Mentalist [S01 : E22] | මිනීමරු භූතයා… [සිංහල උපසිරසි සමඟ]

මේ සමය අහවර කරන්න කලියෙන් තවත් කතාවක් තියෙනවා. ඒ කතාවේ උපසිරැසිය තමයි අද මේ මම දෙන්න යන්නේ. The Mentalist පලමු සමයේ 22වන කතාව. කැලයක් මැද්දේ තියෙන මිනීමරු භුතයෙක්ගෙන් තමයි පටන් ගන්නේ. ඒත් අද හොල්මන් වලින්ම මිනීමරුවා අල්ලනවා. බලමු එහෙනං කතාව කොහොමද කියලා ඈ… මෙදාපාර ලිස්බන් ප්‍රමුඛ CBI සාමාජිකයෝ සියළුම දෙනාම …

Read More »

The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]

ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්න සූදානම් වෙන්නේ …

Read More »

The Mentalist [S01 : E20] | හතරවරං… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ පලමු සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නට තමයි මගේ මේ සූදානම. අද කතාව පටන්ගන්නේ නම්, ලිස්බන්ගේ උපන්දිනයත් එක්ක. හැමෝම වගේ ලිස්බන්ට තෑගි බෝග එහෙම දෙනවා. ජේන් කරන්නේ ඒවා අරින්නත් කලියෙන් අනුමාන කරන එක. ඇස් වහගෙන අනුමාන කලත්, එයා හරියටම මොනාද තියෙන්නේ කියලා කියනවා. හැමෝම තෑගි දුන්නත් ජේන් …

Read More »

The Mentalist [S01 : E19] | රංගනයයි ජීවිතයයි… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ පළමු සමයේ 19 වන කතාංගයට උපසිරැසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම CBI කාර්යාංශයට පැවරෙන්නේ ෆේලික්ස් හැන්සන් නම් ව්‍යසකයා, දේශපාලනිකව ප්‍රසිද්ධ තැනැත්තෙක් නිසාවෙන්. මොහු හොලිවුඩ් වල චිත්‍රපට රෑගත කරන ස්ථානයක රාත්‍රියේදී පපුවට වෙඩි පහරක් එල්ල කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම මොහුගේ කාර් …

Read More »

The Mentalist [S01 : E18] | නරලොව හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාවේ කවදාවත් නොදැකපු විදියේ මිනීමැරුම් කරන ක්‍රමයක් දැක්වෙන කතාවකට උපසිරැසි අරගෙන තමයි, මම අද බයිසිකෝප් වලට ගොඩවදින්නේ. පලවෙනි සමයේ 18 වෙනි කතාවට අරුත් සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කතාව නම් අමුතුම එකක්. ඒ කියන්නේ මිනීමැරුම් කරපු ක්‍රමය හා ඒවායින් මිනීමරුවා බේරෙන්න භාවිතා කරන ප්‍රයෝගය අමුතුම විදියේ …

Read More »
error: Alert: Content is protected !!