You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , August 24 2019
Breaking News
Home / Sinhala Subtitle / බුද්ධික නුවන්

බුද්ධික නුවන්

All About Eve (1950) Sinhala subtitles | ඊව්ගේ කතාව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ඉස්සෙල්ලාම සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඔන්න අවුරුද්දෙ පලවෙනි සබ් එක අරගෙන ආව බයිස්කෝප් යාලුවන්ට. අවුරුද්දෙ පලවෙනි එක කිව්වට මේක කරන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ. සෑහෙන කාලයක් ගියා. මෙවර තෝරගත්තෙ 1950 වසරේ තිරගත වෙච්ච ඕල් අබවුට් ඊව් කියන චිත්‍රපටය. මේක මම බාගෙනත් සෑහෙන කාලයක්. හොඳ වෙලාවට …

Read More »

A Star Is Born (1937) Sinhala subtitles | තරුවක් ඉපදුනා [සිංහල උපසිරසි සමඟ]

2018, ඒ කියන්නෙ මේ වසරේ එළිදැක්වුන ස්ටාර් ඉස් බෝර්න් සිනමාපටයේ මුල්ම පුරුක තමා මේක. තිරගත වෙන්නෙ 1937 වසරේ අප්‍රියෙල් මාසයේදි. ඔස්කාර් සම්මාන ලාභී චිත්‍රපටයක්. විලියම් ඒ වෝල්මන් සමග ජැක් කොන්වේ එක්ව අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඩොරති පාකර්, ඇලන් කැම්ප්බෙල්, හා රොබර්ට් කාසන් එක්ව තිරපිටපත රචනා කරනු ලබනවා. ඒ විලියම් …

Read More »

French Connection 2 (1975) Sinhala subtitles | ප්‍රංශ වෙළෙන්දා 2 [සිංහල උපසිරසි සමඟ]

1971 වසරේ තිරගත උන මෙනමින්ම යුත් සිනමාපටයේ දෙවන කොටස තමා මේ. සම්පූර්ණයෙන්ම ප්‍රංශයේ රූපගත කරන ලද මේ චිත්‍රපටයට සුපුරුදු ලෙස ජීන් හෙක්මන් රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව ෆර්නාඩෝ රේ, බර්නාඩ් ෆ්රෙසන්, පිලිපේ ලියෝටාඩ්, චාර්ල්ස් මිලට් යන අයත් රංගනයෙන් දායක වෙනවා. 1976 වසරේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය …

Read More »

French Connection (1971) Sinhala subtitles | ප්‍රංශ වෙළෙන්දා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ වතාවෙ මම ඔයාලට අරගෙන ආවෙ 1971 වසරේ තිරගත උන ඔස්කාර් සම්මාන පහක් ඇතුලුව තවත් සම්මාන 18 දිනාගෙන තවට් සම්මාන 11 නාම යෝජනා උන French Connection කියන චිත්‍රපටය. 1971 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස විලියම් ෆ්‍රෙඩ්කින් ඔස්කාර් සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිරපිටපත, හොඳම සංස්කරණය, යන අංශ …

Read More »

I Confess (1953) Sinhala subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි සමඟ]

1953 වසරේ ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ඉංග්‍රීසි යන භාශා වලින් තිරගත වන මේ සිනමා පටය ශ්‍රීමත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ. එම වසරේම කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් හිදී හොඳම ත්‍යාගයට හිච්කොක් මහතාගේ නම යෝජනා වන්නේ මෙම සිනමාපටයට. පෝල් ඇන්තෙල්ම් ගේ නාට්‍යකට අනුව තිරපිටපත ලියවෙන්නේ ජෝර්ජ් තබෝරි හා විලියම් ආචිබෝල්ඩ් අතින්. කැනඩාවේ ක්විබෙක් හිදී රූගත …

Read More »

Mr. & Mrs. Smith (1941) Sinhala subtitles | නෝනා මහත්වරු [සිංහල උපසිරසි සමඟ]

