You dont have javascript enabled! Please enable it!
Wednesday , August 12 2020
Breaking News

ප්‍රණිත් රණසිංහ

The Mentalist [S01 : E22] | මිනීමරු භූතයා… [සිංහල උපසිරසි සමඟ]

මේ සමය අහවර කරන්න කලියෙන් තවත් කතාවක් තියෙනවා. ඒ කතාවේ උපසිරැසිය තමයි අද මේ මම දෙන්න යන්නේ. The Mentalist පලමු සමයේ 22වන කතාව. කැලයක් මැද්දේ තියෙන මිනීමරු භුතයෙක්ගෙන් තමයි පටන් ගන්නේ. ඒත් අද හොල්මන් වලින්ම මිනීමරුවා අල්ලනවා. බලමු එහෙනං කතාව කොහොමද කියලා ඈ… මෙදාපාර ලිස්බන් ප්‍රමුඛ CBI සාමාජිකයෝ සියළුම දෙනාම …

Read More »

The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]

ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්න සූදානම් වෙන්නේ …

Read More »

The Mentalist [S01 : E20] | හතරවරං… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ පලමු සමයේ 20වන කතාංගයට උපසිරැසි දෙන්නට තමයි මගේ මේ සූදානම. අද කතාව පටන්ගන්නේ නම්, ලිස්බන්ගේ උපන්දිනයත් එක්ක. හැමෝම වගේ ලිස්බන්ට තෑගි බෝග එහෙම දෙනවා. ජේන් කරන්නේ ඒවා අරින්නත් කලියෙන් අනුමාන කරන එක. ඇස් වහගෙන අනුමාන කලත්, එයා හරියටම මොනාද තියෙන්නේ කියලා කියනවා. හැමෝම තෑගි දුන්නත් ජේන් …

Read More »

The Mentalist [S01 : E19] | රංගනයයි ජීවිතයයි… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ පළමු සමයේ 19 වන කතාංගයට උපසිරැසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ සිදුවීම CBI කාර්යාංශයට පැවරෙන්නේ ෆේලික්ස් හැන්සන් නම් ව්‍යසකයා, දේශපාලනිකව ප්‍රසිද්ධ තැනැත්තෙක් නිසාවෙන්. මොහු හොලිවුඩ් වල චිත්‍රපට රෑගත කරන ස්ථානයක රාත්‍රියේදී පපුවට වෙඩි පහරක් එල්ල කරලා තමයි ඝාතනය කරලා තියෙන්නේ. ඒ වගේම මොහුගේ කාර් …

Read More »

The Mentalist [S01 : E18] | නරලොව හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාවේ කවදාවත් නොදැකපු විදියේ මිනීමැරුම් කරන ක්‍රමයක් දැක්වෙන කතාවකට උපසිරැසි අරගෙන තමයි, මම අද බයිසිකෝප් වලට ගොඩවදින්නේ. පලවෙනි සමයේ 18 වෙනි කතාවට අරුත් සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කතාව නම් අමුතුම එකක්. ඒ කියන්නේ මිනීමැරුම් කරපු ක්‍රමය හා ඒවායින් මිනීමරුවා බේරෙන්න භාවිතා කරන ප්‍රයෝගය අමුතුම විදියේ …

Read More »

The Mentalist [S01 : E17] | අහසින් වැටුනා… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ පලමු බාගයේ 17වන කොටසට අරුත් සපයන්නයි අද මම සූදානම් වෙලා ඉන්නේ. අද කතාවට ආරම්භය වෙන්නේ මිනීමැරුමක් නෙවෙයි. Joe,Q Public කියලා තැනැත්තතෙක් විසින් එවන ලද අනතුරු ඇඟවීමේ ලිපියක් තමයි, කතාවට මුලාරම්භය සැපයෙන්නේ. මේ ලිපියේ අක්ශාංෂ දේශාංෂ වලින්ම මිනිහෙක් මැරෙන තැනක් ගැන දක්වනවා. කාන්තාරයක් මැද තමයි මේ සිදුවීම …

Read More »

The Mentalist [S01 : E16] | අළු යට ගිනි… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාංගයේ පලවෙනි සමයේ 16වන කතාංගයට උපසිරැසි දෙන්නයි මම සූදානම් වෙන්නේ. ඒත් හැමදාමත් වගේම අදත් කතාව බලන්න කලින්, කතාව ඇතුලේ මොනාද සිදුවෙන්නේ කියලා පුංචි ඉඟියක් දෙන්නයි මේ හදන්නේ. අද කතාව වෙනදා කතා වගේ නෙමෙයි. මේ කතාවට තියෙන්නේ වෙනස්ම සිදුවීමක්. අද කතාවේ සිදුවීම ගෙතෙන්නේ ජේන්ගෙන් පලිගන්නට එන කෙනෙක් ගැන. ජේන් …

Read More »

