You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / Sinhala Subtitle / රවිඳු තේනබදු

රවිඳු තේනබදු

Blindspot [S04 : E17] Sinhala Subtitles | පණපිටින්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ Blindspot කතාමාලාවට අතගැහුව. තියෙන කාල වේලාවත් එක්ක සෑහෙන කාලයක් වෙහෙසිලා තමයි අවසානයේ උපසිරැසිය ඉවරකලේ. 😏 පණපිටින් වළදාපු කෙනෙක්ට දැනෙන්නෙ කොහොමද? උදව් ඉල්ලන්න විදිහක් නැතුව, නිදහසේ හුස්මගන්න වාතාශ්‍රය නැතුව, පොඩි පෙට්ටියක් ඇතුලෙ ඉන්න වුනොත්? අද කොටස බලද්දි මේ හැඟීම දැනෙන්න පටන්ගනී. ජේන්ව රෝහලෙන් පැහැරගන්න ඩොමිනික් ඇයව පාවිච්චිකරනව …

Read More »

The Wind (2018) Sinhala Subtitles | හුදෙකලාව! [සිංහල උපසිරැසි සමඟ]

මේ 19 වැනි සියවසයි. ලිසී කියන්නෙ බාධක ගැටළු මද්‍යයේ තම ජීවිතයේ මැද භාගයේ ඉන්න කාන්තාවක්. ලිසී තමන්ගෙ ස්වාමියා, අයිසෙක් එක්ක ඉන්නෙ මිනිස් වාසයෙන් තරමක් ඈතින් තියෙන ප්‍රදේශයක. ලිසී කලින් ගැබ් අරගෙන හිටියත් චිත්‍රපටයේ කියවෙන්නෙ එය දෙවියන්ගෙ කැමැත්ත නොවන බවයි. මේ විදිහට ජීවිතය ගෙවන පවුලට අළුතෙන් අසල්වැසියන් පිරිසක් එන්නෙ මේ අතරෙදියි. …

Read More »

Zoo [S03 : E03] with Sinhala Subtitles | අලුත් දෙමුහුම් වර්ගයක් [සිංහල උපසිරැසි සමඟ]

කට්ටිය කලින් කොටහා බලලා නොඉවසිල්ලෙන් නොවෑ ඉන්න ඇත්තේ. ඔන්න එහෙනම් ගෙනාවා තුන්වන කොටහ. හරි එහෙමනම් කෙටියෙන් වගේ බලමු මොකද වෙන්නේ කියලා. අයිසැක්ව පැහැරගෙන ගියේ කොහාටද කියලා හොයාගන්න ඩරියෙලා සහ ඒබ් විශාල පරිශ්‍රමයක් දරනවා. ඉතින් කෙනෙක්ගේ උදව් ඇතුව මෙයාලට පුළුවන් වෙනවා අයිසැක් ඉන්න තැනක් ගැන දැනගන්නත්. ඔන්න අය අතරේ අවුරුදු දහයක් …

Read More »

Zoo [S03 : E02] with Sinhala Subtitles | දෙමුහුම්ලගේ ඇරැඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පටන් ගත්ත වැඩේ දෙවෙනි පියවරට තමයි ඇවිල්ලා තියෙන්නේ. මුල් කතා සමයන් ගැනපැහැදිලි කිරීමක් නිලුපුල් සහෝදරයා ඔයාලට ගෙනාවා. කතාව බලන රසිකයන් ගනනත් එන්න එන්න අඩුවෙන නිසා කරන්න අවස්ථාව ඉල්ල ගත්තෙත් බොහොම අමාරුවෙන්. ඒවගේම මේක කරන්න මාත් එක්ක එකතු උන රවිඳු තේනබදු සහෝටත් ස්තූතියි.මේ වගේ කතාව නොදී ඉන්නවා කියන එක …

Read More »

Blindspot [S03 : E14] Sinhala Subtitles | සිහින ගැටලු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් හමුවුනා සෑහෙන කාලෙකින්. මේ කොටසට සති දෙකක විතර ප්‍රමාදයකින් තමයි උපසිරැසිය ලබාදෙන්නෙ. වැඩ කටයුතු එක්ක කාලවේලාව සම්බන්ධව ගැටලු තියෙන නිසා ප්‍රමාදවෙනව. ඉතිරි කොටස්වලටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. අද කොටස වෙනද කොටස්වලට සම්පූර්ණයෙන්ම වෙනස් කොටසක්. අද කොටසෙ ප්‍රධාන චරිතය වෙන්නෙ පැටර්සන්. මේ කොටස “සිහින ගැටලු” විදිහට නම්කලෙත් ටිකක් …