මේකත් හිච්කොක් ෆිල්ම් වලට කැමති අයට තමා ගෙනාවෙ. 1941 වසරේ තිරගත වෙච්ච මේ සිනමාපටය නෝර්මන් කාර්ස්මා ගේ තිර රචනයක්. කැරොල් ලොම්බාර්ඩ් රොබර්ට් මොන්ටිගොමරි, ජීන් රේමන්ඩ් ජැක් කර්සන්, ඇතුළු නළු නිළි පිරිසකගේ රංගනයෙන් හැඩ වූවක්. ඩේවිඩ්, ඈන් විවාහක යුවලක්. තමන්ටම ආවේණික නීති පද්ධතියක් හදාගෙන පවුල් ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙන යුවලක්. එයාලගෙ …

Read More »

Love Nest (1951) Sinhala subtitles | ආදර කූඩුව [සිංහල උපසිරසි සමඟ]

ජූන් හේවර්, විලියම් ලොන්ඩ්ගන්, ෆ්රැන්ක් ෆේ, මැරලින් මොන්රෝ රංගනයෙන් දායක වන මේ සිනමාපටය ජෝසප් නිව්මන්ගේ අදියුරුවක්. ස්කොට් කෝබර්ට් ගේ නවකතාවක් ඇසුරෙන් අයි ඒ එල් ඩයමන්ඩ් විසින් තිර රචනා කරන මේ සිනමාපටය 1951 වසරේ තිරගත වන්නක්. ආදර කූඩුව. ලස්සන කතාවක්. තම රට වෙනුවෙන් වෙනත් රටක ආරක්ෂක සේවයේ යෙදී ඉන්න සෙබලෙකුගෙ උත්සහ …

Read More »

The Lady Vanishes (1938) Sinhala subtitles | අතුරුදන් ආර්‍යාව [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් වතාවක් කට්ටියව 1938 අවුරුද්දට එක්ක යන්න කියල හිතුව. මේ ඇල්ෆ්රඩ් හිච්කොක් මහා සිනමාකරුවාගේ නිර්මාණයක් වෙච්ච ලේඩි වැනිශස් කියන සිනමාපටය. මාග්‍රට් ලොක්වූඩ්, මයිකල් රෙඩ්ග්‍රේව්, පෝල් ලූකස්, මේ විට්නි, ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන මේ සිනමාපටය ද වීල් ස්පින් නම් කතාව අනුසාරයෙන් සිඩ්නි ගිලට් හා ෆ්රෑන්ක් ලෝන්ඩර් යන අයගේ තිරපිටපත ඇසුරෙන් …

Read More »

The Magnificent Seven (1960) Sinhala subtitles | අවිගත් උත්තමයෝ [සිංහල උපසිරසි සමඟ]

කට්ටිය කැමති ඇති කියල හිතුව කවුබෝයි චිත්රපටයක් බලන්න. ඒක නිසා මෙන්න ගෙනාව මැග්නිෆිසන්ට් සෙවන්. කලින් ඒව වගේ සීඩ් නැති ලින්ක් නැති එකක් එහෙම නෙමේ. 1960 ඔක්තෝබර් මාසෙ තිරගත වෙච්ච මේසිනමා පටය ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන්ම එළිදක්වනව. ක්‍රියාදාම චිත්රපටක් වෙන මෙය ජෝන් ස්ටර්ග්ගෙ අදියුරුවට තිරපිටපත විලියම් රොබර්ට්ස් ගෙ. යුල් …

Read More »

Home Town Story (1951) Sinhala subtitles | දම්වැල් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් පැරණි සිනමාපටයකට උපසිරැසියක් අරගෙන ආව බයිස්කෝප් ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. අදියුරුව හා තිර පිටපත යන දෙකම ආතර් පියර්සන් ගෙන්. ජෙෆ්රි ලින්, ඩොනල්ඩ් ක්‍රිස්ප්, ඇලන් හලා, ඇතුලු තවත් නලු නිලි රැසකගේ දායකත්වයෙන් හැඩවන මෙම සිනමාපටය 1951 වසරේ මැයි මස තිරගත වීම අරඹනවා. දේශපාලන වේදිකාව තුල සාර්තකව රාජකාරී කල බ්ලේක් වොශ්බෝර්න් මැතිවරණයක් …

Read More »

Gentlemen Prefer Blondes (1953) Sinhala subtitles | මහත්මයකුගේ තේරීම [සිංහල උපසිරසි සමඟ]