The Mentalist [S01 : E15] | සතුරු මිතුරු… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු පිටම The Mentalist කතාංගයේ කොටසකට උපසිරැසි අරගෙන තමයි නැවතත් ඔබේ හමුවට පැමිණියේ. අද කතාව ගෙතී යන්නේ ස්කාලට් නම් තැනත්තියකගේ මරණයක් වටා. ඇයගේ නිවසේ ඇය සාදයක් පවත්වමින් තිබෙන අතරතුර, ඇය කටේ සෙම පුරවාගෙන නිවසේ බැල්කනියෙන් පහලට වැටෙනවා. මරණ පරීක්ශණ අනුව තහවුරු වෙන්නෙ ඇයට වස දීලා කියලා. කොහොම නමුත් වස දීපු …

Read More »

The Mentalist [S01 : E14] | සලෙළු උයන… [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 14වන කතාංගය. මේ කතාවේදී මිනීමැරුම සිදුවෙලා තියෙන්නේ රිසෝට් එකක. ව්‍යසකයා වෙන්නේ ක්ලෙයාර් වොල්කොට් කියන කොකේශියානු කාන්තාවක්. මේ කොකේශියන් කියන්නේ සුදුපැහැති සමක් තියෙන අයට කියන පොදුවේ හැඳින්වීමක් කරන නමක්. කොහොම වුනත් මැය මැරිලා තියෙන්නේ ඇයගේ නිදි ඇඳේදීම සිදුකල …

Read More »

The Mentalist [S01 : E13] | සිතුවමේ පලහිලව්ව… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 13වන උපසිරැසිය තමයි මම අද දෙන්න හදන්නේ. හැබැයි කවුරුත් බලන්න කලියෙන් දැනුවත් වෙලා ඉන්න. පලමු මිනිත්තුවයි තත්පර තිහ තුල (1: 30) +18 කෑල්ලක් යන විත්තිය. පොඩි උදවිය එක්ක බලනවා නම් පොඩ්ඩක් එයාලට මොකක්හරි වැඩක් කියලා එලියට යැව්වොත් හොඳයි ☺. අද කතාව තියෙන්නේත් මිනීමැරුමක් ගැනම තමයි. නමුත් …

Read More »

The Mentalist [S01 : E12] | මායාවෙන් හොරු ඇල්ලේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න The Mentalist පලමු සමයේ තවත් කතාංගයකින් මම උපසිරැසි රැගෙන ආවා. අද කතාවත් සමග අඳුරු මායාවන් එහෙම එකතු වෙලා තියෙන්නේ. ඒත් මේක විද්‍යා ප්‍රබන්ධයක්වත්, බය හිතෙන කතාවක් වත් නෙමෙයි. ඒත් අද මියගිය කෝඩි එල්කින්ස් නම් තරුණයා මියගිහිල්ලා තියෙන්නේ අඳුරු මායාවන් නිසා. එහෙම පේන්න හේතුව තමයි, මියගිය ශරීරය වටේට අඳුරු මායාවන් …

Read More »

The Mentalist [S01 : E11] | රෙඩ් ජෝන් ගේ යාළුවෝ… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 11 වන කතාවට උපසිරැසි ලබාදෙන්නයි මගේ මේ සූදානම. හැමදාම රෙඩ් ජෝන් ගැන කිව්වාට කවදාවත් එයාගේ ගැන කතාවක් බලන්න ලැබුනේ නෑ, අපි කාටවත්ම. මුල්ම කතාංගය බැළුවත්, ඒක රෙඩ් ජෝන් වගේ අනුකරණය කරපු තැනැත්තෙකුගේ කතාවක්. ඒත් අද කතාවේ රෙඩ් ජෝන් ගෑවිලා ඉන්නවා. ඉතිං මම කියන්නම් අද කතාවේ ඇබිත්තං …

Read More »

The Mentalist [S01 : E10] | සරසවි වියවුල… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ 10 වන කතාංගයටයි උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද කතාව ගලා යන්නේ විශ්ව විද්‍යාලයක් තුල සිදුවන, මහාචාර්ය වරයෙකුගේ මිනීමැරුමක් පිලිබඳව. මිනීමැරුම සිදුකරලා තියෙන්නේ වස වර්ගයක් උපයෝගී කරගෙන. මිනීමැරුම සිදුවන ආකාරය කතාව මුලදීම‍ පෙන්නුම් කරනවා. ඉන් පසුව සරසවියේ සිටින සොෆී මිලර් නම් මහාචාර්ය වරිය තමයි ඒ …

Read More »

The Mentalist [S01 : E09] | අභිරහස් ගින්න… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ 9වන කතාංගයේ උපසිරැසියට පෙර, අරුත් සපයන්නයි මේ සූදානම. උපසිරැසිය මොකක් වුනත් ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැතිව බාගන්න එකේ තේරුමක් නෑනේ. ඒක නිසා තමයි මේ ලිපියක් සපයන්නේ. එහෙනං අපි බලමු මොනාද අද කතාවේ සිදුවෙන්නේ කියලා. මුලින්ම පටන් ගනිද්දීම ජේන් ලිස්බන්ට පොඩි මැජික් පාරක් දාලා තමයි වැඩ …