Read More »

Blindspot [S03 : E13] Sinhala Subtitles | අනතුරු ඇඟවීමයි! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ මේ කතාසමයෙ 13 වැනි කොටස. පොඩි නිවාඩුවකට පස්සෙ තමයි මේ ආපහු හමුවෙන්නෙ. ටිකක් ප්‍රමාදයි. වැඩරාජකාරි එක්ක ටිකක් ප්‍රමාදවුනා. ඉක්මනින්ම පහුගිය කොටස්වල සිදුවීම් මතක්කරගමු. මේ වෙද්දි ජේන්ගෙ දුව ඉන්නෙ FBI භාරයේ. ඇය රෝමන්ගෙ ගැටයට අහුවුනත් අවසානයේ ජේන්ගෙ යටතට පත්වෙනව. රෝමන් ඒ ගැන දැනුවත්ව ක්‍රෝෆෝර්ඩ් එක්ක එකතුවෙලා ලොකු වැඩකට අතගහනව. …

Read More »

Downsizing (2017) Sinhala Subtitles | අධික ජන ඝනත්වයට පිළියමක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ 2018 වර්ශයේ මුල්භාගයයි. මීට වසර හතලිහකට පමණ පෙර පෘතුවියේ මිනිසුන් කොපමණක් සිටින්නට ඇත්ද? පරීක්ෂකයන්ට අනුව ක්‍රි.ව. 1975 පමණ වනවිට පෘතුවියේ මිනිසුන් බිලියන 4 ක් පමණ සිට ඇත. නමුත් එම අගය සීග්‍රයෙන් ඉහළයමින් 2017 වර්ශයේ අගභාගය වනවිට එය බිලියන 7.5 ක් පමණ වනබව සොයාගෙන ඇත. තවද මෙහි සීග්‍රතාව වැඩිවෙමින් වර්ශ …

Read More »

Blindspot [S03 : E12] Sinhala Subtitles | පරණ හවුල්කාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඒවරිව රෝමන් ඇතුළු කණ්ඩායමෙන් බේරගත්තට පස්සෙ කණ්ඩායම අද ඇයගෙන් ප්‍රශ්ණකිරීම් අරඹනව. ඒ අතරවාරයේ පැටර්සන්ට රෝමන්ගෙන් වීඩියෝවක් ලැබෙනව. ඒ වීඩියෝවෙ තියෙන්නෙ සෙල්ලම් නැවක් හදන ආකාරයක්. ඒත් මේ සෙල්ලම් නැවට අදාල කොටස් ජේන්ගෙ අළුත් පච්චවල තැන් තැන්වල තියෙනව. රෝමන්ගෙ උදව්වත් එක්ක පැටර්සන්ට හැකිවෙනව ඒ කොටස් එකතුකරගෙන නැව ආපහු ප්‍රතිනිර්මාණය කරන්න. ඒත් එක්කම …

Read More »

Blindspot [S03 : E11] Sinhala Subtitles | බර්ලින් මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ජේන්ගෙ දුව ඇත්තටම මැරුණ කියල කර්ට් හිතාගෙන හිටියත් ඇය මැරිල නෑ කියන එක පහුගිය කොටසින් අපිට දකින්න ලැබුණා. මේ ජේන්ගෙ දුවව රඳවගෙන ඉන්නෙ කවුද කියන දේ අද දැනගන්න ලැබෙයි. ඒවගේමයි කර්ට් ඒවරිට වෙඩිතිබ්බ වෙලාවෙදි ඇය මැරුණ බව කර්ට්ට හොඳටම තේරුම්ගියා. ඒත් දැන් ඇය ජීවත්වෙනව කියන දේ එක්ක කාරණාවල නොගැලපීමක් ඇතිවෙනව. …

Read More »

Blindspot [S03 : E10] Sinhala Subtitles | සරණාගතයෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Blindspot කතාමාලාවෙ තුන්වෙනි සමයෙ 10 වැනි කොටස. දැනට පේන විදිහට නම් කොටස් 22 ක් ම නිකුත්වෙයි වගේ. තවම ඒක හරියට දැනුම්දීලනම් නෑ. ඒ වගේම දැන්ම ඉවරවෙන පාටකුත් නෑනෙ 😉 අවසන් කොටසින් අපිට ජේන්ගෙයි වෙලර්ගෙයි ගැටුම දැකගන්න ලැබුණා. ජේන් කවදාවත් නොදැකපු තමන්ගෙ දුව නිසා වෙලර්ව අතහරින්න තීරණය කරනව. ඒත් ජේන්ට …

Read More »