“උඹ මගේ පුතාව කසාද බඳින්නෙ එයාගෙ සල්ලි නිසා” “නෑ, මම එයාව බඳින්නෙ එයාගෙ සල්ලි නිසා නෙමේ” “එහෙනම්?” “මම එයාව බඳින්නෙ ඔයාගෙ සල්ලි නිසා” මේ 1953 වසරෙ තිරගත වෙච්ච ජෙන්ටල්මන් ෆ්රිෆර් බ්ලොන්ඩ් චිත්‍රපටයේ අවසාන දෙබස් කීපය. ජේන් රසල්, මැරලින් මොන්රෝ, ටොමී නූනන් ඇතුලු පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවන සලරුව හොවාර්ඩ් හෝකින්ස් ගේ …

Read More »

Bus Stop (1956) Sinhala subtitles | ඔබ මා පිළිගත් බස් නැවතුම [සිංහල උපසිරසි සමඟ]

ටික දවසක්නම් ගියා. කමක් නෑනෙ. තවත් සලරුවකට උපසිරැසියක් ගෙනාවෙ ඔයාලත් එක්ක බෙදාගන්න. 1956 වසරෙ තිරගත වෙච්ච මේ චිත්‍රපටයෙ අදියුරුව ජොශුවා ලෝගන්ගෙ. ජෝර්ජ් අක්සල්රොඩ් ගෙ තිර පිටපතට පාදක වෙන්නෙ විලියම් ලැන්ග් ගෙ මෙනමින් වන නාට්‍ය. මේ සිනමා පටයට මැරලින් මොන්රෝ, ඩොන් මරී, ආතර් ඕ කොනර් බෙටී ෆිල්ඩ්, එලීන් හෙකර්ට් ඇතුලු නළු …

Read More »

Don’t Bother to Knock (1952) Sinhala subtitles | තට්ටු කරන්නාට තට්ටු වේද!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් එක ෆිල්ම් එකක් ගෙනාව බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට. 1952 අගෝස්තු වල තිරගත වෙච්ච මේ ෆිල්ම් එක රෝයි වර්ඩ් බේකර්ගෙ අදියුරුවක්. ඩැනියෙල් ට්‍රඩාශ් ගෙ තිර පිටපතට රංගනයෙන් දායක වෙනව රිචර්ඩ් විඩ්මාර්ක්, මැරලින් මොන්රෝ, ඈන් බ්‍රැන්කොෆ්ට්, ඩෝනා කොරෝනා, ජී කැග්නි ඇතුලු තවත් පිරිසක්. ජෙඩ් කියන ගුවන් නියමුවා තම ගුවන් ගමන නිමාකරල …

Read More »

Love Happy (1949) Sinhala subtitles | දියමන්ති [සිංහල උපසිරසි සමඟ]

1950 වසරෙ තිරගත වෙච්ච මේ සිනමා පටය හාස්‍යමය අපරාධ, සංගීතමය කාණ්ඩ වලට අයත් රසවත් සිනමා පටයක්. දර්ශක අගය 5.8 ලබාගන මෙහි අදියුරුව ඩේවිඩ් මිලර්ගෙ. මේසඳහා හාර්පෝ මර්ක්ස්, චිකෝ මර්ක්ස්,ඉලෝනා මෙසී, වේරා එලන් රංගනයෙන් දායක වෙනව.  මැරලින් මොන්රෝ හට මෙහි ඇත්තේ ඉතා සුලු චරිතයක්. කතාව ගෙතෙන්නෙ සොරකම් කරන දියමන්ති මාලයක් වටා. …

Read More »

River of No Return (1954) Sinhala subtitles | ආපසු නොඑන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔටෝ ප්‍රිමින්ගර්, ජීන් නෙග්ලෙස්කෝ අධ්‍යක්ෂණය කරන රිවර් ඔෆ් නෝ රිටර්න් සිනමාපටය ලුවිස් ලාන්ස්ලේ ගේ කතාවක්. ෆ්රෑන්ක් ෆෙන්ටන්ගේ විසින් තිර රචනයෙන් හැඩවන මෙහි ආදායම ඩොලර් ලක්ෂ 21 ඉක්මවනවා. දර්ශක අගය 6.7 ලබාගත් මෙයට රොබර්ට් මයිචම්, මැරලින් මොන්රෝ,රෝරි කැල්හෝන්, ටොමී රෙට්ටින් රංගනයෙන් දායක වෙනවා. ඇමරිකාවේ රත්තරං ඉල්ලම් සෙවීමේ මුල් කාලය කතාවට පාදක …