Read More »

The Mentalist [S01 : E08] | පවුල් අවුල්… [සිංහල උපසිරසි සමඟ]

අපේ අපූරු මනෝවේදිකයා ගැන, තවත් අළුත් දවසකින් තවත් අළුත් උපසිරැසියක් අරගෙන තමයි අද මම ඔයාලගේ ගාවට මේ සංක්‍රමණය වෙන්නේ. අද කතාවට පාදක වෙන්නේ සාමාන්‍ය අන්දමේ මිනීමැරුමක්. නමුත් අද ලිස්බන් ප්‍රමුඛ CBI කණ්ඩායමට මිනීමැරුම සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ, මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පරීක්ශක දෙපලක් එක්ක. ඒකට හේතුව තමයි මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනෙක්, …

Read More »

The Mentalist [S01 : E07] | මලගිය ඇත්තෝ සාක්කි දෙති… [සිංහල උපසිරසි සමඟ]

පොරොන්දු වුනු විදියටම The Mentalist කතා සමූහයේ, 7වන කතාංගයට උපසිරැසි සමගින් පූර්විකාවක් සපයන්නයි මේ සූදානම. අද කතාංගයේදී මිනීමැරුම සිදුවන ආකාරය මුලදීම පෙන්නුම් කරනවා. නමුත් මිනීමැරීම සිදු කරන්නේ කවුද කියලා පෙන්වන්නේ නෑ. කවදත් වගේම අන්තිමට ඉතුරුවෙන ප්‍රශ්ණය තමයි. කවුද මිනීමැරුම සිදු කරන්නේ කියන එක. ඒක විසඳන එක තමයි CBI විශේෂ අපරාධ …

Read More »

The Mentalist [S01 : E06] | වේගාස් වල තනිවූ අත… [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 6 වන කතාංගය සමග එකතු වෙන්නයි මේ සූදානම. අද කතාව ගොඩක්ම විනෝදකාමී වගේම, අමුතුම කතාවක් වේවි. අද කතාවට මුල්වෙන්නේ කැලිෆෝනියාවට යාබද ප්‍රාන්තයක් වන, නෙවාඩාව අසල සීමාවට අඩි කිහිපයක් මෙපිටින් (කැලිෆෝනියාවට අයත් කොටසේ) කපා දැමූ අතක කොටසක් පාර මැද තියලා තිබී හමුවීම. මෙතැනදී …

Read More »

The Mentalist [S01 : E05] | සිහිකැඳවුම… [සිංහල උපසිරසි සමඟ]

අද දින The Mentalist කතාංගයෙන් ඔබ හමුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ පලමු සමයේ 5වන කතාංගය. අද දින කතාව ඇදී යන්නේ වනාන්තරයක් මැද්දේ නවත්වපු කාර් රථයක් අසල තිබුණු ලේ පැල්ලම් සහ අතුරුදහන් වුනු කෙල්ලෝ දෙන්නනෙක් පිලබඳව. මෙතැනදී CBI එකෙන් පැමිණිලා සොයා බලනවා. එතැන සිටින ප්‍රාදේශීය පොලිසිය විසින් ප්‍රකාශ කරන්නේ කෙල්ලෝ දෙන්නාම …

Read More »

The Mentalist [S01 : E04] | දියමන්ති සහ ගෑණු විගඩම්… [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ ආරම්භක සමයේ සිව්වැනි කතාංගය. මෙහිදී සිදුවන සිදුවීම ගෙතීයන්නේ ගැහැණුන් දෙදෙනෙකු අතරේ දියමන්ති වලට තියෙන ගැටුමක් මුසුවූ කතාවක්. මේ කතාවේදී CBI එකට මේ ප්‍රශ්ණය විසඳන්න ලැබෙන්නේ මිනීමැරුමක් විදියට නෙමෙයි. සාමාන්‍යයෙන් සමාජයේ වැදගත් කියන උදවියට යම් ආකාරයක ආපදාවක් වුනාට පස්සේදී, රජය විසින් …

Read More »

The Mentalist [S01 : E03] | මහ වෙරලේ රල පෙරලේ… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ පලමු සමයේ තෙවැනි කතාංගයට උපසිරැසි දීමටයි අද මේ සූදානම. අද කතාව තියෙන්නේ මුහුද සම්බන්ධව. ඒ කියන්නේ මුහුදක් අයිනේ ජීවත් වුනු යුවතියකගේ මරණයක් මූලික කොටගෙනයි, අද කතාව නිර්මාණය වෙන්නේ. මෙම සිදුවීමේදී කුඩා දරුවෙකුට මුලදීම මියගිය යුවතියකගේ මෘත ශරීරයක් මුහුදු වෙරලේ තිබිලා හමුවෙනවා. ඊට පසුව එය CBI අපරාධ …

Read More »
error: Alert: Content is protected !!