Blindspot [S03 : E09] Sinhala Subtitles | මිනීමරු වෙලර්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අවසන් කොටසින් කර්ට් මිනීමරුවෙක් කියල හෙළිවුනා. ඒ කොහොමද කියන එක අද කොටසින් දකින්න ලැබෙයි. ඒත් ඇත්තටම කර්ට් මිනීමරුවෙක් කියල එයාගෙ කටින්ම කිව්ව නිසා ජේන් කර්ට් එක්ක තරමක් නෝක්කාඩුවෙනව. ජේන්ගෙයි වෙලර්ගෙයි ඒ නෝක්කාඩුව යන අතරෙ කණ්ඩායමේ අනිත් අය පරණ පච්ච ගැටළුවක් අස්සෙ තොරතුරු හොයනව. අද කතාව පටන්ගන්නෙම දෙදෙනෙක් යමක් …

Read More »

Blindspot [S03 : E08] Sinhala Subtitles | භයානක මිනිහෙක්! [සිංහල උපසිරැසි සමඟ]

 අවසන් කොටසින් පස්සෙ හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායමට මොකද වෙයිද? මේ ගැන දැනගන්න පුළුවන් මේ කොටසින්. අවසානයේ හර්ස්ට්ගෙ දූෂිතබව ඔප්පුකරන්න තිබුණු එකම සාක්ෂිය ඝාතනයට ලක්වුනා. මේක හර්ස්ට් එල්ලකරපු ප්‍රහාරයක් බව කණ්ඩායමට තේරුම්ගියා. ඒකෙ තේරුම දැන් කණ්ඩායමේ හැමෝටම හර්ස්ට්ගෙන් ආරක්ෂාවෙන්න සිදුවෙනව.  ඇත්තටම හර්ස්ට් කරපු දූෂිත ක්‍රියා මොනාද? ඇයි හර්ස්ට් එහෙම කලේ කියන …

Read More »

Blindspot [S03 : E07] Sinhala Subtitles | ද්‍රෝහීන්! [සිංහල උපසිරැසි සමඟ]

* එදා හර්ස්ට්ගෙ තර්ජනවලට අහුවුන රීඩ් අද නිදහස්. * පැටර්සන් ස්ටුවර්ට් මියයද්දි විසඳමින් හිටපු පච්චය විසඳන්න උත්සහ කරනව. * වෙලර් ජේන්ගෙ දුව ගැන දන්නව වුනත් ජේන්ට ඇය ගැන හෙළිකරන්න අකමැතියි. * රෝමන් කුමක් හෝ ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව. * ටාෂා කණ්ඩායමේ හිටියත් CIA එකටත් තොරතුරු සපයනවා. මේ විදිහට අවසන්වුන කතාවෙ …

Read More »

Blindspot [S03 : E06] Sinhala Subtitles | ඇක්ෂන්.! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ තුන්වෙනි කතාසමයෙ හයවෙනි කොටස තමයි මේ. තවම මේ කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක නිල වශයෙන් දැනුම්දීල නෑ. කොහොම වුනත් තව කොටස් තුනකින් පස්සෙ ටික කාලෙකට නිවාඩුවක් ලැබෙනව. අද කොටසට “ඇක්ෂන්” කියල දැම්මෙත් අද කොටස ඇතුලෙ තවත් චිත්‍රපටයකට සම්බන්ධවීමක් වෙන නිසා. ජේන්ගෙ දුව ගැන දැනගන්න ලැබුණු තොරතුරු නිසා ජේන් …

Read More »

Blindspot [S03 : E05] Sinhala Subtitles | රජකමේ හිමිකරු.! [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකින් පස්සෙ ආයෙත් Blindspot පටන්ගත්ත ඔන්න. මේ දවස්වල විදුලි අර්බුධයන් එහෙම පවතින නිසා හරි අමාරුවෙන් තමයි කොහොමහරි සබ් එක කොටාගත්තෙ. ප්‍රමාදවුනේ ඒකයි. වැඩි කතාවක් නැතුවම අද කොටස ගැන දැනගමුකො… අවසාන කොටස අවසන්වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුනු පණිවිඩයක් එක්ක. කවුද හිතුවෙ ජේන්ට ළමයෙක් ඉන්නව ඇති කියල. කොහොම වුනත් ජේන්ටනම් ළමයෙක් …

Read More »

The Punisher [S01: E09] Sinhala Subtitles | සතුරා ඉදිරියට! [සිංහල උපසිරැසි සමඟ]