Read More »

Niagara (1953) Sinhala subtitles | නයඟරා ඇල්ල පාමුල [සිංහල උපසිරසි සමඟ]

මේ වතාවෙ බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට මම අරගෙන ආවෙ මැරලින් මොන්රෝ රඟපෑමෙන් දායක උන චිත්‍රපටයක්. තව කීපයක්ම තියෙනව ඔබ වෙනුවෙන්. මේ 1953 වසරේ නිපදවුන නයගරා කියන චිත්‍රපටය. දර්ශක අගය 7.1 ලබාගන්න සමත් උන චිත්රපටයේ ආදායම ඩොලර් 1,250,000 ක්. හෙන්රි හැත්වේ ගෙ අදියුරුවක් වන මෙම සිනමා පටයට මැරලින් මොන්රෝ,ජෝසප් කොට්න්, ජීන් පීටර්ස්, මැක්ස් ශොවල්ටර් …

Read More »

Rebecca (1940) sinhala subtitles | පින පෑදුන දා [සිංහල උපසිරසි සමඟ]

අප්පා!!!!! සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් අලුත් උපසිරැසියක් පරණ ෆිල්ම් එකකට අරගෙන ආව. අන්තිමට දීපු දෙක තුන වගේම මේකත් මහා සිනමාකරු ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ. ඒ වගේම මගේ ලඟ තියෙන අවසාන හිච්කොක් ෆිල්ම් එක. තව හොයාගමු පහුවෙනකොට. බලමුකො ෆිල්ම් එකේ විස්තර එහෙනම්. 1940 වසරෙ අප්‍රියෙල් මාසයෙදි ඉංග්‍රීසි හා ප්‍රංශ බසින් …

Read More »

McLintock! (1963) with sinhala subtitles | ගමේ චණ්ඩියා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම ඔයාලට අරගෙන ආව 1963 තිරගත වෙච්ච තවත් ක්‍රියාදාම හා හාස්‍යමය චිත්‍රපටයක්.කතාව ගෙතී යන්නේ නගරයක හැමදෙනා වෙනුවෙන්ම පෙනී සිටින මැක්ලින්ටොක් නම් පුද්ගලයා වටා. මැක්ලින්ටොක් විශාල ගවපට්ටි හිමිකරුවෙක්. ඒ වගේම බලප්‍රදේශයේ පොහොසත්ම මිනිසා. ඔහු බොහොම සතුටින් සිටින්නේ ඉගෙනීම සඳහා නගරයට ගොස් සිටි තම දුව නැවත පැමිණෙන නිසයි. ඒ වගේම හිතට …

Read More »

Rope (1948) with sinhala subtitles | සමු ගැනීමේ සාදය. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න කැමති අයට බලන්න තවත් හිච්කොක් ෆිල්ම් එකක්. 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්‍යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්‍රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්‍රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය …

Read More »

North by Northwest (1959) with sinhala subtitles | උතුරින් දකුණින් රටවට [සිංහල උපසිරසි සමඟ]

ඇල්ෆ්රඩ් හිච්කොක් ශ්‍රීමතාණන් ගේ තවත් සිනමා පටයක සිංහල උප සිරැසියක් ඔබ වෙත ගෙන ඒමට හැකිවීම ගැන මා සතුටු වෙනවා. 1959 වසරේ තිරගතවූ North By Northwest නම් සිනමා පටයයි ඔබ වෙත ගෙන ආවේ. අර්නස්ට් ලෙහ්මන් ගේ තිර රචනයක් වන මෙම සිනමා පටයට කැරී ග්‍රාන්ට්- රොජර් තෝර්න්හිල් ඊවා මාරි සෙන්ට්- ඊව් කෙන්ඩල් …

Read More »
error: Alert: Content is protected !!