ගිය වතාවේ ෆ්‍රෑන්ක් රොව්ලින්ස්ට ස්නයිපර් ප්‍රහාරයක් එල්ලකරනවා. කවදාවත් ඉලක්කය වරද්දාගත්තේ නැති ෆ්‍රෑන්ක්ටමේ පාර ඉලක්කය වරදිනව, ඒ වෙඩි නොවදින වීදුරුවක් නිසා. මයික්‍රෝ සහ ෆ්‍රෑන්ක් මේ විදියට තමන්ට මෙහෙම තත්වයකට වැටෙන්න තමන්ගෙන් යුතු ප්‍රයෝජන ගත්ත තමන්ව ද්‍රෝහීන් කරපු තමන් එක්ක ලඟින් හිටිය අය පසුපස යනවා. ඔය අතරේදී යුද්දේ නිසා මානසික වශයෙන් වයාකුල තත්වයට …

Read More »

Blindspot [S03 : E04] Sinhala Subtitles | බෝම්බකරුගේ ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සතියකට පස්සෙ ආයෙමත් Blindspot ඔස්සේ හමුවුනා. මේ කොටසින් පස්සෙ නැවතත් කතාව විකාශයවෙන්නෙ දෙසැම්බර් 2 වැනිදා. ඒ කියන්නෙ සතියක නිවාඩුවක්. කොහොම වුනත් කතාව නිවාඩු ගන්නෙ ප්‍රේක්ෂකයින්ට විශාල ගැටලුවක් ඉතිරිකරමින්. කතාව අවසානයේ ඒ ගැන දැනගන්න ලැබෙයි. පහුගිය කොටස්වලින් අපි දැක්කා ජේන් ආයෙත් පරණ කණ්ඩායමටම එකතුවෙලා අලුත් පච්චවල සැඟවුනු ගැටළු විසඳන්න …

Read More »

Blindspot [S03 : E03] with Sinhala Subtitles | අන්ධ මීයන් තිදෙනා! [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කතාසමයෙ කණ්ඩායම මුණගැහෙන්නෙ දෙවෙනි කතාසමය අවසානයේ කණ්ඩායම වෙන්වීමෙන් මාස 18 කට පසුවයි. ඒ කාලය ඇතුලත සාමාජිකයින් කරපු දේවල් තවම එකිනෙකාට රහසක්. පහුගිය කොටසෙන් ජේන්ගෙ අතීතයේ සමහර දේවල් ගැන දැනගන්න ලැබුණා. ඒ අතරෙ පැටර්සන් මේ කතාසමයෙ පළවෙනි කොටසෙදි රිච් සමඟ කරපු “හොර වැඩක්” ගැන යම්කිසි ඉඟියක් දෙනවා. අද කතාව ගෙවෙන්නේ …

Read More »

Stranger Things [S02 : E08] Episode Sinhala Subtitles | මයින්ඩ් ෆ්ලයර්! [සිංහල උපසිරැසි සමඟ]

පුදුමසහගත සිදුවීම්වලින් පිරුණු Stranger Things කතාමාලාවෙ දෙවෙනි කතාසමයෙ 08 වැනි කොටසට උපසිරැසි ගේන්න බාරවුනේ මට. කොහොමහරි තවම මුල් කොටස් බලන්න වුනෙත් නෑ. උපසිරැසිය ලබාදෙන්න තියෙන හදිසියට මට අදාල කොටස විතරයි තාම නැරඹුවේ. ඒත් ඉතින් මුල් කොටස්වල උපසිරැසි ලැබෙන විදිහට මේ කොටසට උපසිරැසි නිකුත්වෙන දවස තීරණය වෙයි. සෙවනැලි මෘගයාගෙ ග්‍රහණයට අහුවෙලා …

Read More »

Blindspot [S03 : E02] with Sinhala Subtitles | උතුරු කොරියා ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් Blindspot. ප්‍රමාදවුන නිසා වැල්වටාරම් නැතුව කතාවට බහිමු. පහුගිය සතියෙ අවසානයේ වෙලර්ව මුණගැහෙන්න රෝමන් ඇවිත් යම්කිසි පච්චයක් සම්බන්ධව උදව්වක් ඉල්ලනව. කොහොම නමුත් වෙලර්ට උදව් කරන්න සිදුවෙන විදිහට පොළඹවගන්න රෝමන්ට හැකිවෙනව. රෝමන්ගෙ ඉඟිය පස්සෙන් යන කණ්ඩායමට ලොකු තර්ජනයකට මුහුණදෙන්න සිදුවෙනව. ඒ වගේම ඇතැම්විට රෝමන්ගෙ ඉඟිය උදව්වකට වඩා උගුලක් වෙන්නත් …

Read More »
error: Alert: Content is protected !!